April 1, 2015

ඉංජිනේරුවෝ ශබ්දයෙන් ගිනි නිවා දමති.

කුස්සියේ ඇති වන ගින්නක් නිවා දැමීම නිවසේ රේඩියෝව ක්‍රියාකාරීවීමෙන් පමණක් කළ හැකි තත්ත්වයක් නුදුරු අනාගතයේදීම සිදුවනු ඇත. ජෝර්ජ් මේසන් විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු සිසුන් වන වියට් ට්‍රාන් සහ සෙන් රොබට්සන් මේ සොයාගැනීම කර තිබේ. රාත්තල් 20 ක බර ප්‍රමාණයක ආදර්ශ ඇවිලෙන ගින්නක් සිසුන් විසින් අඩු සංඛ්‍යාත තරංග මගින් නිවා දැමීම ප්‍රදර්ශනය කරන ලදී.

මෙවැනි අපහසු කාර්යයන් සඳහා මුලදී මිතුරන්ගෙන් සහ පීඨයයෙන් අභියෝගයක් එල්ල වුවද ඔවුන්ගේ ධෛර්ය අඩු නොවුණු අතර පර්යේෂණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් සිසුන් විසින්ම සලසා ගන්නා ලදි. “මගේ මුල්ම අදහස වූයේ මෙය ක්‍රියාත්මක කළ නොහැකි බවයි. සමහර සිසුන් පහසු ආරක්ෂිත මාර්ගය අනුගමනය කළ නමුත් චියට් හා ෂෙක් ඉහළ අවධානමක් සහිත විකල්ප මාර්ගය තෝරා ගත්තා.” යැයි ඉංජිනේරු මහාචාර්ය බ්‍රයන් මාර්ක් ප්‍රකාශ කලේය.

ගිනි නිවීම සඳහා ශබ්දය පදනම් කර ගත් ක්‍රියාවන් වසර ගණනක් පැවති බව ඔවුන් දැන සිටියා. ඒ පෙර පරීක්ෂණ මගින් ගිනි දැල් අවහිර කිරීමට වාතයේ වේගය වෙනස් වීම මගින් ඉන්ධන වේගයෙන් වාෂ්ප කළ හැකි බව පෙන්වා තිබේ. එමගින් ගින්න විසුරුවා හැර එහි උෂ්ණත්වය පහළ මට්ටමකට ගැනීමෙන්  දහනශීලීතාවය නැති කිරීමට හැකිවේ. එහෙත් මෙම පර්යේෂණ මෙහෙය වූ DARPA ආයතනයේ ව්‍යාපෘති පර්යේෂණ මට්ටමේ පැවතියේය. ඔවුන්ට මෙය ප්‍රයෝජනවත් නිෂ්පාදනයක් ලෙස එළි දැක්වීමට නොහැකි වීම නිසා රොබට්සන් සහ ට්‍රාන් මෙම ගැටලුවේ ඉතිරි කොටස විසඳා ඔවුන්ගේ නිෂ්පාදනයට පේටන්ට් බලපත්‍රය ලබාගෙන තිබේ. ඔවුන්ගේ බලාපොරොත්තුව මෙය කෙටි කාලීන වශයෙන් මුළුතැන්ගෙයි හටගන්නා ගිනි නිවාදැමීමට භාවිතා කිරීමයි. එහෙත් අවසානයේදී ගොඩනැගිලි වල ඇති වන ගිනි සහ ලැව් ගිනි නිවීම සඳහා වඩාත් දියුණු ක්‍රමයක් ඇති කිරීමට හැකිවෙතැයි අපේක්ෂා කරයි. සමහරවිට ලැව් ගිනි  නිවීම සඳහා ඩ්රෝන යානා ශබ්දය භාවිතා කරන අයුරු අපට අනාගතයේදී දැක ගත හැකි වනු ඇත.

උපුටා ගැනීම :
Watch Engineers extinguish fire with sound

https://www.youtube.com/watch?v=evGj6Q8fMgU

0 comments:

Post a Comment