පසුබිම
සහ ඉතිහාසය - ඉබෝලා වෛරසය මරණය ලඟාකරදිය හැකි උග්‍ර රෝගයකි. ඉබෝලා වෛරස් රෝගය
මුල් වරට හඳුනා ගන්නො ලද්දේ 1976
වසරේදීයි. ඒ අප්‍රිකානු රාජ්‍යයන් වන සූඩානයේ දී සහ කොංගෝවේදී වේ. විශේෂයෙන්
කොංගෝවේ රෝගය පැතිරීයාම ඉබෝලා නදිය ආශ්‍රිතව සිදුවූ නීසා මෙම වෛරසය ඉබෝලා නම්
තැබිනි.
මෙතෙක්
ලොව ඇතිවූ දරුණුම සහ සංකීර්ණම ඉබෝලා වසංගත තත්වය,
දැනට අප මුහුනදෙන අවස්ථාවයි. මෙය මුල් වරට හඳුනාගන්නා ලද්දේ 2014 වසරේ මාර්තු මාසයේදීයි. දැනට ගිනියා, සියෙරා ලියෝන්, ලයිබීරියා
යන රටවලට ගොඩබිම් මාර්ගයෙන්ද, නයිජීරියා
සහ සෙනගල් රාජ්‍ය වෙත ගුවන් මගීන් ලෙසද රෝගය පැමින ඇත.
අප්‍රිකාවේ
බටහිර ප්‍රදේශයේදී ඉබෝලා වෛරසය නිසා මරණයට පත් වූ සංඛ්‍යාව 11000 ඉක්මවන ලදි.
ඉතිහාසික තොරතුරැ අනුව මෙම රෝගය පැතිරයාම විස්තර
කර ඇත්තේ
ඉබෝලා
වසංගතය ස්වාභාවිකවම පලතුරු වව්ලන් අශ්‍රිතව පවතී. රෝගය මිනිසුන් වෙත සංක්‍රමනය වීම
බොහෝවිට රෝගය ආසාධනය වූ චිම්පන්සියන්, ගෝරිල්ලන්, වඳුරන් සහ පලතුරු වව්ලන් ගේ රුධිරය,
හෝ වෙනත් තරලයන් මාර්ගයෙන් සිදුවේ.
ඉබෝලා
මිනිසුන් අතර පැතිර යාම, බොහෝවිට
තුවාල වූ සම, රුධිරය බඳු රෝගියකුගේ
ඕනෑම තරලයක් හරහා සිදුවිය හැකි අතර, රෝගීන්
පාවිච්චි කල තුවා බඳු දේ හරහාද වෛරසය පැතිර යාම සිදුවේ. විශේෂයෙන් ඉබෝලා වෛරස
රෝගීන්ට සාත්තු කරන පිරිස් වෙතද රෝගය පැතිර යාම නිතර දැකිය හැකිවේ.
රෝග
ලක්ෂණ
රෝග
කාරක වෛරසය ශරීර ගතවී දින 2 -21 අතර
කාලයක් තුලදී රෝග ලක්ෂණ පහල වේ. මිනිසුන් අතර,
රෝග ලක්ෂණ පහල වන තෙක් පැතිරීමක් සිදු නොවේ. දැඩි උණ ගතිය සමග
විඩාව, මාංශපේශීන්ගේ වේදනාව, හිසේ කැක්කුම සහ උගුරේ වේදනාව මූලික රෝග ලක්ෂණ වේ. ඉන් පසුව, වමනය සහ පාචනය, කුෂ්ඨ, වකුගඩු සහ අක්මා ක්‍රියාකාරීත්වයේ ගැටළු,ඇතැම් විට ශරීරයේ අභ්‍යන්තරික සහ බාහිර රුධිර වහනය සිදුවේ.
රෝගයෙන්
සුවය ලැබූ පුරුෂයන්ගේ ශුක්‍ර තරලය හරහා රෝගය සුවවී සති 7ක කාලයක් යනතුරු රෝගය පැතිර යාම සිදුවිය හැක.
නවතම
පර්යේෂණ වාර්තා වලින් පෙන්වා දි ඇත්තේ ඉබෝලා වෛරසය අපිරිසිදු ජලයේ ජීවත් වන බවය.
මෙම පර්යේෂණය Pittsburgh සහ
Drexel University වල සිදු කර ඇත.
ඉබෝලා
වෛරසය ආසාදිත වූවන්ගෙන් පිටවන තරලය අඩංගු
ජලයේ වෛරසය දින 08 ක් ජීවත් වන බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත.
මෙම ජලය
ජිවාණුහරණය කලද වෛරසය නිරැපද්‍රිතව ඇති බව පර්යේෂණ වලින් පෙන්වා දී ඇත.
වෛරසය විවිධ රෑපාකාර වලින් පවතින බව පෙන්වා දී ඇත.
ආසාදිතයන්ගෙන් දිනකට 9 ලීටර ක ආසාදිත තරලය ශරීරයෙන්
පිටවන අතර මෙය ජලයට මුසුවීමෙන් රෝග පැතීරිම පිලිබද අවදානමක් ඇතිවේ.
ජලයේ ජිවත් වන මෙම වෛරස විනාශ වීම වෙනුවට එකිනෙකට
එකතු වී සමූහ වීම දැකිය හැකි බව පර්යේෂණ වලින් පෙන්වා දි ඇත.
රෝගය පැතිරිම වැලැක්වීමට වෛරස ආසාදිත ජලයට antiviral agent එකතු කිරීම
වැදගත්ය.
වෛරස වර්ධනයට බලපාන අනෙකුත් සාධක පිලිබද සොයා
ගැනීම පර්යේෂකයන්ගේ නවතම අරමුණයි.
එනම්
උෂ්ණත්වය
ක්ෂුද්‍රජීවී ඝනත්වය
අපද්‍රව්‍ය සංයුතිය
pH
අගය
කෙසේ
වෙතත් රෝගය පාලනය සඳහා, රෝගීන්
පාලනය කිරීම, නිරීක්ෂණය, රෝග පැතිරී යන පෙල නිරීක්ෂණය, ඉහල
පර්යේෂණාගාර සේවය, මලසිරුර ආරක්ෂිතව මිහිදන්
කිරීම, සහ සමාජය සූදානම් කිරීම
අවශ්‍ය වේ. සාර්ථක රෝග පාලනයට ප්‍රජාව දැනුවත් කිරීම සහ ප්‍රජා සහභාගීත්වය අත්‍යාවශ්‍ය
වේ.
උපුටා
ගැනීම -Articles Science
daily
0 comments:
Post a Comment