Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

September 30, 2015

කදුකරයේ රඡකුට සමාන මහ අංකුට්ටා

ඇමරිකාවේ රොකී කඳු ප්‍රදේශවල වෙසෙන මහ අංකුට්ටා ලෙස හැඳින්වෙන කඳුකර එළු වර්ගය බොහෝ විට වෙසෙන්නේ ගල් පරිවත මතය. ඔවුනට අඩි හයක් පමණ ඉහළ ගල් තලාවකට පැනීමට පුළුවන. බොහෝ දුරට එළුවෙකුට සමාන ප්‍රමාණයෙන් විශාල ශරීරයක් ඇති අති විශාල අං දෙකක් සහිත සත්වයෙකි. රවුම් වූ අං යුගලක් තිබීම නිසා බිග් හෝන් යයි හැඳින්වේ. 

පැටවුන් ඩැහැ ගැනීමට අහසින් පියඹා එන රාජලියන් වැනි සතුන්ගෙන් පැටවුන් බේරා ගැනීමට මව සැදී පැහැදී මුර සේවයේ යෙදෙන විට පිරිමි සතා කඳු පර්වත වලට පැනීමට යන්නේය. මහ අංකුට්ටාට අඩි හයක් පමණ උස පැනීමටත් අඩි 16 ක් ඈතට පැනීමටත් හැකියාව ඇත. බොහෝ විට මෙම කඳු ගල් තලාවන් සුමුදු පැතලි ස්ථාන නොවුවත් මෙම කඳුකර එළුවාට ඕනෑම තැනක පහසුවෙන් එහා මෙහා යාමට පුළුවන. වරෙක 25 දෙනෙකුගෙන් යුත් රැලක අඩි 100 ක් පමණ ඉහළක් නැගීමට තිබුණි. ඔවුන්ගේ ගමන් මඟ ඇහිරී තිබුණත් ගල් පර්වතයේ නැවීමක් ඔස්සේ ඉහළට පහළට පැනයමින් මෙහොතක් හෝ නොනැවතී මොවුන් එම ස්ථානයෙන් එතෙර වු අන්දම පුදුමාකාරය.

ඔක්තෝම්බර් මාසය වන විට කඳුකර භූමියේ සිට මෙම මහ අංකුට්ටන් පහත් භූමිවලට සංක්‍රමණය වේ. පහත් භූමිවලදී ඔවුන් යුගල වශයෙන් හැසිරෙති. අංකුට්ටාගේ අං නිරතුරුවම වැඩේ. අවුරුද 15 ක 20 ක කාලය තුළ එය අඩි 4 ක් 5ක් පමණ වැඩේ. බොහෝ විට රවුමට මෙම අං වැඩී පවතී.

ඇතැම් විට මෙම සතාට අධික හිම තට්ටුවල ජීවත්වීම අපහසු වේ. මහ අංකුට්ටා මේ ප්‍රදේශවල ඒකාධිරාජ්‍යයක් ලෙසට සිටී. එසේ වුවත් ඌ කඳුකරයේ රජා නොවන්නේය. කඳුකරයේ රජ තනතුරක් දරන්නේ එළුවාය.

කඳුකර එළුවන් බොහෝ විට සුදුපාට වන අතර මහ අංකුට්ටන් ගල් තලා තණකොළ පැහැ ගෙන ඇත. ඌ කඳුකරයේ මහල්ලා ලෙසටද හැඳින්වේ. අං කිරුළු දරමින් ගලින් ගලට පැන යාමට හැකි අංකුට්ටා උගේ රාජ්‍ය තුළ රජෙක් වේ.

සකස් කළේ
විද්‍යා හා තාක්‍ෂණ නිලධාරි, ගම්පහ