Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

December 7, 2018

දුරස්ථ සංවේදනය හෙවත් චන්ද්‍රිකා චායාරූප (Remote Sensing) 1


 
දුරස්ථ සංවේදනය හෙවත් චන්ද්‍රිකා චායාරූප  (Remote Sensing) 1

ග්‍රාමීය මිනිසාගේ හා ග්‍රාමීය සමාජයේ ගැටළු  විසදීමට,  නවීන තාක්ෂණය භාවිතයේදී අප කිසිවකුටත් දෙවන විය යුතු නැත. යන්න ඉන්දීය අභ්‍යවකාශ වැඩසටහනේ පියා ලෙස සැළකෙන වික්රම් සරභායි මහතා පවසා තිබේ.
 
 
 
 
 
 
 
 
 
 
 

1963 නොවැම්බර් 21 සිට ආරම්භ වු ඉන්දීය අභ්‍යවකාශ වැඩසටහන දශක 04 කාලයකදී තමන් සතු චන්ද්‍රිකා (Satelitte) පමණක් නොව චන්ද්‍රිකා ගුවන් ගත කරන යානාද(Launch Vehicle) තමන් සතු කර ගැනීමට ඔවුන් සමත්ව ඇත.

 


ඉන්දියානු අභ්‍යාවකාශ තොටුපොල ආන්ද්‍රා ප්‍රදේශ ප්‍රාන්තයේ නැගෙනහිර වෙර්ල තීරයේ පිහිටා ඇත.

 


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 දුරස්ථ සංවේදනය හෙවත් චන්ද්‍රිකා චායාරූප යනු පෘථිවියේ පරිසරය සහ එහි ස්වභාවික සහ සංස්කෘතිකමය තොරතුරු ගුවන් ජායාරූප හා චන්ද්‍රිකා ජායාරූප මගින් එකතු කිරීම හා සැකසීමයි. 1961 ලෝකයේ පළමු චන්ද්‍රිකාව ගුවන් ගත කල අතර එය ටීරෝස් -1 (Tiros - 1) නම් වන අතර එය වායුගෝලීය වෙනස්වීම් සටහන් කිරීමට යොදා ගන්නා ලදී.





චන්ද්‍රිකා ගමන් කරන කක්ෂ වර්ග දෙකක් ඇති අතර ඒවානම් ධ්‍රැවීය හා භූස්ථතික වේ. ධැවීය චන්ද්‍රිකා උත්තර ධ්‍රැවයේ සිට දක්ෂිණ ධ්‍රැවය කරා ගමන් කරන අතර මේවා යොදා ගනුයේ පෘථීවියේ නිරීක්ෂණ කටයුතු වෙනුවෙනි. භූස්ථතික චන්ද්‍රිකා යොදා ගනුයේ සන්නිවේදන කටයුතු වෙනුවෙනි.
 
චන්ද්‍රිකා ජායාරූප ලබා ගන්නා ක්‍රමවේදය වනුයේ වස්තූන් මතට වැටෙන සූර්යාලෝකය චන්ද්‍රිකාවේ ඇස මගින් ග්‍රහණය කරගෙන පෘථිවියේ ඇති ග්‍රාහක මධ්‍යස්ථාන වෙත එවීමෙන් පසු ඒවා පරිගණක මගින් නැවත සැකසීමෙනි.

තුෂංග හේරත්
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
හාලිඇල