January 1, 2015

මානව සෞඛ්‍යය සඳහා සනීපාරක්ෂාව - 1


සනීපාරක්ෂාව ලෙස හැදින්වෙනුයේ අන්තරායකර අපද්‍රව්‍ය මිනිසා සමඟ ගැටීම වැලැක්වීම මගින් සෞඛ්‍ය ප්‍රවර්ධනය සිදුකිරීමයි.
අපද්‍රව්‍ය.
v      මිනිස් සහ සත්ව මල
v      ඝන අපද්‍රව්‍ය
v     ගෘහස්ත අප ජලය
v     කාර්මික අපද්‍රව්‍ය
v      කෘෂි කාර්මික අපද්‍රව්‍ය

අපද්‍රව්‍ය මගින් සිදුවන උවදුර වැලැක්වීම

v            ඉංජිනේරුමය විසදුම්

උදා: ජලාපවාහන පද්ධති සහ අපජල ප්‍රතිකාර ක්‍රම
v       වැසිකිලි අපද්‍රව්‍ය රැස්කර දිරාපත් කරන ටැංකි සෑදීම
v         සබන් ගා අත සෝදා ගැනීම

සනීපාරක්ෂාව යන පදය පහත පරිදි විග්‍රහ කල හැක.

 1.  මූලික සනීපාරක්ෂාව  :    ගෘහස්ථ මට්ටමේදී මිනිස් මළ කළමනාකරණය සිදු කිරීම
2.  ආහාර සනීපාරක්ෂාව :    ආහාර සුරක්ෂිතතාවය හුරු පුරුදු කරන ස්වස්ථානුකූල පියවර
3.     පාරිසරිකමය සනීපාරක්ෂාව:  රෝග සම්පේෂණයෙහිලා උදව් වන වටපිටාවේ පවතින සාධක පාලනය කිරීම
උදා: ඝන අපද්‍රව්‍ය කළමණාකරණය,ජල සහ අපජල ප්‍රතිකාර ක්‍රම  කාර්මික අපද්‍රව්‍ය ප්‍රතිකාර ක්‍රම ශබ්ද සහ දූෂණ පාලනය

ඡායා රූප උපුටා ගැනීම අන්තර් ජාලයෙනි
සැකසුම : එච්.එල්.හංසනී ක්‍රිෂ්ණා ,විද්‍යා හා තාක්ෂණ නිලධාරි,මාලිම්බඩ

0 comments:

Post a Comment