මනුෂ්‍යයන් වන අපට දේහයේ ඕනෑම ස්ථානයක් ශුද්ධ පවිත්‍ර කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ ස්වකීය හස්තයන් දේහයේ විවිධ ස්ථානවලට ගෙනයෑම තුළිනි. එනමුත් සත්ත්ව ලෝකය සැලකු කළ තත්ත්වය මෙයට වඩා හාත්පසින්ම වෙනස් වෙනවා.
නිවසේ
සිටින බළලා දිව හා අත් පා උපයෝගී කරගෙන සිය ශරීරය ශුද්ධ පවිත්‍ර කරගනු ලබන බව
විටෙක නිරීක්ෂණය කරන්නට ඇත.
සමහර
වානරයන්ට ස්වකීය දේහය බොහෝ දුරට අප මෙන්ම පවිත්‍ර කළ හැකි වුවත් සමහර කොටස් ශුද්ධ
පවිත්‍ර කළ නොහැකියි. එම නිසා ඔවුහු එකිනෙකාගේ දේහ ශුද්ධ පවිත්‍ර කර ගන්නවා.
තවත්
සමහර සත්ත්ව විශේෂ වලට ගාත්‍රා ආධාරයෙන් සිය දේහය ශුද්ධ කිරීමට නොහැක්කේ දේහය වටා
ඒවා චලනය කිරීමට තරම් ගාත්‍රා නම්‍ය සුළු නොවන නිසා. නැතිනම් දේහය නම්‍ය සුළු
නොවන නිසා.
මඳකට ඔබ හිපපොටේ මස් ගැන සිතන්න. ඒ නිසා විශාල ශරීරය ඌට
ශුද්ධ කළ නොහැකිය. දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිටින හිපපොටේමස් සත්ත්වයින් ඔබ දැක
ඇතුවාට සැකයක් නැහැ. බලන්න, උන්ගේ පිටේ ඇති කොළ පැහැති ඇල්ගි වල ව්‍යාප්තිය.මේවා
ඉවත් කිරීම උන්ට තනිව කළ නොහැක. නිරතුරුව ජලයේ වාසය කරන බැවින් සහ සෙමින් සංවරණය
කිරීම නිසා හරිත ඇල්ගී එම සත්ත්වයන්ගේ පිටේ සෑදීම පාලනය කළ නොහැකි වී ඇත. මිරිදියේ
වාසය කරන උභයජීවී ජීවිතයක් ගෙවන හිපපොටේමස් සත්ත්ව විශේෂවල විශාල මුඛය ශුද්ධ
කිරිමට , එම ජල පහරවල්වල ජීවත්වන වෙනත් සත්ත්ව ආකාර උදව් වෙනවා.
එම
හේතුවෙන් බොහෝ විට එකී සත්ත්ව ආකාරවල මරණයට ද, වඳවී යාමටද හේතු වෙනවා. දේහයේ විවිධ
ස්ථාන වල ජීවත් වන බාහිර පරපෝෂීතයන් හා දීලීර වල ක්‍රියාකාරීත්වය නිසා බොහෝ
රෝගාබාධ හටගෙන ඔවුන් මිය යනවා.මෙම තත්ත්වය මාංශභක්ෂක මත්ස්‍ය ආකාරවලට බහුල ලෙස
බලපානවා. මන්දයත් ඔවුන් යැපෙනුයේ අන් සත්ත්වයකුගේ මාංශයෙන් නිසා. තමන් අනුභව කළ
ගොදුරෙහි තිබු මස් මාංශ ඔවුන්ගේ මුඛයේ දත් අතර සිරවී තිබීපසුව ඒවා මත විවිධ
බැක්ටීරීයා, දීලීර වල ක්‍රියා නිසා එකී මාංශ කුණු වී යාමට බඳුන් වෙනවා. එවිට සැදෙන
විවිධ තුවාල සහ වණ නිසා බොහෝ විට මුඛයේ ආබාධ වලට එම සතුන් මුහුණ පානවා. දත් ශුද්ධ
නොකිරීම නිසා, දත් අතර සිරවී තිබු විවිධ ආහාර ද්‍රව්‍ය හේතුවෙන් දත් දිරායාමේ
තර්ජනයට ඔබ මුහුණ පෑ අවස්ථාවක් මෙනෙහි කරන්න. නියමාකාරව ශුද්ධ පවිත්‍ර නොකිරීම
නිසා දන්ත වෛද්‍යවරයකු ලවා ඔබේ මුඛයේ දත් ශුද්ධ කිරීමට හෝ පිරවීමට හෝ දත විනාශ වී
ගිය විටෙක ගලවා ඉවත් කිරීමට සිදු වු ආකාරය දැන් ඔබට මෙනෙහි වේවී.
මත්ස්‍යන්ගේ
කරමල ඉතා සියුම් දේහ කොටසක්. මේවා තුළට, නැතිනම් ඒවා අතරට, විවිධ දීලීර වර්ග රෝග
කාරක බැක්ටීරියා වර්ග හෝ වෙනත් පරපෝෂිත සත්ත්ව ආකාර පැමිණෙනවා. එමඟින් සියුමැලි
පටක විශේෂයක් වන කරමල් තුවාලවීම හේතුවෙන් මත්ස්‍යයින් විවිධ අපහසුතාවනට මුහුණ
පානවා.
අවසානයේදී
රෝගාබාධිත තත්වයන්ට මුහුණ දී ඔවුන් මිය යනවා. මෙම තත්ත්වය මඟහරවා ගැනීමට විශේෂයෙන්
මුහුදු පරිසරවල ජීවත් වන මාංශභක්ෂක විශාල මසුන් හට කුඩා මත්ස්‍ය ආකාර උපකාරී වෙනවා
යැයි ඇසුවොත් ඔබ පුදුම වේවී නේද?
එකිනෙකාට
උදව් වීම තුළින් ශරීර පවිත්‍ර කර ගැනීමේ තත්ත්වය, වාතයේ, ගොඩබිම හෝ මිරිදියේ ඇති
තත්ත්වයන්ට වඩා ඉහළ තත්ත්වයකින් මහා සාගරයේ පවතිනවා. සාගරයේ වාසය කරන ගෝබී,
බැරකුඩා වැනි මාංශභක්ෂක මත්ස්‍ය ආකාර වෙතට වෙනත් කිසිම මත්ස්‍ය ආකාරයක් පැමිණෙන්නේ
නැහැ. එයට හේතුව ඔවනුන් මාංශභක්ෂක වීමයි. එනමුත් එක්තරා කුඩා මත්ස්‍යය වීශේෂයක්
වෙතට ගෝබී, බැරකුඩා වැනි මසුන් ගොස් අපවිත්‍ර වු මුඛ්‍ය සහ දේහය ඔවුන්ලවා පිරිසිදු
කරගන්නවා. හරිම අපූරුයි නේද?
ගෝබී,
බැරකුඩා වැනි මසුන් විශාල තත්ත්වයෙහිලා සැලකෙන මාංශභක්ෂක ආකාර.අනුන්ගේ මාංශ මත
යැපෙන නිසා මොවුන් ගේ මුඛයේ හොඳින් වැඩුණු තියුණු දත් දක්නට ලැබෙනවා. එකී දත්
ආධාරයෙන් විවිධ ගොදුරු, මත්ස්‍යයන්ගේ දේහවල ඇති මාංශ හෝ සම්පුර්ණ සත්ත්වයාම පාහේ
අනුභව කරනවා. එවිට මාංශභක්ෂක මත්ස්‍යාගේ දත් අතර. ඌට ගොදුරු වු මත්ස්‍යයාගේ සමහර
මාංශ කොටස් සිරවෙනවා. මෙය ඔබද අත් දැක ඇතුවාට සැකයක් නැහැ. මස් සහිත ආහාර වේලකින්
අනතුරුව මුඛයේ දත් අතර සිරවු මස් කැබලි ඉවත් කළ අවස්ථාවක් දැන් ඔබට සිහිවේවී.
එලෙස
සිරවු මාංශ කොටස් ඉවත් කරගැනීම. නම්‍ය සුළු අත් ඇති අප වැන්නවුන්ට පැනයක් නොවුවත්,
මත්ස්‍යයන්ට එය විශාල ගැටළුවක් වෙනවා. ඔවුන් එවිට ස්වකීය දත් ශුද්ධ කර ගැනීම සඳහා
සාගරයේ පිහිටා ඇති මුඛය හා දේහ කොටස් ශුද්ධ පවිත්‍ර කරලීමේ ස්ථාන කරා පිහිනා යනවා.
බොහෝ
විට කොරල්පර ආසන්නයේ පියිටා ඇති මෙම මධ්‍යස්ථාන වල කෙරෙනුයේ අනෙතුත් මසුන්ගේ මුඛ,
කරමල් හා දේහයේ පිටත කොටස් ශුද්ධ කිරීමේ කටයුතුයි. එවැනි ස්ථානවල සේවය කරන්නේ බොහෝ
විට විලෝපික මසුන් ආහාරයට ගන්නා ප්‍රමාණයේ වු ශරීර ඇති කුඩා මත්ස්‍ය විශේෂයන්.
සිය
මුඛ්‍ය ශුද්ධ කර ගැනීම පිණිස මෙවැනි මධ්‍යස්ථානවලට පැමිණෙන විශාල මත්ස්‍යයන් හට
විටෙක දිගු පෝලිම් වලද සිටින්නට සිදුවනවා. 1973 දී ෆ්‍රීකේ නිරීක්ෂණය කළ අන්දමට,
මෙවැනි එක් පෝලීමක සමනළ මත්ස්‍යයින් සහ සී බාස් මසුන් තිදෙනෙතුත් සිටියා.
සිය
මුඛ්‍ය ශුද්ධ පවිත්‍ර කර ගැනීම සඳහා මෙවැනි ස්ථානයකට පැමිණෙන විශාල මාංශ භක්ෂක
මත්ස්‍යය, අසමාන්‍ය චර්යා රටා ආධාරයෙන් තම අවශ්‍යතාව එවැනි කටයුතුවල යෙදෙන කුඩා
මත්ස්‍යය ආකාරවලට දන්නවා.
සාගරයේ හෝ මුහුදේ වාසය කරන මත්ස්‍ය ආකාර පිහිනීම නවතා
නිශ්චලව සිටිනුයේ ඉතාමත් කලාතුරකිනි. එනමුත් මෙවැනි මුඛ හෝ දේහය හෝ ශුද්ධ කිරීමේ
මධ්‍යස්ථාන කරා පැමිණෙන විශාල ග්‍රාහක මසුන් පළමුවෙන්ම පිහිනීම නවතා එකම ස්ථානයකට
වී සිටිනවා. ඒ සමඟම සිය කරමල් පිධානය සහ මුඛ්‍ය දිගින් දිගටම ඇරීම සහ වැසීම කරනවා.
එවිට ශුද්ධ කිරීමේ කාර්යය ඉටු කරන මත්ස්‍යයන් සමුහය. සිය ග්‍රාහකයන් ඉදිරියේදී
විශේෂිත රැඟුමක යෙදෙනවා. එවැනි චර්යාවකින් කුඩා මසුන් පවසනුයේ තමන් දැන් කාර්යය
ඇරඹීමට යන බවයි. මෙහිදී මනා ආකාරයක සත්ත්ව සන්නිවේදනයන්, සංඥා ආධාරයෙන් ග්‍රාහක
මසුන් සහ ශුද්ධකිරීමේ කාර්යය ඉටු කරන කුඩා දත් දොස්තරලා සමුහය අතර සිදුවනවා.
මෙවැනි
ස්ථානයකට සේවය ලබාගැනීමට ඒ අසල වාසය කරන මත්ස්‍යයින් පමණක් නොව පර්යටනය (වීශාල
දුරක් ගමන් කරන) සිදු කරන මත්ස්‍යය විශේෂද පැමිණෙනවා.
මින්
ඔබ්බට සිදුවනුයේ අන්‍යෝන්‍ය විශ්වාසය මත පදනම් වු ඉතා රසවත් ක්‍රියාවලියක්.
විශාල
ග්‍රාහක මත්ස්‍යයා දිගින් දිගටම කරමල් පිධානය සහ මුඛ්‍ය ඇරීම සහ වැසීම සිදුකරනවා.
එවිට කුඩා දත් දොස්තරලා සමුහය, විවෘත වු මුඛ විවරය විශාල මත්ස්‍යයාගේ මුඛ්‍ය තුළට
රිංගා යනවා.
එහීදී
ඔවුනට පෙනෙනුයේ දත් අතර සිරවී ඇති මාංශ කොටස් සහ විවිධ පරපෝෂිත ආක්‍රමණ වලට ගොදුරු
වී ඇති විශාල මත්ස්‍යයාගේ මුඛයේ කොටස්.
ඔවුන්
ඒ සෑම තැනකම ඇති අපවිත්‍ර මාංශ කොටස් ක්ෂණිකව ඉවත් කරනවා. තවත් මසුන් සමුහයක්,
මෙවිට ග්‍රාහකයාගේ විවෘත වී ඇති කරමල් පිධාන තුළින් ඇතුළු වී එහි ඇති පරපෝෂිතයන්
ආදිය ඉවත් කරනවා.
ඒ අතර
තවත් මසුන් සමුහයක්,ග්‍රාහක මත්ස්‍යයාගේ දේහයේ පි ටත ඇති දිලීර හා බැක්ටීරියා ආක්‍රමණ
වලට ගොදුරු වු ස්ථාන, විශේෂයෙන් පිටත කොරොපෙතු සහිත සමෙහි තුවාල වී ඇති ස්ථාන
පිරිසිදු කරනවා.
එහි
ප්‍රතිඵලයක් ලෙස ග්‍රාහක මත්ස්‍යයාගේ දේහය,, විශේෂයෙන්ම මුඛ්‍ය සහ දත් ආදිය මනාව
ශුද්ධ පවිත්‍ර වෙනවා. මෙකී කුඩා මසුන්, මෙම ක්‍රියාව කෙතරම් කාර්යක්ෂමව සිදු කරනවා
ද යන්න 1967 දී ලිම්බර්ග් සොයාගත්තා. ඔහු පවසන අන්දමට එක් කුඩා මත්ස්‍යයෙකු පුරා
පැය හයක කාලයක් ඇතුළතදී විශාල මසුන් 300 ක් පිරිසිදු කිරිමෙන් එය පැහැදිලි වෙනවා.
මෙම
කුඩා දත් දොස්තරලා කිසිවිටෙකත් ස්වකීය රැකියා ස්ථානය වෙනස් කරන්නේ නැහැ. මෙම
ස්ථානය මතක තබා ගන්නා ග්‍රාහකයන් අවශ්‍ය වු විට එහි පැමිණෙනවා. මෙය මානවයන් වන
අපගේ ක්‍රියාවන් හා සමානයි. අපගේ දන්ත වෛද්‍යවරයින් කිසිවිටෙකත් ස්වකීය දන්ත ශල්‍යාගාරය
වෙනස් නොකරන අතර එකී ස්ථානයමතක තබා ගන්නා අපද අවශ්‍ය විටක එහි යන ක්‍රියාවලියට
සමානව මේ විශාල මසුන් කුඩා මත්ස්‍යයින් බන්නා තැනට පැමිණෙනවා.
මෙම
ග්‍රාහක මසුන් සිය මුඛ්‍ය ශුද්ධ පවිත්‍ර කරන කුඩා මත්ස්‍ය විශේෂය හඳුනා ගන්නේ
කෙසේද යන්න අදටත් ගැටළුවක්.
ඔහු
මෙම මත්ස්‍යයා සිටින මත්ස්‍යය ටැංකියට Labroides
මසුන් කිහිප දෙනෙකු
දමා නිරික්ෂණය කළා. එවිට ගෘපර් මත්ස්‍යයා ස්වකීය පිධානය හා මුඛ්‍ය නිරතුරුවම ඇරීම
සහ වැසීම සිදුකෙරුවා. ඒ සාමාන්‍ය ග්‍රාහක මත්ස්‍යයන් Labroides මත්ස්‍යය විශේෂය ඉදිරියේ දක්වන චලන චර්යා රටාවන්මයි. ඒ
අනුව ග්‍රාහක මත්ස්‍යයන් හට ස්වකීය දත් දොස්තරලා පෙර පුහුණුවකින් තොරව හඳුනා
ගැනීමට හැකිවීම ප්‍රවේණීව එන පුරුද්දක් ලෙස අපට සලකන්නට පුලුවන.
මිතුරු
වෙසින් අප කරා එන මිනිසුන්ගෙන් සමහරක් සතුරන්, එවැනි විටක සතුරන් කවුද, මිතුරන්
කවුද යන්න හඳුනාගැනීම අපට ප්‍රහේලිකාවක් වෙනවා.
ග්‍රාහක
මත්ස්‍යයන්ට ද මෙම ප්‍රශ්නයම පැන නඟිනවා. Labroides මත්ස්‍යය විශේෂයට
බොහෝ දුරට සමාන මත්ස්‍යය වර්ගයක් වන ඇස්පිඩොන්ටස් (Aspidontus) ද එවැන්නෙක්. ඌ මාංශභක්ෂක විලෝපිකයෙක් වන අතර තම ග්‍රාහකයා
ශ්‍රද්ධ කරන මුවාවෙන් පඅමිණෙන මොවුන්, ග්‍රාහකයාගේ ශරීරයේ මාංශ කොටසක් කඩා ගෙන
ඉවතට පිහිනා යනවා. මෙහිදී Labroides ඉදිරියෙන්
පැමිණීමත්, ඌ යම් ආකාරයක රැඟුමක් පාන නිසාත්, බොහෝ විට ග්‍රාහක මත්ස්‍යයා ඌව හඳුනා
ගන්නවා. ඒත් Aspidontus ශරීර ප්‍රමාණයත්, බොහෝ දුරට ඌLabroides සමාන වීමත් නිසා ග්‍රාහක මත්ස්‍යයා කිසියම් අපහසුතාවයකට
පත්වෙනවා.
ඒ කෙසේ වෙතත්, නිරතුරුවම ග්‍රාහක මත්ස්‍යයා අනෙකුත් විලෝපික මසුන්ගෙන් තම දත් දොස්තරලා සමුහය රැකබලා ගැනීමට ඉදිරිපත් වෙනවා. ඒ කුඩා මසුන් සිය මුඛ්‍ය තුළ හෝ කරමල් අතර හෝ දේහ ශුද්ධ කිරීමේ යෙදෙන විට දී වෙනත් විශාල විලෝපික මත්ස්‍යයකු ඒ අසලට පැමිණී විටක කිසියම් සංඥාවක් සිය දත් දොස්තරලා සමුහය වෙත නිකුත් කිරීමෙනුයි එම සංඥාව බොහෝ විට හදිසියේම මුඛ්‍ය වැසීම තැතිනම් දිව සෙලවීම වැනි දෙයක් විය හැකියි. ඉතාමත් හදිසි අනතුරකදී මෙම ග්‍රාහක මත්ස්‍යයන් කරන්නේ , සිය මුඛ්‍ය තුළ දත් දොස්තරලා සමුහය සිටියදීම එය සම්පුර්ණයෙන් වසාගෙන උවදුර සහිත ස්ථානයෙන් ඉවත්ව පිහිනා යාමයි. ඉන් කුඩා මසුන් සහ ග්‍රාහක මත්ස්‍යයායන දෙදෙනාම ගැලවෙනවා.
සාගරය
තවමත් හරිහැටි මිනිසා විසින් ගවේෂණය කර නැහැ.හඳට පොළවේ සිට යාමත්, පොළවේ මතුපිට
සිට සාගර පතුලට යාමත් එකිනෙකට වෙනස් වු කාර්යයන් දෙකක්, හඳට යාම සහ ඉන් ඔබ්බට අභ්‍යවකාශය
ගවේෂණය කිරීමට තරම් මිනිසා දියුණු වුවත්, තවමත් සාගර පතුල හරි හැටි ගවේෂණය කිරීමට
හෝ මීටර් 2500ක් පමණ ගැඹුරට යාමට, මිනිසාට හැකි වී නැහැ. එවැනි සාගරයක, තවත් අනන්ත
වු අපුරු ස්ථාන සහ අපුරු සම්බන්ධතා තිබිය හැකියි.
විද්‍යා හා තාක්ෂණ
නිලධාරි,
උපුටාගැනීම: http://en.wikipedia.org/wiki/Cleaner_fish
0 comments:
Post a Comment