April 9, 2015

දරුවන්ට ප්‍රතිකාර කිරීමට උපකාරී වන හුරුබුහුටි රොබෝ

දරුවන්ට ප්‍රතිකාර කිරීමට උපකාරී කරන මනුෂ්‍ය ස්වරූපයේ හුරුබුහුටි මෙම රොබෝ Medi නම් වේ. අංශක 250 ක කරකැවීමේ හැකියාව ඇති Medi අඟල් 23 ක් උසය. Rx Robots විසින් නිෂ්පාදිත Medi වඩාත් වැදගත් වූයේ ප්‍රතිකාර ගන්නා දරුවන්ගේ වේදනාව පාලනයට උපදෙස් දෙන ඉතා කුළුපඟ මිතුරකු ලෙස සකස් වීම නිසයි.

දරුවන්ගේ වේදනාව සහ සංකාව තුරන් කිරිම සඳහා නැටීම හා ක්‍රීඩා කිරීම වැනි කාර්යයන් සඳහා Medi ඉතා දක්ෂ වන අතර බුද්ධිමය ලෙස හැසිරීමේ හැකියාවෙන් මෙන්ම වෛද්‍ය විද්‍යාත්මක දැනුමෙන්ද සමන්විතය. 

මෙම රොබෝ මිනිසා දරුවන් සමඟ සාකච්ඡා කරමින් ශල්‍යකර්ම, ප්‍රතිකාර වැනි දේ පිළිබඳ දරුවන් සැහැල්ලුව සහ ප්‍රීතිය උපදවන ලෙස දැනුවත් කරයි. එනිසා දරුවන්ට තමන්ගේ ප්‍රතිකාර පිළිබඳව අවබෝධයක් ලැබේ. සායන වල කරන ලද අධ්‍යයනයේදී Medi ගේ මැදිහත් වීම නිසා දරුවන්ගේ වේදනාව 50% කින් පමණ අඩු වී ඇති බව පැහැදිලි විය.

දැනට Medi (මෙඩි) කැනඩාවේ ඇල්බටා ළමා රෝහලේ භාවිතා වන අතර ඉදිරි මාස කිහිපය තුල ඇමෙරිකාවේ ළමා රෝහල්වලද භාවිතා කරනු ඇත.

උපුටා ගැනීම -
Rx Robot’s Cute Humanoid Robot helps kids during Treatments.


0 comments:

Post a Comment