Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

April 29, 2015

බයිසිකලෙන් විදුලිය

සැන්ඩි සැඩ කුණාටුව නිසා මිලියන 07ක ජනගහනයට විදුලි බලය අහිමි විය. මීළඟ විදුලිබල ඇණහිටීමට සූදානම් වීම සඳහා නිවසේ සෑදූ විදුලිජනකයක් නිපදවා ගැනීමට මිනිසුන්ට ඉගැන්වීමට ක්‍රිස් හැකට්ට අවශ්‍ය විය. ඉවතලන ද්‍රව්‍ය වලින් ප්‍රයෝජනවත් උපකරණ සෑදීමේ පළපුරුද්ද අනුව පාපැදියක් හා Deep cycle විදුලි කෝෂයක් (battery) මඟින් විදුලිජනකයක් විනාඩි 06 ක වැනි සුළු කාලයකදී සාදන අයුරු වීඩියෝවේ දැක්වේ.


අවශ්‍ය ද්‍රව්‍ය
        I.             Deep-cycle විදුලි කෝෂයක්
     II.            අපවර්තනය (Inverter)
   III.            ඍජු ධාරා චුම්බක මෝටරය (Magnet DC Motor)
(ඉවතලන විද්‍යුත් රෝද පුටුවකින් ලබා ගත හැක)
  IV.            පාපැදියක්
·     මෝරටයට සම්බන්ධ කිරීම සඳහා (Metal Spindle)
·     ඉවතලන වානේ රාමුව
·     ආරෝපණය කළ හැකි පරිපථය
(වීඩියෝවේ ක්‍රිස් හැකට් භාවිතා කරන පරිපථය හෝ වානිජ ආකෘතියක් සුදුසුය)

සම්පූර්ණ වීඩියෝවේ උපදෙස් ලබා දීම තුලම නව නිර්මාණයක් කිරීමේ ප්‍රීතිමත් ස්වරය ඇතුළත් අතර තවත් සැඩ සුළඟකදී, හිම කුණාටුවකදී එසේ නැතිනම් ගෝරිල්ලකුගේ කලබගෑනියක් නිසා විදුලි බලය ඇණහිට ඇති අවස්ථාවක මෙම විදුලිජනකය ඉතා ප්‍රයෝජනවත් බව හැකට් ප්‍රකාශ කරයි.


උපුටාගැනීම:
How to generate electricity with a bicycle   By Kelsey D Atherton
http://www.youtube.com/watch?v=Q05NISGYYJg#t=53

කලාමැදිරියන්ගේ ආලෝකය නිකුත් කිරීමේ රහස හඳුනා ගනී.

කලාමැදිරියන් ඇසිපිය හෙලන ක්ෂණයකින් තාරකා මෙන් අඳුරු පසුබිම හරහා රඟන ආකාරය නැරඹීම සැබවින්ම කලාත්මකය, සුන්දරය. ඔවුන් මේ මෝහනීය ආලෝක ප්‍රදර්ශනය කරන්නේ ඇයි? කාලයක සිට කලාමැදිරියන්ගේ bioluminescence (බයෝලුමිනසීනස්) පිටුපස ඇති රසායන ක්‍රියාවලිය අවබෝධ කරගෙන සිටින නමුත් මේ සුන්දර ප්‍රපංචය පිළිබඳ භෞතික විද්‍යාත්මක විග්‍රහය තරමක අභිරහසක් සේ සැලකේ. දැන් නවීන තාක්ෂණ ක්‍රම හා රූප සංකලන තාක්ෂණ ක්‍රම මගින් පර්යේෂකයන්  පළමු වරට කලාමැදිරියන්ගේ දිලිසෙන ආලෝකය පිළිබඳ තොරතුරු අනාවරණය කිරීමට සමත්ව තිබේ.

කලාමැදිරියන් දිලිසෙන ආලෝකය, සංඥා ලෙස සන්නිවේදනය සඳහා භාවිතා කරති. සෑම එක් කලාමැදිරියෙකු සඳහා ඔහුට ආවේනික දිලිසෙන ආලෝක රටා ඇත. උන් ඒවා තමන්ගේ විරුද්ධ පාර්ශවයන් ආකර්ෂණය කර ගැනීම සඳහා යොදා ගනී. ඒ වගේම මෙම ආලෝකය ආක්‍රමණික විලෝපිකයන් බිය ගැන්වීම සඳහා භාවිතා කරන බව ද උපකල්පනය කරනු ලැබේ.

කලාමැදිරියන්ගේ දිලිසෙන ආලෝකය නිපදවීම හෙවත් bioluminescence ලෙස හැඳින්වෙන ක්‍රියාදාමයේ රහස ඔක්සිජන් හමුවේ ප්‍රතික්‍රියා දක්වන රසායනික සම්බන්ධතාවයන් බව විද්‍යාඥයන් හදුනා ගෙන ඇත. කැල්සියම්, ATP හෙවත් සෛලවල ශක්ති මූල සහ luciferin රසායනිකය සමග ඔක්සිජන් අණු එක්වී ආලෝකය නිපදවනුයේ luciferase නම් එන්සයිමය ආධාරයෙන්ය. උදරයේ පිහිටි ලන්තෑරුම නම් ආලෝක ඉන්ද්‍රිය තුල ඇති Potocytes හෙවත් ආලෝකය නිෂ්පාදනය කරන සෛලවල මෙම ක්‍රියාවලිය සිදුවේ. වාහිනී පද්ධතිය ලෙස හදුන්වන කුඩා නාල එකතුවූ ශ්‍රේණියක ලන්තෑරුම තුල ඇති සෛල සමග ඔක්සිජන් සම්බන්ධ වේ. මෙම සෛලවල සාමාන්‍යයෙන් දහඩිය මෙන් ගන්ධයක් ඇත.
 
දිලිසෙන ආලෝක නිෂ්පාදනය තොරතුරු පිළිබඳ මේ තරම් දැනුවත් වුවද ඔක්සිජන් සැපයීමේ ක්‍රියාවලිය සර්ව සම්පූර්ණව හඳුනාගෙන නොතිබුණි. එයට වස්තු වාහිනී ක්‍රියාවලිය ඉතා සූක්ෂම හා සංකීර්න වීමයි. ඒ නිසා විද්‍යාඥයින් කලාමැදිරියන්ගේ දිලිසෙන ආලෝක නිපදවීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් පරීක්ෂා කිරීමට හා නිරීකෂනය කිරීමට නොහැකි විය. ස්විස්ටර්ලන්තය සහ තායිවානයේ ජාත්‍යන්තර පර්යේෂක කණ්ඩායමක් ලන්තෑරුම (lantern) සහ අන්වීක්ෂීය (tracheal) පද්ධති හදුනා ගැනීමට සුවිශේෂී තාක්ෂණයක් ඉදිරිපත් කළේය.
එම තාක්ෂණයන් microtomography හී synchrotron  ප්‍රභේද අංශය සහ අන්වීක්ෂීය එක්ස්රේ සන්නිවේදන ලෙස හදුන්වනු ලැබේ. එමගින් කෘමීන් සත්‍යවශයෙන් මයිට්‍රෝකොන්ඩ්‍රියාවෙන් බැහැරට ඔක්සිජන් හැරවීම මගින් දිලිසීම ඇති වන අතර  ඒ නිසා සෛලවල ශක්ති නිෂ්පාදනය පාලනය වේ. මෙම ඔක්සිජන් ඉන්පසුව bioluminescent ප්‍රතික්‍රියාව සඳහා නැවත යොමු කරනු ලැබේ.
උපුටා ගැනීම -
 Scientist unravel mechanism behind firefly flashing By Justine Alford

https://www.youtube.com/watch?v=RpywSqvXDqc

April 27, 2015

මහපටගිල්ල රැහැන් රහිත සියුම් Pad පාලකයක්‌ කරන පළඳනාව

තම දෑත වෙනත් භාණ්ඩ හෝ ද්‍රව්‍ය වලින් පිරී ඇති විට පරිගණක Pad පාලකයක් ලෙස මහපටඟිල්ල යොදා ගැනීමට හැකි වන ආකාරයේ පළඳනාවක් පර්යේෂකයෝ විසින් නිෂ්පාදනය කර තිබේ. උදාහරණයක් ලෙස ඉවුම් පිහුම් වල නියුතුව සිටින විට දුරකථනයට පිළිතුරු දීම ජංගම දුරකථනයේ කෙටි පණිවිඩ ටයිප් කිරීමේදී එයට බාධා නොකර සටහන තුලට සංඛේත යෙදීම වැනි කාර්ය සඳහා ද මෙය භාවිතා කළ හැකිය. තවදුරටත් වර්ධනය කිරීමෙන් එහි අවශ්‍යතාව පැන නඟින අවස්ථාවලදී සන්නිවේදනය පහසු කිරීමට මෙම පළඳනාව භාවිතා කිරීම අපේක්ෂා කරයි. වැදගත් රැස්වීමක ඔබ සහභාගි වී සිටින විට හදිසියේ දරුවාට ලබාදිය යුතු උපදේශයක් කෙටි පණිවිඩයක් ලෙස යැවීමට හැකියාව මෙමගින් ලැබේ.

මහපටැඟිලි පළඳනාවක් වූ මෙය NailO ලෙස නම් කර ඇති අතර X-Y අක්ෂ වල ඛණ්ඩාංක, ස්පර්ශ Pad ලෙස ස්මාට් දුරකථන සඳහා භාවිතා කළ හැකිය.
 
 මැචසුසෙට්ස් තාක්ෂණ ආයතනය (MIT) විසින් නිෂ්පාදනය කළ NailO හී මූලාකෘතියක්, පරිගණක යන්ත්‍ර පරිගණකකරණය (Computing Machinery Computer)  සඳහා මිනිසුන්ගේ සම්බන්ධීකරණ රැස්වීම දකුණු කොරියාවේ සියොල් නගරයේදී පැවැත්වෙන විට ඉදිරිපත් කරන බව ප්‍රවෘත්ති පළ වී තිබේ. මෙම උපකරණ කාන්තාවන්ගේ සිත් ඇඳගන්නා සුළු ලෙස ඉතා කලාත්මකව නිර්මාණය කර ඇත්තේ ස්ටිකරයක් ලෙස බව NailO නිෂ්පාදනයේ සහයක සිසුවෙකු සහ MIT හී කලා උපාධි අපේක්ෂකයෙකු වන සින්ඩි නිසින්-ලියූ කාඕ (Cindy Hsin-Lin Kao) පවසයි.

උපුටා ගැනීම:
Wearable Device turns user’s thumbnail into a miniature wireless track pad
http://www.brunchnews.com/sciencedaily/technology/wearable-device-turns-user-s-thumbnail-into-a-miniature-wireless-track-pad-2740472

https://www.youtube.com/watch?v=iaGSe5DtxYw

ත්‍රිමාණ මුද්‍රණයේ නව තාක්ෂණය සිව්මාන මුද්‍රණය

නවතම මුද්‍රණ කලාව වූ සිව්මාන මුද්‍රණයේ සිව්වන  මානය කාලය වේ . එනම්, කාලය සමග මුද්‍රිත ත්‍රිමාණ වස්තුවේ ස්වරූපය වෙනස් වේ. වොලන්ගොන්ග් ( Wollongong) විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රෝ ද්‍රව්‍ය විද්‍යාව (Electro materials Science) සඳහා වූ ප්‍රධාන ARC මධ්‍යස්ථානය (ACES) මෙම විප්ලවීය ආකලන නිෂ්පාදනය සඳහා පියවර තබා ඇත.

කර්මාන්ත ක්ෂේත්‍රෙය තුල  හා ගෘහ ආශ්‍රිතව  ත්‍රිමාණ මුද්‍රණ කලාවේ අසාමාන්‍ය හැකියාවන් වර්ධනය වූවාසේම පර්යේෂකයෝද  ත්‍රිමාණ මුද්‍රණය සඳහා භාවිතා වන අමුද්‍රව්‍ය පිළිබඳ විවිධ අත්හදා බැලීම් ක්‍රියාත්මක කරති. එහිදී විවිධ සැකිලි  සහ පශ්චාත් නිෂ්පාදනයන්  පිළිබඳව සැලකිල්ල යොමු කරන ලද්දේ ජලය හා උෂ්ණත්වය වැනි බාහිර උත්තේජක වල බලපෑම හේතු කොට ගෙනය.
ඒ අනුව සාමාන්‍ය ත්‍රිමාණ මුද්‍රණයේදී මෙන් ස්ථරයෙන් ස්ථරය මුද්‍රණය කිරීම නව ක්‍රමයේදී අනුගමනය කරන ලද නමුත් මෙහි සුවිශේෂීත්වය වූයේ අච්චු ගැසීම සඳහා භාවිතා කළ අමුද්‍රව්‍යයයි. මෙම නව අමුද්‍රව්‍ය මගින් කළ නිෂ්පාදන කාලයත් සමග එක් හැඩතල ස්වරූපයක සිට වෙනත් ස්වරූපයකට වෙනස් වේ. එය කුඩා ළමුන්ගේ පරිවර්තන සෙල්ලම් බඩු වැනිය (Transformer Toy).

සිව්මාන  මුද්‍රණ තාක්ෂණයේ  නව්‍යතම ලක්ෂණයක්‌  ලෙස සීමාව දැක්විය නොහැකි ක්ෂේත්‍ර ගණනාවක් සඳහා  එය ආදේශ කළ හැකිවීම සැලකිය හැකිය. වෛද්‍ය විද්‍යාව, ඉදිකිරීම් තාක්ෂණය, ස්වයංක්‍රිය තාක්ෂණය, රොබෝ තාක්ෂණය ඒ අතරින් සමහරකි. උදාහරණයක් ලෙස භාහිර උෂ්ණත්වයට ප්‍රතිචාර දක්වමින් වෙනස්වන හෝ සකස් වෙන කපාටයක් (Valve) හෙවත් ශූර කපාට නිෂ්පාදනය වැනි නිර්මාණ හැකියාව මෙහිදී සුවිශේෂී බව ACES හී මහාචාර්ය මාර්ක් පවසයි. වඩාත් සිත්ගන්නා සුළු ලක්ෂණය නම් ඔබට ක්‍රියාකාරී භාණ්ඩය හෝ උපකරණය කෙළින්ම මුද්‍රණ යන්ත්‍රයෙන් ලබාගත හැකි වීමයි එනම්, උණුවතුර නලය දිගේ ගමන් කරන විට ඒ බව හදුනාගෙන (උණුවතුර නිසා හැඩය වෙනස් වී) කපාටය වැසීයාම සිදුවන ආකාරයට ස්වරූපය වෙනස් වේ.
ACES ආයතනයේ ප්‍රධාන විමර්ක පවසනුයේ සිව්මාන උපකරණයක් නිෂ්පාදනය සඳහා විධි හතරක කාට්‍රිජ එකවර භාවිතා කළ ප්‍රථම කණ්ඩායම ACES බවයි.


උපුටා ගැනීම
Four dimensional printing unfolding as technology that takes 3D printing to an Entirely new level – Science Daily

https://www.youtube.com/watch?v=Xe93qYlwv8Y

April 24, 2015

ඔබේ ජීවිතය වෙනස් කරන තාක්ෂණයන්

Live Science කතෘ විසින් 2008 ජනවාරි 10 දින ඔබේ ජීවිතය වෙනස් කරන තාක්ෂණයන් 10 ලෙස ඉදිරිපත් කළ තාක්ෂණයන් අද වන විට අපේක්ෂිත ප්‍රමාණය ද ඉක්මවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වී තිබේ. ඒවා කිහිපයක් පහත දැක්වේ.

1.      ජලකර වායු ආර්ථිකය (හයිඩ්‍රජන්)
ඛනිජ තෙල් සැපයුම්කරුවන්ගේ අනුකම්පාව දිනාගෙන විශාල ප්‍රමාණයෙන් ඛනිජ තෙල් ආනයනය කරනු වෙනුවට ජලය ජලකර වායුව බවට පත් කර දහන බල උත්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගැනීමට අවශ්‍ය තාක්ෂණය ලැබී තිබේ. ජලකර වායු දහනයේ එකම අතුරු ප්‍රතිඵලය ජලය වේ. කෙසේ වෙතත් ජලය ගබඩා කිරීමේ ගැටළුව ජයගත යුතුය. මේ නිසා ඛනිජ තෙල් ආර්ථිකය වෙනස් වී බිහිවන නව බලශක්ති ආර්ථිකයන් අතර ජලකර වායු ආර්ථිකය ප්‍රධාන තැනක් ගනු ඇත.


2.      ක්ලෝනින් වෛද්‍ය ප්‍රතිකර්ම
ක්ලෝනකරණය යටතේ පුද්ගලයකුගේ හෝ බැටළුවකුගේ සර්ව සම පිටපත් සෑදීම තවදුරටත් අවශ්‍ය නොවේ. ශරීරය ප්‍රතික්ෂේප නොකරන අවයව හෝ පටක කොටස් පිටපත් කිරීම ක්ලෝනකරණයේ  ප්‍රධාන අරමුණවේ. රෝගී වූ අවයව හෝ පටක වෙනුවට මෙම ක්ලෝනකරණයෙන් නිර්මාණය කළ ඒවායේ නිරෝගී පිටපත් ප්‍රතිස්ථාපනය කළ හැකිය. ඒ අනුව පිළිකා හෝ වෙනත් හානි වූ අවයව සහිත රෝගීන් සුවපත් කිරීමේ ක්ලෝන පිටපත් තාක්ෂණය, ඉදිරියේදී මිනිස් ජීවිත වලට සුවිශේෂී ලෙස බලපානු ඇත.

3.      පරිගණකයෙන් ත්‍රිමාණ මුද්‍රිත භාණ්ඩ නිෂ්පාදනය
ඔබට අවශ්‍ය භාණ්ඩය හෝ අමතර කොටස් ලබා ගැනීම සඳහා වෙළඳපොළට යෑමට ඉදිරියේදී අවශ්‍ය නොවනු ඇත. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන සැලැසුම් අන්තර්ජාලයෙන් භාගත කරගෙන හෝ ඔබ විසින්ම නිර්මාණය කර ඔබගේම පරිගණකයේ ත්‍රිමාණ මුද්‍රණය පහසුකම භාවිතයෙන් නිෂ්පාදනය කර ගත හැකිය.ඊලග අධියර ඔබගේ සැලසුම් හා නිර්මාණ අන්තර්ජාලය හරහා විකිණීම වේ. අඩුම වශයෙන් සෙල්ලම් බඩු, මුළුතැන්ගෙයි උපකරණ සහ විසිතුරු භාණ්ඩ මෙසේ ත්‍රිමාණ මුද්‍රණයෙන් නිෂ්පාදනය කළ හැකිවේ. ගෘහස්ත කර්මාන්ත ක්ෂේත්‍රය සම්පූර්ණයෙන් නවීකරණය වනු ඇත.
2008 ලිපියේ එසේ සඳහන් වුවද අද වන විට ත්‍රිමාණ මුද්‍රණය ආහාර පාන, යන්ත්‍ර සූත්‍ර, මිනිස් අවයව නිෂ්පාදනය කිරීම දක්වා දියුණු වී තිබේ.

උපුටා ගැනීම - 10 Technologies that will Transform your life by live science staff, January 10,2008

http://www.livescience.com/11368-10-technologies-transform-life.html

April 23, 2015

ඔබේ මාළුවාට ඇවිදින්න උගන්වන්න.

 
වසර මිලියන 400 කට පෙර අපේ මුතුන් මිත්තන් දණගාමින් මුහුදේ සිට ගොඩබිමට පැමිණි බව සඳහන් වේ. මෙම අතීත ක්‍රියාව නැවත වරක් ජීව විද්‍යාඥ එමලි ස්ටැන්ඩන් විසින් ක්‍රියාත්මක කරන ලදී. මේ සඳහා ඔහු සුරතල් මත්ස්‍යයකු ගොඩබිමෙහි හදා ගන්නා ලද බව වාර්තා වේ. සෙනගල් බිචීර්  (Senegal bichir) නම් මත්ස්‍යය සත්ත්ව වර්ගයට තම ප්‍රාථමික වර්ගයේ පෙනහළු මගින් තෙත සහිත වාතය ආශ්වාස කළ හැකිය. උගේ ඉදිරි වරල් මගින් බඩගායාමේ  හැකියාව ලැබේ. යොවුන් සෙනගල් බ්‍රීචර් මාළුවා  ජලයෙන් පිටත මාස 08 ක් තබා ගත් ස්ටැන්ඩන්ගේ  පරීක්ෂණයෙන් මාළුවාගේ  ඉදිරි වරල් වලට උපකාරී වන ඇටකටු වල හැඩයන් ඇවිදීමට පහසුවන ලෙස වෙනස් වූ බව හදුනා ගන්නා ලදී. මාළු පිළී සුවඳැති පූර්ව ජාතකයෝ  සමාන අනුවර්තනයන් මගින් ජාන වෙනස් වීමට භාජනය වූවා විය හැකිය. මේ පිළිබඳ ඔබට අත්දැකීමක් ලබා ගැනීම පිණිස විසිත්ත කාමරය තුල ජීවමාන පොසිල නිර්මාණය කිරීමට හැකිදැයි බලන්න.

ද්‍රව්‍යය
මධ්‍ය ප්‍රමාණයේ බහු අවයවික මත්ස්‍ය තටාකයක්, වැලි සහ බොරළු, ජලය, වායු නලයක් හා පාලන කට්ටලයක්, බාල්දියක්, උණුසුම් මැලියම්, මින්මැදුරු පොම්ප හා ෆිල්ටර, ආරක්ෂක කූරක්, සෙනගල් බිචීර් මත්ස්‍යායා (Seuegal Bichir)

ක්‍රමය
මත්ස්‍ය තටාකයේ එක් බිත්තියක පතුලේ සිට අඟලක් උඩින් කුඩා සිදුරක් විදින්න. අඟලක වැලි සහ බොරළු ප්‍රදේශයක් සිදුර ඉදිරියෙන් සකසන්න. එහි  1/6 ක උසකට ජලය පුරවන්න. ජලාපවනය සඳහා වායු නලය තටාකයේ  ජලය දක්වා සිදුර තුලින් ඇතුළු කරන්න.නලයේ අනෙක් කෙලවර ජාල තටාකයට  පහළින් බාල්දියක් තබන්න. කාන්දු වළක්වා ගැනීම සඳහා මැලියම් යොදා හොඳින් මුද්‍රා කරගන්න.

බාල්දිය ජලයෙන් පුරවා පෙරණය (Filter) T සන්ධිය මගින් වායු නලය සම්බන්ධ කරන්න. ජල තටාකයට පැලෑටි එක්කර මාළුවාට සුදුසු පරිසරය සකස් කළ යුතුය. දැන් Senegal Bichir  මත්ස්‍යා ටැංකියට දමන්න.


උපුටා ගැනීම:
Teach your fish how to walk.Recreate an ancient evolutionary milestone in your own home  by Shannon Palus.

https://www.youtube.com/watch?v=mKxRe0hAQmg

කෙටි පණිවිඩ අමතක කරමු - ගුවනින් හැගීම් යවමු.

දුරස්ථ කෙනෙකු සමඟ අදහස් හුවමාරු කිරීමට හෝ සම්බන්දතාවය  ඇති කර ගැනීමට දැනට භාවිතා වන කෙටි පණිවිඩ සටහන් කිරීමට ඔබගේ දෑත භාවිතා කළ යුතුය‍. දුරකථන භාවිතා නොකර අපගේ හැගීම් දුරස්ථ පුද්ගලයෙකුට ස්පර්ශයෙන් දැනීමට සැලැස්වීමේ මඟක්‌  ඉදිරියේදි ඇති වනු ඇත. එවැනි නව තාක්ෂණයක් සඳහා කටයුතු කරන එක්සත් ජනපදයේ විද්‍යාඥයින්ට අප ස්තූතිවන්ත විය යුතුය.
සසෙක්ස් විශ්ව විද්යාලයේ ආචාර්ය මරියානා ඕබිස්ට් විසින් කරන ලද අධ්‍යයනයේදී මිනිස් අතේ යම් යම් කොටස් ස්පර්ශයෙන් විවිධ විශේෂිත හැඟීම්, අර්ථ ගැන්වීමට හැකි බව අනාවරණය වී තිබේ. උදාහරණයක් ලෙස අතේ පිටත කොටස් ස්පර්ශයෙන් සෘණ ආකල්පයක් ඇති බව සඳහන් වේ. එම දර්ශක අනුව දබරඇඟිල්ල ස්පර්ශය ධනාත්මක  හැඟීම් දන්වන අතර අසතුටුදායක හැඟීම් අතෙහි අල්ල අවට  ප්‍රදේශයෙන් ඇති කරනු ලැබේ.

සහභාගී වුවන්ගේ හැඟීම් වල බලපැම පිළිබඳ පරීක්ෂණ සඳහා ඕබිස්ට් විසින් Ultrahaptic නම් ක්‍රමවේදයක්‌  භාවිතා කරන ලදි. වාතයේ සුවිශේෂි චලනයන් මඟින් හැඟීම් හඳුනා ගැනීමට haptic හෝ ස්පර්ශය පදනම් ප්‍රතිචාර යොදා ගැනේ.Ultrahaptic මේසයක් මත තැබිය යුතු විශාල උපකරණයක්  වුවද පර්යෙෂකයන් විසින් ලබා ගන්නා ප්‍රතිඵල මැණික් කටුවක් මත පළඳින බ්රේස්ලට් වැනි නවීන තාක්ෂණික  smart උපකරණයකින් ලැබෙන ප්‍රතිඵල හා සමානය.

Haptic හා පැළඳිය හැකි නවීන තාක්ෂණික smart උපකරණ සඳහා වර්තමානයේ ඇති දැඩි උනන්දුව නිසා Apple සමාගම් වැනි ප්‍රමුඛ සමාගම් හැඟීම්, ස්පරශයෙන් දැනවිය හැකි අත් ඔරලෝසුවක් වැනි කුඩා උපකරණයක් නිපදවා තිබේ. මෙම ඔරලෝසුවේ ඇති  Taptic මැසිම  විසින් පුද්ගලයෙකුගේ මැණික් කටුවට තට්ටු කරන ස්වරූපයේ ඉතා නිහඬ දැනුම් දීම් කරනු ලබයි. මෙම ඔරලෝසුවට කෙනෙකුගේ හද ගැස්ම දුරස්ථ මිතුරෙකුගේ දැනීමට සැලැස්වීමේ හැකියාව ඇත. එය ඔවුනට දැනෙනුයේ තම මැණික් කටුවට ලැබෙන තට්ටු කිරීම් මාලාවක් ලෙසය. බොහෝ අවස්ථාවලදී මෙම සංඥා මඟින් හැඟීම් දැඩිව දැනුනද ඕබ්ස්ට් ක්‍රමය තරම් ව්‍යාප්තව  සංඥා හැඟීම් ප්‍රමාණයක් ඇති  කල නොහැක. මිනිසුන් දෙදෙනෙකු අතර හැඟීම් සන්නිවේදනයට අමතරව එක් පුද්ගයකු හා කණ්ඩායමක් අතර හැඟීම් සන්නිවේදනයට සසෙක්ස් පර්යේෂකයෝ තම පර්යේෂණ දියුණු කර තිබේ. උදාහරණයක් ලෙස ඉදිරිපත් කරන්නෙකුගේ හැඟීම් අත් ඔසවාගෙන සිටින මිනිසුන් කණ්ඩායමකට දැනීමට සැලැස්වීම සදහන් කළ හැකිය. මෙහෙදී අත් ඔසවාගෙන සිටින අයට ඉදිරිපත් කරන්නාගේ හැඟීම් දැනීමට අවශ්‍යතාවය  නොතිබුණද ගැටළුවක් සිදු  නොවේ.

උපුටාගැනීම;Forget text messages – send emotions over the air by Dan Morey

http://popsci.in/forget-text-messages-send-emotions-over-the-air/