June 19, 2019

ආහාරමය පෝෂණ අතිරේක නොදැන ගත්තොත් අනතුරේ…..

ආහාර හා ඔෂධ පාලනය පිළිබද ආයතනය (FDA) විසින් මෙම සොයා ගැනිම සිදු කර ඇති අතර එයින් පැවසෙන්නේ Vinpocetine නැමති සංඝටකය අඩංගු ආහාරමය අතිරේකයන් මගින් කලලයන්ගේ වැඩිමට බාධා පමුණුවන බවයි.
(Chemical Name-Ethyl apovincaminate)      /        Web: en.Wikipedia.org /wiki/vinpocetine
FDA මගින් ලබා දුන් අවවාදයට පසුව National Toxicology Programme (NTP) විසින් මීයන් හා හාවුන් යොදා සිදුකරන ලද පර්යේෂණයන්ගේ හෙලි වි ඇත්තේ vinpocetine කලලයන්ගේ අසාමාන්‍යතා ඇති කිරිමට හෝ ගබ්සාවන් ඇති කිරිමට හේතු වන බවයි. එසේම සිය ගණනින් වන ආහාරමය අතිරේකයන්ගේ ඉහත සංඝටකය සුළුවෙන් හෝ අන්තර්ගත ඇති බවයි.

එක්සත් ඡනපදය තුල ක්‍රිඩකයින් සදහා ආහාරමය අතිරේක,බුද්ධි වර්ධක සහ ස්ථුලතාවය අවම කරන නිෂ්පාදනයන් සදහා vinpocetine අන්තර්ගත කර ඇත.

පර්යේෂකයින්ට පෙනි ගිය කාරණාවක් වුයේ, මෙම සංඝටකය අඩංගු නිෂ්පාදන 23ක නියැදියක් ඇසුරින්  6ක් පමණක් නිවැරදි මාත්‍රාව සටහන් කර තිබූ අතර  ඉතිරි නිෂ්පාදන 17 වැරදි මාත්‍රාවන් දක්වා තිබු බවයි.එම නිෂ්පාදන 17තුලින් නිෂ්පාදන 9ක vinpocetine අන්තර්ගතව නැති බව දක්වා තිබුණද විද්‍යාත්මක පර්යේෂණයන්ගෙන් සනාථ වුයේ ඒවායේද vinpocetine අන්තර්ගත බවයි.ඒනිසා NTP මගින් දැඩිව ප්‍රකාශ කර ඇත්තේ ආහාරමය අතිරේක සදහා නියාමනයක් අවශ්‍ය බවයි.

 Vinpocetine කෘතිමව නිපදවන අතර ඇත්ත වශයෙන් මෙය ආහාරමය අතිරේකයට එහා ගිය ඖෂධ ගණයට ගැනෙන සංඝටකයකි.බොහෝ රටවල ඖෂධයක් ලෙස නම් කර ඇති අතර මෙමගින් මොළයේ රුධිර සැපයුම දියුණු කරයි.1990 ගණන් වලදි පමණ සිට ආහාර අතිරේක නිෂ්පාදකයන් විසින් මෙම සංඝටකය තම නිෂ්පාදන වලට එක් කිරිමට කටයුතු කර ඇත.
ඖෂධ සදහා දීර්ඝ කාලිනව සායනිකව තහවුරු කිරිමක් සිදු වුවත් ආහාරමය අතිරේක සදහා එසේ සිදු නොකරන බව NTP හි චෝදනාවයි.
අතුරු විපාක

*කිවිසුම් යෑම.
*ඔක්කාරය.
*කැරකැවිල්ල.
*මුඛය වියලීම.
*ආතතිය.
*හිසරදය.

වෛද්‍ය නිර්දේෂයක් මත ඖෂධයක් ලෙස ලබා ගත්තද එය දිනකට 0.3mg සිට 32mg පරාසයේ පැවතිය යුතු බව පැවසේ.

අන්තර්ජාලය ඇසුරිනි.
කේ.ජේ.ඒ.වී පෙරේරා
වි.තා.නි - මීගමුව.

0 comments:

Post a Comment