January 18, 2016

ඔතාගෙන යන TV එකක්.............

          තාක්ෂණික ලෝකයට එක් වන නවතම හදුන්වාදීම් අතරට බටයක් ලෙස එතිය හැකි රූපවාහිනියක් එක්ව තිබේ.ඉතා නම්‍යශීලී තිරයක් සහිත මෙම අගල් 18 ක රූපවාහිනි තිරය එසේ එතූ විට වට ප්‍රමාණය සෙ.මී 3 කි.මෙය කිසිම අපහසුවකින් තොරව එහා මෙහා ගෙන යා හැකි අතර එයට වැඩි ඉඩකඩක් ද අවශ්‍ය නොවේ.භාවිතා නොකරන අවස්ථා වලදී කැලැන්ඩරයක් මෙන් ඔතා වෙනත් තැනක තැබිය හැකිය.
ය          රූපවාහිනී තිරයේ විච්ජේදනය පික්සල් 1200*800 වන අතර එය එතීමේදී කිසිදු හානියකට පත් නොවන බවත් තදින් ඔතන්නට කිසිසේත්ම බිය විය යුතු නැති බවත් නිෂ්පාදක LG සමාගම පවසයි.
            2017 වසරේදී මෙවැනිම අගල් 60 කින් යුත් ULTRA HD රූපවාහිනියක් වෙලද පොලට නිකුත් කරන බව ඔවුන් පවසයි.භාවිතා නොකරන අවස්ථාවන්හිදී නොපෙනෙන්නට තැබිය හැකි වීම මෙහි ඇති විශේෂත්වයයි. නම්‍යශීලි තිර නිපදවීම 2006 වසරේ සිටම විවිධ සමාගම් හරහා සිදු වූ අතර ඒවා සියල්ල කුඩා ප්‍රමාණයේ ඒවා විය.
             එසේම පසුගිය වසරේදී ලාස්වේගාස් හිදී තවත් ආයතනයක් විසින් නම්‍යශීලි ස්මාර්ට් දුරකථනයක්ද හදුන්වා දෙන ලදී.
             වක්‍ර රූපවාහිනී හා ස්මාර්ට් දුරකථන මේ වන විට භාවිතයේ ඇති අතර මෙවන් නම්‍යශීලි තිරයක් කරළියට පැමීණි මුල්ම අවස්ථාව මෙය වේ.

           අන්තර්ජාලය ඇසුරිනි.
           සැකසුම:කේ.ජේ.ඒ.වී පෙරේරා,
                        විද්‍යා හා තාක්ෂණ නිළධාරි,
                        මීගමුව.

0 comments:

Post a Comment