Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

January 30, 2015

අරුම පුදුම වායු කුඩයක් - Air Umbrella

කුඩය වැහි කාලෙට අපිට නැතුවම බැරි දෙයක් වුනත්, වර්ෂාවෙන් පසු තෙත කුඩයක් රැගෙන යාම ඉතා කරදර වැඩක්.   ඒ වගේම තදින් සුළං හමන වෙලාවට  කුඩය ඉහලගෙන යාමට විශාල වෙහෙසක් දරන්නත් සිදුවෙනවා.  සාමාන්‍යෙයන් කුඩයකට අත්‍යාවශ්‍යම කොටසක් ලෙස  කුඩ රෙද්ද තිබිය යුතු ලෙසයි අප සිතන්නේ. චීන සරසවි සිසුන් පිරිසක් අපූරු කුඩයක් නිර්මාණය කරන්න සමත් වෙලා තියෙනවා.
මේ ඡායාරූයේ පෙන්වන්නේ ඒ අලුත් කුඩය තමයි. බැලූ බැල්මට නම් මේ අපිට හුරු පුරුදු කුඩයක් නෙමෙයි. මේ කුඩේ බොහොම වෙනස් කුඩයක්. සාමාන්‍යයෙන් කුඩයේ අත්‍යාවශ්‍යම කොටසක් වන කුඩ රෙද්ද මේ කුඩයට නැහැ. මේ කුඩය ඔබව වැස්සෙන් ආරක්‍ෂා කර ගන්නේ බොහොම අපූරු තාක්ෂණයකින්.
  
කුඩයේ ඉහලින්  ෆෑන් එකක්/විදුලි පංකාවක් සහිත ගෙඩියක් වැනි කොටසක්  තිබෙන අතර  විදුලි පංකාවෙහි ඇති කවුළු වගේ පෙනෙන ස්ථානවලින් ඉතා වේගවත්  වායු ධාරාවක් පිටතට නිකුත් කරනු ලබනවා. මේ වායු මගින් වැටෙන වැසි බින්දු ඉවතට තල්ලුකිරිම සිදු කරනු ලබන බැවින්   කුඩය යට ඉන්න  පුද්ගලයා වැස්සට තෙමෙන්නේ නැහැ.  පහත  ඡායාරූපයේ පෙන්වන්නේ වැසි බින්දු ඉවතට තල්ලු කරන ආකාරය.
මේ සදහා   බලය සපයන්නේ කුඩ මිටේ තියෙන බැටරි වලින්. බැටරි වල ආයු කාලය විනාඩි 15ත් 30ත් අතර වෙනවා. ඉදිරියේදී බැටරි ආයු කාලය තව වැඩි කරන්න මෙහි නිර්මාපකයින් සැලසුම් සකස් කර ඇති බව සඳහන් වෙනවා. තවමත් මෙම කුඩය වෙළඳපොලේ මිලදී ගත නොහැකි වුනත් අපට ඇනවුම් කරන්න පුළුවන්. 2015 දෙසැම්බර් මාසයේ සිට මෙම ඇනවුම් වලට කුඩ ලබා දීමට මෙහි නිෂ්පාදකයින් සුදානම්.

 

January 27, 2015

දියවැඩියාව පරදවන්නට නම්

දියවැඩියාව යනු රුධිරයේ සීනි වැඩිවීමයි. රුධිර සීනි මට්ටම පාලනය කරනු ලබන්නේ අග්න්‍යාශයේ නිපදවන ඉන්සියුලීන් හොමෝනය මගිනි. ඉන්සියුලීන් හෝමෝනයේ ඌණතාවය නිසා හෝ ඉන්සියුලීන් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය මදිකම නිසා දියවැඩියා තත්වය ඇති වේ.
 දියවැඩියා රෝගය පාලනයට රෝගියාගේ කැපවීම අත්‍යාවශ්‍ය වේ. දියවැඩියා රෝගී තත්වය නිට්ටාවට සුව කල නොහැක. නමුත් මනා රුධිර සීනි පාලනය මගින් දියවැඩියා රෝගීන්ටත් සාමාන්‍ය දිවි පෙවතක් ගත කළ හැක. දියවැඩියාව ඇති රෝගියකුට සෑම අවස්ථාවේදීම අසනීප තත්වයක් ශරීරයට නොදැනුනද රුධිර සීනි පාලනය නොකලහොත් විනාශකාරී සංකුලතා ඉක්මණින් ඇති විය හැක. එනම් වකුගඩු රෝග, පෙනීමේ දුබලතාවය, සහ ලිංගික අප්‍රාණිකත්වය, ක්ලාන්තය ආදී රෝගී ලක්ෂණ වේ.
දියවැඩියා රෝගයට බලපාන හේතු
  1. ආරය
  2. මානසික ආතතිය
  3. තරබාරුකම
  4. අධික ආහාර අනුභවය හා ව්‍යායාම අඩු වීම
  5. ගර්භනී කාලයේ දියවැඩියාව ඇති වු මව්වරුන්
  6. උපත් බර අඩු දරුවන්
 දියවැඩියා රෝග ලක්ෂණ
  1. පිපාසය
  2. නිතර නිතර ඇති වන කුසගින්න
  3. තොල කට වියළීම
  4. රාත්‍රී නින්දෙන් අවදි වී මුත්‍රා පහ කිරීම හා මුත්‍රා කරන වාර ගණන වැඩි වීම
  5. ශරීරයේ බර කෙටි කාලයකදී අඩු වීම
  6. තෙහෙට්ටු ගතිය
රෝග විනිශ්චය පරීක්ෂණ
        1.  නිරාහාර රුධිර පරීක්ෂාව (Fasting Blood Suger )
                        එනම් රාත්‍රී කාලයේ පැය 12 ක කාලයක් නිරාහාරව සිට රුධිරය පරීක්ෂා කීරීම
                        සාමාන්‍ය අගය 65 – 105 dl/mg
         2.  ආහාර ගෙන පැය දෙකකට පසු රුධිර සීනි මට්ටම පරීක්ෂාව (Post Parandial Blood Suger )            සාමාන්‍ය අගය 140 dl/mg
          3.  GTT (Glucose Tollerace Test)ග්ලුකෝස් දැරීමේ හැකියාව පරීක්ෂා කිරීම

දියවැඩියා රෝග විනිශ්චය කිරීමේ රුධිර සීනි මට්ටම

නිරාහාර රුධිර සීනි මට්ටම්
ආහාර ගෙන පැය දෙකකට පසු
සාමාන්‍ය
100 mg/dl අඩු
126 mg/dl අඩු
පුර්ව දියවැඩියා තත්වය
100 mg/dl වැඩි
126 -  200 mg/dl අතර
100 - 126 mg/dl
140 mg/dl
දියවැඩියා තත්වය
126 mg/dl වැඩි
200 mg/dl හෝ වැඩි

 ගර්භණී තත්වයේ ඇති වන දියවැඩියාව
ගර්භණී අවස්ථාවේ දී දියවැඩියාව ඇති වු අයටද ඉදිරි වසර 10 – 20 අතර වාරයේ දෙවැනි ඛාණ්ඩයේ දිවැඩියාව ඇතිවීමේ අවදානමක් ඇත. ගර්භණී මව්වරුන් 5% - 10%  ත් අතර ප්‍රමාණයක් දෙවැනි ඛාණ්ඩයේ දියවැඩියා රෝගීන් බවට පත්වීමේ අවදානමක් ඇත. එම අවධියේ දිවවැඩියාව ඇති මව්වරුන්ට බිහිවන දරුවන් , 15% - 25% අතර පළමු ඛාණ්ඩයේ දියවැඩියාව සෑදීමේ අවදාමක් ඇති අතර ගබ්සා වීමේ අවදානම හා උපදින දරුවන් විකලාංග වීමේ අවදානමද ඇත.

 ගර්භණී අවස්ථාවේදී රුධිර ප්‍රමාණයන්(රෝග විනිශ්චය පරීක්ෂණ)
           1. නිරාහාර රුධිර පරීක්ෂාව (Fasting Blood Suger )
                                    92 mg/dl
            2. ආහාර ගෙන පැයකට පසුව
                                    180 mg/dl
           3. ආහාර ගෙන පැය 2 කට පසුව
                                    153 mg/dl

ගර්භණී අවස්ථාවේදී දියවැඩියාව ඇත්දැයි පරික්ෂා කළයුතු මව්වරුන් වන්නේ
(පලමු පුර්ව සායනයේදී මෙම පරීක්ෂාවන් කල යුතුය.)
  1.  ස්ථුල ශරීරය ඇති අය
  2. පෙර අවස්ථාවලදී ගබ්සාවලට ලක් වු අය
  3. ගර්භණී අවස්ථාවේදී, පෙර දියවැඩියාවෙන් පෙලුනු අය
  4. වැඩි උපත් බර සහිත දරුවන් ඇති මව්වරුන්
  5.  දියවැඩියා ඉතිහාසක් ඇති මව්වරුන්
තුෂංග හේරත්
විද්‍යා හා තාක්ෂණ නිළධාරී
හාලිඇල

දේශගුණික විපර්යාස අවම කරන ඕසෝන් ස්ථරය

O3 ඕසෝන් ස්ථරය ක්ෂය වීම සහ දේශගුණික විපර්යාස එකිනෙකට වෙනස් වු
පාරිසරික ගැටළු ලෙස ‍මෙයට දශක කිහිපයකට පෙර සැලකිණි. නමුත් දේශගුණික විපර්යාස පිළිබද අවධානය සහ දැනුම ප්‍රවර්ධනයත් සමගම මෙම පාරිසරක තත්වයන් දෙක අතර අන්තර් සම්බන්ධතාවයන් පවතින බව පැහැදිලි විය.
ඕසෝන් ක්ෂයකාරක ද්‍රව්‍ය ලෙස සැලකෙන හැලජනීකෘත හයිඩ්‍රොකාබන් (CFC, HCFC, CCl4, MeBr) ප්‍රභල හරිතාගාර වායු ලෙස සැලකෙන ඒවා මගින් ගෝලීය උණුසුම වැඩි කරයි. ඕසෝන් ක්ෂයකාරක ද්‍රව්‍ය සහ හරිතාගාර වායුන් සුර්යයාගෙන් පොළොවට පතිත වන කිරණ නැවත පරාවර්තනය වීමේ ක්‍රියාවලිය වෙනස් කරයි. මෙමගින් ගෝලීය උණුසුම වඩ වඩාත් වැඩි වන අතර ස්ථර ගෝලයේ පැවතිය යුතු උණුසුම අඩු කරයි. මෙම ක්‍රියාවලිය හේතුවෙන් ස්ථර ගෝලය සිසිල් වීමෙන් ධ්‍රැව ස්ථර ගෝලීය වලාකුළු (Polat Stratospheric Clouds) නිර්මාණය වේ. මෙය ප්‍රධාන වශයෙන් ධ්‍රැවයන් ආශ්‍රිතව ඕසෝන් සිදුරු ඇති වීමටත් එහි විශාලත්වය වැඩි වීමටත් බලපායි.
ඕසෝන් ක්ෂයකාරක ද්‍රව්‍ය මගින් ඇති කරනු ලබන ගෝලීය උණුසුම අප අවට වායුගෝලයේද වායු චලනයන් වෙනස්කම් වලට භාජනය කරමින් අප බලාපොරොත්තු නොවන දේශගුණික සහ කාළගුණික විපර්යාස සිදු කරයි.
ඕසෝන් ස්ථරය ක්ෂය වීම නිසා අහිතකර පාරජම්බූල කිරණ පෘථිවිය මත වැටීමෙන් සාගරයෙහි වර්ධනය වන ඇල්ගී වර්ග විනාශයට පත් වේ. සාගර ඇල්ගී පරිසරයේ CO2 තුලනය කිරීමේ ප්‍රධාන සාධකයක් වන අතර මෙම ඇල්ගී විනාශ වීමෙන් වායුගෝලයේ CO2 ප්‍රතිශතය ඉහල යයි.
තවද අහිතකර පාරජම්බුල කිරණයන්ට අනාවරණය වීමෙන්  විවිධ ශාක වර්ගයන්ගේ වර්ධනය හීන වේ. පරිසරයේ CO2 තුලනයට ශාක අත්‍යාවශ්‍ය වේ. එනම් ප්‍රභාසංස්ලේශණය සදහා CO2 ශාක මගින් අවශෝෂණය කර ගන්නා නිසා වෙනි.
මෙම පාරිසරික තත්වයන් අතර සබදතාවය අවබෝධ කර ගෙන ඕසෝන් ස්ථරය විනාශ වීම ගෝලීය උණුසුම හා දේශගුණය කෙරෙහි බලපාන අයුරු අවබෝධය මගින් අවම කර ගත හැක.
 තුෂංග ෙහ්රත්
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
හාලිඅැල

යථාර්ථවාදී සජිවිකරණයන්

ඩිස්නි වඩාත් ප්‍රසිද්ධ වුයේ ඔවුන්ගේ ඇස් ලොකු කුමරියන් සඳහාය. නමුත් දැන් එහි පර්යේෂකයන් ඊටත් වඩා යථාර්ථවාදීව ඇස සජිවිකරණය කිරීමට ක්‍රමයක් නිර්මාණය කර ඇත. පසුගිය සතියේ පැවති සාකච්ඡාවකදී ඩිස්නි හා ETH සූරිච් හි සේවයේ නියුතු පරිගණක රූප නිර්මාණ විද්‍යාඥයන්, 3-D හි ඇස නිවැරදිව රූපමය ලෙස ප්‍රතිනිෂ්පාදනය කළ හැකි ක්‍රමයක්‌ සංවර්ධනය කල බව නිවේදනය කරන ලදි.

 “රුපිත ඇස් සාමාන්‍යයෙන් පසුබිම් චරිත සඳහා ප්‍රමාණවත් විය හැකි නමුත් රණවිරුවන් හා අනෙකුත් ප්‍රමුඛ පෙළේ චරිත සඳහා යථාර්ථවාදී ඇස් නිර්මාණය කිරීමට දැන් සැලකිය යුතු උත්සාහයක් ගත යුතු.”යැයි සූරිච් ඩිස්නි පර්යේෂණ ආයතනය හා ETH සූරිච් හි ආචාර්ය උපාධි අපේක්ෂකයකු වූ පරිගණක රූප නිර්මාණක පැස්කල් බේරාඩ් මාධ්‍යයට පවසයි ."අපගේ ප්‍රතිසංස්කරණ තාක්ෂණය මගින් ඒ සදහා බෙහෙවින් වැය වූ කාලය අඩු කිරීමට සහ ඇසේ යථාර්ථවාදය වැඩි කිරිමට උපකාර වේ”.යැයි තවදුරටත් ප්‍රකාශ කරතිබේ.

ඇස රූපගත කර ගැනීමේ ක්‍රියාවලිය සදහා විනාඩි 20 ගත වන අතර ඒ වෙනුවෙන් ආරක්‍ෂිත අවරණයකින් හිස ආවරණය කර ගත් නිළියක් බිම වැතිරී සිටිය යුතුය. විදුලි පහන් එළිය අඩු ,වැඩි කරමින් කැමරා කිහපයකින්ම ඇස  රූ ගත කල යුතුය. විදුලි එළිය වැඩි හා අඩු කිරීමෙන් ඇසේ බබාගේ විස්තාරණය සහ ඇසේ වර්ණවත් කොටසේ (තාරාමණ්ඩලය /iris) විරූපණය වල වෙනස් වීම් සිදුවේ.මෙම වෙනස්වීම් සමග  සුදු ඉංගිරියාවේ හැඩය සහ වර්ණක හා sclera (ඇසේ සුදු කොටස)සුවිසේ සි  බවද රූ ගත කෙරේ .

සජිවිකරණයන් වඩාත් යථාර්ථවාදී කිරීමට අමතරව, මෙම තාක්ෂණය චිත්‍රපට හෝ වීඩියෝ ක්‍රීඩාවල භාවිතය සඳහා නළුවන්ගේ සජීවිකරණ අනුපිටපත් නිර්මාණය කිරීම සඳහාද භාවිතා කල හැකිය.
ඇස ග්‍රහණ තාක්ෂණය, කෙස් වැනි අනෙකුත් දේ යථාර්ථවාදිව සජීවීකරණ ය සදහා වූ උත්සාහයක ප්‍රතිපලයකි.එහෙත් මෙම නිර්මාණ ඉතාමත් ඉහල තත්වයෙන් නැරබීමට හැකි වේ යැයි තවම බලාපොරොත්තු විය නොහැක. ඇහැ නිශ්චලව ඇති විට ඇහේ බබාගේ චලනයන් නිවැරදිව පටිගත කිරීමට පර්යේෂකයන් සමත් වී නැත. ඇස් ඉදිරියෙහි  අනෙක් අවයව වල වෙනස් වීම් රූ ගත කිරීම වඩාත් සංකීර්ණ වන අතර, කතුවරුන් ඔවුන්ගේ එම  වැඩ කටයුතු "ආකර්ෂණීය අනාගත වියාප්තියක්" ලෙස සලකයි.

උපුටාගැනීම :
HOW DISNEY MAKES REALISTIC EYE ANIMATIONS by M.B.Gribbs

https://www.youtube.com/watch?v=v3X5OmHXa4c

January 23, 2015

ජංගම දුරකථන හා සෞඛ්‍යය

ජංගම දුරකථන දැළි පිහියෙන් දරුවාගේ බෙල්ල කැපෙන්නට පෙර.ද වන විට ලංකාවේ බොහෝ පාසැල් දරුවන් අතට දෙමාපියන් විසින් ජංගම දුරකථන අරන් දී ඇත. පවතින කාර්ය බහුල සමාජ රටාව තුළ, දරුවා සමග අත්‍යාවශ්‍යය සංනිවේදනයක යෙදීමේ පහසුව පිළිබදව සිතා ජංගම දුරකථන දරුවන්ට අරන් දෙනවා විය හැකිය. කෙසේ වෙතත් දරුවන්ගේ පැත්තෙන් බැලු විට ජංගම දුරකථන වලට දරුවන් ලොල් වීමට වෙනත් හේතුන් ඇත. ඒ , ඒවායේ ඇති නවීන පහසුකම් නිසාය. “ත්‍රී.ජී”, “වීඩියෝ”,වැප්”, ගේම්, ඇන්ඩ්‍රොයිඩ් වැනි නවීන පහසුකම් දරුවන් ගිණි දැල්ලට කදෝපැණියන් සේ ආකර්ෂණය කිරීමට සමත්ය. කවුරුත් දන්නා පරිදි අද පාසැල් සිසුන් පමණක් නොව, තලත්තෑනි උදවිය පවා නන්නත්තාර කර, විනාශයට පත් කරවන මෙවලමක් බවට මෙම උපාංගය පත් වී ඇත.
කෙසේ වෙතත් පැසැල් දරුවන්ට මෙම දුරකථන ලබා දිය යුත්තේ දෙමාපියන් විසිනි. දරුවන් කොහොමටත් කුතුහලයෙන් පිරි, ගවේෂණය කරන, අත්හදා බලන වයසේ පසු වන අය බැවින්, තම දරුවා රැක ගනිමින්, ජංගම දුරකථනයක් අරන් දීමේ දෙමාපියන්ගේ පැත්තන් වන උවමණාවන් සාධනය වන අයුරින් ක්‍රියා කිරීමට ප්‍රවේෂම් විය යුතුය. ඒ නිසා තම දරුවාට ජංගම ‍දුරකථනයන් අරන් දීමට පෙර, පහත සදහන් කරුණු පිළිබදව නුවණින් සිතා බලන මෙන් දෙමාපියන්ට ආයාචනා කරමි.

දරුවන්ගේ සෞඛ්‍ය බරපතල අනතුරක.
ලංකාවේ කුඩා දරුවන්ට පවා ජංගම දුරකථන රිසිසේ පරිහරණය කරන්නට ඇතැම් දෙමාපියන් ඉඩදී ඇතත්, බොහෝ රටවල් ළමුන් සහ නව යෞවන වයසේ අයට (ඔවුන්ගේ සෞඛ්‍යට වන අහිතකර බලපෑම් නිසාවෙන්) ජංගම දුරකථන භාවිතා කිරීම තහනම් කර ඇත. උදා. අපේ අසල්වැසි ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත රජයද වයස අවු 16 ට අඩු අයට ජංගම දුරකථන භාවිතා කිරීම නොබෝදා තහනම් කරන ලදී.
ජංගම දුරකථන වලින් හා රැහැන් රහිත අන්තර්ජාල සම්බන්ධතා සහ වෙනත් රැහැන් රහිත උපාංග හා විදුලි උපකරණවලින් (Remote Control)  විමෝචනය කෙරෙන ක්ෂ්‍රද්‍ර තරංග වලට හානිකර ලෙස නිරාවරණය වීම, එක් අතකට ළමා වියේ ඇති වන ලියුකීමියා රෝග තත්වයට ළමයින් යොදුරු වීමට පවතින අවදානමද ඉහළ යන බව තවත් පර්යේෂණයකින් සොයා ගෙන ඇත.
නිතර ජංගම දුරකථන, වයිෆයි පරිගණක, මියුසික් ගේමින් උපකරණ වැනි, විද්‍යුත් චුම්භක විකිරණ විමෝචනය කරනු ලබන උපාංග හා උපකරණ සමග වැඩි කාලයක් ගත කරන නූතන තරුණ පරපුර, විද්‍යාඥයින් විසින් හදුන්වන්නේ, “එක්ස් - රේ” පරපුර ලෙසය. (X – ray genaration) ස්වීඩන් විද්‍යාඥයින් පිරිසක් මෑතකදී අනාවරණය කළේ, ජංගම දුරකථන හා පරිගණක උපාංග වලින් නිකුත් කෙරෙන අහිතකර විකිරණ වලට වැඩි කාලයක් නිරාවරණය වන එක්ස් -රේ පරපුරේ ඈයින්, එසේ නොවන ඈයින්ට වඩා මොළයේ සෑදෙන දරුණු පිළිකා තත්වයක් වන, ග්ලයෝමා (Glioma) පිළිකා තත්ත්වයට ගොදුරු වීම සදහා පස් ගුණයක අවදානමක් දරන බවයි.
නූපන් දරුවාගේ මොළයට සිදුවන හානි.
ගැබිනි සමයේ දී ජංගම දුරකථනවලින් සහ රැහැන් රහිත විදුලි උපාංග වලින් නිකුත් කෙරෙන විකිරණවලට නිරාවරණය වීම, උපත ලබන දරුවන්ගේ මොළයේ වර්ධනයට ස්ථිර ලෙසම හානිකරව බලපාන බව, තවත් අධ්‍යයන රාශියකින්ම හෙළි වී ඇත. චෙන්මාර්ක් ජාතික මහාචාර්ය, වෛද්‍ය ලීකා කීෆට්ස් විසින් කාන්තාවන් දහතුන් දහසක් සහභාගී කරගෙන කර ඇති අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ , ගර්භනී සමයේදී වැඩි කාලයක් ජංගම දුරකථන භාවිතා කළ මවුවරුන්ගේ දරුවන් එසේ භාවිතා නොකළ සහ කලාතුරකින් ජංගම දුරකථන භාවිතා කළ මවුවරුන්ගේ දරුවන්ට සාපේක්ෂව හැසිරීමේ අසාමාන්‍යතා, මතකයේ අඩු ලුහුඩුකමි, නොසංසුන්කම, තරහ යාම, වැනි ADHA රෝග ලක්ෂන (අවධාන ඌණතා අධි ක්‍රියාකාරී සංකූලතාවය) සුලභව ඇතිව තිබූ බවය. (රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ දරුවාට වයස අවුරුදු 5 – 7 ක් පමණ වන විටය). එමෙන්ම, ගර්භනී කාලයේදී ජංගම දුරකථන විකිරණ වලට හානිකර ලෙස නිරාවරණය වූ දරුවන්, කුඩා කල සිටම ජංගම දුරකථන භාවිත කරනවානම්, ඉහත කී රෝග ලක්ෂණ සියයට අසූවකින් පමණ තීවුර වන බවද සොයා ගෙන ඇත.
දරුවා පිළිබද සෝදියෙන් ඉන්න.
‍            ඔබේ දරුවා ඉන්නේ කොතැනද? පංතියට ගියාද ? කෑම කෑවද? වැනි පණිවුඩයක් ලබා ගැනීම වෙනුවෙන් ඔවුනට අරන් දෙන දුරකථනයේ අති  නවින අමතර සහසුකමි තිබිය යුතු නැත. ඇමතුමක් ලබා දීමට, කෙටි පණිවුඩයක් යැවීමට පිළිවන්නම් ඒ හොදටම ප්‍රමාණවත්ය. මෙවැනි අනවශ්‍යය පහසුකම් ඇති විට දරුවා නොමග යෑමේ සම්භාවිතාව ඉහළය. මක් නිසාද යත් දරුවා අත රැදි ජංගම දුරකථනය දෙස ඇස් යොමා සිටීම කළ නොහැක්කක් නිසාය.
            ඔබ දුරකථනය මගින් පමණක් ඔබ ‍ඔබේ දරුවා පිළිබද සොයා බලන්නෙකුනම් ඔබ ලොකු අමාරුවක වැටෙනු ඇත. මන්ද ‍ජංගම දුරකථන මගින් සම්බන්ධතා පවත්වා ගැනීමේදී දරුවන්ට දෙමාපියන්ව රැවටීමේ හැකියාව වැඩි බැවිනි. වෙන කොහේ හෝ සිටිමින් “මං දැන් ඉන්නේ පංතියේ” කියා කීමට හැකියාවක් නැත්තේ නොවේ. ඒ නිසා ජංගම දුරකථනය අතට දුන් පමණින්, එයට ඇමතුමක් දි විපරම් කර බැලූ පමණින් ඔබේ වගකීම ඉවරද? කියා සිතා බැලිය යුතුයි. දුරැවා නිසි ලෙස පංති වලට සහභාගී වනවාද, පොත් පත් වල වැඩ නිසි ලෙස කරනවාද, දරුවා ඇසුරු කරන්නේ කවුරුන්ද, වැනි දේවල් දරුවාට නොදැනෙන්නට සොයා බැලීම ඔබට කළ හැකියි. පොත් පත් පරීක්ෂා කිරීම දරුවාගේ ගුරුවරුන්ද  හමු වී විචාලීම වැනි ක්‍රම ඒ සදහා ඇත. එමපමණක් නොව, දරුවාගේ දුරකථනයද පරීක්ෂා කර බලන්න.  දරුවා දුරකථනයෙන් සම්බන්ධතා පවත්වන්නේ කා සමගද? කෙටි පණිවුඩ යවන්නේ කාටද? ඒවායේ අඩංගුව ඇත්තේ මොනවාද? මේ දේවල් පිළිබදව සොයා බැලීම දෙමවුපියන්ගේ වගකීමකි. නොදන්නා අංක වලට ඇමතුම් ලබා ගෙන ඇත්නම්, ඒ පිලිබදව විමසීමට තරම් හැකියාවක් දෙමවුපියන් සතු විය යුතුය. එමෙන්ම දුරකථනය පරීක්ෂා කිරීමට නොහැකි වන පරිදි ආරක්ෂිත ක්‍රම (security code) යොදා ඇත්නම් ඒ පිළිබදව විමසීමට හැකියාවක් තිබිය යුතුය. එවැනි ආරක්ෂිත උපක්‍රම යෙදීමේ පහසුකම් නොමැති දුරකථනයක් අරන් දීමද වැදගත්ය.

දරුවන්ට හොද ප්‍රී පේඩ් ද, පෝසට් ද.?

දරුවාට දුරකථන සම්බන්ධතාවයක් අරන් දීමේදීම දෙමවුපියන් මොළය පාවිච්චි කිරීමට අවශ්‍ය වෙනවා. එය පෙර ගෙවුම් (Pre-paid) පැකේජයක් නොවී, පසු ගෙවීම්(post-paid) පැකේජයක් වීම වැදගත්ය. පසු ගෙවීමි පැකේජයක් ඔබේ නමට ලබා ගත හැකි අතර, බිල් පත ලැබෙනුයේ ද ඔබටය. අවශ්‍ය නම් විස්තර සහිත බිල්පතක් අදාල ආයතනයෙන් ලබා ගැනීමේ පහසුකම මෙවැනි පැකේජයක තිබෙන නිසා අදාල සිම්පතේ සියලු විස්තර ඔබට ලබා ගැනීමට හැකි වීමද වාසියකි. එමෙන්ම දරුවාට ජාතික හැදුනුම්පතක් තිබිය හැකි වුවද කිසි විටෙක දරුවාගේ නමින් ලියාපදිංචි මුදල් අවසන් වූ විට නැවත මුදල් යොදා ගැනීමට හැකි බැවින්, (reload) කොහෙන් හෝ මුදල් සොයාගෙන රී - ‍ලෝඩ් කර ගැනීමට දරුවන් ට හැකියාව ඇත. මෙහි සැගවුණු අවාසියද ඇත. මේ වෙළෙන්දාට ලබා දිය යුතු වෙනවා. ‍ඒ මගින් ඔබේ දරුවාගේ දුරකථන අංකය අන්‍යයන් අතර පැතිර යෑමට ඉහල අවදානමක් මේ ක්‍රමයේදී පවතී. මේ නිසා නොදන්නා කරදරකාරී අංක වලින් ඇමතුම් ලැබීම, රැවටිම් වලට ලක්වීම, අනවශ්‍ය සම්බන්ධතා ඇති කර ගැනීම, අවසන ජිවිතයම විනාශ වන තැනට වැඩ කටයුතු ස්ද්ධ වීමටද පිළිබන.
අනෙක් අතට රීලෝඩ් කර ගැනීමට අතැම්විට මුදල් සොරා ගැනීමට පවා දරුවන් පෙළඹිය හැකිය.
කෙසේ වෙතත් ජංගම දුරකථන බිල් පත සදහා වියදම් කිරීමේ යම් සීමාවක් පනවා ගන්න. ඔබත් දරුවාත් ජංගම දුරකථන තාක්ෂණය පිළිබදව විශාල පරතරයක් තබා නොගන්න.
තාක්ෂණයන් හා ඒවායේ භාවිතයන් පිළිබද දැනුමෙන් ඔබ යතාවත් විය යුතු අතර අනවශ්‍ය යෙදවුම් පිළබදව හා ඒවා අවහිර කිරීම පිළිබව වන දැනුමක් ඔබ සතු විය යුතුය. ජංගම දුරකථන සහ පරිගණක තාක්ෂණයේ අවභාවිතයෙන් සහ ඒවායින් පරිස්සම් වන ආකාරය පිළබද ඔබේ දරුවා දැනුවත් කරන්න.
කිසිම විටක ජංගම දුරකථනයක් සමග හෝ පරිගණකයක් සමග කාමරයක හුදකලාව තන් වන්නට දරුවන්ට ඉඩ නොදෙන්න. එවිට ජංගම දුරකථන හරහා යහළුවන් සොයා යාමත් ඉන් එහා ගිය දේවල් කරා යාමටත් නොහැකි වනු ඇත. එමෙන්ම යන යන තැන ජංගම දුරකථනය අරන් යනවා නම් දෙමාපියන් අතට දුරකථනය නොදීමට උත්සුක වනවා නම්, කොටින්ම නානා කාමරයට යන විට ජංගම දුරකථනය අරන් යනවා නම් ඔබේ දරුවාට ඔබෙන් වසන් කිරීමට රහස් තිබෙනවා වන්නට පිළිවන. එවැනි දරුවන් පිළිබද වඩාත් විමසිලිමත් වන්න.
දරුවන් සමග සතුටින් ආදරයෙන් අන්‍යෝන්‍ය අවබෝධයෙන් කාලය ගත කරනවා නම් මේ දෙවල් අපහසු නොවනු ඇත. ඔබ භෞතිකව දරුවාගෙන් ඈත් වන්නට වන්නට දරුවා මානසිකවද කායිකවද ලංවන්නේ අනවශ්‍ය හානි කර දේවල් වීමට හොදටම ඉඩ ඇත.
එබැවින් මේ දෙවල් පිළිබද සිතේ තබා ගෙන සිහි බුද්ධියෙන් දරුවන් සමග සහ තාක්ෂණය සමග ගණුදෙනු කරනවා නම් ඔබ සහ ඔබේ දරුවා අමාරුවේ නොවැටෙනු ඇත. නොඑසේ නම් ජංගම දුරකථන වැරදි භාවිතාවෙන් සිදු වන්නේ දැළි පිහිය අතට ගත් වදුරාට සිදු වූ දේය. බෙල්ල කපා ගත් පසුව ගිය නුවණ බුල්ඩෝසර් දමා වත් ඇත්ද විය නොහැකිය.
මූළාශ්‍ර -

අනුෂා එන් ගමගේ.
විද්‍යා හා තාක්ෂණ නිලධාරි - බදුල්ල.