Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

May 23, 2018

සරල සංවේදී දුරස්ථ පාලක පරීෂකය


දුරස්ථ පාලක සම්පේෂක පරීක්ෂා කිරීම සඳහා මෙම හුරුබුහුටි සරල දුරස්ථ පාලක පරීක්ෂක පරිපථය රූපවාහිනී සහ වෙනත් දුරස්ථ පාලක සම්පේෂකයන්  පරීක්ෂාව සඳහා භාවිතා කරයි. පරිපථය 7805 IC, IR සංවේදක මොඩියුලය සහ අනෙකුත් පහසුවෙන් ලබාගත හැකි සංරචක භාවිතා කර ඇත.

දුරස්ථ පාලක පරීක්ෂක පරිපථය

දුරස්ථ පාලකය මගින් සම්පේෂකය වන IR සංඥා, සරල සංවේදී දුරස්ථ පාලක පරීක්ෂකයෙහි IR සංවේදක මොඩියුලය මගින් හඳුනාගන්නා අතර pin 2 හි එහි ප්‍රතිදාන වෝල්ටීයතාවය අඩු වේ. මේ හේතුවෙන්  T1 ට්‍රාන්සිස්ටරය හරහා ධාරාවක් ගලා යාම් හේතුවෙන්  LED1 බල්බය නිවී නිවී දැල්වේ. ඒ අතරම, ඩිජිටල් පාලක සම්ප්රේෂකය වෙතින් එන සංඥාවට  අදාලව බසර් එක නාද වීම සිදුවේ. දුරස්ථ පාලකයේ විවිධ බොත්තම් එබීමෙන් වෙනස් වන ස්පන්දන හේතුවෙන්  සරල සංවේදී දුරස්ථ පාලක පරීක්ෂකයෙහි IR සංවේදක මොඩියුලය මගින් හඳුනාගන්නා අතර pin 2 හි එහි ප්‍රතිදාන වෝල්ටීයතාවය වෙනස මඟින් LED බල්බය විහිදුවනආලෝක ප්‍රමාණය බල්බය නිවී නිවී දැල්වීමේ වේගයද වෙනස් වීම සහ බසරයේ නාදයද වෙනස් වීම සිදුවේ.



සංවේදක මඟින් කිසිදු සංඥාවක් නොදක්වන විට සංවේදී දුරස්ථ පාලක පරීක්ෂකයෙහි  pin 2 හි එහි ප්‍රතිදාන වෝල්ටීයතාවය ඉහළ යයි. එහි ප්‍රතිඵලයක් ලෙස, T1 ට්‍රාන්ස්සරයේ හරහා ධාරාවක් ගලා නොයයි. එබැවින් LED1 බල්බය නිවා  දැමීම සහ Buz1 බසරය නාදය නතර වේ. මෙම පරිපථය 9V බැටරියක් සම්බන්ධ කර ඇති අතර  5V නියාමනය කළ බල සැපයුම මගින් පරිපථයට සම්බන්ධ වේ.


 C1ධාරීත්‍රකය මගින්  ආදාන DC ධාරාව සුමටනය වන අතර C2 ධාරීත්‍රකය මගින්  ආදාන සැපයුමෙහි  දිස්වන ඕනෑම පැකිලිය (spikes) අවම කරයි.විදුලි පංකා සහ ඉලෙක්ට්රොනික් බැලස්ට් මඟින් නිපදවන විද්යුත් චුම්භක විමෝචන තරංග නිසා  (ග්රාහක පරිපථ කලාපයේ පැතිර ඇති) ඇතිවන බලපෑම අවම කිරීමට ලෝහ පෙට්ටියක් තුළ තබා බිම් ගත කර ගැනීම සුදුසු වේ. මෙම පරිපථය සකස් කීරීමෙන් පසුව එහි ක්‍රියාකාරීත්වය අත්හදා බලන්න.

ඒ.ඒ.ජේ.එස්. අතාවුද
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
විදාතා සම්පත් මධ්‍යස්ථානය
පාතදුම්බර

May 22, 2018

දියවැඩියාවට කුරැදු සහ මී පැණි

දියවැඩියාව යනු රැධිරයේ ඉන්සියුලින් වල ක්‍රියකාරිත්වය අඩු වීමකි.මෙහිදී රැධිර සීනි මට්ටම වැඩිවිමක් පෙන්නුම් කරයි.සීනි සහිත ආහාර ශරීරයට සතුරැ වේ.
මී පැණි පැණිරසකාරකයක් වුවත් දියවැඩියා රෝගීන්ට ආහාරයට ගත හැක.
ඒ මන්ද යත්
මී පැණි වල ඇමයිනෝ අම්ල සහ ආරක්ෂක පෝෂක බහුල වේ.

மரபணுச்சிகிச்சை


மரபணுச்சிகிச்சை.
உயிரின் அடிப்படை மூலக்கூறாகிய டி.என்.ஏ என்தை உயிரின் அடிப்படை இதுவே என்கின்றனர் அறிவியலர்கள். மற்ற எந்த மூலகூறுகளுக்கும் இல்லாத சிறப்பியல்பாக தன்னைத் தானே இரட்டிப்பாக்கம் செய்துகொள்வது இதன் சிறபுபியல்பாகும். டின். என். ஏ-வைப் பற்றிச் சொல்லும்போது அடுத்து நமக்கு நினைவுக்கு வருவது ஜீன் ,து மனிதர்களின் உடலில் உள்ள அடிப்படையான இயல்புகளுக்கு மரபணுவே முதற்காரணமாகும். அறிவியலர்களும் அத்தகைய ஒரு பட்டியலில் மனிதர்களின் மூளைக்கு சவால் விடும் பல அத்தாட்சிகளை சேர்த்துள்ளனர். அவற்றில் ஒன்று இந்த ஜீன் என்னும் மரபணு ஆகும்.
மரபணுவை பயன்படுத்தி தீராநோய்களை குணப்படுத்தும் சிகிச்சைமுறையானது தறபோது மருத்துவத்தறையில் புதிய மாற்றத்தைகொண்டுவந்துள்ளது. இந்த புதிய சிகிச்சை முறை புதிய மருத்துவ அணுகுமுறையாக அமைந்தது. மனிதர்களின் மரபணுக்களில் திருத்தம் செய்வது அல்லது சீர் செய்வதன் மூலம் குறிப்பிட்ட நோய்க்கு சிகிச்சை அளிப்பதே இந்த புதிய சிகிச்சை முறையாகும். இந்த புதிய சிகிச்சையை மரபணு சிகிச்சை ,து ஜீன் தெராப்பி என்று பெயர்.
.
சில Bio Tech  என்ற உயிரியல் தொழில்நுட்ப நிறுவனங்கள் இந்த மரபணு சிகிச்சயை பயன்படுத்தி ஒரு சில மருந்துப்பொருட்ளை உருவாக்குகின்றது. சீரற்ற முறையில் செயல்படும் புற்றுநோய் செல்களை சில வைரஸ்களை பயன்படுத்தி கொல்வது மரபணு சிகிச்சையின் ஒரு துணைப்பிரிவு. அதாவது புற்றுநோய் செல்களை வைராஸால் கொல்வது. இந்த வகை வைரஸ்கள் ஆன்கோலிக்டிக் வைரஸ் புற்று அல்லது கட்டி அழிப்பு வைரஸ் என்று அழைக்கப்படுகின்றன. இவ்வாறு தயாரித்த ஆன்கோரினும் இத்தகைய ஆன்கோலிக்டிக் வைரஸ்தான். உலகளவில் வர்த்தரீதியாக முதன் முதலில் விற்பனைக்கு வந்த ஆன்கோலிக்டிக் அல்லது புற்று அழிப்பு வைரஸ் இந்த ஆன்கோரிந்தான். முதல் என்பது மட்டும் அல்ல ஒரே வைரஸும் இதுதான்.
இம்மரபணு சிகிச்சை என்பது பெரும்பாலான நோய்கள் நமது ஜீன்கள் மற்றும் மரபணுக்களின் உள்ள சீர்கேடு ,செயலாக்கமின்மை என்பனவற்றால் ஏற்படுகின்றன என்ற கோட்பாட்டின் அடிப்படையில் அமைந்தது. ஒன்றேல் பரம்பரையின் தொடர்ச்சியாக வாழையடி வாழையாக இந்த மரபணு சிக்கல் ஒருவருக்கு அவரது குடும்பத்தினரிடமிருந்து மரபணுவில் ஒட்டிக்கொண்டு வருகிறது அல்லது குழந்தையாக கருவாகி வளரும் பருவத்தில் ஏற்படும் மரபணு மாற்றத்தால் (ஜீன் மியுட்டேஷன்) ஏற்படுகிறது. புற்று நோய், நீரிழிவு நோய் ஆகியவை இந்த மரபணு சிக்கலால் ஏற்படும் நோய்களுக்கு உதாரணங்களாக சொல்லலாம்.

ලේසර් ආලෝකය භාවිතයෙන් ගේ දොර ආරක්ෂක ඇඟවීමේ පද්ධතිය

මෙම ලිපියේ අරමුණ වන්නේ ලේසර් ආලෝක ආරක්ෂණ අනතුරු ඇඟවීමක් වන අතර එය නිවෙස් ආරක්ෂක පද්ධතියක් ලෙසද භාවිතා කළ හැකිය. මෙම ව්‍යාපෘතිය ඕනෑම අයෙකුට සොරකම්වලින් තම නිවස රැක ගැනීමට නිවසේදීම අත් හදා බැලිය හැකි ය.

අවශ්‍ය උපකරණ
·         Soldering iron(ඊයම් උණු කීරීමට බවුත් එකක්)
·         Soldering flux(ඊයම් උණු කීරීමට පහසු කරන ෆ්ලක්ස්)
·         Solder wire(0.8mm  ඊයම් )
·         Small hand drill machine(කුඩා අත් විදුම් යන්ත්‍රයක්)
වෙනත් අවශ්‍ය  ඉලෙක්ට්‍රොනික උපකරණ
·         Plain PCB (printed circuit board)(PCB සඳහා යොදා ගන්නා තාඹ තදුවකි)
·         Scrubber(PCB පිරිසිදු කීරීමට)
·         PCB etching(ෆෙරික්  ක්ලෝරයිඩ්)
·         Double-sided tape(දෙපැත්ත ඇලෙන ගම් ටේප්)
·         Resistor 100 Ω – 03nos. (ප්‍රතිරෝධක )
·         LDR (light dependant resistor)-01no. .(ආලෝක සංවේදී ප්‍රතිරෝධකය )
·         LED (light emitted diode)-01no.(ආලෝක විමෝචක දියෝඩය )
·         Transistor (BL548) -02 nos.(ට්‍රාන්සිස්ටරය BL 548)
·         Buzzer(නාදය ලබා ගැනීමට බසරයක්)
·         DC socket (Nokia cellphone small charging pin)(පින් සොක්ට්ටුවක්)
·         Adapter -5volt (nokia charger)(නොකියා ෆෝන් චාජරයක්)
·         Battery holder(බැටරි රදවනය)
·         Battery(බැටරිය)
·         Laser light(ලේසර් ආලෝකය ලබා දෙන ලාම්පුව)

·         Switch(සුවිචය)
පරිපථය නිර්මාණය සහ පරීක්ෂාව
පියවර 1
පරිපථය PCB මත ඇදීම

ස්ථිර මාර්ක(permanent marker) එකක් ගෙන 1 රූපයේ දැක්වෙන පරිදි ඔබේ PCB මත විදුලිය ගමන් කරන මාර්ගයන් අඳින්න.

පියවර 2
PCB මත ඔක්සයිඩ බැදී ඇති නිසා පිරිසිදුකාරකයක් සමඟ පිරිසිදු කරන්න. PCB මත විදුලිය ගමන් කරන මාර් ගය(Cu Path) පමණක් ඉතිරිව ත දිය කීරීම සඳහා එචින් ද්‍රාවණය (ෆෙරික්  ක්ලෝරයිඩ්) ජලය සමග මිශ්‍ර කර සකස් කර ගන්න.   කුඩා පරිමාණ ප්ලාස්ටික් කන්ටේනරයකට එචින් ද්‍රාවණය (ෆෙරක්  ක්ලෝරයිඩ්) දමා PCB එක සමපුරණයෙන්ම් ගිල්වා විසුරුවා හැර විනාඩි 10 කට සොලවන්න, එවිට විදුලිය ගමන් කරන මාර්ග මාර් ග  පමණක් ඉතිරිව අනෙක් ත දිය වේ.  දැන් PCB පිටතට ගෙන එය හොඳින් ජලයෙන් සෝදා ගන්න.
පියවර 3
අනෙකුත් ඉලෙක්ට්රොනික සංරචක සවි කිරීම සඳහා කුඩා අත් විදුම් යන්ත්‍රයක් ආධාරයෙන් PCB මත කුඩා සිදුරු විද ගන්න.ඉලෙක්ට්රොනික් සංරචක පිහිටීමෙහි පිහිටීම සොයා එම ස්ථාන වල ට ඊයම් තබා පස්සා ගන්න.PCB මත ඉලෙක්ට්රොනික් සංරචක සවි කර ලේසර් ආලෝකය ලබා දෙන උපකරණය  බැටරි හිස්වැසුම සමඟ පෑස්සිය යුතුය.
පියවර 4
මල්ටි මීටරයක් ආධාරයෙන් ප්‍රතිදාන වෝල්ටීයතාවය පරීක්ෂාකර බලා නිසි ස්ථානයක සවි කිරීමෙන් පසුව  පරිපථ නැවත පරික්ෂා කිරීමෙන් පසු, ස්විචය 'ON' යතුර ඔබන්න. දැන් ඔබ ලේසර් ආලෝකය ඉදිරිපිට ඔබගේ ඇඟිල්ල තැබූ විට, බසරය නාද වේ. ඔබගේ ඇගිල්ල ඉවත් කරන විට බසරයෙන් කිසිඳු ශබ්දයක් නොලැබේ.
දැන්  ඔබේ ආරක්ෂක පද්ධතිය සූදානම්.

https://electronicsforu.com/electronics-projects/laser-light-security-alarm

ඒ.ඒ.ජේ.එස්. අතාවුද
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
විදාතා සම්පත් මධ්‍යස්ථානය
පාතදුම්බර

May 20, 2018

ස්වයංකීයව නාදයක් නිකුත් කරමින් ඔබගේ නිවසේ මල් පැල සඳහා ජලය සපයන ඉලෙක්ට්‍රොනික මිතුරා

අපගේ සුපුරුදු කාර්යබහුල ජීවිතය තුළ, අපගේ නිවසේ  මල් පැල තබා ගැනීමට පසුබට වන අය එක් එක් හේතුවක් නම්, අපට දිනපතා ජලය දැමීමට අමතක වීමයි. මෙම ගැටළුව විසඳීම සඳහා කිසිදු ප්‍රයත්නයකින් තොරව ස්වයංකීයව පැලෑටි වලට ජලය දැමීම සඳහා ප්‍රයෝජනවත් පරිපථයකි. මෙම පරිපථය පරිශීලකයා විසින් සකස් කර ඇති කාලයකට අනුව ජලය සැපයීම සිදුවේ. සෑම දිනකම උදෑසන පැළෑටි වලට ජලය ගලා යන ආකාරයට සකස් කල හැක.

පරිපථය සහ එහි ක්‍රියා කාරීත්වය

ස්වයංකීයව  නාදයක් නිකුත් කරමින් ඔබගේ නිවසේ මල් පැල  සඳහා ජලය සපයන ඉලෙක්ට්‍රොනික පද්ධතියේ පරිපථ සටහන fig.1 හි දැක්වේ. මෙම පරිපථය මගින් එල්ඩීආර් එක මතට ආලෝකය පතිත වූ පසු උදෑසන වතුර වත් කරයි. එය සරල melody generator, Voltage Regulator 7809 (IC5), BC547 ටාන්සිස්ටරය (T1), ආලෝක සංවේදී  ප්‍රතිරෝධක (LDR1) සහ තවත් ඉලෙක්ට්‍රොනික් උපකරණ කීපයකින් සමන්විත වේ. ඒවා NE555 (IC1 සහ IC3) සහ  UDN2981 (IC2) වේ.

සාමාන්‍යය  PCB මත පරිපථය එකලස් කර සුදුසු ප්ලාස්ටික් පෙට්ටියක එය සවිකරන්න. B1 සහ B2 බැටරි සම්බන්ධ කරන්න. හිරු එළිය සෘජුව එල්ල වන පරිදි සුදුසු ස්ථානයක LDR තැබීම සුදුසු වේ. සුදුසු ප්‍රතිදාන වෝල්ටීයතාවය ලබා දීම් සඳහා VR1 සකසන්න. අපේක්ෂිත ජල සම්පාදන කාලය සඳහා සුදුසු ස්ථානයක DIP ස්විචය තෝරන්න. නිසි කාල ගැලපුම සඳහා VR2 සකසන්න. මෙම පරිපථය රාත්‍රී කාලයේදී 10 mA  ත් 20 mA  අතර වන ධාරාවක්ද, දහවල් කාලයේදී 20 mA ත් 35 mA ත් අතර ධාරාවක්ද, ජලය ලබා දීමේදී  150 mA ත් 200 mA ත් අතර ධාරාවක්ද ලබා ගනී. යෝජිත මුලාකෘති පරිපථය සහ ඇටවුම පහත රූප වල දැක්වේ.



ඒ.ඒ.ජේ.එස්. අතාවුද
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
විදාතා සම්පත් මධ්‍යස්ථානය
පාතදුම්බර

https://electronicsforu.com/electronics-projects/prototypes/automatic-plant-watering-system-with-melody

May 18, 2018

දැඩි ලෙස ගිලන් වූ ගුවන් මගියෙකුගේ ජීවිතය ඉංජිනේරු සිසුවෙක් රැක ගනී

ඉංජිනේරු නිපුණතා සහ ඉක්මනින් සිතීම නිසා සිසුවෙකුට ගුවන් මගියෙකුගේ ජීවිතය ගුවන් ගමන අතරතුරදීම රැකදීමට හැකිවීම පිළබද පුවතක් වාර්තා වේ.

දිගු ගුවන්ගමනක නියැලී සිටියදී ඔබ හදිසියේම තදබල ලෙස රෝගාතුර වුයේ නම් ගුවන් යානයේ වෛද්‍යවරයෙක් සිටීම ඔබගේ එකම අපේක්ෂාව වනු ඇත. කෙසේවෙතත් මෙම සිදුවීමේදී රෝගියාට වෛද්‍යවරයෙක් පමණක් නොව මුලික ඉංජිනේරු නිපුණතා සහ ක්ෂණිකව සිතීමේ හැකියාව සහිත සිසුවෙක් ජිවිත ආරක්ෂාව සදහා අවශ්‍ය විය.

ස්විට්සර්ලන්තයේ සිය හුවමාරු වසර අවසන් කිරීමෙන් පසු පෙබරවාරි මාසයේ දී ජිනීවා සිට නව දිල්ලියට පියාසර කරමින් සිටි ඉන්දියාවේ කාන්පුර්-IIT හි අවසාන වසරේ විදුලි ඉංජිනේරු ශිෂ්‍යකු වූ 21 හැවිරිදි Karttikeya Mangalam (කාර්ට්ටිකෙයා මංගලම්) ඔහුගේ blog පිටුවේද ඔහුගේ මෙම අත්දැකීම විස්තර කරන ඇත.

පළමු වර්ගයේ දියවැඩියාව රෝගියෙක් වූ 30 හැවිරිදි ලන්දේසි ජාතික Thomas (තෝමස්) මෙම ගුවන් යානයේදී hypoglycemic episode (අතිමධුරක්තිය රෝගී තත්වයේ) උපරිමය එනම් ශරීරයේ රුධිර සීනි මට්ටම සාමාන්‍ය මට්ටමට වඩා බෙහෙවින් වැඩිවීම නිසා දැඩි ලෙස දහඩිය දැමීම, හුස්ම ගැනීමට අපහසුවීම සහ සිහිමුර්ජාව ඇතිවීම වැනි රෝගී තත්වයට පත්ව තිබේ.  තමාගේ insulin pump (ඉන්සියුලින් පැන) ගුවන් තොටුපොළේ ආරක්ෂකයින් බාරයට ගත් නිසා  නිසා පැය කිහිපයක් තම නියමිත ඉන්සියුලින් මාත්‍රාව ලබාගැනීමට නොහැකි වූ බව අසනීප වූ තෝමස් flight attendant (පියාසර උපස්ථායකයා) ට පැවසීම නිසා ගුවන්යානයේ සේවකයෙක්  “හදිස්සියක් වෛද්‍යවරයෙක් සිටිනවාද ?” හදිසි ඇමතුම් වලින් විමසන ලදී.

වාසනාවට ගුවන්යානයේ සිටි රුසියානු ජාතික වෛද්‍යවරයකු ඉදිරිපත් වූ අතර ඔහුද දියවැඩියා රෝගියකු වූ නිසා ඔහු සතුව ඉන්සියුලින් එන්නත් කිරීම සඳහා විශේෂිත ක්‍රමාංකනයක් සහිත ඉන්සුලින් පෑනද තිබුණි. එහෙත් අවාසනාවට වෛද්‍යවරයාගේ ඉන්සියුලින් පෑන දිගුකාලීන මන්දගාමී ලෙස ක්‍රියාකරන ඉන්සියුලින් අඩංගු විශේෂිත කාට්‍රිජයක් භාවිතා කරන්නක් විය. තොමස්ගේ රුධිරයේ සිනි මට්ටම අතිශය ලෙස ඉහළ වූ බැවින් වෛද්‍යවරයාගේ ඉන්සියුලින් පෑනෙන් අවශ්‍ය ප්‍රතිකාරය ලබාදීමට වෛද්‍යවරයාට අපහසු විය. තෝමස් සිහිසුන්ව වැටුණු අතර ඔහුගේ  මුඛයෙන් පෙණ දමන්නට පටන් ගත්තේය.

ගුවන් යානය හදිසි ගොඩ බැසීමක් සඳහා ගමන් කරන බවත් එහෙත් ඒ සදහා පැය 11/2 ක පමණ කාලයක් ගතවන නිසා රෝගියාගේ ජීවිතය ගලවා ගැනීමට නොහැකි වන බවත් දැනගැනීමට ලැබීමෙන් පසු කාර්ට්ටිකෙයා ශිෂ්‍යා කට්‍රිජයෙහි උභතෝකෝටිකය විසඳීමට තමාට සහය විය හැකි බව වෛද්‍යවරයාට පැවසුවේය. කෙසේ හෝ දෙදෙනා එක්ව සන්නිවේදන ගැටළුද සමනයකර ගනිමින් කාට්‍රිජරය නිවැරිදි කළ නමුත් ඉන්පසුව කාට්‍රිජරයේ needle (කටුව) අක්‍රිය විය.

ක්ෂිණිකව ක්‍රියාත්මක වූ කාර්ට්ටිකෙයා ශිෂ්‍යා ගුවන්යානයේ WiFi පහසුකම භාවිත කර ඉන්සියුලින් පෑනෙහි design schematic (ක්‍රමානරුප නිර්මාණ) යේ PDF පිටුව බාගත කර ගන්නා ලදී. ඒ අනුව කාට්‍රිජරයට පිටුපස ඇති sprin (ස්ප්‍රිනය) නොමැති බව දැනගත් කාර්ට්ටිකෙයා ගුවන් යානයේ සිටි මගීන්ගෙන් කාබන් පෑනක් ඉල්ලා සිටියේය. ඔහුට විශාල ප්‍රතිචාරයක් ලෙස මගීහු සියලුදෙනාම පාහේ කාබන් පෑන් ලබාදුන් අතර ඒවා අතුරින් කාට්‍රිජරයට සරිලන ස්ප්‍රිනයක් සොයා ගැනීමට ඔහු සමත් විය. රෝගියාගේ අවශ්‍යතාවයට යොදා ගත හැකි ආකාරයට ඉන්සියුලින් පෑන සකස් කර වෛද්‍යවරයාට ලබාදීමෙන් පසු වෛද්‍යවරයා මරණාසනව සිටි රෝගී තෝමස් සුවපත් කළේය.

සුවපත් වූ තෝමස්, කාර්ට්ටිකෙයාට බොහෝ සේ ස්තුති කොට නොයෙක් තෑගී ලාබාදීමට ඉදිරිපත්වුවද " මා වෙත ලබාදුන් මූලික ඉංජිනේරු ශිල්පීය දැනුම මත මිනිසෙකුගේ ජීවිතය බේරා ගැනීමට හැකිවීමෙන් කවර කලෙකටත් උපකල්පනය කළ නොහැකි සතුටක් මම ලබාගතිමි.” යැයි Karttikeya Mangalam (කාර්ට්ටිකෙයා මංගලම්)  පැවසු බව වාර්තා වේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර 

ස්වභාවික පියස්සක් ලෙස දිස්වෙන සුර්යකෝෂ වහල


ස්වභාවික පියස්සක් ලෙස දිස්වෙන සුර්යකෝෂ වහළක් ඉදිකිරීමට අවශ්‍ය නව උළු වර්ග නිපදවීමට සහ අලෙවිය සදහා ලොව ප්‍රසිද්ධ Tesla (ටෙස්ලා) සමාගම කටයුතු කළ බව වාර්තා වේ. 

සූර්ය කිරණ වලින් බලශක්තිය ලබාගත හැකි වන පරිදි වීදුරුමෙන් වූ උළු වලින් වහළය සාදා ඇති අතර පාරම්පරික නිවාසවල වහළට සමාන වහළක් ලෙස දිස්වෙන සේ එම උළු සැලසුම් කර තිබේ. සවි කර ඇති සමහර උළු, සුර්යාලෝකයෙන් විදුලිබලය නිපදවිය හැකි සූර්ය කෝෂවලින් සමන්විත වන නමුත් සියලු උළු ස්වරුපයෙන් ඒකාකාර ලෙස දිස්වේ.

සූර්ය කෝෂ සහිත වර්තමාන සෙවිලි පියැසිවලට වඩා දිගු කල් පවතින, වඩා හොඳ පෙනුමක් ඇති සහ අඩු වියදමින් සුර්ය බලශක්තිය ලබාගත හැකි නව සූර්ය වහළක් නිර්මාණය කිරීම තම ඉලක්කය බව ටෙස්ලා ආයතනයේ නිර්මාතෘ Elon Musk (එලොන් මස්ක්) පැවසුවේය. නව සුර්යකෝෂ උළු සාමාන්‍ය උළු වලට වඩා තෙගුණයකින් ශක්තිමත්ය, එහෙත් බර හරි අඩකින් අඩු බව වාර්තා කරන ටෙස්ලා ආයතනය සුර්යකෝෂ උළු සදහා ජිවිත කාලයක වගකිමක් ලබාදේ.

කෙසේවෙතත් වර්ග මීටර් 240 නිවසක සූර්යකෝෂ වහළක් ස්ථාපිත කිරීමේ වියදම ඩොලර් 69,000 ක් වනු ඇතැයි සමාගම ගණන් බලා ඇත. එය සම්ප්‍රදායික උළු ඇතුළු ද්‍රව්‍ය වලින් ස්ථාපිත වහලකට වඩා අධික වැයකි. එහෙත් සූර්යකෝෂ වහලය නිසා ඉදිරිකාලයේ විදුලි බිල්පත් සදහා නිවැසියන් කළ යුතු ගෙවීම් අඩු කළ විට මෙම අමතර වැය පියවා ගත හැකි බව සාමාගම පවසා තිබේ. තවද සුර්යකෝෂ බලශක්තිය භාවිතා කරන සමහර අයගෙන් රජය අය කරන බදු අඩු කිරීමේ ප්‍රතිපත්තියද මෙහිදී වාසි සහගත වේ.

නිවෙස්වලට විදුලිය ලබාදෙන සුර්ය බලශක්තිය ගබඩා කිරීම සඳහා අවශ්‍ය බැටරිද ඔවුන්  නිපදවා අලෙවිකරයි. දහවල හෝ රාත්‍රියේ ඕනෑම වේලාවක භාවිතායට ගත හැකි ලෙස විදුලිය ගබඩා කර තබාගන්නා Powerwall නමින් හඳුන්වන එම බැටරිය නව සුර්යකෝෂ වහල ඉදිකිරීමේදී නොමිලේ නිකුත් කරයි.

"සූර්ය බලශක්තියෙන් ආරෝපණය කළ හැකි විදුලි මෝටර් රථද අප සමාගම නිෂ්පාදනය කරන නිසා මෙම නිෂ්පාදන ද්විත්වයම පෘථිවියේ බලශක්ති සැපයුම සුරැකීමට උපකාරී වේ. තිරසාර බලශක්ති අනාගතයක් ගැන සිතන විට සූර්යයාගෙන් ශක්තිය උපදවන මෙන්ම මිනිසුන්ගේ අවධානය ලබාගත හැකි සුන්දර වහලවල් අවශ්‍ය වේ. එවිට එම බලශක්තිය Powerwall වැනි බැටරි සහ වාහන ආරෝපණය කරනු ඇත. අප අපේක්ෂා කරන අනාගතය එයයි.” Musk පැවසුවේය.
  
මාදිලි දෙකක නව සුර්යකෝෂ උළු දැනට නිෂ්පාදනය කර ඇති අතර ඉදිරියේදී තවත් මාදිලි කිහිපයක් ඉදිරිපත් කිරීමට නියමිත බවත් ආරම්භයක් ලෙස ඇමෙරිකාවේදී සුර්යකෝෂ උළු සහ වහල ඉදිකිරීම් පිළිබද ඇස්තමේන්තු හා මිලදී ගැනීම අන්තර්ජාලය හරහා සිදු කළ හැකි බවද වාර්තාවේ සදහන්ය.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/tgmk6G7uh0M?t=6

May 16, 2018

සම මත ත්‍රිමාණව මුද්‍රණය කරන පැළඳිය හැකි තාක්ෂණික උපකරණ


ඉලෙක්ට්‍රොනික උපකරණ කිහිපයක් තමාට අවශ්‍ය විට තම අත්ල මත මුද්‍රණය කර ලබාගැනීමට පහසුකම් සලසන අඩු වියදම් 3D (ත්‍රිමාණ) මුද්‍රණ යන්ත්‍රයක් පළමු වරට නිපදවා තිබෙන බව වාර්තා වේ. එය ඊළඟ පරම්පරාවට අවශ්‍ය පැළඳිය හැකි ඉලෙක්ට්‍රොනික උපාංග නිපදවීම සඳහා මඟ පාදනු ඇත. මෙම අනුවර්තනීය මුද්‍රණ යන්ත්‍රය ස්වයංපාලක හා ප්‍රවාහණීය වේ. එනම් එය තමන්ට අවශ්‍ය සමහර ඉලෙක්ට්‍රොනික උපකරණ තමාට අවශ්‍ය විටදී මුද්‍රණය කර ලබාදෙන පහසුවෙන් රැගෙන යාහැකි ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයකි. සොල්දාදුවන්ගේ ශරීරයේ තාවකාලික රසායනික සංවේදක හෝ අත්‍යාවශ්‍ය ඉලෙක්ට්‍රොනික අරෝපණ මුද්‍රණය කිරීම සඳහා සොල්දාදුවන්ට මෙය වඩා ප්‍රයෝජනවත් වේ.

 ඩොලර් 400 ට වඩා අඩු පිරිවැයක් සහිත මෙවැනි සැහැල්ලු මුද්‍රණ යන්ත්‍රයකින් නව 3D මුද්‍රණ ශිල්ප විභවයක් ලබාගැනීමට හැකිවීම පිළිබඳව අප සතුටු වෙනවා" යැයි අධ්‍යනයේ ප්‍රධාන කතෘ Michael McAlpine (මයිකල්) වාර්තා කරයි. “සොල්දාදුවෙකුට මෙම මුද්‍රණ යන්ත්‍රය තම උර පොදියෙන් (backpack) පිටතට ගෙන ඔවුන්ට අවශ්‍ය රසායනික සංවේදකය හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ තම හස්තය මත මුද්‍රණය කරගත හැකි වේ යැයි අපි සිතමු. අවශ්‍ය බොහෝදෑ මුද්‍රණයෙන් ලබාගත හැකි ජංගම මුද්‍රණ යන්ත්‍රයක් සහිත අනාගතයේ "ස්විස් යුධ පිහියක්" වැන්නක් ලෙස එය සැලකිය හැකි වේ.”

ක්‍රමාංකනය කර මුද්‍රණය කරන සාමාන්‍ය මුද්‍රණ යන්ත්‍රයක් මෙන් නොව මෙය සුපරීක්ෂණය (scan) කරන අතරතුරම සමේ සටහන් කරන තාවකාලික සලකුණුකරණයන් මඟින් සැබෑ කාලය තුළ ශරීරයේ කුඩා චලනයන් මුලින් හඳුනාගැනීමට සහ ඒ අනුව හැඩ ගැසිම සඳහා නිරීක්ෂණ කැමරා භාවිතා කරයි.

 “සම මත මුද්‍රණය සදහා මුද්‍රණ යන්ත්‍රය භාවිතා කරන විට නිසලව සිටීමට කිසිවෙකු කොතරම් උත්සාහ කළද යම් පුද්ගලයෙකුගේ සමෙහි හෝ අතෙහි සියුම් චලනයන් එකිනෙකට වෙනස් වන අතර අත්වල ප්‍රමාණයන්ද වෙනස් වේ.  අතෙහි සටහන් කළ සලකුණු භාවිතා කර සැබෑ කාලය (real time) තුල අතෙහි චලන හා සමෝච්ඡයන් මගින් අතෙහි පථය අනුව පිහිටීම මෙම  මුද්‍රණ යන්ත්‍රය හසුකර ගනියි.”  McAlpine පවසයි.

රිදී පත්‍රවලින් සාදා ඇති අතිශයින්ම සන්නායක හා ජල-ද්‍රාව්‍ය වූ තීන්ත කාමර උෂ්ණත්වයේදී ක්‍රියාත්මක වන නිසා එමගින් අතෙහි කිසිදු පිළිස්සීමක් සිදු නොවේ. වියළීමේ වේගය කඩිනම් කිරීම සඳහා මෙම තීන්තවලට එතනෝල් එකතු කරනු ලැබේ. සැහැල්ලු රැහැන් රහිත ඉලෙක්ට්‍රොනික් උපාංග සහ තෙතමන සංවේදක යන දෙවර්ගයම ආරෝපණය කිරීම සදහා ආකෘතිගත ප්‍රේරක දඟර සේවය මෙමගින් සපයයි. විද්‍යාඥයන් පවසන්නේ එය දහඩිය හරහා ශාරීරික ශක්තිය හෝ මානසික ආතතිය අධීක්ෂණය කිරීමට උපකාර වන බවයි. මුද්‍රණය කරන ලද ඉලෙක්ට්‍රොනික උපකරණය පැය දෙකකට වඩා වැඩි කාලයක් අතේ රඳවාගත හැකි අතර, ඉන්පසුව භාවිතා කරන්නාට අවශ්‍ය පරිදි පහසුවෙන් සූරාදැමීමට හෝ සෝදාහැරීමට  හැකිය
 
මෙම අධ්‍යනයේදී, මූසිකයාගේ සමේ තුවාලයක් මතට ජෛව විද්‍යාත්මක සෛල අඩංගු හයිඩ්රොජල් "bioink" පර්යේෂකයන් විසින් සාර්ථක ලෙස මුද්‍රණය කළ බව Advanced Materials සඟරාවේ පළකර තිබේ. ඔවුන් පවසන පරිදි තුවාල සුව කිරීම සඳහා නව වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් සහ සමේ රෝග සඳහා බද්ධ කිරීම කෙලින්ම මුද්‍රණයෙන් සිදුකිරීමේ ක්‍රමයක්  නව සොයාගැනීම මගින් අපේක්ෂා කළ හැකි වේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ:හර්ෂ ලංකේශ්වර
https://youtu.be/-P3sv6XUATs?t=5