Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

January 29, 2016

විකාශන /ප්‍රචාරක මධ්‍යස්ථානයක් වු ස්මාට් ෆෝන්

නව වසරේදී තාක්ෂණික සහ ව්‍යාපාරික ලෝකයේ දියුණුව වෙනුවෙන් තම උපායමාර්ග පරීක්ෂා කිරිමට අවශ්‍ය උපකරණ හෝ සේවා පිළිබඳව බොහෝ සමාගම් නිරන්තරයෙන් විමසිලිමත් වේ. එහිදී Twitter මගින් හඳුන්වාදී ඇති වීඩියෝපට පුද්ගලිකව ප්‍රචාරය හෝ විකාශනය කළ හැකි නව උපකරණ  / සේවාවක් වූ Periscope  (පාරිදර්ශකය) කෙරෙහි අවධානය යොමු කර තිබේ.

Periscope ක්‍රියාපිලිවෙල හදුන්වා දීමටද පෙරදීම 2015 පෙබරවාරි මාසයේදී Twitter ආයතනය විසින් එය මිලදී ගෙන ඇත. ඕනෑම පණිවිඩයක්, වීඩියෝවක් හෝ සංවාදයක් ඉතා පහසුවෙන් ඕනෑම පුද්ගලයකුට හෝ ප්‍රජාවට සජීවීව විකාශනය/ප්‍රචාරණය කිරීමට මෙම Periscope මෘඳුකාංගය මඟින් හැකියාව ලබා දේ. ඒ සඳහා IPhone හෝ Android වැනි ස්මාට් ජංගම දුරකථනයක් පමණක් අවශ්‍ය වේ. එනම් ඔබට ඔබගේ වෙළඳ දැන්වීමක් හෝ  දේශණයක් හෝ වෙනයම් විඩියෝවක්, ස්මාට් දුරකථනයකින් සියලු දෙනාට දැනගත හැකි පරිදි විකාශනය / ප්‍රචාරණය කළ හැකිය. ප්‍රේක්ෂකයා ඔබගේ විකාෂණයට සම්බන්ධ වූ විට එය නැරඹිය හැකිය. 

 දුරකථනයේ ඇති කැමරාවේ ගුණාත්මක භාවයේ අඩු පාඩු නිසා බොහෝ විට ප්‍රේක්ෂකයාට එම දසුන් පැහැදිලිව නැරඹීමට අපහසු විය. නවතම සොයාගැනීම් අනුව Wi-fi ඇතුලත් Go Pro Hero 4 කැමරා වලට මෙම දසුන් දුරකථනයෙන්පැහැදිළිව නැරඹිය හැකි බව මෑතකදී නිවේදනය කළේය.එනිසා Periscope මෘඳුකාංගය වඩාත් ව්‍යාප්ත භාවිත වනු ඇතැයි අපේක්ෂා කෙරේ. Go Pro Hero 4 ප්‍රචාරණය iOS උපකරණ සඳහා පමණක් වලංගුව තිබූ නමුත් ළගදීම එය Android භාවිතා කරන්නන්ටද ක්‍රියාත්මක කළ හැකි වේ.

උපුටාගැනීම :
What is Periscope & how can you use it / අන්තර්ජාලය ඇසුරින්

https://www.youtube.com/watch?v=6XyBza5-w-Y

January 27, 2016

තිත්ත රසය හදුනන ආශාව පාලනය කරන රසායණික

රසවත් ආහාරයක් ඔබගේ දිවට රුචිය ලබාදේද? එසේම තිත්ත රසය ඔබට හදුනාගත හැකි වේදඑසේනම්  ඒ සඳහා උපකාරී වූ ආශාව පාලන කරන ස්නායු සම්ප්‍රේක්ෂක රසායණිකය වන Serotonin ට ඔබ ස්තුතිවන්ත විය යුතුය. ස්නායු විද්‍යා සගරාවේ පසුගිය මස කලාපයේ මේ පිළිබඳ අධ්‍යනයන කළ වාර්තාවක් පල වී තිබේ.

            ඔබ තිත්ත රසැති ආහාරයක් අනුභව කරන විට එහි ඇති අම්ල, රසග්‍රාහක සෛල මත ප්‍රතිචාරයක් ප්‍රේරණය කරයි.මෙම රසග්‍රාහක සෛල පිහිටා ඇත්තේ ඔබගේ රස දල්ල (Taste buds) තුලය. දිවෙහි ඇති විශේෂ ස්නායු සෛල වෙත සැපයෙන පරිදි මෙම රස ග්‍රාහක රසායණික සංයෝගයන් නිර්මාණය කිරීම මගින් මොළයට පණිවිඩයක් ප්‍රතිචාරණය කරයි.

            පෙර අධ්‍යන වලදී තිත්ත ආහාර අනුභව කිරීම හේතුවෙන් Serotonin නිදහස්වන බවට අදහසක් ඉදිරිපත් කර තිබිණ. Serotonin රසායනිකය ශරීරයේ මූලික ක්‍රියාවලීන් වූ ආහාර රුචිය, නින්ද, මතකය, ආශාව හා ලිංගික ආශාව කෙරෙහි බලපෑම් ඇති කළ හැකිය. ප්‍රීතිය දැනවීම සම්බන්ධව, Serotonin හි මොලයේ ක්‍රියාකාරිත්වය අප අසා ඇති අතර එම රසායනිකය ශරීරයේ වෙනත් කොටස් වලද දැකිය හැකිය. දිව හා සම්බන්ධ ස්නායු පද්ධතියද එවැනි එකකි. ඒ අනුව ස්නායු සෛල Serotonin සම්ප්‍රේෂක තුලට කොළ පැහැති දියර ප්‍රෝටීනයක් ඇතුළු කර නව පර්යේෂණ ක්‍රියාත්මක කර රසය හඳුනා ගන්නා මෙම නව  ක්‍රියාවලිය හඳුනාගෙන තිබේ.

උපුටාගැනීම :
Mood regulate chemicals help your taste sour food

January 26, 2016

විද්‍යාව පැහැදිලි කිරීමට මරණයට අභියෝග කිරීම

 
මේ වන විට අතුරුදහන් වෙමින් පවතින උමතු විද්‍යාඥයෝ නමැති ප්‍රජාව සදහා නැවත ජීවය ලබා දීමට හෞතිකඥ  ඇන්ඩ්‍රීස් වෝල් (Andreas Wahl ) මෑතදි සමත්විය. ඒ සඳහා ඔහු මරණයට අභියෝගි කරමින් භෞතික  විද්‍යා නියමයන් පැහැදිලි කිරීමට තමාම පරීකෂණ මෙවලම බවට පත්විය. දුම්රියක හෝ බස්රථයක ආසනයක් ලබා ගැනීමට පවා මිනිසුන් ඉතා අනතුරුදායක ලෙස කටයුතු කරන ආකාරය සැලකු විට  මෙය හුදෙක් සෘජු පෞද්ගලිකත්වය සදහා පමණක් නොවන නිසා අසාමාන්‍ය වේ.

නිව්ටන්ගේ වෘත්ත චලිතය  සහ කේන්ද්‍රාභිසාරී බලය අනුව  වස්තු ක්‍රියාත්මක වන අයුරු සම්බන්ධ නියමයන් ප්‍රායෝගිකව සනාථ කිරීමට ඔහුට අවශ්‍ය විය. එනම් චක්‍රීය පථයක ගමන් කරන වස්තු කෙරෙහි කේන්ද්‍රයට ආසන්න වන විට සිදුවන බලයේ වැඩිවීම සම්බන්ධ නියමයන් පැහැදිලි කිරීම එහි අරමුණ වේ. කෙසේ වෙතත් විෂබීජ රහිත රසායනාගාර, කුඩා කප්පි  හා ස්කන්ධයන් සහිත පරිසරයකදී එම සංසිද්ධි පැහැදිලි කිරීම ප්‍රමාණවත් නොවන බව ඔහුගේ හැගීමයි. එනිසා ඔහු ඒ සඳහා නෝවේජියාවේ පැරණි ගුදමක පිහිටි අඩි 46 ක් උස ස්ථානයක් තෝරාගත්තේය.එහි  සිට බිමට පැන තම ශරීරයේ බරට සරිලන ලෙස  අනෙක් කෙලවර ඇති ඉතා කුඩා සැහැල්ලු බෝලයේ බර  සමතුලිත කළේ විද්‍යාත්මක න්‍යාය කෙරෙහි ඔහුගේ ඇති පිළිගැනීම සනාථ කිරිමටයි. එමගින්  ඔහුගේ දිවිය ආරකෂා වන ආකාරයත්  ඒ සදහා කුඩා  සැහැල්ලු බෝලය, චක්‍රීය චලිතයෙන් බලය ග්‍රහනය කර ගන්නා අයුරුත්  ප්‍රදර්ශනය විය. ඇත්තවශයෙන්ම ඔහු වෙනුවට ගල් පිරවූ බරැති බෑගයක් වුවද යොදාගෙන ආරක්ෂාකාරීව මෙම පර්යේෂණය ක්‍රියාත්මක කළ හැකියාව තිබිණි. එහෙත් ඒ සදහා ඔහුම ඉදිරිපත්වුයේ ද්‍රව්‍ය වලට මෙන්ම මිනිසුන්ටද මෙම ධර්මතා හෝ න්‍යාය පොදු බව ප්‍රායෝගිකව පෙන්වාදීමටය.

සුළු අතපසු වීමක් වුව ජීවිතයට හානි වීය හැකි තත්වයකට ඔහු නිර්භයව මුහුණ දුන්නේය. මෙම පර්යේෂණය  නූල මත ජීවිතය (Life on line ) ’ නමින් පටිගත කර තිබෙන නමුත් එහි සංස්කරණය නොකරන ලද කුඩා කොටසක් පමණක්  ඔබට පහත වීඩියෝ දර්ශනයෙන් නැරඹිය හැකිය.


උපුටා ගැනීම :-
This Guy Defies Death to Demonstrate Physics Low
http://www.iflscience.com/physics/guys-death-defying-physics-experiment-incredible

https://www.youtube.com/watch?v=5ZnKIPfIhAQ

January 25, 2016

කුඩා චිත්තාවේගී මොලය නිසා පුද්ගලයා වියරු වේද?

  
මිනිස් මොලයේ Frontolimbic  ප්‍රදේශය හෙවත් චිත්තාවේග පාලනය කරන ව්‍යුහය , පුද්ගලයාගේ කලහකාරී හැසිරීම කෙරෙහි ජීව විද්‍යාත්මකව සුවිශේෂි ලෙස බලපාන බව ස්නායු පරීක්ෂණ අධ්‍යනයක අදහසක්  ලෙස එළි දක්වා තිබේ.

ජීව විද්‍යාත්මක මනෝ චිකිත්සාව (Biological Psychiatry) සඟරාවේ ආරම්භක කලාපයේ  පළ කර ඇති නව ලිපියක් මේ බව වාර්තා කරයි. එමගින් ඥානය සම්බන්ධ ස්නායු විද්‍යාව හා ස්නායු නිරීක්ෂණ වාර්තාවකට අනුව නිතර කිපීමේ ආබාධ ඇති වීමට හේතුව මොලයේ Frontolimbic ප්‍රදේශයේ ඇති ව්‍යුහය තුළ සුවිශේෂි ලෙස අඩු මලින පදාර්ථ  (grey matter) ප්‍රමාණයක් තිබීම විය හැකි බව හදුනාගෙන ඇත. එනම් වහා කිපෙන සුළු මිනිසුන්ට ඇත්තේ කුඩා චිත්තාවේග මොල (Emotional Brain )’ වේ.

මෙම වරින් වර කිපෙන සුළුවීමේ ආබාධ DSM-5 හි ප්‍රතිරාවීය ගැටලුසහගත ආවේගික කලහකාරිත්වය ලෙස අර්ථ ගන්වා තිබේ. ද්විධ්‍රැව ආබාධ (bipolar disorder) සහ හින්නෝමාදය (schizophernia) යන රෝග දෙකටම වඩා මෙම රෝගය ව්‍යාප්තව පවතී. එහෙත් බෙහෝ විද්‍යා හා ගෘහස්ථ සන්නිවේදනයෙදී මෙම ආවේගික කලහකාරිත්වය හුදෙක් පුද්ගල නොමනා හැසිරීම් ලෙස හදුන්වන අතර එයට ප්‍රතිකර්ම ලෙස පුද්ගල ආකල්ප වෙනස් කිරීම ප්‍රමාණවත් බව සලකන බව ලිපියේ ප්‍රධාන කතෘ Dr Emil Coccaro ප්‍රකාශ කරයි. එහෙත් ඔවුන්ගේ දත්ත වලට අනුව IED හෙවත් DSM 5 ලෙස අර්ථ දක්වා ඇති මෙම ආවේගික කලහකාරීත්වය මොලයේ ආබාධයක් මිස පුද්ගලික චර්යාවේ අඩු පාඩු නොවන බව චිකාගෝ විශ්ව විද්‍යාලයේ ස්නායු චිකිත්සා හා ස්නායු විද්‍යා අංශයේ ප්‍රධානියා වු මහාචාර්ය දොස්තර Coccaro තවදුරටත් වාර්තා කරයි.


උපුටා ගැනීම :-
People Who Experience Rage Attacks Have Smaller ‘Emotional brain’ 
https://www.elsevier.com/about/press-releases/research-and-journals/people-who-experience-rage-attacks-have-smaller-emotional-brains

January 21, 2016

භාවිතයෙන් පසු දිරාපත්වන රොබෝවරු

දිරාපත් නොවන රොබෝවරු යනු අතිතයට අදාල නිර්මාණයන් ලෙස සැලකීම නුදුරු අනාගතයේදී  සිදුවනු ඇති අතර රොබෝ වරුන් සඳහා ද මිනිසාට මෙන්ම සුසාන භූමි නිර්මාණය වනු ඇතැයි වාර්තා වේ.

වර්තමානයේදී නිපදවන  බොහෝ  රොබෝවරු හෝ රොබෝයන්ත්‍ර ප්ලාස්ටික් සහ ලෝහ වැනි දිරාපත් නොවන ද්‍රව්‍ය වලින් නිපදවනු ලැබේ. එහෙත් ඉතාලියානු තාක්ෂණික ආයතනයේ ( IIT ) විද්‍යාඥයින් විසින් රොබෝ නිපදවීම සඳහා සුදුසු දිරාපත් වන ද්‍රව්‍යක් සොයාගෙන ඇත. IIT ආයතනයේ ස්මාර්ට් අමුද්‍රව්‍ය අංශයේ කණ්ඩායම විසින් සොයාගෙන ඇති දිරාපත් වන නව ද්‍රව්‍ය නිපදවිම සඳහා කසළ ආහාර යොදා ගැනීමද මෙහිදී සුවිශේෂී වේ.

මෙම පරීක්ෂණය මෙහෙය වූ IIT ආයතනයේ  Euthanasia Athanasius  පවසන පරිදි සම්පූර්ණයෙන් දිරාපත් වී යන මෙම ජීව ප්ලාස්ටික් වර්ගය නම්‍යශීලී මෙන්ම ශක්තිමත් භවකින් ද යුක්ත වේ. ඒ නිසා ඒවා රොබෝවරුන් ගේ බාහිර සම මෙන්ම අභ්‍යන්තර යන්ත්‍ර කොටස් නිර්මාණය කිරීමට ද යොදා ගත හැකිය. තවද වඩා සැහැල්ලු සහ කාර්යක්ෂම රොබෝවරු නිෂ්පාදනයට මෙම ජීව ප්ලාස්ටික් සමත් වනු ඇති බව ජ්‍යෙෂ්ඨ පරීක්ෂකයකු වන Nikos Tsagarbis පවසයි.

උපුටාගැනීම ;
Robot that could decompose when they’re no longer needed by Annabel Edwards
http://www.popsci.com/researchers-develop-materials-that-could-create-decomposable-robot

මිනිසුන් රහිත අනාගත යුද්ධයේ ඉදිරි පියවරක්

අනාගත යුද්ධවල ප්‍රධාන කොටස්කරුවන් රොබෝවරුන් වනු ඇත. එහෙත් වර්තමානයේදී එසේ සිදු නොවන අතර යුද්ධ සඳහා මිනිසුන් වෙනුවට රොබෝවරුන්  යොදා ගැනිම සිදුවීමට තව බොහෝ කාලයක් ගත වේ. ඇත්ත වශයෙන්ම එය එසේ සිදුවිය යුතුද යන්න මිනිසාගේ තීරණය මත රදා පවතියි.

කෙසේ වෙතත් ඉහත ප්‍රකාශයෙන් රොබෝවරුන් යුද්ධය සඳහා නිර්මාණය ‍නොවනු ඇතැයි ගම්‍ය නොවේ. වර්තමානයේ පෙන්ටගනයේ තෝරා ගැනීම නම් මිනිසා සහ රොබෝවරු කණ්ඩායම් නිර්මාණයයි. එනම් යම් කාර්යයක් කිරීමට හෝ යමක් ලබාගැනීම සඳහා මිනිසුන් විසින් මෙහෙයවන රොබෝයන්ත්‍ර මිනිසා සමඟ එක්ව කටයුතු කිරීමයි. එමගින් අනාගතයේදී රොබෝවරු මෙහෙයවන රොබෝයන්ත්‍ර සහ රොබෝවරු කන්ඩායම් වැනි සම්පූර්ණයෙන් ස්වයංක්‍රිය ක්‍රම සැකසීමට ඉඩ තිබේ.උදාහරණයක් ලෙස ස්වයංක්‍රිය හෙලිකොප්ටර් යානයක්  ( Robot Helicopter Drone ) මගින් භූමියේ ගමන් කරන රොබෝ ස්වයංක්‍රිය යන්ත්‍රයක් යුද්ධ භූමිය වෙත ගෙනයාම. මෙම ක්‍රියාව පසුගිය ඔක්තෝම්බර් මාසයේදි පෙරහුරුවක් ලෙස Florida  හි ක්‍රියාත්මක කර තිබේ.

මිනිසුන් රහින හෙලිකොප්ටරයක් විසින් රොබෝ යන්ත්‍රයක් භූමියට ගොඩබාන ලද අතර ඉන්පසු රොබෝ යන්ත්‍රය ගොඩබිම තුළ චලනය වෙමින් කටයුතු කිරීම මෙහිදි සිදුවිය. මෙම පරික්ෂණය හෙලිකොප්ටර් කේෂත්‍රයේ යෝධයකු වන Sikorsky ආයතනයට හිමි Lockheed Martin ආයතනය සමඟ එක්ව Carnegie Mellon ආයතනය විසින් Sikorsky ගේ පියාසර සංවර්ධන මධ්‍යස්ථානයේදී ක්‍රියාත්මක කර ඇත. ඒ සඳහා Black Hawk හෙලිකොප්ටර් රොබෝව සහ Land Tamer නම් මහේච්ජ බාලදක්ෂ වාහන රොබෝව භාවිතා වී තිබේ. Video නරඹන්න.


උපුටා ගැනීම :-
 The Future Unmanned war Takes A Halting Step Closer
http://www.popsci.com/drone-helicopter-delivers-ground-robot-in-test

Windows Experience Index (Windows Rating)

விண்டோஸ் கணினியின் performanceஐ அளவிட Windows Experience Index (Windows Rating) என்கிறார்கள். இந்த Rating வன்பொருள்,மென்பொருள் வேலை செய்யும் திறனை CPU, RAM, GPU, Hard Disk உடன் சேர்த்து கணக்கிட்டு தரப்படுகிறது. இது ஒரு கணினியின் செயல்பாட்டை பொறுத்து மதிப்பிடப்படுகிறது. இது பற்றிய விவரங்களை இந்த பதிவில் காண்போம்.
இதை நீங்கள் கணினியில் Start -> Control Panel –> Performance Information and Tools அல்லது system -> Windows Experience Index இங்கே சென்று பார்க்க முடியும்.
புதிய மென்பொருள்/வன்பொருள் கணினியில் இணைக்கும் போது புதிதாக reset செய்தால், rating சரி செய்யப்பட்டு புதிய அளவு காட்டப்படும். அங்கே basicScore, subscore என இரண்டு அளவுகள் காட்டப்படும். subscore இன் குறைந்த அளவு basicScore இல் காட்டப்படும். கணினி வாங்கும்போது முக்கியமாக ஏற்கனவே பயன்படுத்தப்பட்ட  கணினிகளை வாங்கும் போது இந்த rating ஐக் கவனித்து வாங்கலாம். ஆனாலும் அவை நிச்சயம் சரியாக இருக்கும் என்று சொல்ல முடியாது. காரணம் படத்தைப் பாருங்கள். சாதாரண பழைய கணினியில் 1.0 என்ற basicScore ஐ 7.9 ஆக மாற்றி அமைக்கப்பட்டிருக்கிறது.
2

நமது அரசின் நிதி அமைச்சர் பாராளுமன்றத்தில் நிதி நிலை, வேலை வாய்ப்பு, பொருளாதார வளர்ச்சி என பல நல்ல தகவல்களை புள்ளி விபரங்களுடன் தெரிவிப்பார். சில தினங்களின் பின்னர் அதிகாரிகளும் பொருளாதார நிபுணர்களும், நாம் தலையில் கையை வைக்கும் அளவு மோசமான தகவல்களைத் தருவார்கள்.அது போல் நாம் எதையும் எப்படியும் மாற்றி அமைக்க முடியும் என்பதைக் கவனத்தில் கொள்ள வேண்டும். இவை எல்லாம் Man Made. God Made அல்ல.
sw7
இந்த Rating முறை 1 இல் இருந்து 7.9 வரை உள்ளது. 64 பிட் இல் 4 GB Ram ற்கு கீழிருந்தால், Basicscore 5.9 ஆக அதி கூடிய அளவாகக் காட்டப்படும். ஓரளவு பயன்படுத்தப்பட்ட சாதாரண கணினியில் 2.0 – ஆக இருந்தால் பொதுவான அனைத்து வேலைகளுக்கும் ஏற்றதாக இருக்கும். 3.0 என்பது Windows 7 இல் Nero வுடன் சாதாரண வேலைகளுக்கு ஏற்றதாக இருக்கும். 5.0 என்பது Windows 7 புதிய முறைகளைப் பயன்படுத்தவும், multi-taskingக்கு ஏற்றதாகவும், 7.0 என்பது கிராபிக், விளையாட்டு போன்ற உயர்ந்த வேலைகளுக்கு ஏற்றதாகவும் இருக்கும். இதற்குப் பொருள், பிரச்சனைகள் இன்றி நன்றாக வேலை செய்யும் என்பதே தவிர, அவற்றிற்கு குறைந்த அளவு Rating உள்ளவை வேலை செய்யாது என்பது பொருள் அல்ல. subscore களின் அளவைப் பார்த்து, குறைவாக உள்ளவற்றை upgrade செய்வதன் மூலம் basicScore இன் அளவை உயர்த்தலாம்.
1
இந்தப் படத்தில் Processor 5.3 எனக் காட்டப்படுவதால், Basicscore 5.3 ஆக இருக்கிறது. CPU Driverஐ update செய்யலாம் அல்லது முடிந்தால் upgrade செய்யலாம். அப்படி செய்வதால் வேகம், performance ஐ அதிகரிக்கலாம். அது போல் RAM upgrade செய்யலாம் அல்லது RAM ஐக் கழற்றி தொடர்புகளை சுத்தம் செய்து மீண்டும் இணைத்துக் கொள்ளலாம். அது போல் கிராபிக் கார்டையும் upgrade அல்லது driver update செய்து கொள்ளலாம்.
sw8

மேலே உள்ள படத்தில் HardDisk என்ற வன்தட்டு 5.9 என குறைந்த அளவில் காட்டப்பட்டு, subscore உம் அதே குறைந்த அளவைக் காட்டுகிறது. மற்றவை நன்றாக இருக்கிறது. விரும்பினால் புதிய வன்தட்டு ஒன்றை மாற்றலாம். அப்படி மாற்றும்படி சொல்வதைவிட ஏன் ஏற்படுகிறது என்பதை தெரிந்து கொள்வது சிறந்ததாகும்..
வன்தட்டு என்பது case, drive motor, platters, drive heads, logic board இவற்றால் ஆனது. அடிக்கடி format செய்வது, அடிக்கடி OS களை மாற்றுவது, இவற்றால் Track, Sector track, Sector, Cluster களில் ஏற்படும் பிழைகள், defragmentation செய்யாமல் விடுவது, chkdsk செய்யாது விடுவது போன்றவற்றாலும், கணினி, மடிக்கணினி உள்ளே தூசிகள் தங்கி விடுவதாலும் இந்தப் பிழைகள் ஏற்படுகிறது. அதிக தூசிகள் கணினிக்குள் தங்கி விடுவதால், அதிக வெப்பம் ஏற்படுவதும், தூசி அடைத்துக் கொள்வதால் cooling fan,CPU-Heatsink, GPU fan, Hard Disk, CD/DVD Drive வேலை செய்யாமல் விடவோ அல்லது வேலை செய்யும் தரத்தைக் குறைக்கவோ செய்யும். அத்துடன் உள்ளே வெப்பம் அதிகரித்து மிக குறைந்த மின்சாரத்தில் இயங்கும் பகுதிகள் பழுதடைகின்றன.
இதைவிட வன்தட்டு, CD/DVD/USB/SD Card இவை ஒவ்வொன்றும் வேவ்வேறான முறையில் read and write செய்யப்படுவதுடன் வேகமும் வேறுபடுகிறது. உதாரணமாக IDE,SATA வை விட SSD hard drive முற்றிலும் வேறுபட்ட முறையில் இயங்குகிறது. Rating இல் subscore வன்தட்டின் வேகத்தையும் megabytes per second கணக்கில் எடுத்துக் கொள்கிறது. இவை எல்லாம் தான் குறைந்த rating ற்கு காரணம். அதனால் வன்தட்டை மாற்றுவதை விட மேலே சொன்னவற்றை கவனிப்பதாலும் சரி செய்யலாம்.
வன்தட்டின் வெப்பம் 25 – 50 டிகிரி செல்சியுஸ்ற்குள் இருக்க வேண்டும். 50ற்கு மேலானால் உட்பகுதிகளை பழுதடையச் செய்யும். (CPU/GPU 40 -65 டிகிரி செல்சியுஸ் ற்குள் இருப்பது சிறந்தது.) அதிக வெப்பநிலை ஏற்படுமானால், மேலதிகமாக ஒரு cooling Fan ஐ இணைத்துக் கொள்ளலாம்.
இந்த Ratingஐ வைத்து ஒரு கணினியின் செயல்பாட்டை அறிந்து கொள்ளலாம். இதன் மூலம் உங்களுக்கு என்ன வேலைக்கு நீங்கள் கணினி வாங்க போகிறீர்கள் என்பதை பொறுத்து கணினியை தெரிவு செய்ய முடியும்.

විවිධ සත්ව වර්ග 100 ක පමණ වාසභවන වූ නිවාස

නිවාස වල වෙසෙන සන්ධිපාදිකයන් පිළිබඳ ප්‍රථම වරට කරන ලද පුළුල් පරීක්ෂණයට අනුව සාමාන්‍යයෙන් දැකීමට අකමැති සත්ව විශේෂ 100 ක් පමණ නිවාස වල වාසය කරන බව අධ්‍යනය කර තිබේ.
සංකීර්ණ පරිසර පද්ධතියක් වූ සමහර සත්ව විශේෂ නියපොතු කැබලි, පාන් රොඩු වැනි ආහාර මත යැපේ. ඉතිරි කොටස අහඹු ලෙස මෙම  භියකරු ලෝකයේ සිර වූ ආගන්තුකයන්  වන අතර ඔවුන්ව බොහෝ ගේහිමියන් නොහදුනති.

මේ පරීක්ෂණය ක්‍රියාත්මක කර ඇති උතුරු කැරොලිනා හි ග්‍රාමිය ප්‍රදේශ වල විවිධා කාර වූ නිවාස 50 කදී මූලික ලෙස කෘමීන්, මකුළුවන්, කුරුමිණියන්, ගුල්ලන්, මැස්සන් හා කූබීන් වර්ග 579 ක් සොයාගෙන ඇත. මේ පිළිබඳව දැනගත් ගේ හිමියන් බොහෝ සේ කලබලයට හා භීතියට පත්වූවද එය සාමාන්‍ය තත්වයක් බව ඔවුනට පරීක්ෂණ කණ්ඩායම විසින් වටහා දුන් බව එහි ප්‍රධානියා වන උතුරු කැරොලිනා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ මැට් බර්ටන් පවසයි.
මෙමගින් නවීන නිවාස  නිසරු කාන්තාර යන මතය සාධාරණ නොවන බවත් ඇත්ත වශයෙන් නවීන නිවාස නුදුටු ජීවින් හා සහවාසය කරන බවත් ඔහු තව දුරටත් කියා සිටී. නිරීක්ෂණය කරන ලද කාමර 554 ක් කාමර 5 ක් හැර ඉතිරි සියල්ලෙහි අවම වශයෙන් මෙවැනි එක් සත්ව විශේෂයක් හෝ වාසය කරන බව හඳුනා ගැනීමද ඉතා පුදුම සහගත බව වාර්තා වේ. මකුළුවන් හා මැස්සන් වැනි සත්ව විශේෂ නිවසේ ස්ථිර වාසය සඳහා අනුවර්තනය වී ඇත.
උපුටාගැනීම :
 your home is a jungle inhabited by 100 different species 
https://www.newscientist.com/article/2073729-your-home-is-a-jungle-inhabited-by-100-different-species/

January 18, 2016

ඔතාගෙන යන TV එකක්.............

          තාක්ෂණික ලෝකයට එක් වන නවතම හදුන්වාදීම් අතරට බටයක් ලෙස එතිය හැකි රූපවාහිනියක් එක්ව තිබේ.ඉතා නම්‍යශීලී තිරයක් සහිත මෙම අගල් 18 ක රූපවාහිනි තිරය එසේ එතූ විට වට ප්‍රමාණය සෙ.මී 3 කි.මෙය කිසිම අපහසුවකින් තොරව එහා මෙහා ගෙන යා හැකි අතර එයට වැඩි ඉඩකඩක් ද අවශ්‍ය නොවේ.භාවිතා නොකරන අවස්ථා වලදී කැලැන්ඩරයක් මෙන් ඔතා වෙනත් තැනක තැබිය හැකිය.
ය          රූපවාහිනී තිරයේ විච්ජේදනය පික්සල් 1200*800 වන අතර එය එතීමේදී කිසිදු හානියකට පත් නොවන බවත් තදින් ඔතන්නට කිසිසේත්ම බිය විය යුතු නැති බවත් නිෂ්පාදක LG සමාගම පවසයි.
            2017 වසරේදී මෙවැනිම අගල් 60 කින් යුත් ULTRA HD රූපවාහිනියක් වෙලද පොලට නිකුත් කරන බව ඔවුන් පවසයි.භාවිතා නොකරන අවස්ථාවන්හිදී නොපෙනෙන්නට තැබිය හැකි වීම මෙහි ඇති විශේෂත්වයයි. නම්‍යශීලි තිර නිපදවීම 2006 වසරේ සිටම විවිධ සමාගම් හරහා සිදු වූ අතර ඒවා සියල්ල කුඩා ප්‍රමාණයේ ඒවා විය.
             එසේම පසුගිය වසරේදී ලාස්වේගාස් හිදී තවත් ආයතනයක් විසින් නම්‍යශීලි ස්මාර්ට් දුරකථනයක්ද හදුන්වා දෙන ලදී.
             වක්‍ර රූපවාහිනී හා ස්මාර්ට් දුරකථන මේ වන විට භාවිතයේ ඇති අතර මෙවන් නම්‍යශීලි තිරයක් කරළියට පැමීණි මුල්ම අවස්ථාව මෙය වේ.

           අන්තර්ජාලය ඇසුරිනි.
           සැකසුම:කේ.ජේ.ඒ.වී පෙරේරා,
                        විද්‍යා හා තාක්ෂණ නිළධාරි,
                        මීගමුව.

January 13, 2016

ஏன் பிராய்லர் கோழிகளை உண்ணக்கூடாது














மதுவை விட பாதிப்பு கூடியது.

40 நாட்களில் வளர்க்கப்பட்டு விற்பனைக்கு வந்துவிடும் பிராய்லர் கோழி
வளர 12விதமான கெமிக்கல்ஸ் பயன்படுத்தப்படுகின்றது, கோழி சாப்பிடும் உணவில் சேர்க்கப்படுகின்றது.
அளவுக்கதிகமான ஆன்டி பயாட்டிக் சேர்க்கப்படுகின்றது.
இதனால் இறைச்சியை சாப்பிடுபவர்களுக்கு நோய்க்கூறுகள் தோன்றுகின்றன என சிஎஸ் ஐ நடத்திய ஆய்வில் தெரிய வருகிறது.
ஆண்களின் உயிரணுக்களை அழிக்கறது.
குழந்தையின்மைக்கு முக்கிய காரணம் .
பத்து பதினொரு வயது சிறுமிகள் பெரிய மனுக்ஷி ஆவதற்கு பிராய்லர் கோழி ஒரு காரணம்.
டைலோசின் பொசுப்பேற்று, டினிடோல்மைடு, டயாமுலின் ஹைடயோஜின், மைக்ரோமைன் பி சிஎப், டோக்சிலின்-ஈஎஸ், போன்றஇன்ன பிற மருந்துகளும் சேர்க்கப்படுகின்றன.
இத்தகைய மருந்துகள்தான் சிறுமிகளை பெரிய மனுசிகளாக்குகின்றன.
பிராய்லர் கோழியின் அதிகப்படியான சதைகளால் கெட்ட கொழுப்புகளே அதிகளவில் நம் உடலில் சேர்கின்றன.
இத்தகைய கெட்ட கொழுப்பு இரத்த நாளங்களில் அடைப்பினை ஏற்படுத்துகின்றன.
100ல் 65பேருக்கு கொழுப்பு நிறைந்த ஈரல் நோய் உள்ளது. ஏற்கெனவே பயண்படுத்திய எண்ணையால் இந்நோயேற்படுகின்றது.
சறு நீரகங்களிலும் கல்லீரலிலும்கேன்சர் உருவாக ஒரு காரணம்.
தொடர்ச்சியாக சாப்பிடுவோர் குடல் புற்று நோய்க்கு ஆளாவர்.
இதை விரும்பி உண்பதால் எலும்புகளில் இருக்கும் சத்து முற்றும் அழிகிறது.
எனவே இயற்கையானதும் நம் முன்னோர்கள் உண்டதுமரன ஆரோக்கியமான உணவுகளை நாமும் உண்டு நலமாக வாழ்வோம்.

January 12, 2016

කොකෝවා

සෞඛයට හිතකරයි
ශරීරයෙන් මේදය  ඉවත් කරයි
කොකෝවා නිෂ්පාදනය කරනුයේ  Theobroma cacoa නම් ශාකයෙනි.
එහි උපන් බිම දකුණු අප්‍රිකාවයි. මෙහි ඵල මුල් අවස්ථාවේ දී කොල පැහැ වන අතර පසුව තැබිලි පැහැයට
හුරැ වේ.ඵලය ඝනකම් පොත්තක් සහිත වන අතර ඇතුලත මාංසල බීජ රැසකින් යුතුය.
එය චොක්ලට් තැනීමේ ප්‍රධාන අමුද්‍රව්‍යයයි.
එය දෙවියන්ගේ ආහාරයක් ලෙසද නම් දරා ඇත.

මෙහි ඵල වල ඇන්ටිඹක්සිජන්,පයිටොකෙමිකල් ,ඛනිජලවණ ,ස්නායු සම්ප්‍රේෂණයට අදාල වන රසායනික සහ අත්‍යවශ්‍ය හෝමෝන අඩංගු බව පර්යේෂණ  වලින් සොයා ගෙන ඇත.
කොකෝවා රෝග ගනනාවකට සුවතාවයක් ඇති කිරීමටසමත් බව පර්යේෂකයන් විසින් සොයා ගෙන ඇත.
එනම් අධික රැධිර පීඩනය
හෘද රෝග
පිලිකා

එපමනක් නොව මේවා රැධිරය පිරිසිදු කරන්නක් වේ.

තවද විෂබීජනාශයක් ලෙසද ක්‍රියා කරයි.

සර්පයන් දෂ්ඨ කිරිමේ ද විෂ නැසීමට කොකෝවා භාවිතා කෙරේ.

චොක්ලට් සෑදීමට ගනු ලබන්නේ කොකෝවා ගසේ සෑදෙන කොකෝ බීජයි. කොකෝ ඵල වසරකට
දෙවරක් නෙලනු ලැබේ. පුලුස්සා පොතු ඉවත්කොට ගත් කොකෝ බීජ අධික උෂ්ණත්වයකට ලක්කලවිට උකු දියරයක් ලැබේ. මෙය චොක්ලට් ද්‍රාවණය ලෙස හඳුන්වන අතර මෙම ද්‍රාවණය කොකෝවා බටර් හා කොකෝවා පිටි ලෙස වෙන්කරගනු ලැබේ.

ලංකාවේ බහුලවම පරිභෝජනය කෙරෙන මිල්ක් චොක්ලට් හෙවත් කිරි අඩංගු චොක්ලට්වල යොදය ‍හෝ වෙනත් කිරි නිෂ්පාදන හා සීනි අඩංගු වන අතර චොක්ලට් ද්රාචවණයෙන් 10%ක් ඇතුලත්කොට තිබිය යුතුය.

ගුණයෙන් වැඩි යැයි සැලකෙන තද පැහැති චොක්ලට්වලද මිහිරි-කටුක මශ්‍ර රසැති හා අඩ පැණි රස චොක්ලට්වලද අවම වශයෙන් චොක්ලට් ද්‍රාවණය 35%කින් අන්තර්ගත විය යුතුය.
බොහෝ දෙනා ප්‍රිය කරන මිල අධික සුදු පැහැති චොක්ලට්වල චොක්ලට් ද්‍රාවණය අඩංගු වන්නේ නැත. ඒ වෙනුවට එහි ඇත්තේ බටර්, සීනි, කිරි නිෂ්පාදන හා රසකාරක වේ. සුදු පැහැති චොක්ලට් අවම වශයෙන් කොකෝවා බටර් 20% වත් අඩංගු විය යුතු අතර සීනි ප්‍රමාණය 55% නොඉක්මවිය යුතුය. විද්‍යුත් නාසිකාව (Electronic Nose) යනුවෙන් හැඳින්වෙන උපකරණයක් මගින් චොක්ලට්වල සුවඳ ඇගයීමට ලක්කරනු ලැබේ.

කොකෝවා සීනී රහිතව පානය කිරීම ඉතා ගුණදායක බව පෙන්වා දී ඇත.
සිනී වෙනුවට කිතුල් පැණි  කොකෝවා පවුඩර්  වලට එකතු කිරීමෙන්  චොක්ලට් සදා ගත හැක
ලංකාවේ කිතුල් පැණි බහුල බැවින් මෙවැනි ගුණාකත්මක නිෂ්පාදන ඇති කල හැක.


උපුටා ගැනීම- Article value of coco powder

January 5, 2016

ආන්ත්‍රික ක්ෂුද්‍රජීවීන්

අපේ අන්ත්‍ර වල ජීවත් වන බැක්ටීරියා වල කාර්යයන් පිලිබදව විවිධ පර්යේෂණ සිදුවෙමින් පවතී.
ආහාර ජීර්ණය පහසු කිරීමට අවශ්‍ය විටමින වර්ග නිපදවීම බැක්ටීරියාවල කාර්යයන් අතර ප්‍රධාන තැනක් ගනී.මෙම බැක්ටීරියා මිනිසාගේ මනසටද බලපෑම් ඇති කරන බව මෑතදී කළ බොහෝ පර්යේෂණ වලින් තහවුරු වී ඇත.


මේ ආන්ත්‍රික ක්ෂුද්‍රජීවීන් විවිධ රසායනික බොහෝමයක් නිපදවීමට උදව් වන බවපෙන්වා දී ඇති අතර එනම්
ඩොපමීන්,
ගැමා-ඇමයිනොබියුටරික් ඇසිඩ්(GABA)
 සෙරටොනින් වැනි ස්නායුසම්ප්‍රේෂක රසායනික

ස්නායු යනු මොළය හා ශරීරයේ අනෙක් කොටස් අතර පණිවිඩ හුවමාරු කරන රසායනික ද්‍රව්‍යයි.  ඒවා ස්නායු සෛල, හෙවත් නියුරෝන අතර සංඥා හුවමාරු කිරීමෙන් මෙම ක්‍රියාවලියට දායක වේ. හෘද ස්පන්දනය අහාර ජීර්ණය ශ්වසනය වැනි ක්‍රියා සදහා ස්නායු ආවේග සම්ප්‍රේශණයට උපකාරී වේ.

ස්නායුසම්ප්‍රේෂක නියමිත ප්‍රමාණ වලින් සමතුලිතව නොතිබූ විට මතක ශක්තිය, නින්ද, අවධානය යොමු කිරීමට ඇති හැකියාව, සිත යම් කාර්යයක් සඳහා එක්තැන් කිරීම කෙරෙහි ගැටළු ඇති වේ.
ඔබට ධනාත්මක පෙළඹවීම් (Motivation) ඇති කිරීමට ඩොපමීන් නම් සනායු සම්ප්‍රේෂකයට හැකියාව ඇත. ඔබගේ අවධානය හා ඵලදායී බව වැඩි කිරීමට මෙය උපකාරී වේ.
සෙරටොනීන් මගින් විවිධ මනෝභාවයන් හා නින්ද පාලනය කෙරේ. ඉගෙනීම ආශ්‍රිත කටයුතු වලදීත් මෙය මහත් උපකාරී වේ.
GABA
 මගින් සතුට සහ සැහැල්ලු බව ඇති කරයි.
අපගේ දේහයේ සෙරටොනීන් වලින් 90%ක් හා ඩොපමීන් වලින් 50%ක් නිපදවෙන්නේ ආහාර මාර්ගයේ අන්ත්‍ර ආශ්‍රිතවයි. මෙම සෙරටොනීන් නිෂ්පාදනය සඳහා අදාල සෛල ප්‍රේරණය කිරීමට ආන්ත්‍රික බැක්ටීරියා ක්‍රියා කරයි.

ආන්ත්‍රික බැක්ටීරියා වල ක්‍රියාකාරිත්වය ශාකමය ආහාර අනුභව කිරිම මගින් වැඩි දියුණු වන බව පර්යේෂණ වලින් පෙන්වා දී ඇත.හෝමෝන ක්‍රියාකාරීත්වය හොදින් සිදු වන අතර මානසික ඒකග්‍රතාවයට වැදගත් වේ.විවිධ රෝග මර්ධනය කිරීමේ හැකියාව  ඇති වන බව පෙන්වා දි ඇත.
ගර්භණී අවස්ථාවේ දී ශාකමය ආහාර ආහාරයට ගැනීම නිසා එම දරැවන් නිරෝගී වන බව පෙන්වා දී ඇත.

මාංශමය ආහාර අනුභව කරන විට අන්ත්‍රය කෙටි වේ.ආන්ත්‍රික බැක්ටීරියා ක්‍රියාකාරිත්වය අඩුය.ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වය අඩුය .මානසික ව්‍යාකූලතා ඇතිවේ.එය විවිධ රෝගී තත්ව වලට හේතු වන බව පෙන්වා දී ඇත.


ශාකමය ආහාර සකස් කරන ක්‍රමවේදය ඉතා වැදගත්ය. එනම් බෙලෙන්ඩර් කිරීමට වඩා ඇබරීම සහ කෙටිම වැදගත්ය.
කෙටිම සහ ඇබරීම නිසා සෛල බිත්ති තැලී එහි අන්තර්ගව ඇති විශේෂිත වූ එනසයිම සහ පෝෂක ආහාරයට එකතු වේ.
ආන්ත්‍රික බැක්ටිරියා ක්‍රියාකාරීත්වය හොදින් සිදුවන අතර අවශෝෂණය පහසු වේ.

බෙලෙන්ඩර් කිරීම තුලින් ඉහත කිසිවක් සිදු නොවේ.



උපුටා ගැනිම - Science daily