June 14, 2019

මී ගස ගැන බිදක්.............

“Madhuca” නමින් උද්භිත විද්‍යානාමයෙන් හැදින්වෙන මිගස විශේෂ 7ක් ලෝකය පුරා දැකිය හැකිය. නමුත් විශේෂත්වය වන්නෙ ඉන් 4ක්ම අපිට ආවේනික ශාක වීමයි.
මීගස ඍජු කද සහිතව මීටර් 20ක් පමණ උසට වර්ධනය වේ. මෙහි නොමේරු කොල සහ ලපටි කොටස් වල සියුම් බූවක් දක්නට ලැබේ. ඝන පොත්ත අළු පැහැයක් ගනී.

මී මල් කහපාට හුරු සුදුපාටකි. කොළ පාටට හුරු කහපාට ඵලවල ඇතුලේ දිලිසෙන සුළු බීජ ඇත. මෙම මීමල් හටගන්නේ ජූනි, ජූලි මාසවලය. අපරටේ හමුවන පරිසර හිතකාමීම ශාකය මෙමෙ මී ගසයි.

මී ගස වවුලන්ට හොද වාසස්ථානයකි. මෙම මී ගෙඩි හා මල් කන වවුලන් කුඹුරු පුරා වසුරු දානව. මෙම වසුරු ගිනිපෙට්ටියක් පමණ ප්‍රමාණයක යූරියා කිලෝ තුනක පමණ රසායනික සංඝටක තිබෙනවා. ඒ වගේම පසට නයිට්‍රජන් ලැබෙනවා,මෙම වවුලන්ගේ වසුරු වල බැරලෝහ නෑ, නමුත් ඇමෝනියා, යූරියා, TDM පොහොරවලින් දෙන රසායනික සංයෝජනය (නයිට්‍රජන්, පොටෑසියම්, පොස්පරස්) ලබාදෙනවා. ඒ වගේම මී ගසේ කොල වැටෙන්න කෙලින්ම කුඹුරට. ඒ කොලත් කුඹුරට පොහොරක් වෙනවා.
අපගේ වකුගඩු නරක්වීමට ප්‍රදානම හේතුව රසායනික පොහොර වල තිබෙන බැරලෝහයි. නමුත් මී ගස හරිහැටි ප්‍රයෝජනයට ගන්නවානම් අපිට වකුගඩු ප්‍රශ්නයක් ඇතිවන්නේද නෑ.

මීගස ස්වාභාවිකව පලිබෝධ පාලනය කරයි. ගොයමට හානි කරන ගොයම් මැස්සන්, මදුරුවන්, ගොයමට හානිකරන මැස්සන් වැනි සතුන් වවුලන් විසින් ආහාරයට ගැනීම සිදුවෙනවා,,ඒවගේම මී ගෙඩි හා මල් ආහාරයට ගන්න එන කුරුල්ලන් මී ගෙඩි නැතිකාලෙට කෘමීන්ව අල්ලන් කනවා. ඉතින් ගොයමට හානිකරන පලිබෝධකයන් ඉබේම නැතිවෙනව.

ආහාර සදහා මෙම මී ගසේ මල්, ගෙඩි සහ තෙල් යොදාගන්නවා. තෙල් සිදීමේදී මී මුරු නමින් හැදින්වෙන අවශේෂ සත්ව ආහාර වලටත්, ගොයමේ පොහොරක් ලෙසත් යොදාගන්නවා.


මී තෙල් නිෂ්පාදනය හා එහි ප්‍රයෝජන..

හොදින් වැඩුණු මී ගසකින් වාර්ෂික ඵලදාව කිලෝ ග්‍රෑම් 20 සිට කිලෝ ග්‍රෑම් 200 දක්වා ලබා ගත හැක.ගසට වයස අවුරුදු 10 දී ඵලදාව ලබදීම ආරම්භ වන අතර වයස අවුරුදු 60 පමණ දක්වා ඵලදාව ලබා ගත හැක.තරුණ ශාක වලට වඩා පරිණත ශාක මගින් වැඩි අස්වැන්නක් ලබා දෙයි. මෙම මී තෙල් Palmitic, Stearic, Oleic, Linolic අම්ල සංඝටකයන්ගෙන් යුක්ත වේ. එමෙන්ම මී තෙල් චර්ම රෝග, රූමැටික ආබාධ, හිස රුදාවල් සදහා ද යෝග්‍ය නක බව පැවසේ. මී තෙල් හොද ජීව ඉන්ධනයකි.සබන් වර්ග හා ඩිටර්ජන්ට් වර්ග නිෂ්පාදනයට ද මී තෙල් යොදා ගනී.

මී ඇට වල තෛලමය කොටස් 50% ක් පමණ අඩංගු වේ. පලමුව මී ඇට කුඩා කොටස් වලට කැබලි කරන අතර ඒවා හුමාලයෙන් තම්බනු ලබයි. තැම්බුනු මී ඇට කැබලි හොදින් තලා ගනු ලබන අතර සෙන්ටිග්‍රෙඩ් 63 දී නිස්සාරණය කර ගනු ලබයි.


අන්තර්ජාලය ඇසුරිනි.

කේ.ජේ.ඒ.වී පෙරේරා
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
මීගමුව.     

1 comments:

තවත් දේශීය දේ සම්බන්දව දැනුවත් කිරීමට ශක්තිය දිරිය ලැබේවා

Post a Comment