Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

September 30, 2013

ඔබේ රහස් කතාවලට කන් දෙන ගිනිකූර

හමුදා මෙහෙයුම් සඳහා යොදාගත් සංවේදී උපකරණයක් (sensor), ජනයාගෙන් පිරුණු වීදියකදී ඔබ මිතුරෙකු හා කරන කතා බහ ඔබ දෙදෙනාටම නොදැනී පටිගත කිරීම හෝ ශ්‍රවණය කිරීම දක්වා වර්ධනය වී ඇත.
උද්‍යානයකදී හෝ වීදියකදී මිනිසුන්, වාහන, සතුන්, යන්ත්‍ර සූත්‍ර නිකුත් කරන විවිධාකාර ශබ්ද අතරින් මිනිස් හඬ වෙන් කර හඳුනා ගැනීමට පවා විශාල කවාකාර මයික්‍රෝෆෝන් (microphone) හා අදාල ශබ්ද නිකුත් කරන ස්ථානය බාධාවකින් තොරව දැකිය හැකි වීම සාමාන්‍ය අවශ්‍යථාව වේ. දුරකථන, අන්තර්ජාල, email, කාර්යාල වල අපේ තොරතුරු තව දුරටත් රහස්‍ය නොවෙන බව බොහෝ දෙනා දන්නා නමුත් පාර තොටේදී සිදුවන අපේ පෞද්ගලික කතාබහද ගිනිකූරක් ප්‍රමාණයේ මෙම සංවේද උපකරණය ඈත සිට ග්‍රහනය කර ගැනීම ත්‍රාසජනකය.
ඕලන්ද සමාගමක් microflown තාක්‍ෂණයෙන් නිර්මාණය කර ඇති ගිනිකූරක් තරම් වූ මෙම සංවේදී උපකරණයට ඈත සිට ඕනෑම සංවාදයක් ඉලක්ක කර නිවැරදිව හඳුනාගත හැකිය. Acoustic Vector Sensor (ධ්වනික දිශා සංවේදක) වර්ගයේ මෙම microflown සංවේදී උපකරණය (microflown සංවේදකය) ශබ්ද තරංග නිසා ඇති වූ වායු චලනය මැනීම මඟින් ශබ්දය නිකුත් කල ස්ථානය නිවැරදිව ක්‍ෂණිකව දක්වයි. එයට ශබ්දයේ ස්වරූපය හඳුනාගැනීමේ හා වෙනත් ස්ථානයක අසන්නෙකුට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවද තිබේ.
වර්තමානයේ භාවිතා වන මයික්‍රෝෆෝන ක්‍රියා කරනුයේ ශබ්ද තරංග වල චලනය මඟින් උපදින විදුලි සංඥා වලින් වුවද microflown සංවේදකයෙන් එහි මිලිමීටර 0.0002  ගැඹුරින් ඇති ප්ලිටනම් තහඩු දෙකක් අතර උෂ්ණත්ව වෙනස හා වායු අණු චලනයෙන් ක්‍රියා කරයි.Microflown මෘදුකාංගය, 200o C උෂ්ණත්වයේ වායු අණු වල වේගය ගණනය කර ශබ්දයේ තීව්‍රතාවයද, උෂ්ණත්ව වෙනස මඟින් ශබ්දය නිකුත් කරන ස්ථානයද හඳුනා ගනියි.

දුරින් පිහිටි විවිධ ජෙට් (Jets), ස්නයිපර් තුවක්කු වැනි ආයුධ ඕනෑම පරිසරයකදී හඳුනාගැනීමට හමුදාවට එක් සංවේදී උපකරණයක් ප්‍රමාණවත් වූ අතර මේ වසර ආරම්භයේදී අහඹු සොයා ගැනීමක් නිසා මීටර 2022 2 ක් ඈතින් සිදුවන සාමාන්‍ය කතා බහක් වුව ඇසීම හා පටිගත කිරීම දක්වා එය වැඩි දියුණු වූ බව සමාගමේ සම නිර්මාතෘ Hans Elia de Bree ප්‍රකාශ කරයි.
බැටරියක් හා ඉතා කුඩා ඇන්ටනාවක් සමඟ මෙම ගිනිකූරු microflown සංවේදකය මාර්ග සංඥා විදුලි කුළුණක හෝ උද්‍යානයේ බංකුවක සවි කිරීමෙන්, හදිසි අවස්ථා (කෑගැසීම්, කලබලවීම්, වෙඩිතැබීම්) හඳුනාගෙන එය කිසිවෙකුට හෝ නොදැනෙන ලෙස වීඩියෝ ගත කළ හැකිය (ශබ්දය ඇසුණු දිශාවට අපේ ඇස යොමු වන පරිදි). බොහෝ රටවල් මෙම microflown සංවේදක අත්හදා බලනු ලබන අතර ඇමරිකා එක්සත් ජනපදයේ කැන්සාස් විශ්ව විද්‍යාලය එහි පරාසය 28% කින් වර්ධනය කිරීමට උපකාර කර ඇත. ගුවන් තොටුපල අසළ ගුවන් යානා ගමන් කරන මාර්ග සූක්‍ෂම ලෙස නිවැරදිව හඳුනාගැනීමට හා ගුවන්ගමන් පාලනයට යොදා ගැනීම සඳහා සැලසුම් කර තිබේ. විශාල කඳු වැනි භූගෝලීය හේතු නිසා රේඩාර් උපකරණ මෙන් microflown සංවේදක අවහිර නොවන අතර රේඩාර් උපකරණ වලට වඩා ලාභදායකද වේ.කෙසේ වෙතත් පුද්ගලික කතා බස් ඇසීමට උපකරණ භාවිතය ගැටළු සහගත විය හැක.

September 24, 2013

உங்களுக்கு மட்டுமா இதயம்...! தக்காளிப் பழத்திற்கும் உண்டு...!


நீங்கள் விரும்பிய வடிவங்களில் (இதயம், நட்சத்திரம்.) மரக்கறிகள்,  பழங்களை உற்பத்தி செய்து வைபவங்களில் உணவு பரிமாறலின் போது ஆனந்தமடையுங்கள். 


அது எப்படி…?
நீங்கள் செய்ய வேண்டியது இதுதான்…

விருப்பமான நவீன வடிவமைப்புகளை கொண்ட பிளாஸ்ரிக் அச்சுக்கள் இதற்காக விற்பனைக்குண்டு அவற்றை மீண்டும் மீண்டும் பயன்படுத்தி பயன் பெறலாம். விவசாயிகளுக்கு இது ஒரு அரிய சந்தர்ப்பம்.

சிறிதளவு வளர்ச்சியடைந்த பழங்கள், மரக்கறி வகைகளை அச்சுக்களுக்குள் படத்தில் காட்டியவாறு முழுமையாக உட்புகுத்தி நூலினால் கட்டிவிடவும் பின்னர் சில நாட்கள் அவற்றை வளர விடுவதன் மூலம் அந்தந்த அச்சுக்களின் வடிவங்கள் உருவாகியிருப்பதை காணலாம். அறுவடை செய்யும் வேளை அச்சுக்களை கழற்றியதும் உங்களின் விரும்பிய வடிவங்களை கொண்ட பழங்கள், மரக்கறிவகைகள் உருவாகியிருப்பதைக் காணலாம். அவற்றின் குறுகிய மற்றும் நீண்ட கால வளர்ச்சிகளுக்கு ஏற்றவாறு அறுவடை செய்யலாம்.
தக்காளி, தோடை, தேசி, மண்டரின், வெள்ளரி, கத்தரி மற்றும் நீங்கள் விரும்பிய பல வகையான பழங்கள், மரக்கறிவகைகளை நீங்கள் விரும்பிய வடிவத்தில் உற்பத்தி செய்து வைபவங்களில் பரிமாறி சிறந்த உணவுக் கலை நிபுணராவதுடன் குழந்தைகளையும் மகிழ்ச்சியுறச் செய்யுங்கள்.
  


සතුන් නොමරා හම් හා මස් නිපදවමු

ඇන්ඩ්‍රස් ෆොගස් මහතා ඔහුගේ පියා සමඟ ත්‍රිමාණ මුද්‍රණයෙන් මනුෂ්‍ය පටක හා ඉන්ද්‍රියන් නිෂ්පාදන සමාගමක් ආරම්භ කළ මුල් කාලයේදී එය උන්මත්තක ක්‍රියාවක් ලෙස සැලකුවද, ඔවුන්ගේ හා ලෝකයේ වෙනත් පරීක්‍ෂණාගාර වල ඇති වූ දියුණුවත් සමඟ සාමාන්‍ය තත්වයට පත්විය. එයින් උත්සුක වූ ඔවුන් මනුෂ්‍ය ශරීර අවයව කොටස් මෙන්ම හම්, මස් වැනි සත්ව නිෂ්පාදන රෝපණය කිරීමට අදහස් කළ නමුත් ආරම්භයේදී මෙයද සාවද්‍ය අදහසක් විය. සත්ව පාලනය මඟින් සතුන් බෝකිරීම හා ඝාතනය කිරීම තුලින් අපේ අවශ්‍යතා ඉටු කර ගැනීමට සාපේක්‍ෂව මෙලෙස සත්ව නිෂ්පාදන රෝපණය කිරීම වඩා සුදුසු ක්‍රමවේදයකි.

බිලියන 7 ක් පමණ වූ ලොව ජනගහනයේ සත්ව නිෂ්පාදන අවශ්‍යතා සපුරාලීමට බිලියන 10 ක පමණ පශු සම්පතක් අවශ්‍ය වේ.
   ·         ඉදිරියේදී ලෝක ජනගහනය බිලියන 10 දක්වා වැඩි වූ විට අපේ අවශ්‍යතා ස පුරාලීමට බිලියන 100 ක පමණ පශු සම්පතක් මේ පොලෝතලය තුල පවත්වාගෙන යා යුතුය.
·         අමු ද්‍රව්‍ය මෙන් නොව සතුන් ජීවය සහිත බැවින් ඔවුන් පෘථිවි සම්පත් වැඩිපුරම භාවිතා කරනු ඇත. (ජලය 8%, ඉඩම් 33%)
·         කාලගුණික වෙනස්කම් වලට මූලික වන හරිතාගාර වායු විශාල ප්‍රමාණයක් මෙම සත්ව සම්පත නිෂ්පාදනය කරනු ඇත.( වායු 18%)
·         මේ තරම් විශාල සතුන් ප්‍රමාණයක් පාලනයේදී සතුන් තදබද වීම නිසා විවිධ රෝග කාරක ඇති වීම හා පශු සම්පත් ක්‍රියාවලියේ නොයෙක් දෝෂ සිදු විය හැක.
මේ කරුණු හේතු කොට ගෙන වර්තමාන සත්ව නිෂ්පාදන ඇති කිරීමේ ක්‍රියාවලිය ඉදිරියේදී පරිසරය, මහජන සෞඛ්‍ය හා ආහාර සුරක්‍ෂිතභාවය පිළිබඳ සංකීර්ණ ගැටළු නිර්මාණය වනු ඇත. එනිසා විකල්ප ක්‍රමයක් ලෙස සත්ව නිෂ්පාදන රෝපණය මඟින් ඇතිකිරීම වඩා යෝග්‍ය වේ.
 

·         සත්ව නිෂ්පාදන යනු සත්ව පටක වල එකතුවකි.
·         දැනට සංකීර්ණ සතුන් පවා බෝකිරීම සිදු කලද සත්ව නිෂ්පාදන සඳහා අවශ්‍ය වන්නේ සාපේක්‍ෂව සරල සත්ව පටක පමණි.
·         ජීවයේ ප්‍රාථමික ඒකකය වූ සෛල මඟින් මෙම සරල පටක රෝපණය කළ හැකිය.
·         Bio fabrication යනු සෛල හා සෛල භාවිතා කර පටක හා ඉන්ද්‍රියයන් රෝපණය කරන ක්‍රියාවලියයි.
·         වෛද්‍ය විද්‍යාවේ Bio fabrication ප්‍රතිකාර මඟින් විවිධ වූ ශරීර අවයව කණ ,ස්වාශ නාල, හම, රුධිර පට්ටිකා, අස්ථි යනාදිය රෝපණය කර සාර්ථකව රෝගීන්ට බද්ධ කර තිබේ.
·         Bio fabrication වෛද්‍ය ප්‍රතිකාර වලට අමතරව මානුෂීය, කල්පවත්නා විශාල වපසරියක් සහිත නව කර්මාන්තයක් බැවින් එය හම් නිෂ්පාදනයට යොදා ගැනීම ඉතා සුදුසුය.
මෙහිදී හම් නිෂ්පාදනයෙන් සත්ව නිෂ්පාදන රෝපණ කර්මාන්තය ඇරඹීම වඩා සුදුසු වන්නේ,
·         හම් ඉතිහාසයේ කොටසක් ලෙස ඉතා ව්‍යාප්තව භාවිතා වූ අතර හම් පටක රෝපණය, මස් වැනි අනෙක් සත්ව නිෂ්පාදන සඳහා පටක රෝපණයට වඩා ඉතා පහසු තාක්ෂණයක් වීම. 
·         මේ සඳහා බොහෝ විට ද්විමාන වූ එක් සෛල වර්ගයක් භාවිතා වීම සහ පාරි‍භෝගිකයා හා රෙගුලාසි සඳහා වඩා පහසුවෙන් පරිවර්තනය විය හැකි වීම.
·         ආරම්භයේදී පටක වර්ධනයෙන් නිෂ්පාදිත හම් වලින් සෑදූ භාණ්ඩ පරිභෝජනයට එලෙස සැදූ මස් වර්ග අනුභවයට වඩා මිනිසුන් ප්‍රිය කරනු ඇති වීම.    යන කරුණු නිසාය.

ඒ අනුව හම් නිෂ්පාදනය Bio fabrication කර්මාන්තයේ ප්‍රධාන ප්‍රවාහයේ  නව ආරම්භක ද්‍රවයයක් වේ. එය ජයග්‍රහණය කළ විට මස් වැනි අනෙකුත් සත්ව නිෂ්පාදන රෝපණය ආරම්භ වනු ඇත
හම් පටක රෝපණය සඳහා මුලින් සතුන්ගෙන් සෛල ලබා ගනු ලැබේ. මෙහිදී සතුන්ට කිසිදු හානියක් හෝ හිරිහැරයක් සිදු නොවේ. ගවයන්, බැටළුවන් පමණක් නොව සම්පූර්ණයෙන්ම ආගන්තුක සතුන්ද යොදා ගත හැකිය. ලබා ගත් හුදෙකලා හමේ සෛලය පටක රෝපණ මාධ්‍යයකදී ප්‍රමාණාත්මකව වැඩි කර සෛල මිලියන හෝ බිලියන ප්‍රමාණයක් සකසා ගනුලැබේ.එම සෛල උපායශීලි පෙළඹවීමෙන්  collagen ස්වාභාවිකව සාදා ගත හැකිය. 
collagen යනු සෛල අතර ස්වාභාවික සම්බන්ධතා මඟින් ගොඩනැගුණු පටක වන අතර එය සෛල වල සත්‍ය නිෂ්පාදන වේ. හම් යනු භාණ්ඩ නිෂ්පාදනය කරන අමු ද්‍රව්‍යයයි. සෛල හා collagen ස්ථර අතර විසුරුවා එක් ස්ථරය මත අනෙක් ස්ථරය ලෙස ස්ථර කන්දක් (විශාල ප්‍රමාණයක්) මඟින් ඝනකම පත්‍ර (sheet) සාදා ගනු ලැබේ. මෙම පරිණත/ බහු ස්ථර (පත්‍ර)  සංකීර්ණ නොවූ කෙටි රසායනික ක්‍රම මඟින් හම් බවට පරිවර්තනය කෙරේ. මේ ආකාරයෙන් පරීක්‍ෂණාගාරයේ සකස් කළ හම් වර්ග කිහිපයක රූප පහත දැක්වේ දැක්වේ.
මේවා කෘතිම හම් නොව ස්වාභාවික හම් වන නමුත් ඒ සඳහා සතුන්ගේ ජීවිත පරිත්‍යාග කර නොමැත. ස්වාභාවික සත්ව හමේ සෛල වලින් සමන්විත නිසා ස්වාභාවික හම් වල ගුණාංග ඇතුලත්ය. එහෙත් ඒවායේ කෙස්, කැලැල්, කෘමි සිදුරු, අපද්‍රව්‍ය නොමැත. ගව, බැටළු ආදී සතුන්ගේ හම් වල මෙන් විවිධ වක්‍ර වීම් නොමැත. අත්බෑග්, පසුම්බි, සපත්තු වැනි සියළු හම් ආශ්‍රිත නිෂ්පාදන කළ හැක. මුල් සෛලයේ සිටම හම රෝපණය කරන නිසා ඒවාට මෘදු, කල්පවත්නා, ඇදෙන සුළු වැනි විවිධ අමතර ගුණාංග නිර්මාණශීලි නිෂ්පාදන සඳහා අන්තර්ගත කළ  හැක. එනම් හම් වඩා දියුණු අමුද්‍රව්‍යයක් ලෙස ලබා ගත හැකි වනු ඇත.
                                                                                                              
සෛල රෝපණය වසර 1000 ක පමණ කාලයක සිට මිනිසා ක්‍රියාත්මක කරයි. වයින්, බියර්, යෝගට් වැනි නිෂ්පාදන උදාහරණ වේ. වර්තමානයේදී මෙලෙස පටක රෝපණයෙන් බිහිකළ ආහාර වර්ග විශාල ප්‍රමාණයක් ඇති අතර ඒවා නිෂ්පාදනය කරන කර්මාන්තශාලා ආකර්ශණීය වේ. හම් හා මස් නිෂ්පාදනය වර්තමාණයේදි මෙන් සැඟවුණු විශේෂ ආරක්ෂාව සහිත දුෂ්කර පදේශවල ඇති කර්මාන්තශාලා වල සිදු කිරීම වෙනුවට අනාගතයේදී සෛල රෝපණයෙන් හම්, මස් හා විවිධ සත්ව නිෂ්පාදන වඩාත් පිරිසිදු, විවෘත, අධ්‍යාපනික කර්මාන්තශාලා වල  සිදු කරන අයුරු සිහියට නගා ගත හැකියකර්මාන්තශාලා රූපය ). එය බොහෝ විට මනුෂ්‍ය වර්ගයාගේ විප්ලවීය, ස්වාභාවික නිෂ්පාදන ක්‍රියාවලියක් වනු ඇත. එමෙන්ම පරිසර හිතකාමී, වගකීම් සහිත, කාර්යක්‍ෂම හා මානුෂීය වේ. එමඟින් බොහෝ විට අප නිර්මාණාත්මකව ආදර්ශමත් හා සංවර මිනිසුන් කරනු ඇත.



September 23, 2013

සූර්යය ගිනිදැල් පෘථිවිය ගිල ගනීවි ද ???


 
"පෙනෙන ලෙසට තව මාස දෙක තුනකින් සුර්යයාගේ සම්පූර්ණ චුම්භක ක්‍ෂේත්‍රයම විතැන් වීමක් අපට දක්නට ලැබේවි".මෙලෙස සදහන් කරන්නේ ස්ටැන්ෆඩ් විශ්වව්ද්‍යාලයේ සුර්ය භෞතිකවිද්‍යාඥ (solar physicist) ටොඩ් හොක්සේමා විසිනි.

මේ සම්බන්ධයෙන් සිය පැහැදිලි කිරීම ඉදිරිපත් කළ විද්‍යාඥයන් කීවේ මෙය වසර 11 කට වරක් සූර්යයා මත සිදු වන තත්වයක් බවය. ඔවුන් මෙය හඳුන්වන්නේ සූර්යය ක්‍රියාකාරී චක්‍රයක් ලෙසටය. ජූලි මාසයේ මැද භාගයේදී නාසා ආයතනයේ දුරේක්‍ෂයන් මඟින් සූර්යයා මතුපිට කුහරයක් ඇති බව නිරීක්‍ෂණය කෙරිණි. කුහරය ටිකෙන් ටික වර්ධනය වෙමින් සූර්යය පෘෂ්ටයෙන් කාලක් පමණ වන තත්වයක් දක්වා පෙන්නුම් කළ බව නාසා ආයතනය ඡායාරූප සාක්ෂි සහිතව ලොවට අනාවරණය කළේය.සූර්යයා මැද පිහිටි මෙම සූර්ය කුහර සූර්යයාගේ චුම්භක ක්‍ෂේත්‍රය අනුව කාලයත් සමඟ ධ්‍රැව වෙතට විතැන් වන බවත් ඒ අනුව එහි උපරිම සහ අවම ලෙස අවස්ථාවන් දෙකක් ඇති බවද සඳහන් කළ විද්‍යාඥයින්, මේ වසර අගදී එහි උපරිමය සිදු වන බවටද කරුණු කීවේය.

එම උපරිමයට පැමිණි අවස්ථාවේදී මෙම සූර්යය කුහරය අනෙක් පැත්තට හැරෙන බවත් එහිදී සූර්යය ගිනිදැල් වල ක්‍රියාකාරීත්වයද ඉහල යන බවත් එම විද්‍යාඥයින් සඳහන් කළේය.

ඒ අනුව එම කාල සීමාව වන විටදී,




සෞරග්‍රහ මණ්ඩලයේ වෙනස්කම් රැසක්ම සිදු වීමට ඉඩ ඇත.
දුරින්ම පිහිටි ප්ලූටෝ වෙතද දැනීමේ හැකියාවක් ඇත.
ඒ අනුව පෘථිවියේ දේශගුණය කෙරෙහිද මෙය අනිවාර්යයෙන්ම බලපෑම කරනු ඇත.
චන්ද්‍රිකා තුල පෘථිවියේ අනෙකුත් සන්නිවේදන කටයුතු වලටද මින් බලපෑම් ඇති කරවන බව විශ්වාස කෙරේ.

September 22, 2013

තෙල් නැති අනාගත ලෝකය

තෙල් නැති ලෝකය කෙසේ වෙයි ද? නැවතත් අපට හුළු එළි හා පන්දම් යුගයක්, බරකරත්ත යුගයක් හා මී ගව නඟුල් යුගයක් සමග උදාවෙයි ද? පොසිල ඉන්ධන යොදා ගනිමින් අප ගොඩනඟාගෙන ඇති දැවැන්ත නගර, නැව්, ගුවන් යානා, යාන වාහනවලට එවිට කුමක් වේවි ද? කොටින්ම මිනිස් ශිෂ්ඨාචාරය එවිට අවසන් ද?

ලෝකය පැත්තෙන් මේ පිළිබඳව සිතා 2030 වන විට ලොවේ බලශක්ති අවශ්‍යතාවය ජලය, සුළං හා සූර්ය බලයෙන් තනිකරම සැපයිය හැකි ක‍්‍රමවේදයක් එක්සත් ජනපද විද්වතුන් දෙදෙනෙකු වන මාර්ක් ජැකොබියන් හා මාර්ක් ඩෙලිව් යන දෙදෙනා ඉදිරිපත් කර ඇත. ඔවුන්ගේම වදන් වලින් එය මෙසේය.

"අද (2009) උපරිම විදුලිබල ශක්ති පරිභෝජනය සටහන් වන්නේ ටෙරාවොට් 12.5 (ටි‍්‍රලියන වොට්) ලෙසය. අනාගත පුරෝකතන අනුව මෙය 2030 දී 16.9 TW ද, 2050 දී 30 TW ද වේ. මෙ අතිරේක ශක්තිය පොසිල ඉන්ධනවලින් අපි ලඟා කරගැනීමට ගියහොත් එය තවත් නොවිසඳුණු ප‍්‍රශ්න ගණනක් ඇති කරයි. නමුත් අපි තිරසාර බලශක්තිය වන ජලය, සුළ, සූර්යා (WWS) භාවිතා කළහොත් පළමුව මේ ඉල්ලූම 11.5 TW දක්වා අඩුකර ගත හැක. මන්ද විදුලිකරණය විසින් කාර්යක්ෂමතාවය ඉහළ නංවන නිසාය. උදාහරණයක් ලෙස ඞීසල් යොදාගත් වාහනයක කාර්යය කිරීම සඳහා වැයවන්නේ 20%ක පමණ ශක්තියකි. අනෙක්වා තාපය ලෙස හානි වේ. නමුත් මෙය විදුලිබලයෙන් දුවයි නම් එහි කාර්යය ප‍්‍රමාණය 75-80% තරම් ඉහළ අගයකට ගත හැක.

කෙසේ වෙතත්, අපගේත් වෙනත් අයගේ සමීක්ෂණ අනුව ලෝකය පුරා සුළං ශක්තිය 1,700 TW පමණ ද, සූර්ය ශක්තිය 6500 TW දක්වා ද ඇත. උවමනා ප‍්‍රමාණය මෙන් දෙතුන් සිය ගුණයකි. විවෘත සයුර, පරිසර ආරක්ෂණ ප‍්‍රදේශ, කඳුකර ප‍්‍රදේශ ආදී සියල්ලේ ගැබ්ව ඇති සුළං, සූර්ය ශක්තිය ඉවත් කළ ද, 40-85 TW දක්වා සුළං ශක්තියක් ද, 580 TW දක්වා වූ සූර්ය ශක්තියක් ද උකහා ගත හැකි බව සමීක්ෂණ පෙන්වා දෙයි. නමුත් මේ වනවිට (2009) අපි උකහාගෙන ඇත්තේ 0.02 TW වූ සුළං බලයක් හා 0.008 TW වූ සූර්ය බලයක් පමණි. අපේ සැළසුම තව වසර 10කින් 20කින් සිදුවන තාක්ෂණ දියුණුව පිළිබඳව නොතකමින් අද පවතින තාක්ෂණ දියුණුව මත පදනම්ව ජලය, සුළං හා සූර්ය බලයෙන් වැඩ කරනා ලෝකයක් තැනීමයි. අපගේ සැළසුමට අනුව ශක්තිය අවශ්‍ය වේලාවට කලානුරූපව නිකුත් කිරීමේ හැකියාවට ද යටත් ජලය, සුළං හා සූර්ය බලයේ ඉතාම කාර්යක්ෂම සම්මිශ‍්‍රණයක් ඇති කරගන්නා ලදි.

එ අනුව 2030 අවශ්‍යතාවයෙන් (11.5 TW) 9%ක ජලය (ජල විභවය, මහුදු රළ හා භූ තාපය) ඇසුරු කරගෙන නිපදවන බවත්, 51%ක් සුළං බලයෙන් නිපදවන බවත්, 40ක් පී.වී. සූර්ය හා සී. එස්. ටී. සූර්ය බලයෙන් නිපදවන බවත්, අපෝහණය කරනා ලදි.

අවශ්‍ය ශක්තියෙන් 51%ක් (5.86 TW) සැපයීම සඳහා 5 MW වර්ගයේ සුළං ටර්බයින මිලියන 3.8ක් (30% ප‍්‍රායෝගික ධාරිතාව සහිතව) අවශ්‍ය වේ. මෙය බැලූ බැල්මට විශාල කාර්යයක් ලෙස පෙණුන ද සෑම වසරකම කාර් හා රථවාහන මිලියන 71ක් ලෝකය නිපදවන බව සිහියට ගත යුතුය.

අවශ්‍ය ශක්තියෙන් 40%ක් (4.6 TW) නිපදවීම සූර්ය ශක්තියට භාර වේ. මෙයින් 30%ක් පමණ දැනට පවතින නිවාස හා වානිජ ගොඩනැඟිලිවල වහලවල් 1.7 බිලියන (0.003 TW) සූර්ය කෝෂ (පී.වී) බවට පරිවර්තනයෙන් ලබා ගත හැක. ඉතිරිය සඳහා (300 MW) ප‍්‍රමාණයේ මහා සූර්ය බලාගාර 89,000ක් පමණ අවශ්‍ය කෙරේ. (17%ක ප‍්‍රායෝගික ධාරිතාව සහිතව) (ක්‍ීඔ 49ල000ල ඡුඪ - 40ල000 ලෙස) එමෙන්ම ජලය ගැන සලකා බලත් දී තවත් ඉහළ ගණයේ (1300 MW වලින් ඉහළ) බලාගාර 900ක් හෝ එයට සරිලන ධාරිතාවක් අවශ්‍ය අතර, දැනටමත් එයින් 70%ක් පමණ ලොවේ ඇත. මෙයට අමතරව වඩදිය - බාදිය මත ක‍්‍රියා කරනා බලාගාර 490,000 (1 MW බැගින්) භූ තාප බලාගාර 5,350 (100 MW බැගින්) ඇති කළ යුතුය.

ඉහත කී මිලයන 3.8ක් වූ සුළං බලාගාර සඳහා වර්ග කි.මී. 50ක් පමන (ලොවේ ඉඩම්වලින් 1%ක් පමණ) අවශ්‍ය කෙරේ. වහලවල් මත නොවන සූර්ය කෝෂ 89,000සඳහා වර්ග කි.මී. 16.5ක් පමණ අවශ්‍ය කෙරේ. මෙය විශාල ඉඩම් ප‍්‍රමාණයක් වූවත් සුළං ටර්බයින් සඳහා භාවිත වන ඉඩම්වල යට කොටස වෙනත් කටයුතු සඳහා ද භාවිත කළ හැක. එමෙන්ම ඉහත කී බලය ගල් අඟුරු බලාගාරවලින් සපයන්නේ නම් ඒ සඳහා ඉහළ ගණයේ බලාගාර (1500 MW) 13,000ක් පමණ අවශ්‍ය වේ. ගල් අඟුරු බලාගාරයට, අඟුරු අංගනයට, ගල් අඟුරු පතලයට යන ඉඩම් සලකා බලනා විට මෙය ද ඉතා විශාල අගයක් බව කිව යුතුය. එමෙන්ම ගල් අඟුරු බලාගාරයක් පවිත‍්‍ර කටයුතු සඳහා වසරකට දින 46ක් (12.5%) වසා දමත් දී සුළං බලාගාරයක් වසා දමන්නේ දින 07ක් (2%) ක් හා සූර්ය බලාගාරයක් දින 07ක් (2%) ලෙස බව ද සැලකිය යුතුය.

මේ සඳහා ඉතා වටිනා ඛනිජ වන ලිතියම්, ඉන්දියම්, ප්ලැටිනම්, සිල්වර්, නියෝජයිමියම්, ටෙලිරියම් වැනි මූලද්‍රව්‍ය අවශ්‍ය කරයි. ඒ සඳහා තාක්ෂණික මැදිහත්වීමක් හා අමුද්‍රව්‍ය බෙදා හදා ගැනීමක් අවශ්‍යයි. මේ සඳහා වූ මූලික මුදල ඩොලර් ටි‍්‍රලියන 100ක් ලෙස සැලකේ ලෝකයේ වාර්ෂික දල දේශීය නිෂ්පාදනය ඩොලර් ටි‍්‍රලියන 60ක් ලෙස ගත්විට මෙය එතරම් සුවිශාල ආයෝජනයක් නොවේ. දෙවන ලෝක යුද සමයේ එක්සත් ජනපදයේ, රුසියාවේ හා යුරෝපයේ සියලූ කම්හල් අවි නිපදවීමට, ගුවන් යානා නිපදවීමට යොමු කළා සේ නව දේශපාලන අධිෂ්ඨානයක් ලොවට අවශ්‍ය කරයි. එතැනදී දැනට පවතින පොසිල ඉන්ධන ව්‍යාපාරයේ ධනය උපයන පිරිස්වල බලපෑම නොතකා හැරිය හැකි දේශපාලන අධිෂ්ඨානය ඉතා ප‍්‍රමුඛය.

ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ ද දෙමුහුන් වාහන මෙන්ම අවසාන වශයෙන් සූර්ය හෝ සුළං බලය විසින් නිපදවන හයිඩ‍්‍රජන් යොදාගත් වාහන බැට්රි බලයෙන් දුවන වාහන, සූර්ය බලයෙන් දුවන නැව් හෝ ගුවන් යානා ඉදිරි කාලයේ ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ විප්ලවයක් සිදු කරනු ඇත. ඉදිරි දශයක තුළ මෙ වෙනස් මගක යෑම කළහොත් ලෝයට නව අනාගතයක් ඇතිවනු ඇත”.

ලෝකයේ තත්ත්වය එයයි. ලංකාවේ තත්ත්වය කවරක් ද? ලංකාවේ දැනට උපරිම විදුලි අවශ්‍යතාවය 2000 MW පමන වේ. එයින් 1200 MW පමණම ජල විභවයෙන් සැපිරේ. නමුත් ශක්තිය ලෙස ගත්කළ සැපැයෙන්නේ 30-45% අතර ප‍්‍රමාණයකි. කුඩා මධ්‍යම ජල ව්‍යාපෘති ද සලකා බැලූ කල තවත් (දැනට පවතින 170 MW අමතරව) 400 MW පමන නිර්මාණය කළ හැක. මේ අනුව ජල ශක්තිය 1800-2000 MW තත්ත්වයට උපරිම ලෙස ගෙන ආ හැක.

විදුලි ඉල්ලූම සීඝ‍්‍රයෙන් වැඩිවන හෙයින් 2030 වනවිට ලංකාවේ ඉහළම විදුලි ඉල්ලූම 7000 MW පමණ වනු ඇත. මේ නිසා අතිරේක 5000 MW සුළං, සූර්ය, ඉන්ධන හා භූ තාපයෙන් සැපයිය යුතුය.

ජීව ඉන්ධන මගින් ලබාගත හැකි උපරිම ජවය 1000 MW වන අතර, ඒ සඳහා දෙවැනි වගාවක්, යටි වගාවක් හෝ පූර්ණ වගාවක් ලෙස 800,000 පමන හෙක්ටයාර සංවිධානාත්මකව වගා කළ යුතුය. ජලය මෙන් ජීව ඉන්ධන ද පදනම් බලයක් වේ.

ශ‍්‍රී ලංකාවේ සුළං බලයේ විභවය 25,000 MW ලෙස සලකා ඇත. මෙයින් අඩුම තරමින් 4000 MW වත් උකහා ගත යුතුය. ඒ සඳහා 1 MW ජාවාගාර 4000ක් අවශ්‍ය වේ. එමෙන්ම සූර්ය බලය මගින් නිවාස හා ගොඩනැඟිලිවල අඩුම තරමින් මිලියනයක් වහලවල් සූර්ය බලයට (1 KW) යොමු කළහොත් එතැන 1000 MW බලයක් ඇති කළ හැක. සූර්ය උද්‍යාන හරහා තවත් 1000 MW බලයක් ඇති කළ හැක. මේ සඳහා ඩොලර් බිලියන 10ක් පමණ වැය වේ. කෙසේ වෙතත්, මේ සඳහා අපගේ බෙදා හැරීම් පද්ධතිය හා සම්පේ‍්‍රෂණ පද්ධතිය ස්වයංක‍්‍රීය සුපිරි (Smart Grid) තත්ත්වයට පත්කළ යුතුය.

අනාගත ලෝකය

අනාගත ලෝකයේ ඉතාම බලවත් මෙන්ම වැදගත්ම බලය වන්නේ ”ශක්තියයි”. කෙනෙක් ශක්තිය නිපදවන්නේ කෙසේ ද?, එහි අයිතිය ඇත්තේ කාට ද?, එහි මිල ගණන් කවරක් ද?, එය සියලූදෙනාට පහසුවෙන් ලබාගත හැකි ද?, එය පරිසරයට කරනා බලපෑම කුමක් ද? යන ප‍්‍රශ්න මත බලශක්තියෙහි අගය තීරණය වේ. අනිවාර්යෙන්ම පවතින තාක්ෂණයට විසඳුම් නැති වුවහොත් ඉතුරුව ඇති බලහක්ති ප‍්‍රභව සඳහා මාරක තරඟයක් ඇවිළී යනු නොඅනුමානය. එය දැනටමත් පොසිල ඉන්ධන හා ශල්ක සඳහා ඇති වී තිබේ. ඉදිරියේ දී සූර්ය බලය සැපයිය හැකි කාන්තාර, සුළං බලය සැපයිය හැකි ප‍්‍රදේශ මෙන්ම එකී ජාවාගාර නිර්මානය සඳහා යොදා ගත අමුද්‍රව්‍ය සඳහා මාරක පොරයක් ඇතිවිය හැක. එක්සත් ජාතීන් ඇතුළු ආයතන විසින් වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස විසඳිය යුතු ප‍්‍රශ්නය බල ශක්තිය සඳහා වන පොරය, යුද්ධය හා ත‍්‍රස්තවාදය බවට හැරවීම වැළැක්වීමය. එමෙන්ම පාරිසරික ව්‍යසන නිසා අතුරුදහන් වන ශිෂ්ඨාචාර හා සරණාගතයන් වන ජනතාව අතර, ත‍්‍රස්තවාදය ව්‍යාප්ත වීම වැළැක්වීමය. එක්සත් ජාතීන්ගේ සංවිධානය න්‍යාෂ්ඨික බලවතුන්ගේ ග‍්‍රහනයෙන් මිදුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයතනයක් විය යුතුය. ජාත්‍යන්තර මූල්‍ය ආයතන වැඩි වැඩියෙන් පුනර්ජනනීය බලශක්තිය සඳහා ආයෝජනය කරනා, පාරිසරික ව්‍යසනවලට වන්දි ගෙවනා ආයතන විය යුතුය. නැවත නොලැබෙන ඉන්ධන හා පරිසරය මත ව්‍යසනය පටවන ඉන්ධන සඳහා ලෝක පරිමානයෙන් යම් බදු පැනවීමක් ද බලාපොරොත්තු විය යුතුය. එහෙත් එය දැනටමත් බලවත් ජාතීන්ගේ තවත් අවියක් වීම වැළැක්විය යුතුය. ගෝලීය උණුසුම පිළිබඳ සාකච්ඡුාවල අවසාන එකඟතාවය එවැනි තිරසර සංවර්ධනයක් සඳහා පාර කපන්නක් විය යුතුය.

අනාගත ලෝකයේ තාක්ෂණය සීඝ‍්‍රයෙන් වෙනස් වේ. තාක්ෂණ විප්ලව 04ක් අප ඉදිරිපිට දැනට මතු වී ඇත. ඒවානම්

01. ක්වන්ටම් පරිගණකය සමග එන තොරතුරු තාක්ෂණයේ නව විප්ලවය හා එයින් ඇති වන අසීමිත සයිබර් අවකාශය

02. ඉතා ක්‍ෂුද්‍ර විද්‍යාවක් වූ නැනෝ තාක්ෂණයෙන් ඇති කරන බලපෑම සාමාන්‍ය ලෝකයේ දී සිදු කළ නොහැකි දෑ නැනෝ ලෝකයේ දී සිදුවීම නිසා එමගින් බලශක්ති හා අමුද්‍රව්‍ය ක්ෂේත‍්‍රයේ ඇතිවිය හැකි අසීමිත විප්ලවය.

03. ජීව ජාන විද්‍යාවේ පෙරලිය. මෙමගින් මානවයාගේ ආයු කාලය ජීව හැසිරීම, සෞඛ්‍යය හා අනන්‍යතාවයට ඇති කරන බලපෑම. එයම ඔහුගේ බලශක්ති පරිභෝජනයට හා සමාජ ජීවිතයට ඇති කරනා අසීමිත බලපෑම.

04. ක්‍ෂුද්‍ර ස්නායු තන්තු විද්‍යාවේ ඇතිවන විප්ලවය. එමගින් මානව චර්යා රටාවන්, මානසික රටාවන් සඳහා ඇති කරනා බලපෑම හා කළමනාකරණයේ දී එකී සිද්ධාන්ත යොදා ගැනීම නිසා මානව සමාජ ව්‍යුහයෙන් සිදුවන පෙරළිය. මෙය අධ්‍යාපනය, ව්‍යාපාර මෙන්ම දේශපාලන ව්‍යුහයන් බරපතල වෙනස්කමකට ලක් කරනු ඇත.

තාක්ෂණයේ සිදුවන මේ චතුර් විප්ලවයන්ගේ ප‍්‍රායෝගික අරමුණක් වනවා ඇත්තේ

- පොසිල ඉන්ධන දහනය නිසා ඇති වී ඇති වායූ දූෂණය වැළැක්විය හැකි ද යන්නට තාක්ෂණික විසඳුමක් ලබාදීම

- පරිසරයට හානි කර නොවන ලෙස ශක්ති නිපදවීමට පවතින තාක්ෂණයන් වඩාත් ඵලදායී හා කාර්යක්ෂම කිරීම. නව විදුලි උපකරණ, ජාවාගාරවල කාර්යක්ෂමතාව ඉහළ දැමීම, තොරතුරු ජාල මගින්, ශක්ති ජාලයන් කාර්යක්ෂම කිරීම, පාරිභෝගිකයා ශක්ති ඉතුරුව සඳහා දැනුවත් කිරීම ආදිය

- තිරසර නව ශක්ති ප‍්‍රභේද නිර්මාණය හා ප‍්‍රචලිත කිරීම ආදියයි

බටහිර ලෝකයේ යුරෝපය පදනම් කරගෙන මතු වූ ”මානව වාදයේ ” හරය වූයේ මානවයා සියල්ලට මූලිකය. ඔහුට සියල්ල ජයගත හැකිය යන අපේක්ෂා සහගත ආකල්පයයි. මානව වාදය සමග නූතන වාදය ද විද්‍යාත්මක විප්ලවය, කාර්මික විප්ලවය ද ගලා ආවේය. කාර්මික විප්ලවය ජනයා කොල්ලකන අධිරාජ්‍යවාදයක් විය. පසුව පරිසරය කොල්ලකන සංවර්ධන මාදිලියක් විය. එවිට පැන නැගුණු සෑම ප‍්‍රශ්නයකටම පිළිතුර ලෙස කීවේ තාක්ෂණය විද්‍යාව එකී ප‍්‍රශ්න කාලයාගේ ඇවෑමෙන් විසඳන බවය. වත්මන වඩාත්ම දියුණු බව විශ්වාස කරනා ලදි. අනාගතය එයටත් වඩා දියුණු විය යුතු බව ප‍්‍රකාශ කරනා ලදි. වර්ධනය තේමාව වූ අතර, එය ආර්ථික වර්ධනය විය.

අපි මානවයාගේ බුද්ධියට හා හැකියාවට නිගාදිය යුතු නොවෙමු. නමුත් ඔහුගේ හැකියාවට සීමා ඇත. ඔහු තවත් ජීවියෙකි. පරිසරයේම තවත් වෙන් කළ නොහැකි කොටසකි. මානවයා තමන් නොවන ලෝකය නගා ජයගැනීමට ගියහොත් එය මිහිකත මත හෙතෙම පිළිලයක් කරනු ඇත. මිනිස් තන්හාව ජයගැනීමට කවර තාක්ෂණයකට හෝ නොහැක. විනාශයෙන් ගැලවීමට මානව චින්තනය අනෙකා කෙරේත්, පරිසරය කෙරේත්, මතු පරපුර කෙරේත් සමානාත්මතාවයෙන් සිතිය යුතුය. එක් විද්‍යාවක් නොව දහස් විද්‍යාවන් පදනම් විය යුත්තේ මේ සමානාත්මතා දර්ශනය මතය.

(උපුටා ගැනීම - අමාත්‍ය පාඨලී චම්පික රණවකයන්ගේ හෙට මුළු රට එළියයි කෘතියෙනි)



September 20, 2013

රුධිර සීනි ඉහළ ගිහින්ද? සිවිකාචයෙන් අහන්න

බටහිර ඔන්ටාරියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජින් ෂැන්ග් මහතා විසින් රුධිර ගත සීනි මට්ටම වෙනස් වීමේදී වර්ණය වෙනස් වන සිවි කාචයක් නිපදවා ඇත. මෙමගින් රුධිර පරීක්ෂා කිරීමෙන් තොරව දියවැඩියා රෝගීන්ගේ රුධිර ගත ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කිරීමට හැක.

නැනෝ අංශු සිවිකාච මත බද්ධ කිරීමෙන් කඳුලු වල ඇති ග්ලූකෝස් අනු සමග ඒවා ප්‍රතික්‍රියා කරයි. මෙම ප්‍රතික්‍රියාව මගින් සිවිකාච වල වර්ණය වෙනස් කර ලේ වල සීනි මට්ටම දක්වයි.


මහාචාර්ය ජින් ෂැන්ග් මහතාගේ නැනෝ සංයුක්ත ජීව වෛද්‍ය උපකරණ නිපදවීමේ පර්යේෂණ සඳහා කැනේඩියානු පදනම මගින් මූල්‍ය ආධාර සපයා දී ඇත.

මොළයෙන් මොළයට අන්තර්ජාල කතාබහක්


ලොව ප්‍රථම වරට මිනිස් මොළයෙන් - මොළයට අන්තර් සම්බන්ධතාව ඇති කල හැකි බව පර්යේෂකයකු ඔහුගේ චලනය පාලනය කිරීමෙන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර ඇත. 2013 අගෝස්තු මස 27 වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ පරීක්‍ෂණ කණ්ඩායමක් එක් පර්යේෂකයෙකුගේ මොළයේ සංඥාවක් අන්තර්ජාල හරහා වෙනත් පර්යේෂකයෙකුට යැවීම මඟින් දෙවැනි පර්යේෂකයාගේ අතේ චලනය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කොට ආක්‍රමණය නොවන ලෙස මිනිස් මොළ අතර අන්තර්ජාල සම්බන්ධතා පැවැත්වීමේ හැකියාව ප්‍රථම වරට සාර්ථකව අත්හදා බැලූ බව පර්යේෂකයෝ ප්‍රකාශ කරති.

මෙහිදී මොළයේ විදුලිමය පටිගත කිරීම් හා චුම්බක උත්තේජන භාවිතා කර රුජෙස් රාම් මහතා තම මොලයෙන් සංඥාවක් නිකුත් කර යැවීම මඟින් වොෂින් විශ්ව විද්‍යාලයේ අනෙක් කොටසේ සිටි ඇන්ඩ් ස්ටොක්ගේ ඇඟිල්ල යතුරු ලියනය මත චලනය කරවන ලදී.

මොලයෙන් මොලයට සන්නිවේදනය ඩියුන් විශ්ව විද්‍යාලයේ පරීක්‍ෂකයෝ මීයන් - මීයන් අතර සිදු කර තිබූහ. මිනිසුන් හා මීයන් අතරද හාවඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂණයෙන් ක්‍රියාත්මක කර තිබෙන නමුත් මිනිස් මොලයකින් - මිනිස් මොලයකට සන්නිවේදනය ක්‍රියාත්මක කරවූ ප්‍රථම අවස්ථාව මෙය බව රාඕ හා ස්ටොකෝ විශ්වාස කරති.

අන්තර්ජාල වනාහි පරිගණක එකිනෙකට සම්බන්ධ කරන මාර්ගයක් වුවත් එය මොල එකිනෙකට සම්බන්ධ කරන මාර්ගයක් ලෙසද වර්ධනය වනු ඇතැයිද “මොළයක ඇති දැනුම එක් මොළයකින් තවත් මොළයකට සෘජුව සම්ප්‍රේෂණය කිරීමට අවශ්‍ය” යැයි ස්ටොකො ප්‍රකාශ කරයි.

පර්යේෂණාගාර දෙකෙහිම සම්පූර්ණ පරීක්‍ෂණ ක්‍රියාවලිය දෙකඩ පර්යේෂකයෝ විසින් සමාන්තරව වීඩියෝ ගත කර ඇත. පහත එහි කෙටි විස්තරයෙක් පමණක් දක්වා ඇත්තේ ලිපිය කෙටි වීම සඳහායි.

වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉංජානේරු විෂය මහාචාර්යවරයා වන රාඕ මහතා මොළය පරිගණකය අන්තර්සම්බන්ධතාව (BCI) පිළිබද ඔහුගේ පර්යේෂණාගාර තුල වසර 10කට වැඩි කාලයක් පර්යේෂණ වල නියුතුව සිටින අතර එම විෂය සම්බන්ධ අත්පොතක් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම මොළය සහ පරිගණකය අන්තර සම්බන්ධතාව(BCI) තාක්‍ෂණයේ සීග්‍ර වර්ධනයෙන් උත්සුක වූ ඔහු මිනිස් මොළයෙන් මොළයට අන්තර්සම්බන්ධතා සංකල්පය ක්‍රියාවට නැගිය හැකි බව විශ්වාස කර වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ සහකරුවෙකු වන එම විශ්ව විද්‍යාලයේම ඉගෙනුම ලැබූ හා විද්‍යා ආයතනයේ මානසික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටෝකෝ මහතා සමඟ හවුල් විය.

අගෝසතු 12 වෙනි දින, මොලයේ විදුලිමය ක්‍රියාකාරකම් හදුනාගතහැකි (Electroencephalography) යන්ත්‍රයට සම්බන්ධ කර ඇති හිස්වැස්මක් පැලඳ ගෙන රාඕ ඔහුගේ පර්යේෂණාගාරයේ සිටිය අතර මේ අවස්ථාවේදීම ස්ටෝකෝ විශ්ව විද්‍යාලයේ අනෙක් කෙළවර පිහිටි පර්යේෂණාගාරයේ දම්පාට පිහිණුම් හිස් ආවරණයක් පැලඳ සිටියේය. මෙම පිහිණුම් හිස් ආවරණය චුම්බක උත්තේජනය (Hans cranial magnetic stimulation) සඳහා උත්තේජන ලෙස සලකුණු කර තිබූ අතර එහි දඟර කොටස් (Wool) ඔහුගේ හිසෙහි වම් යාන්ත්‍රික (East mother carter) ප්‍ර‍දේශයට හරි ඉහලින් සවිකර තිබුනි. හිසෙහි මෙම ප්‍රදේශය අත් චලනයට සම්බන්ධව පර්යේෂණ කණ්ඩායම පරීක්‍ෂණාගාර දෙකඩ Skype මඟින් එකිනෙක සම්බන්ධ කර තිබුනේ රාඕට හෝ ස්ටොකෝට Skype තිර නොපෙනෙන ලෙසටයි. රාඕ තම මනසින් පරිගණක තිරයේ දිස්වන වීඩියෝ ක්‍රීඩාවක නිරත විය. ක්‍රීඩාවේ ඉලක්කයන්ට වෙඩි තැබීමේ අවස්ථාව උදා වූවිට ඔහු දකුණු අත චලනය කර (සත්‍ය ලෙස ඔහුගේ දකුණු අත චලනයෙන් වැලකී) User හා Fire බොත්තම ඔබා වෙඩි තබන අයුරු මනසින් ක්‍රියාත්මක කරන ලදී. ඒ මොහොතේදීම ශබ්දය නොඇසෙන තත් ආවරණය තත් පැළඳ පරිගණක තිරයෙන් නොතිබුණු ස්ථානයක සිටි ස්ටොකෝ ස්වයංක්‍රියාව තම දකුණු අතේ දබරඟිල්ල චලනය කර ඔහු ඉදිරියේ තිබූ යතුරු ලියනයේ Space bar එක ඔබන ලද්දේ ඉලක්කයට වෙඩි තබන අයුරුනි. ස්වයංක්‍රියව තම දකුණු අතේ සිදුවූ චලනය ස්නායු කිහිපයකට සමාන බව ස්ටොකෝ පසුව පැවසුවේය.

“ඔහුගේ මොළයෙන් කල මානසික ක්‍රියාකාරකම් වෙතත් මොළයට සම්ප්‍රේෂණය වී එමඟින් එම ක්‍රියාකාරකම ප්‍රායෝගිකව සිදුවීම ඉතා කුතුහලය දනවන්නක් බව ප්‍රකාශ කල රාඕ ” මෙය මගේ මොළයේ සිට ඔහුගේ මොළයට එක දිශාවකට තොරතුරු ගලායාම පමණක් වුවත් මී ලඟ පියවර මොළ දෙක අතර දෙදිශාවට සමතුලිතව හා සෘජුව සන්නිවේදනය කිරීම යැයිද දක්වයි.

මෙහිදී භාවිතා කර ඇති මොළයේ පිටපත් කිරීමේ හා උත්තේජනය කිරීමේ තාක්‍ෂණයන් ලොව පිළිගත් ප්‍රසිද්ධ තාක්‍ෂණයන් වේ. සායනවලදී ආක්‍රමණ නොවන ලෙස ශීර්ෂ චර්මය තුලින් මොලයේ ක්‍රියාකාරිත්වය පටිගත කිරීම සඳහා EEG යන්ත්‍රය දෛනිකව භාවිතා කරනු ලැබේ. Transuranic චුම්බක උත්තේජනය (TMS) යනු ආක්‍රමණික නොවන ලෙස මොළය උත්තේජනය කර එහි ප්‍රතිචාර ලබා ගන්නා ක්‍රමයකි. එය දඟරකොටස (Coil) හිසෙහි තබන ස්ථානය අනුව ප්‍රතිචාර වෙනස් වේ. මෙම පරීක්‍ෂණයේදී එය තබා ඇත්තේ පුද්ගලයාගේ දකුණු අත පාලනය මොළයේ කොටසට /ප්‍රදේශයට ඍජුව ඉහලිනි. එම කොටසේ නියුරෝන ක්‍රියාත්මක කරවීමෙන් ඇති වන උත්තේජනය නිසා මොළයේ දකුණු අත චලනය කිරීමට අවශ්‍ය බව වටහා ගනී.

පරිගණක විද්‍යාව හා ඉංජිනේරු උපාධි අපේක්‍ෂකයින් වන මැතිව් බ්‍රයන් බ්‍රයන් ජුනාඩි, ජෝසප් වූ හා ඇලෙන් ඩැගර් ජෛව්‍ය ඉංජිනේරු පශ්චාත් උපාධි අපේක්‍ෂක දේවි ශර්මා හා එක්ව ව්‍යාපෘතියට අදාල පර්ගණක කේත ලියා ඇත්තේ රාඕගේ මොළේ සංඥා ස්ටොක්ගේ මොළේට දැන්වීමක් දැන්වීමක් කරන ලෙසට පරිවර්තනය කරමිනි.

මොළය හා පරිගණක අන්තර් සම්බන්ධතාව දීර්ඝ කාලයක සිට සාකච්ඡාවට භාජනය වී ඇති බව එම විශ්ව විද්‍යාලයේ ඉගෙනීම හා මානසික විද්‍යා ආයතනයේ ආචාර්යවරයෙකු වන චාල්ටන් ප්‍රැටි මහතා පවසන අතර ස්ටොකොගේ පර්යේෂණ සහකාරියක් වන ඔහුගේ බිරිඳ “අපි මොළය සම්බන්ධ කලේ කිසිවෙකු කවදාවත් සම්පූර්ණයෙන් හදුනා නොගත් තවත් සංකීර්ණ පරිගණකයටයි. එය වනාහි මොළයයි” ලෙස අදහස් දක්වා ඇත.

මෙය සොයා ගැනීම අපට එකවර සිහිගන්වන්නේ අනෙක් විධි විද්‍යා ප්‍රබන්ධයයි. එහෙත් රාඕ උපේක්‍ෂාවෙන් සඳහන් කරන්නේ මෙම තාක්‍ෂණය භාවිතා කල පැත්තේ පුද්ගලයෙකුගේ මොළයෙන් නිකුත් වන සුවිශේෂ හා ඉතා සරල සංඥා සඳහා පමණක් බවයි. ඒවා පුද්ගලයින් සිතුවිලි නොවන සහ එමඟින් ඔබේ කැමැත්තෙන් තොරව ඔබේ ක්‍රියාකාරකම් පාලනය කිරීමට හැකි නොවන බවයි.

- පර්යේෂණයෙන් දෙදෙනාව පර්යේෂණාගාරයේ සුවිශේෂ ඇදුම්, උපකරණ හා පරිපූර්ණතාවය යටතේ සියළුම හා ඉතා සියුම් ජාත්‍යන්තර මානව සම්පත් පර්යේෂණ නීති රීති අනුගමනය කරමින් මෙම පරීක්‍ෂණ ක්‍රියාත්මක කරන ලදී.

- මෙම තාක්‍ෂණය අධිතක්සේරු කර සමහර මිනිසුන් කලබලයට පත් නොවුනු ඇතැයි තමා සිතන බව ස්ටොකේ ප්‍රකාශ කලේ “පුද්ගලයෙකුගේ කැමැත්ත සහ අනුදැනුම නොමැතිව ඔහුව යොදවා ගැනීමට මාර්ගයක් මෙම තාක්‍ෂණය නිසා කිසිසේත් ඇතිවෙන්නේ නැහැ” යනුවෙනි.

එහෙත් මෙම තාක්‍ෂණය ඉදිරි කාලයේදී වර්ධනය වී විවිධ ඵලදායී ක්‍රියාකාරකම් වලට භාවිතා කල හැකි වනු ඇත. උදා ගුවන් නියමුවන් ක්‍රියාකාරී වීමට නොහැකි වූ විට ගුවන් මගියෙකු/කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මඟින් ගුවන් යානය ආරක්‍ෂිතව ගොඩබෑමට, ආබාධිත පුද්ගලයෙකුට ඔහුගේ/ඇයගේ අවශ්‍යතාවය සන්නිවේදනය කිරීමට එනම් වතුර හෝ ආහාර ඉල්ලීමට තම මොළයේ සංඥා මඟින් වෙනත් අයෙකුට දැන ගැනීමට සැලැස්වීම. (ඔවුන් එකම භාෂාවක් කථා නොකලද)

මහාචාර්ය රාඕ සහ මහාචාර්ය ස්ටොකෝ ගේ මීලඟ බලාපොරොත්තුව, වඩා සංකීර්ණ මොලයේ සංඥා එක් මොලයකින් තව මොලයකට සම්ප්‍රේෂණයට අදාල පරීක්‍ෂණ කිරීමයි. එය සාර්ථක වුවහොත් වඩා විශාල විෂය ක්ෂේත්‍ර සඳහා පරීක්‍ෂණ ව්‍යාප්ත කිරීමට අපේක්‍ෂා කරයි.

මෙම පරීක්‍ෂණ සඳහා වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ Semsorimsto ස්නායු ඉංජිනේරු සඳහා ජාතික ඉංජිනේරු පදනමේ ඉංජිනේරු පර්යේෂණ මධ්‍යස්ථානය හා එක්සත් ජනපද හමුදා පර්යේෂණ කාර්යාලය මඟින් අරමුදල් සපයනු ලැබේ.

වාර්තා මූලාශ්‍රය‍ - වොෂින්ටන් විද්‍යාලය සැපයූ තොරතුරු මත ඉහත වාර්තාවේ මුල් කෘතිය ඩොෂී ඇම්ස්ට්‍රෙන්හා මයිකල් මා විසිනි.

மாரடைப்பை தடுக்கும் புது வித மருந்து கண்டுபிடிப்பு


ரத்தத்தில் கொழுப்பு சத்து அதிகரிப்பதால் மாரடைப்பு, பக்கவாதம் மற்றும் இருதய நோய்கள் ஏற்படுவதாக மருத்துவ நிபுணர்கள் தெரிவிக்கின்றனர்.
எனவே கொழுப்பு சத்துள்ள உணவு பொருட்களை குறைத்து கொள்ளும்படி வலியுறுத்துகின்றனர். இருந்தும் ரத்தத்தில் உள்ள கொழுப்பு சத்தை கட்டுப்படுத்த ஸ்டேடின்ஸ் என்ற ஊசி மருந்தை சிலர் தினந்தோறும் பயன்படுத்தி வருகின்றனர்.
இந்த மருந்தை இங்கிலாந்தில் மட்டும் 40 லட்சத்துக்கும் மேற்பட்டோர் பயன்படுத்தி வருகின்றனர். ஆனால் இது சரிவர செயல்படவில்லை. மேலும் சில பக்க விளைவுகளை எற்படுத்துவதாக கருதி அவற்றை பயன்படுத்துவதை நிறுத்தி வருகின்றனர்.
இதை தொடர்ந்து தற்போது புதிய ஊசி மருந்தை விஞ்ஞானிகள் கண்டுபிடித்துள்ளனர். அதற்கு மேஜிக் புல்லட் ஜேப் என பெயரிட்டுள்ளனர்.
இந்த ஊசி மருந்து ரத்தத்தில் கெடுதல் விளைவிக்கும் கொழுப்பு சத்தை குறைத்து நலமான வாழ்வுக்கு வழி வகுக்கிறது. இந்த மருந்தை மனிதர்களிடம் பயன்படுத்துவது குறித்து முதல் கட்ட சோதனை நடத்தப்பட்டது.
இதற்கான ஆய்வு 18 வயது முதல் 45 வயது வரையிலான 54 ஆண்கள் மற்றும் 2 பெண்களிடம் நடத்தப்பட்டது. அதில் நல்ல பலன் கிடைத்துள்ளது. இந்த சிகிச்சை ஏ.எம்.ஜி145 என பெயரிடப்பட்டுள்ளது. இது விரைவில் பயன்பாட்டுக்கு வரும் என எதிர்பார்க்கப்படுகிறது.
மூலம் (source): magic bullet jap for heart disease


September 18, 2013

දහනව වසරක් අධි ශීත ගැබේ සිට මෙලොවට ආ බිලිඳු පුතා

කෙලී බර්ක් සිය පුතු ලියම් ජේම්ස් සමඟ


ඇමරිකා එක්සත් ජනපදයේ වර්ජිනියා වල වාසය කරන කෙලී බර්ක් 45 හැවිරිදි නාසා ආයතනයේ සේවය කරන විද්‍යාඥවරියකි. ඇය මාස නවයක් වයසැති ලියම් ජේම්ස්ගේ මවයි. වෛද්‍ය විද්‍යාව දියුණු අද වගේ යුගයක වයස අවුරුදු හතලිස් පහේදී මවක් වීම පුදුමයට කරුණක් නොවේ. එසේනම් කුමක්ද මෙහි ඇති විශේෂත්වය? ඇය මෙම දරුවා බිහිකර ඇත්තේ අවුරුදු 19ක් එනම් 1994 දී අධිශීත කිරීම මඟින් කල්තබාගත් (cryopreserved embryo) කළලයක් තම ගර්භාෂය තුල තැන්පත් කිරීමෙන් වීමයි. මෙම කළලය ලොව වැඩිම කාලයක් අධිශීත කිරීම මඟින් කල්තබා ගැනීමේ දෙවන ස්ථානය හිමි කර ගෙන ඇත.

මවක වීමට දැඩි ආශාවකින් පසුවූ කෙලී බර්ක් වයස අවුරුදු 39යේ සිට ඒ සඳහා උත්සාහ දරා තිබිණි. මුලින්ම ස්වභාවික ගැබ් ගැනීමක් බලාපොරොත්තුවූ ඇය එය ඉටු නොවූ විට දායක ශුක‍්‍රාණු උපයෝගි කරගෙන කෘත‍්‍රිම සංසේචනය මඟින්ද ඒ සඳහා දැරූ උත්සහය අසාර්ථක විය. අවසානයේදි දරුවකු දරුකමට හදා ගැනිමට තීරණය කළ ඇය ඒ සඳහා නීතිඥවරයෙකුගේ සහය ලබා ගන්නා ලදී.

මෙහිදි ඇයට සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිශීත කිරීමෙන් කල්තබාගත් කළල හතරක් ප‍්‍රදානය කිරීමට කැමති ඇමරිකාවේ ඔරිගන් ප‍්‍රදේශයේ යුවලක් ගැන දැන ගැනීමට ලැබිණි. එම යුවලට IVF ක‍්‍රමයෙන් (In Vitro fertilization – දේහයෙන් බැහැරව කෙරෙන සංසේචනය) ගැබ තුල කළල තැන්පත් කිරීම මඟින් නිවුන් දරුවන් දෙදෙනකු ලැබී ඇත. එම දරුවන් දැන් 18 හැවිරිදි වියේ පසුවෙයි. මෙහිදී ඉතිරිවූ කළල 04ක් 1994 සිට අධිශීත කිරීම මඟින් කල්තබා ගෙන ඇත. ඊට අමතරව එම කළල වල තිබූ විශේෂත්වය වූයේ ඒවා ප‍්‍රදානය කර තිබුණේ, IVF ප‍්‍රතිකාර සඳහා මුදල් අවශ්‍ය වෙනත් තරුණ කාන්තාවක වීමයි. (ඒ වන විට ඔරිගන් කාන්තාව හතලිස් විය ඉක්මවා සිටි හෙයින්)

ඇමරිකා එක්සත් ජනපදයේ මෙසේ අධිශීත කළ කළල 500,000 පමණ මේ වන විට ඇති අතර එහෙත් ඒවා දානය කරන්නේ ඉතාමත් කලාතුරකිනි. ඇමරිකාවේ නීතිය අනුව එම කළල විකිණිය නොහැකි අතර ඒවා දරුකමට හදාගත යුතුය. ඒ සඳහා දරුවකු දරුකමට හදා ගැනීමේදි අනුගමනය කළ යුතු සම්පූර්ණ ක‍්‍රියාදාමයම අනුගමනය කළ යුතුවේ. කෙලී බර්ක් මේ සඳහා ඉතා උනන්දුවූ අතර එම කළල ලබා ගැනීම සඳහා අයදුම් කරන ලදී. ඉතා නොඉවසිලිමත්ව ගෙවූ මාස 05ක කාලයකට පසුව ඔරිගන් යුවල තම කළල ප‍්‍රදානය කිරීමට තෝරා ගත්තේ කෙලී බර්ක්වයි. සතුටින් පිනා ගිය ඇයට මාස ගණනාවක් පුරා හෝර්මෝන ආදි විවිධ ප‍්‍රතිකාර ක‍්‍රම මඟින් ගර්භාෂ බිත්ති ඝන කිරීම ඇතුළුව තම සිරුර ගර්භනීභාවය සඳහා සූදානම් කිරීමට සිදු විය.

ප‍්‍රවාහනයේදි කළල වලට සිදු විය හැකි හානිය අවම කිරීම සඳහා කෙලී බර්ක්ට එම කළල අධිශීත කර තැන්පත් කර ඇති සැන් ප‍්‍රැන්සිස්කෝ ප‍්‍රජනන විද්‍යා මධ්‍යස්ථානය (Reproductive Science Centre of the San Francisco Bay Area)වෙත යාමට සිදු විය. මෙසේ අධිශීත කළ කළලයක ජීවිභාවය රඳා පවතින්නේ ඒ සඳහා යොදා ගත් ඩිම්බ වල වයස මත වන අතර අදාල ඩිම්බ වයස අවුරුදු 35ට අඩු තරුණ කාන්තාවකගේ නම් ගැබ් ගැනීමේ සාර්ථකත්වය 65 ‍% දක්වාවේ. එබැවින් වෛද්‍යවරු කෙලී බර්ක්ට ප‍්‍රකාශ කර ඇත්තේ එම කළල ගර්භාෂය තුල තැන්පත් කිරීම සාර්ථක වීමේ සම්භාවිතාව 60 - 65 ‍% බවයි.

දින 02ක් වයසැති මෙම කළල අධිශීත කර වසර 19ක් පුරා පැවතුණු බැවින් ප‍්‍රථමයෙන් ඒවා අවශ්‍ය උෂ්ණත්වයට පත් කර රෝපණය කිරීම (culture) මඟින් දින 05ක් වයසැති කළල බවට වර්ධනය කිරීමට සිදු විය. එයට හේතුව වර්තමානයේදි ගර්භාෂය තුල තැන්පත් කරන්නේ දින 05ක් වයසැති කළල වීමයි. සියල්ලෝම පුදුමයට පත් කරමින් කළල 04ම මෙසේ වර්ධනය කර ගැනීමට හැකි විය. මෙයින් කළල 02ක් කෙලී බර්ක්ගේ ගර්භාෂය තුල තැන්පත් කරන ලදී. එහි ප‍්‍රතිඵලයක් ලෙස 2012 වසරේ නොවැම්බර් මාසයේදි ලියම් ජේම්ස් පුතු බිහි විය.

ඉතිරිව ඇති කළල 02ට කුමක් කරන්නේද යන්න කෙලී බර්ක් මෙතෙක් තීරණය කර නැත. වසර 05ක කාලයක් සඳහා මෙම කළල 02 ඇය සතු වන අතර ඉන්පසු ඒවා ඔරිගන් යුවලට නැවත භාර දිය යුතුවේ. තම පුතුගේ ජීව විද්‍යාත්මක දෙමව්පියන්වූ (biological parents) ඔරිගන් යුවලත්, ඔවුන්ගේ 18 හැවිරිදි නිවුන් දරුවන් දෙදෙනා සහ ලියම් අතර සබඳතාවය දිගටම පවත්වාගෙන යාමට දෙපාර්ශවයම එකඟවී ඇත. ඔවුනොවුන් ඡායාරූප හුවමාරු කර ගෙන ඇති අතර මෙතෙක් මුණ ගැසී නැත.

දරුවකු බිහි කිරීමට ආශාව ඇතත් එසේ කිරීමට නොහැකි වීමේ වේදනාව තමන් හොඳින් දන්නා බැවින් සිය අත්දැකීම් ලොවට ප‍්‍රකාශ කිරීම මඟින් තමාට අවශ්‍ය වූයේ එවැනි කාන්තාවන් දිරිගැන්වීම හා ඔවුන් තුල බලාපොරොත්තු ඇති කිරීම බව කෙලී බර්ක් ප‍්‍රකාශ කර ඇත.

වී.කේ. සිවපාලන් ( යාහූ නිව්ස් ඇසුරින්)


                                                                          




    

            

September 16, 2013

ඩිජිටල් ලෝකයේ පික්සල් අත ගා බැලීම

පරිගණක ඉතිහාසය පුරාවට අපි උත්සහ කළේ අප හා ඩිජිටල් තොරතුරු අතර ඇති පරතරය අඩු කිරීමටයි. භෞතික ලෝකය හා දර්ශණ තිරයේ දිස්වන ලෝකය අතර පරතරය මඟින් අපේ සිතුවිලි වලට දුරස්ථ වීමට සිදු වේ.මෙම පරතරය කෙටි වී, වඩාත් කෙටි වී දැන් ස්පර්ශ තිර (touch screen) වීදුරුවක ඝනකම වූ මිලිමීටරයකට අඩු ප්‍රමාණයකට කෙටි වී තිබේ. එලෙසම පරිගණක ශක්තිය සෑම කෙනෙකුටම පාහේ ළඟා කර ගත හැකිය. ළඳරුවාද පරිගණකය හඳුනයි. එහෙත් මා පුදුමයට පත් වූයේ මේ පරතරය සම්පූර්ණයෙන්ම නැති වුවහොත් කුමක් සිදු වේද කියායි. එය කෙසේ සිදුවේදැයි සිතීමට මට අවශ්‍ය විය.

පළමුව පෑනක් වැනි මෙම මෙවලම නිපදවන ලදි. එයට ඩිජිටල් අවකාශය තුළ විනිවිද යා හැක. එය දර්ශණ තිරයට තදින් තද කල විට එහි භෞතික ස්වරූපය pixel (පික්සල්) බවට පරිවර්තනය වේ. Pixel යනු සරලව දක්වතොත් රූපයක් සැදී තිබෙන තිත් වලට වඩා කුඩා වූ රූප කොටස් වල කුඩාම රූපයයි. නිර්මාණ කරුවන්ට ඔවුන්ගේ අදහස් ත්‍රිමාණ නිර්මාණයක් ලෙසට පරිවර්තනය කළ හැකිය. ශල්‍ය වෛද්‍යවරුන්ට සමට යටින් තිබෙන අතථ්‍ය ඉන්ද්‍රියන් හා පුහුණුවීමට හැකිවේ.

එනිසා මෙම මෙවලම මඟින් පෙර කී පරතරයේ සීමාව බිඳ දමා තිබේ. එහෙත් අපේ දෑත තවමත් දර්ශණ තලයට පිටතින් පවතී. යමක් අල්ලා ගැනීමේ හැකියාව ඇති අපේ දෑතින් මේ ඩිජිටල් තොරතුරු අල්ලාගෙන එහි බාහිර ස්වරූපය හඳුනාගනිමින් වෙනස් කරමින් ක්‍රියා කරන්නේ කෙසේද? (හුදෙක් ස්පර්ශ කිරීම පමණක් නොවේ) මයික්‍රොසොෆ්ට් ආයතනයේ ව්‍යවහාරික විද්‍යා අංශය හා මගේ උපදේශ සහයක (mentor) කැටී බෝවිලග් සමඟ මම පරිගණකය ප්‍රතිනිර්මාණය කළෙමු. දර්ශණ තිරයේ දිස්වන යතුරු පුවරුවට ඉහලින් පෙනෙන කුඩා ඉඩ ප්‍රමාණයක් තුල ඩිජිටල් වැඩපල (Digital Workplace) සකස් කරන ලද්දේ ඇඟිලි සහ මුහුණ සඳහා සංවේදී වන ලෙස විනිවිද පෙනෙන දර්ශණ තිර හා තීක්‍ෂණ කැමරා සම්බන්ධ කරමිනි.


දැන් යතුරු පුවරුවෙන් දෑත් ඉවතට ගෙන ත්‍රිමාණ අවකාශයේ ඇති pixel නිදහසේ දෑතින් අල්ලාගත හැකිය. සෑමවිටම පරිගණක කවුලු හා ලිපිගොනු සඳහා වෙන් වූ ස්ථානයක් ස්වාභාවික අවකාශයේ පවතින බැවින් ඒවා තෝරා ගැනීම පොත් රාක්කයකින් පොතක් තෝරා ගන්නා මෙන් පහසු කාර්යයකි. මෙම අතථ්‍ය ස්පර්ශ තල (virtual touch pad / සත්‍ය touch pad වල ත්‍රිමාණ ස්පර්ශක රූප) පහළින් ඇති ඕනෑම පාවෙන කවුළුවක ඇති පොත්, පිටු පෙරලන අතර ඒවායේ ඇති වදන්, පේලි වලට විශේෂ සලකුණු දෑතින් යෙදිය හැකිය. (වීඩියෝවේ දර්ශණ නරඹන්න) ගෘහ නිර්මාණ ශිල්පීන්ට තම දෑතින්ම ඔවුන්ගේ අතථ්‍ය ආකෘති (සත්‍ය ආකෘති වල, අල්ලා ගත හැකි ත්‍රිමාණ රූප ආකෘති) කරකවමින් හා සීරුමාරු කරමින් පහසුවෙන් නිර්මාණ බිහි කිරීමේ හැකියාව උදා වේ. එනම් සත්‍ය භෞතික ඝනකය (වස්තුව) දෑතින් අල්ලා වෙනස් කරන ආකාරයටම එම ඝනකයේ ත්‍රිමාණ රූපය දෑතින් අල්ලා වෙනස් කළ හැකිය. ඇත්ත වශයෙන් සිදුවනුයේ අතථ්‍ය වස්තුව හෙවත් දෑතට හසුවන ත්‍රිමාණ රූපය දෑතින් වෙනස් කිරීමයි. එහෙත් සත්‍ය භෞතික වස්තුව එතැන නොමැත. මෙම උදාහරණ මඟින් අප ඩිජිටල් ලෝකයට අවතීර්ණ වී සිටින බව පැහැදිලිය.

අප ඩිජිටල් තොරතුරු වලට ළඟාවෙනවා මෙන්ම ඩිජිටල් තොරතුරු අපට ළඟා වීමේ ප්‍රතික්‍රියාව සිදුවේද? අන්තර්ජාලයෙන් භාණ්ඩ මිළඳී ගැනීම හා ප්‍රතික්‍ෂේප කිරීම ගැන දැන් කලබල විය යුතු නැත. ජංගම දුරකථනයකින් අන්තර්ජාලය හරහා අන්තර්ජාලයේ ඇති දියුණු කල fit on room (ෆිටෝන් රූම්/ඇඳුම් ඇඳ බලන කාමරය)හිදී තමාගේ ශරීරයේ ප්‍රමාණයට ගැලපෙන අත්ඔරලෝසුවක් තෝරා ගන්නා අයුරු වීඩියෝවේ දර්ශණය වේ. එම සංකල්පය වර්ධනය කර මෙම pixel (කුඩාම රූපය) අප අවකාශයේ දැකීම, ස්පර්ශ කිරීම (touch system) ට අමතරව එය දෑතින් අල්ලා ගැනීමේ හැකියාව ලබා ගන්නේ කෙසේද? අල්ලා ගැනීම මඟින් pixel වඩාත් හොඳින් ශරීරයට දැනෙන ලෙස ග්‍රහණය කර ගත හැකිය. මගේ උපදේශක හිරෝෂි ඉෂි මගේ සහකරු රෙමි පොස්ට් සමඟ එක්ව අපි MIT මාධ්‍යය පරීක්‍ෂණයේදී මේ භෞතික කුඩාම රූපය (physical pixel) නිර්මාණය කළෙමු.

රූප රාමු වල ඇති කුඩා චුම්බක බෝලය (ගෝලාකාර වස්තු රූපය) මේ අවස්ථාවේදී අප අවකාශයේ ත්‍රිමාණ pixel ලෙස හැසිරේ. මිනිසා සහ පරිගණකය යන දෙකොටසම මෙම කුඩා ත්‍රිමාණ අවකාශය තුල එය නිදහසේ චලනය කල හැක. චුම්බක, යාන්ත්‍රික හා සංවේදීතාව පිළිබඳ තාක්‍ෂණයන් භාවිතා කිරීම සහ ගුරුත්වාකර්ෂණය ඉවත් කිරීම අප මෙහිදී සිදු කළෙමු. ඩිජිටල් වැඩසටහන් මඟින් වස්තුව (බෝලය)එය තදින් බැඳී තිබූ කාලය හා අවකාශය යන මාධ්‍යන් ගෙන් නිදහස් කරන ලදි. එනම් මානව ක්‍රියාකාරකම් පටිගත කර නැවත ත්‍රිමාණ රූපීව, ශබ්දය,ස්පර්ශය හා ඇල්ලීමට හැකි ලෙස ප්‍රතිවාදනය කිරීමේ සහ ස්ථිර ලෙස එම වීඩියෝව භෞතික අවකාශයේ ඉතිරි කිරීමේ හැකියාව දැන් අපට ඇති කර ගත හැකිය. උදාහරණලෙස

1. දුරස්ථ අධ්‍යාපනයෙන් නෘත්‍ය ශිල්පය,ශල්‍ය වෛද්‍ය විද්‍යාව භෞතිකව ඉගැන්වීම.


2. සුප්‍රසිද්ධ පැසි පන්දු ක්‍රීඩක මයිකල් ජෝර්ඩන්ගේ පැසි පන්දුව විදීමේ ක්‍රියාවලිය ඒ ආකාරයට භෞතික සත්‍ය ක්‍රියාවලියක් ලෙස නැවත නැවත ප්‍රතිගුණනය කිරීම. (ක්‍රියාවලිය පටිගත කර රූපය, ශබ්දය, ස්පර්ශය, ඇල්ලීමේ හැකියාව ඇති වීඩියෝවක් ලෙස අප ඉදිරියේ නැවත දර්ශණය කිරීම)

3. සිසුන්ට ග්‍රහලෝක චලනයේ, භෞතික විද්‍යාවේ සංකීර්ණ සංකල්ප ඉගෙනීමේ මෙවලමක් ලෙස භාවිතා කිරීම.

පරිගණක දර්ශණ තිර හෝ පෙළපොත් මෙන් නොව මෙය ඔබට ස්පර්ශ කළ හැකි ශරීරයට දැනෙන ලෙස අල්ලාගත හැකි රූප සහ හඬ සහිත බලවත් අත්දැකීමකි. පරිගණක තුල අන්තර්ගතය සම්බන්ධව වැඩසටහන් (Programming) සකස් කරන මෙන් සත්‍ය ලෝකයේ අන්තර්ගතය සඳහා වැඩසටහන් සකස් කිරීම දක්වා වර්ධනය විය හැකි මෙම ක්‍රියාව කුතුහලය දනවන්නකි.

අපගේ එදිනෙදා ක්‍රියාකාරකම් වෙනස් කල හැකි අයුරු මේස පන්දු ක්‍රීඩාව වෙනස් ලෙස ක්‍රීඩා කිරීම ස්පර්ශ කිරීමේ අල්ලා ගැනීමේ හැකියාව සහිත වීඩියෝවක් ලෙස ඉදිරිපත් කිරීම මඟින් පෙන්විය හැකිය. ඩිජිටල් තොරතුරු රූප රාමු (ශබ්දය සමඟ) ඉදිරිපත් කිරීම පමණක් නොව එය ඍජුව අප කෙරෙහි ක්‍රියාකිරීම ආරම්භ කර ඇත්තේ අප හා අපේ ලෝකය අතර ඇති සම්බන්ධතාව නොබිඳෙන සේ වූ අපගේ භෞතික වටපිටාවේ අංගයක් ලෙසයි.

“මෙම කථාව ආරම්භය සීමාවන් ගැනයි. එහෙත් අපි එම සීමා බිඳ දැමුවෙමු. අපට ඉතිරිව ඇති එකම සීමාව අපේ සිතුවිලි පමණි”

September 12, 2013

රොබෝ ඇසින් ලෝකය දකින මිනිසා

චිත්‍රපට නිෂ්පාදකයෙකු වන රොබ් ස්පෙන්ස් මහතාගේ ශරීරය දැන් ස්වභාවිකව චිත්‍රපට නිර්මාණය කරයි . වයස අවුරුදු 6 දී රොබ් ස්පෙන්ස් මහතාගේ දකුණු ඇස හදිසි අනතුරකදී වෙඩි වැදීමක් නිසා ශෛල්‍යකර්මයකින් සම්පූර්ණයෙන් ඉවත් කිරීමට සිදුවිය.අහිමි වූ ඇස වෙනුවෙන් තම බාහිර ස්වරූපය රැක ගැනීමට බොරු ඇසක් හෝ වෙනයම් ප්‍රතිකර්මයක් කිරීමේ සාමාන්‍ය ක්‍රමයෙන් බැහැරව කටයුතු කල ඔහු මෙම අභාග්‍ය සම්පන්න සිදුවීමෙන් තමාට අහිමි වූ සම්පත ඒ ආකාරයෙන්ම නොවූවත් ඵලදායී ලෙසනැවත ගොඩනගා ගැනීමට සමත් විය.

තමාට යාන්ත්‍රික සයිබර් ඇසක් (robotic cyber eye) සවිකර ගැනීමට අවශ්‍ය බව තම මිතුරන් හා ප්‍රහසයෙන් පැවසූ වාර්තා චිත්‍රපට නිර්මාණකරුවෙකු වූ රොබ් ස්පෙන්ස් අවසානයේදී සත්‍ය ලෙසම ඔහුගේ අහිමි වූ ඇසට ඉතා සියුම් කැමරාවක් ශෛල්‍යකර්මයකින් බද්ධ කරගන්නා ලදි. “ඇස
ක් අහිමි වූ බොහෝ අය බොහෝ සේ සලිත වුවත් මම අවම වශයෙන් මගේ අහිමි වූ ඇස වෙනුවෙන් කැමරාවක් සවි කර ගත්තා.එය මේ ලෝකේ සංකල්ප වලින් බැහැර වූ ඇස්බැන්දුමක් නොවේ” යැයි ඔහු ප්‍රකාශ කරයි.

දීර්ඝ කාලීන පර්යේෂණ සහ වෙහෙස මහන්සි වී ක්‍රියාකිරීමේ ප්‍රතිඵලයක් ලෙස සියුම් කැමරාවක් ඔහුගේ ඇසට බද්ධ කර ඇත්තේ එම කැමරාවට අසු වන රූපරාමු කිසිදු රැහැන් සම්බන්ධතාවයකින් තොරව (wireless) රූපවාහිණී, Hard disk, කැමරා වැනි උපකරණ වලට සම්ප්‍රේෂණය කර ගැනීමේ හැකියාව ඇති අයුරිණි . මෙමඟින් ඔහුට සුභවාදී බලාපොත්තු ඇතිවී තිබේ. ඔහුගේ යාන්ත්‍රික ඇස (Bionic eye) රහස් කැමරාවක් ලෙස ක්‍රියාකරයි.ඔහු නිදහසේ සිටිනවිටද පුදුමසහගතලෙස මෙම කැමරාව ක්‍රියාත්මකවේ.

මෙහි වැදගත්කම හඳුනාගත් චිත්‍රපටිකරුවන්ගෙන් හා මාධ්‍යවේදීන්ගෙන් ඔහුට විවිධ ඇරයුම් ලැබූ බව හා සත්‍ය යුධමය වාතාවරණයක් තුල යුධමය වාර්තා චිත්‍රපටියක් සෑදීමට සාමාන්‍ය වීඩියෝ කැමරාවක් භාවිතා කිරීම අපහසු බැවින් වරක් ඔහුට ඉරාක යුද්ධය පිළිබඳ වාර්තා චිත්‍රපටියක් නිෂ්පාදනයටද විශේෂ ආරාධනයක් ලැබුණු බව ඔහු ප්‍රකාශ කරයි. එහෙත් එම ආරාධනාව ප්‍රතික්‍ෂේප කල ඔහු ඒ වෙනුවට ලොව වටා සංචාරය කර මෙවැනි ශරීරයේ විවිධ අංග අහිමි වීම නිසා යාන්ත්‍රික ශරීරාංග බද්ධ කර ගත් අවස්ථා (cyborg) පිළිබඳ වාර්තා චිත්‍රපටියක් සකස් කර ඇත.

මෙලෙස යාන්ත්‍රික ශරීරාංග සහිත පුද්ගලයින්ගේ ශුර වීරකම් පිළිබඳ වීඩියෝ ක්‍රීඩාඅනාගතයට සම්බන්ධ විද්‍යා ප්‍රබන්ධ වුවත් රොබ් ස්පෙන්ස් මහතාගේ යාන්ත්‍රික ඇස හෙවත් වීඩියෝ ඇස(Bionic eye) වර්තමාතාණයේ පවතින්නකි.


උපුටාගැනීම: http://www.youtube.com/watch?v=_2qPWc32LS8

කථාකරන - සෙල්ලම් කරන පරිගණක පැටව්




විවිධ දේ අහුලමින් විසි කරමින් ක්‍රීඩා කල ඔබගේ කුඩා කාලය සිහි ගන්වන ලෙස ඉල්ලමින් මම මෙය ආරම්භ කිරීමට කැමැත්තෙමි. එමඟින් අවකාශයේ සම්බන්ධතා තේරුම් ගැනීමෙන් හා කළමනාකරණය කිරීමෙන් සිතීමට හා ගැටළු විසඳීමට ඔබ උගත්තේය. අප අවට ලෝකයේ බොහෝ දේවල් හඳුනා ගැනීමට මේ අවකාශ නිරීක්‍ෂණය ඉතා ගැඹුරින් සම්බන්ධය.

මගේ උපදේශක පැටී මහතා හා සහකරු ජීවන් කලන්ති මහතා සමඟ පරිගණක විද්‍යාඥයෙකු වූ මම භෞතික වස්තු හා අප අතර ඇති අන්තර් ක්‍රියාවන් නමැති උපයෝගීතාවයෙන් උද්යෝගිමත් වුනෙමු.ඒ අනුව පැතලි මේසයක් මත චලනය වන ඩිජිටල් ඇඟිලිතුඩක් වැනි මවුස් කර්සරය (mouse cursor)ලෙස මුළු පරිගණකයම යොදා ගැනීමට උත්සුක වුනු අතර තොරතුරු භෞතිකව අත්දෙකෙන් අල්ලා ගැනීමේ හා අපේ අවශ්‍යතා වලට අනුව සකස් කිරීමේ හැකියාව අපට ලබා ගතහැකි වේ නම් කුමක් විය හැකි දැයි සිතුවෙමි. මෙම ප්‍රශ්ණයේ බල ගැන්වීම නිසා එයට පිළිතුරක් ලෙස Sfitable (ස්ෆිටබල්) නිෂ්පාදනය එළි දැක්වීමට අපි තීරණය ක‍ළෙමු.

ඉතාම කෙටියෙන් දක්වතොත් Siftable යනු ප්‍රමාණයෙන් විස්කෝතුවක් තරම් කුඩා වූ අන්තර් ක්‍රියාකාරී පරිගණක වේ. Siftable අතින් චලනය කළ හැක.එකිනෙකා හඳුනයි.එකිනෙකාගේ ක්‍රියාකාරකම්ද හඳුනාගනියි.ඒවායේ දර්ශන තිර රැහැන් රහිත ගුවන් විදුලි (radio)ඇත.වඩාත් වැදගත් වන්නේ භෞතිකව බිල්ඩින්බ්ලොක් (Building Block)වැනි Siftable අතින් අල්ලා චලනය කළ හැකි වීමයි.ඩිජිටල් තොරතුරු කළමනාකරණයට හැකි නව පාරසරික ක්‍රමවේදයේ මෙවලමකට Siftable හොඳ උදාහරණයකි.

මෙම මෙවලම ඔවුන්ගේ චලනයන් හා එකිනෙක හඳුනන පහසු භාණ්ඩයකි.Siftable වලට අප කරන චලනයන් හඳුනාගෙන ඒවාට අනුකූල විනෝදකාමී බොහෝ අන්තර්ක්‍රියා ඉදිරිපත් කිරීමට Siftable වලට හැකියාව ඇත.Siftable හැසිරීම් වලින් කිහිපයක් මම ඔබට ඉදිරිපත් කරමි.

1. වීඩියෝ දර්ශණ ඉදිරිපත් කිරීම:-වීඩියෝදර්ශණ ඉදිරිපත් කල හැකි මෙම Siftable ඇල කල විට තිරයේ දර්ශණ වෙනස් වේ.අනෙක් දෙසට ඇල කල විට තිරයේ දර්ශණ පිටුපසට ගමන් කරයි.
එකිනෙකා හා ක්‍රීඩා කරන යහළුවන් වැනි මෙම Siftable එකිනෙක හඳුනයි.එක ළඟින් තැබූ විට ඒවා උද්යෝගිමත් වන අතර කිහිපයක් වටවූ විට කැලඹීමටද පත් වේ.මෙම අන්තර් ක්‍රියාවල එක් රසවත් යෙදුමක් ලෙස දත්ත සම්බන්ධයෙන් ගොඩනැගෙන එදිනෙදා ක්‍රියාකාරකමි සඳහා Sif
table උපයෝගී කර ගත හැකි බව අපට පසක් විය.

2. තීන්ත මිශ්‍ර කිරීම:-මෙම Sfitable තුන දෙස බලන්න.ඒවායේ එක් එක් වර්ණ ඇත. a නමැති Sfitable එක b නමැති Sfitable දෙසට ඇලකිරීම මඟින් a හි වර්ණ b වලට මිශ්‍ර වේ.යම් හෙයකින් වැඩි පුර a හි වර්ණ b ට එකතු වුනි නම් b Sfitableය,a Sfitable දෙසට ඇල කිරීමෙන් අමතර වර්ණ ප්‍රමාණය නැවත a ට ඇතුළු කල හැක.මේ ආකාරයෙන් වර්ණ මිශ්‍ර කර ඔබට අවශ්‍ය වර්ණ පහසුවෙන් සාදා ගැනීමට Sfitable උපකාරී වේ.

3. භාෂාව/ගණිතය ඉගෙනීම:-භාෂාව,ගණිතය හා ලඝු ක්‍රීඩා වැනි අධ්‍යාපනික වැඩසටහන් සඳහා Sfitable ඉතා නිවැරදිව යොදා ගත හැකිය.එමඟින් මිනිසුන්ට විවිධ දේ අත්හදා බලමින් ඒවායේ ප්‍රතිඵල ක්‍ෂණිකව නිරීක්‍ෂණය කළහැකි වීම විශේෂයකි.සරල ගණිත සමීකරණ Fibonacci සූත්‍රයට අනුව ඉතා පහසුවෙන් විසඳන අයුරු නරඹන්න.Sfitableභාවිතාකර වචන සකස් කිරීමේ අධ්‍යාපනික ක්‍රීඩාවක යෙදෙන අයුරුයි මේ.සෑම වටයකදීම සෑම Sfitable එකකටම අහඹු ලෙස ලද අකුරු ප්‍රදර්ශනය කරයි.මෙම අකුරු සහිත Sfitable එක ළඟ එක තැබූ විට ශබ්දකෝශයට අනුව නිවැරදි වචනය සාදයි.තත්පර 30 කටපසු නැවත ඒවා ස්වයංක්‍රීයව විවිධ අකුරු ප්‍රදර්ශනය කරති.එවිට ඔබට නව වචන සෑදීමට අවස්ථාව උදා වේ.

මේ අපේ පරීක්‍ෂණාගාරය නැරඹීමට ක්‍ෂේත්‍ර චාරිකාවක පැමිණි සිසු සිසුවියන් පිරිසකි.ඔවුන් මෙම අධ්‍යාපනික ක්‍රීඩා හා කුඩා වීඩියෝ දර්ශණ Sfitable වල පටිගත කර ඉතාමත් සතුටට පත් විය.මෙහි ඇති විශේෂත්වය නම් පහසු ලෙස මෙම විස්කෝතු වැනි පරිගණක හැසිරවීමට විශාල උපදෙස් ලබා දීම අනවශ්‍ය වීමයි.උදා “වචන සාදන්න”යයි කිවූ පමණින් ළමුන්ට ඒවා සමඟ එම ක්‍රියාවේ නියැලීම පහසු වේ.

4. ළඳරුවකු Sfitable භාවිතය :-අපේම කුඩාම අත් හදා බලන්නා වන මේ ළඳරුවා Sfitable සියල්ල නිවා දමා ඒවා එක මත එක තැබීමට තැත් කරයි.ඔහුට අනුව නම් Sfitable යනු බිල්ඩින් බ්ලොක් (Building Block) පමණක් වේ.

5. සජීවිකරණ කාටුන් නිර්මාණ :-Sfitable මඟින් කුඩා ළමුන්ට සජීවිකරණ කාටුන් නිර්මාණ සැකසිය හැක.අන්තර්ක්‍රියාකාරීව කටයුතු කරන පරිගණක යෙදුමක් වන මෙමඟින් භාෂාවන් ඉගැන්වීමේ විනෝදජනක සරල ක්‍රමයක් සකසා ඇත.මේ ෆිලික්ස් දරුවායි.ඔහුට නිවසේ රූපවාහිනී තිරයට විවිධ චරිත රැගෙන ඒමට කළ යුත්තේ මේසය මත තබා ඇති Sfitable එසවීම පමණි.මේ ඔහු රූපවාහිනී තිරයට හිරු ගෙන ඒමට Sfitable ඔස වන අයුරුයි (රූපවාහිනී තිරයෙහි හිරු නැගෙන අයුරු දිස්වෙන අතර “හිරු පායයි”ලෙස හඩ නැඟේ)ඔහු තිරයට ට්‍රැක්ටරයක් ගෙන එයි. Sfitable සෙලවීමෙන් එකිනෙක ළංකිරීම වැනි ක්‍රියා මඟින් රූපවාහිනී තිරයේ දිස්වූ චරිත (මෙහිදී හිරු,ට්‍රැක්ටරය) සජීවිකරණය වේ.ඔවුනට ආවේනික දෙබස්ද කිය වේ.ෆිලික්ස් Sfitable නැවත තැබීමෙන් ඔහුගේ කෙටි සජීවිකරණය වීඩියෝව නිමා කරයි. (රූපවාහිනිය “පූසා පියාඹා පිට වේ” යයි හඩ නගමින් රූප දක්වයි)

6. සජීවි සංගීතය සැකසීම:-ලැබී ඇති කාලය අනුව ඉදිරිපත් කරන අවසාන Sfitable යෙදුම නම් Sfitable මඟින් සංගීතය සැපයීමයි.මෙය සජීවි ඉදිරිපත් කිරීමේ මෙවලමක් ලෙස මෑතදී සකස් කල යෙදුමකි. මෙහිදී Sfitable ලීඩ් ගිටාරය,බේස් ගිටාරය හා ඩ්‍රම්ස් ලෙස ශබ්ද නගයි.දැනට මේ සෑම Sfitable එකකම ඊටා අනුරූප භාණ්ඩයේ සංගීත ඛාණ්ඩ 4ක් බැගින් ඇතුළු කර ඇත (උදා:- ලීඩ් ගිටාර Sfitable හි ලීඩ් ගිටාර් වාදන ඛාණ්ඩ 4 ක් ඇතුලත්ය)ඔබට අවශ්‍ය පිළිවෙලකට අවශ්‍ය වාදන සංගීත ඛාණ්ඩ අනුව Sfitable වලට ඇතුළු කල හැකි අතර Sfitable ඇලකිරීම මඟින් හඬ විවිධාකාරයෙන් පාලන කළ හැකිය.මෙමඟින් සජීවි සංගීත සැපයීමේ හැකියාවද ලැබේ.

“අපි එක ළඟ ඇති Sfitable දෙකකට ලීඩ් ගිටාර ශබ්ද ඇතුළු කර ඉදිරිපත් කිරීම ආරම්භ කරමු. ලීඩ් ගිටාරයේ ශබ්දය තව ටිකක් එකතු කරමු.(තීන්තමිශ්‍ර කල අයුරින්)දැන් මම එයට බේස් ශබ්දය එකතු කරමි.මේ ආකාරයෙන් විවිධ ශබ්ද ඇතුළු කිරීම,ෆිල්ටර් කිරීම මඟින් මට සජීවීව Sfitable උපදවන ශබ්ද පාලනය කර රසවත් සංගීතයක් සංගීත භාණ්ඩ වාදනයෙන් නොව Sfitable මඟින් සැපයිය හැකිය.ශබ්දය අඩු වැඩි කිරීමට හා කලින් සැලසුම් නොකර සංගීතය සැපයීමටද හැකියාව තිබේ.”

“මොලය හා ශරීරය එකට ක්‍රියා කරන ආකාරයට පරිගණකය හා මනුෂ්‍යයා එකට ක්‍රියා කිරීමේ විවිධ ක්‍රම නිර්මාණය කිරීම මගේ ආශාවයි.පරීක්‍ෂණාගාර වලදී අපි සොයා ගන්නා දැනුම මෙලෙස ප්‍රායෝගික ක්‍රියාත්මක කළ හැකි යෙදුමක් ලෙස අපි අද ඔබට ඉදිරිපත් කළෙමු.අපේ ලෝකයේ, අපේ අවශ්‍යතාවයන්ට අනුව ඩිජිටල් මාධ්‍යවල තොරතුරු සමඟඅන්තර් ක්‍රියා කළ හැකි නව පරම්පරාවේ මෙවලම් නිර්මාණ තාක්‍ෂණයේ අභිමුව අපි සිටිමු යන සිතුවිල්ල ඔබ අතර ඉතිරි කරමින් මම සමුගනිමි.”

උපුටාගැනීම:http://www.ted.com/talks/david_merrill_demos_siftables_the_smart_blocks.html