May 3, 2018

ආලෝකය 99.95% ක් අවශෝෂණය කරන පිහාටු ඇති නව පක්ෂියා


හිරු එළිය 99.95% ක් අවශෝෂණය කිරීමෙන් අතිශය කළු (“vantablack”) පිල්කලක් ලැබු නිසා කුරුළු පරාදීසියේ ප්‍රසිද්ධියට පත් නව පක්ෂියා (Lophorina superba)  පිළිබද Peerj සඟරාවේ පලකළ අධ්‍යයන වාර්තාවකට අනුව කුරුළු විශේෂයන් දෙකකට අයත් එවැනි පක්ෂීන් දෙදෙනෙකු වේ.

වනජීවී විද්වතුන් විසින් පළමු නව පක්ෂි විශේෂය කුරුළු පාරාදීසයේ Vogelkop (වොගෙල්කෝප්) / Superba (සුපාභ) පක්ෂියා  ලෙස නම් කර ඇති අතර වඩාත් ව්‍යාප්තව / බහුලව සිටින දෙවන පක්ෂි විශේෂය කුරුළු පාරාදීසයේ Great Superba (මහා සුපාභ) පක්ෂියා ලෙස නම් කරන තිබේ.

“වනාන්තරයේදී Vogelkop පක්ෂි වර්ගයේ පෙනුම හා ක්‍රියාකරන ආකාරය ඔබ දුටු පසු එවැනිම වෙනත් පක්ෂි විශේෂයක් ඇති බවට සැක පල කරනු ඇත.” යැයි Cornell (කොනෙල්) විශ්වවිද්‍යාලයිය පක්ෂිවිද්‍යා පර්යේෂණාගාරය මෙහෙයවන පාරාදීසයේ පක්ෂි ව්‍යාපෘතියේ පරිණාමීය ජීවවිද්‍යාඥ Ed Scholes (එඩ් ස්කොල්ස්) නිවේදනයක් මගින් දන්වා සිටියි.

 “උන්ගේ විවාහ නර්තනයන් වෙනස් වේ. උන්ගේ කථන වෙනස් වේ. උන්ගේ ගැහැණු පක්ෂීන් වෙනස් ය. තවද පිරිමි දර්ශනයේ හැඩයද වෙනස් වේ.”

Harvard (හාවඩ්) විශ්ව විද්‍යාලයේ සංසන්දනාත්මක සත්වවිද්‍යා කෞතුකාගාරයේ වනජීවී ඡායාරූප ශිල්පියෙකු සහ පක්ෂිවිද්‍යා විශේෂයකු වූ Timothy Laman (තිමෝති ලමන්) සහ Scholes විසින් ඉදිරිපත් කරන ලද ඡායාරූප එකතුව මගින් නිව් ගිනියාවේ ඈත බටහිරදිග පක්ෂි හිස ප්‍රදේශයේ (Vogelkop) හි පමණක් වසන Vogelkop, පළමු සුපාභ පක්ෂියා පිලිබද ප්‍රබල සාක්ෂි සදහන් විය. ඌ , නිව් ගිනියාවේ වැසි වනාන්තර පුරා දක්නට ලැබෙන මහා සුපාභ පක්ෂියාට වඩා වෙනස් වේ.

විවිධ ප්‍රදේශවල ජීවත්වීමට අමතරව කුරුල්ලන් දෙදෙනාට සුළු වශයෙන් වෙනස් පෙනුමක් ඇත. අතිශය අඳුරු පිහාටු සහ නියෝන් නීලමනී සලකුනු බොහෝමයක් ඇති  Vogelkop පිරිමි පක්ෂියා, අසළ ගැවසෙන ගැහැණු සතුන් ආකර්ෂණය කර ගැනීමේ උත්සාහයක් ලෙස සිය පිහාටු ප්‍රදර්ශනය කරන අතර දිලිසෙන ඉඟියක් හා මායාකාරී රැවිමක සහිත අර්ධවෘතාකාර හැඩයක මුහුණක් නිර්මාණය කරයි. ඊට ප්‍රතිවිරුද්ධව, මහා සුපාභ පක්ෂියා රවුම් හැඩයක් හා සිනහවක් සහිත මුහුණකින් හැඩගැන්වෙයි.
  
සහකාරියක් දුටු විට ඒ කෙරෙහි පක්ෂීන් දෙදෙනා දෙයාකාරයක ප්‍රතිචාර දක්වන බව ස්කෝල්ස් හා ලමන් විසින් නිරීක්ෂණය කර තිබේ. ඊට අමතරව පක්ෂීන්ගේ සංවාසයේ යෙදීම හා නර්තන චර්යාවන් වල වෙනස්කම්ද වාර්තා කර තිබේ. Vogelkop ගේ ගීතය තියුණු නලා හඩක් මෙන් වන අතර එය මහා සුපාභ පක්ෂියාගේ කුපිතවන සුළු යටිගිරි කෑගැසීමට වඩා සපුරා වෙනස් බව පර්යේෂකයෝ පවසති. එලෙසම වොල්ට්ස් (waltz ) ආකාරයේ Vogelkop ගේ නැටුම මහා සුපාභ පක්ෂියාගේ ජයිව් (jive) ආකාරයේ නර්තනයට වඩා වෙනස් වේ.

මෙම පක්ෂි දෙවර්ගයේ පිරිමි සතුන් පමණක් නොව ගැහැණු සතුන්ද එකිනෙකාට වෙනස්කම් දක්වයි. දෙවර්ගයේම ගැහැණු සතුන්ට දුඹුරු පියාපත් සහ ඉරි සහිත කවන්ධයක් ඇති නමුත්, ගැහැණු Vogelkop ගේ හිස කළු පැහැති වන අතර ඇස වටේ දුඹුරු වර්ණ සලකුණු සහිත සුදු හිසක් ගැහැණු මහා සුපාභට තිබේ.

අන්තර්ජාලය ඇසුරෙන් සකස් කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/4StsK97wTj8?t=31

0 comments:

Post a Comment