May 4, 2018

සපාකෑ සර්පයා හඳුනාගැනීමට ස්මාර්ට්ෆෝන් මෘදුකාංගයක්


 
සර්ප දෂ්ට කිරීම්වලට ගොදුරු වූවන්ට නිවැරිදිව ප්‍රතිකාර කිරීම සදහා වෛද්‍යවරුන්ට සහයවීමට දෂ්ට කළ සර්පයා (සර්පවිෂ) හඳුනාගැනීමට හැකි පරීක්ෂණ කට්ටලයක් ඩෙන්මාර්කයේ විද්‍යාඥයන් විසින් නිර්මාණය කර ඇත. සකස් කරන ලද මෙම පරීක්ෂණ කට්ටලය සරල වන අතර කේන්ද්‍රාපසාරක සහ ස්මාර්ට් ජංගම දුරකතනය යන  උපකරණ දෙකකින් පමණක් සමන්විත වේ.

සර්පවිෂ සදහා ප්‍රතිකාර කිරීම සඳහා අදාල හා නිවැරිදි ප්‍රති විරෝධී විෂ (anti-venom) භාවිතා කිරීම අවශ්‍ය වේ. කෙසේවෙතත් නිවැරදි ප්‍රතිකාරය හඳුනාගැනීම බොහෝ විට දුෂ්කර විය හැකිය.ඒ සදහා සෑම විෂ සර්පයෙක් වෙනස් විෂ වර්ග ඇති කරන බැවින් රෝගියාට දෂ්ට කර ඇත්තේ කවර ආකාරයේ සර්පයෙක්ද යන්න මුලින්ම දැනගත යුතුයි. විවිධාකාර හේතු නිසා අදාල සර්පයා (විෂ  වර්ගය) හඳුනාගැනීමට නොහැකිවීම මෙහිදී ප්‍රධානතම ගැටලුව වේ. එනිසා ශරීරගත විෂ හඳුනාගැනීමට නිපදවූ නව පරීක්ෂණ කට්ටලය මෙම ගැටළුව විසඳා ගැනීමට අතිශය උපකාරී වේ.

සර්ප විෂ විවිධ ප්‍රෝටීන රටා වලින් සමන්විත වේ.එනිසා විවිධ සර්ප විශේෂයන්ට ඇති වෙනස් සර්ප විෂ නිර්ණය කිරීම සඳහා ඒවායේ ඇති විවිධ රටාවන් භාවිතා කළ හැකිය. විවිධාකාර කුඩා ප්‍රෝටීන සමඟ විවිධ සර්ප විෂ පිළිබද පරීක්ෂණ සිදු කිරීමෙන් එම රටාවන් පර්යේෂකයන් සොයාගෙන ඇති බව ඩෙන්මාර්ක් තාක්ෂණික විශ්වවිද්‍යාලයේ (DTU) විද්‍යාඥ Catherine Larsen (කැතරින් ලාර්සන්) පවසා තිබේ.

රෝගියාගේ රුධිර සාම්පල විශ්ලේෂණය කිරීම සඳහා ස්මාර්ට්ෆෝන් ඇප් එක භාවිතයෙන් මෙම කට්ටලය ක්‍රියාත්මක කළ හැකි බව DTU හි  Ivan Doudka (අයිවන් ඩුඩ්කා) පැහැදිලි කළේය. නියැදිය සාදා ගැනීම සඳහා රෝගියාගේ රතු රුධිර සෛල මුලින්ම වෙන් කළ යුතුය. මෙය සිදු කරනුයේ දියර වෙන් කිරීම සඳහා නිර්මාණය කරන ලද කේන්ද්‍රාපසාරක උපකරණයෙනි. මෙම කේන්ද්‍රාපසාරීකය අතින් ක්‍රියාත්මක වන අතර ද්‍රව්‍ය වෙන් කිරීම සඳහා ඉක්මනින් කාන්දුකිරීම අවශ්‍ය වේ. ඉන්පසුව එම නියැදිය ප්ලාස්මා පරීක්ෂාවෙහි තත්ත්වය රඳවා තබා ගන්නා විශේෂ බහාලුමක තැන්පත් කෙරේ. මිනිත්තු 30 කින් පසු, නියැදිය  cuvette නමින් හැඳින්වෙන පැහැදිලි බහාලුමක තැන්පත් කරනු ලැබේ.

අවශෝෂණය කරන ආලෝක ප්‍රමාණය මැනීමෙන් ද්‍රව විශ්ලේෂණය කරන spectrophotometer (වර්ණාවලීක්ෂය) ක් ලෙස හැඳින්වෙන යන්ත්‍රය සමග cuvette භාවිතා කරනු ලැබේ. වර්ණාවලීක්ෂය, ස්මාර්ට් ජංගම දුරකථනයට සම්බන්ධ කර දුරකථනයේ ඇති  ස්මාර්ට්ෆෝන් යෙදුම (මෘදුකාංගය) ප්‍රතිඵල ලබාගැනීමට භාවිතා කරයි. ස්මාර්ට්ෆෝන් යෙදුම (මෘදුකාංගය) සර්ප විශේෂය හඳුනා ගැනීමට සහ  වඩාත් ඵලදායී ප්‍රති විරෝධී විෂ (anti-venom) වර්ගය යෝජනා කිරීමට සමත් වේ.
රෝගීන්ගේ ජීවිත ආරක්ෂාවට ඉතා අත්‍යාවශ්‍යවන ඉක්මන් නිවැරිදි තීරණ ගැනීම සදහා  වෛද්‍යවරුන්ට මෙම පරීක්ෂණ කට්ටලය මහඟු ලෙස උපකාරී වන බව DTU හි විද්‍යාඥකු වන Andreas Laustsen (ඇන්ඩ්රිස් ලොස්ටන්) පවසයි.
  
ඇස්තමේන්තු කර ඇති පරිදි සෑම වසරකම සර්පයන්ගේ දෂ්ට කිරීම් / සපාකෑම් වලට ලක්වන මිලියන පහකට ආසන්න සංඛ්‍යාවක් ආරක්ෂා කර ගැනීමට මෙම පර්යේෂණ කණ්ඩායමේ නව නිර්මාණය උපයෝගී කරගත හැකිය. සර්පයින්ගේ දෂ්ට කිරීම් වලින් වසරකට අවම වශයෙන් පුද්ගලයන් 100,000 ක් පමණ මිය යන බවත් තවත් 400,000 ක් පමණ සර්ප විෂ නිසා සිදුවන අතුරු ආබාධවලට ගොදුරු වන බවත් වාර්තාවේ දැක්වේ.   
   
අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/XMUw03kZ9d4?t=79

0 comments:

Post a Comment