December 2, 2016

සුවැති දිවියකට නැවුම් පොල් තෙල් (VIRGIN COCONUT OIL )/ සුදු පොල්තෙල්

සාම්ප්‍රදායිකව පොල් තෙල් නිෂ්පාදනය කරන ක්‍රමවේදයන්ගෙන් වඩා වෙනස් දියුණු ක්‍රම ඔස්සේ අතිශය පිරිසිදු ලෙස නිෂ්පාදනය කරනු ලබන පොල් තෙල් මේ නමින් හැදින් වේ. මෙහිදී පොල්තෙල්වලට ආවේනික පෝෂණ ගුණය කිසිවක විනාශ නොවන අතර සෞඛ්‍යයට කිසිදු අහිතකර තත්වයක් ඇති නොවන බවද තහවුරු කර තිබේ. සුදු යකඩවලින් සැදූ යන්ත්‍ර මගින් අඩු  උෂ්ණත්වයක් (සෙල්සියස් අංශක 50-60) යටතේ (cold press method) නිෂ්පාදනය කරනු ලබයි.
පොල්වල අඩංගු මේද අම්ලයන්ගෙන් 50% ක්‌ පමණ ලෝරික්‌ අම්ලය
වේ. මධ්‍යදාම මේද අම්ලයක්‌ වන ලෝරික්‌ අම්ලය මිනිස්‌ සිරුර තුලදී මොනොලෝරින් බවට පරිවර්තනය වේ. එය ප්‍රති වයිරස, ප්‍රති බැක්‌ටීරියා සහ ප්‍රති ප්‍රොටෝසෝල් මොනොගලයිසෙරයිඩ් විශේෂයකි. නිදහස්‌ ලෝරික්‌ අම්ලය සතු ප්‍රති ක්‌ෂුද්‍රජීවී බලය අධ්‍යයනයන්ගෙන් මැනවින් ඔප්පු වී තිබේ.
එමෙන්ම පොල්තෙල් වල අඩංගු ලෝරික් අම්ලය මගින්  සිරුරේ ඇති 
එච්. ඩී. එල්. නමින් හැඳින්වෙන හිතකර කොලොස්‌ට්‍රොල් මට්ටම වැඩි කර අහිතකර එල්. ඩී. එල්. කොලොස්‌ට්‍රොල් මට්ටම සාපේක්ෂව අඩු කරයි.


නැවුම් පොල්තෙල් සතු විශේෂත්වයන්

  • ආහාර ජීර්ණය හා පරිවෘත්තිය ක්‍රියා ක්‍රමවත් කරයි
  • දත් හා අස්ථිවල ශක්තිය වර්ධනය වීම
  • තෛරොයිඩ් හා අන්තරාසර්ග පද්ධතියේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි
  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි
  • ආමාශගත රෝග බොහෝමයක් සුව කරයි
  • විටමින්, ඛනිජ හා ඇමයිනෝ අම්ල අවශෝෂණය කිරීමට සහය වේ
  • ක්ෂුද්‍ර මුලද්‍රව්‍යවලින් සමන්විතය
  • කොලොස්‌ට්‍රොල් මට්ටම පාලනය කරයි
  • ආතතියෙන් සහනය ලැබේ       
  • බර අඩු වීම
    • මෙයට හේතුව එහි අඩංගු සෞඛ්‍යයට හිතකර මධ්‍යදාම මේද අම්ලයන්ය. මෙම මේද අම්ලයන් සාමාන්‍ය මේද මෙන් රුධිර පද්ධතියේ සංසරණය නොවී, කෙලින්ම අක්‌මාවට ගොස්‌ කාබෝහයිඩේට්‌ස්‌ මෙන් වහා ශක්‌තිය බවට පරිවර්තනය වේ. මෙලෙසින් මේදය ලෙසින් සිරුර තුළ ගබඩා වෙනවා වෙනුවට පොල්තෙල් වල අඩංගු මේදය, ශක්‌තිය නිපදවීම සඳහා සිරුර උපයෝගී කරගනී
  • එච්. අයි. වී. (H.I.V.), හර්පීස්‌, ඉන්ෆ්ලුවන්සා සහ වෙනත් රෝග කාරක බැක්‌ටීරියාවන් විනාශ කිරීම
  • මියගිය මොළයේ සෛල වලට නව ජීවයක්‌ ලබාදී, ඇල්සයිමර් රෝගය යම් දුරකට සුවපත්  කරයි
  • වකුගඩු රෝග, හද රෝග, අධික රුධිර පීඩනයදියවැඩියාව, පිළිකා සෛල නැසීමේ විශේෂ හැකියාව
  • හිසකෙස්වල ආරක්ෂාව        


වාණිජ භාවිතයන්

  • පානයන් ලෙස (දිනකට තේ/මේස හැන්දක් බැගින්), බටර් ආකාරයෙන් හා මොර ගුලි වැනි කරල් ලෙස සකසා භාවිත කිරීම
  • රූපලාවන්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය -රෝම කුප අතරින් ගමන් කර සමතුලට කාවැදීමේ හැකියාව නිසා
  • විවිධ රෝග සඳහා (පිලිකා, ඒඩ්ස් වැනි) ඖෂධ නිෂ්පාදනයේදී
  • බටහිර වෛද්‍යවරු රෝග ගණනාවකට ප්‍රතිකාර වශයෙන් නැවුම් පොල්තෙල් යොදාගනු ලැබේ. යුරෝපයේ සමහර ඖෂධ සමාගම් ඖෂධීය ආලේපන වශයෙන් පොල්තෙල් අලෙවි කරති. හදවත් රෝගීන්ට හදිසි අවස්‌ථාවලදී හදවතට ඔක්‌සිජන් සැපයුම වැඩිකිරීම සඳහා දිව යටට ඉසිනයක්‌ (spray) ලෙස භාවිත කරනු ලබන ටී.එන්.ටී. ඉසිනයේ ද්‍රවකය (Solvent) පොල්තෙල්ය. පොල්තෙල් වල අඩංගු එම්.සී.ටී. වලින් කරනු ලබන විස්‌තාරණයෙන් පේශීන් ලිහිල් කර රුධිරය නිදහසේ ගලා යැමට මග සලසයි.
  • ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය


මේ සියලු ඖෂධීය ගුණාංගයන් අඩංගු වී ඇත්තේ සෞඛ්‍යයට හිතකර අන්දමින් විද්‍යානුකූලට සිඳින ලද, නියමිත තත්වයන්ට අනුකූල පිරිසිදු සුදු පොල්තෙල්වලය. අතුරු නිෂ්පාදනයක් වන පොල් පිටි විවිධ ආහාර නිෂ්පාදන සැදීමේදී යොදා ගනියි.
එසේම, කාබනික/ ස්වභාවික පොහොර යෙදු පොල් ගස්වලින් ගනු ලබන පොල් ගෙඩි භාවිතයෙන් නිපදවන නැවුම් පොල් තෙල්, ඓන්ද්‍රිය නැවුම් පොල් තෙල්(Organic Virgin Coconut Oil) ලෙස හැදින්වේ. එයට ලෝකයේ ඉහලම ඉල්ලුමක් පවතියි.
නැවුම් පොල්තෙල් නිෂ්පාදන ක්‍රමයේ මුල්ම සොයාගැනීමේ ගෞරවය හිමිවන්නේ අප රටේ ලුනුවිල පොල් පර්යේෂණ  ආයතනයටයි.

2 comments:

//එමෙන්ම පොල්තෙල් වල අහිතකර එල්. ඩී. එල්. කොලොස්‌ට්‍රොල් අඩංගු නැති අතර එහි ඇත්තේ එච්. ඩී. එල්. නමින් හැඳින්වෙන හිතකර කොලොස්‌ට්‍රොල්ය//
Coconut doesn't contain any type of cholesterol.Only animals can synthesize it.

thank you for the correction and it should be //එමෙන්ම පොල්තෙල් වල අඩංගු ලෝරික් අම්ලය මගින් සිරුරේ ඇති එච්. ඩී. එල්. නමින් හැඳින්වෙන හිතකර කොලොස්‌ට්‍රොල් මට්ටම වැඩි කර අහිතකර එල්. ඩී. එල්. කොලොස්‌ට්‍රොල් මට්ටම සාපේක්ෂව අඩු කරයි.//

Post a Comment