December 28, 2018

M.S.G.


Image result for monosodium glutamateMonosodium Glutamate නැමැති රසායනිකය වඩාත් ප්‍රචලිතව ඇත්තේ MSG නැමැති කෙටි නාමයෙනි. මෙය මුලින්ම කෘතිමව නිෂ්පාදනය කරන ලද්දේ ජපානයේය.
මෙම රසායනිකය නිසා බරපතල සෞඛ්‍ය ගැටලු උද්ගත වන බව තහවරු කෙරෙන පර්යේෂණ ගණනාවක් සිදු කර ඇත. මෙය පරිභෝජනය නිසා මොළයේ , ස්නායු පද්ධතියේ හා හෘදය වස්තුවේ අබාධ , ස්ථුලභාවය  , අක්ෂි හා ශ්‍රවණ දුර්වලතා , හිසරදසය, ආතතිය, හිරිගතිය , දැවිල්ල, ඔක්කාරය, හෘදගැස්ම ඉහළ යෑම, නිදිමත , ශාරිරික අඩපණකම ආදිය ඇති වෙයි.
ප්‍රෝටීන් වලින් තොර කෘතිම ග්ලුටමේට් ශරීරගතවූ විට සිරුරේ ඇති ඇමයිනෝ අම්ල සමග සම්බන්ධයක්  ඇති නොවේ. මේ නිසා ජීරණ ක්‍රියාවලිය නියමිත පරිදි සිදු නොවන අතර රුධිරයේ කෘතිම ග්ලුටමික් අම්ල  ප්‍රතිශතය ඉහළ ගොස් විෂ සහිත තත්වයක් හට ගනී.
හෘදය වස්තුවේ මාංශ පේශිවල හා ඊට සම්බන්ධ විද්‍යුත් ජාලයේ පිහිටා ඇති ග්ලුටමේට් ග්‍රාහකවලට M.S.G. වලින් සිදුවන බලපෑම නිසා ඉතා බරපතල විපාක අත්විදින්නට සිදුවේ.
M.S.G. පමණක් නොව සෝයා ප්‍රෝටීන් , සුවදකාරක හා   සෝඩියම්හි       රසායනික විෂ නිසා ග්ලුටමේට් ග්‍රාහක අධි උත්තේජනය වී හෘදයාබාධ ඇති විය හැකියි.
1. එමෙන්ම M.S.G. දරුපල නොලැබීමටද ප්‍රබල හේතුවකි. M.S.G. නිසා ශ්‍රකාණු ප්‍රමාණය අඩුවෙනවා මෙන්ම එයට ඩිම්බයට ළගා වීමට ඇති හැකියාවද අඩුවේ. ඩිම්බයේ පිටත බිත්තියේ ඇති ග්ලුටමේට් ග්‍රාහක උත්තේජනය විම නිසා ඩිම්බවලට හානි සිදුවේ.
02. M.S.G. වල බපලෑම අවම කිරීමට ඇති එකම විකල්පය හැකිතාක් තද කොළ පැහැති එලවළු ආහාරයට ගැනිමයි. ඒවායේ ඇති ප්‍රතිඔක්සිකාරක M.S.G. වලින් සිදුවන හානිය නිෂ්ක්‍රීය කරන අතර අධිකව ඇති මැග්නීසියම් විසින් ග්ලුටමේට් ග්‍රාහක උත්තේජනයෙන් සිදුවිය හැකි හානි වළක්වයි.
3. මෙම රසකාරක හා සුවදකාරක මාරයන්ගෙන් බෙීරීමට ඉතා අසීරුය. මන්දයත් අනුමත ලේබල්වල එන බොහෝ රසකාරක හා සුවදකාරක ඉතා විෂකුරුය. බොහෝවිට ඒවායේ නිෂ්පාදකයෝද
 ඇත්ත නොදනිති.
4. මෙයින් බේරීමට ඇති එකම විකල්පය මේ පිළිබදව දැනුවත්වී මේවා අඩංගු ආහාර පරිභෝජනයෙන් වැළකීමයි. අනාගත පරම්පරාවේ නාමයෙන් මේ ද්‍රව්‍ය නොමැතිව ආහාර නිෂ්පාදනය කිරීම ආහාර නිෂ්පාදකයන්ගේ වගකීමයි.
අමිලා ආර්.ගලප්පත්ති- විද්‍යා හා තාක්ෂණ නිළධාරි- හික්කඩුව

0 comments:

Post a Comment