Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

July 31, 2014

රුවන්වැලි මහා සෑය හා පුරාතණ ඉදිකිරීම් තාක්ෂණය

ලාංකේය බිමේ ඇති මහා සෑය රුවන්වැලිමහා සෑයයි.
මිහිඳු මහරහතන් වහන්සේ අටමස්ථානය හඳුන්වා දීමේ දී සත්වැනි ස්ථානය වශයෙන් මෙම මහා සෑය පිහිටුවන තැන හඳුන්වා දුන් බව කියැවෙයි. දේවානම්පියතිස්ස රජතුමා මේ පිළිබඳව විමසීමේ දී මිහිඳු මහරහතන් වහන්සේ වදාළේ මෙතැන ස්වර්ණමාලීමහා සෑය නමින් ස්තූපයක් ඔබගේ මුණුපුරකු විසින් අනාගතයේ කරවන බවයි. එම පුවත ගල් ටැඹක ලියා එම ස්ථානයේ පිහිට වූ බව වංශකතාවල සඳහන් වේ.

දුටුගැමුණු රජතුමා මෙම මහා ස්තූපය කරවා ඇත්තේ එම ගල්ටැඹ එසවූ ස්ථානයේ ය. ඒ වන විට එතැන තෙළඹු ගසක් තිබුණු බවත් සෑය සෑදීමට තෙළඹු ගස ඉවත් කිරීමට රජතුමාටසිදු වූ බවත් පැවසෙයි. ගස ඉවත් කළේ එයට අධිගෘහිතව සිටි ස්වර්ණමාලි නම් දෙවඟනගේ එකඟත්වය සහ අවසරය පරිදි ය. එම නිසා ස්වරණමාලීටඋපහාරයක් වශයෙන් මෙම මහා ස්තූපයට ස්වර්ණමාලී මහා සෑය වශයෙන් නම් තැබීමට තරම් රජතුමා කෘතවේදී විය. පසුව මෙය රුවන්වැලිනමින් වී අද දක්වාද එම නම ප්‍රචලිතව තිබේ. 

සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේ ද්‍රෝණයක් මෙහි නිධන් කර තිබෙන බව මහා වංශය මෙන්ම වෙනත් වංශ කතා ද සඳහන් කරයි. ද්‍රෝණය නම්  නැලි දහසයක. පරිමාවකට සමානය. සර්වඥ ධාතූන්ගෙන් 1/8 ක් පමණ මෙහි නිධන්ව ඇති බවද තැනක කියැවෙයි.
බුද්ධ වර්ෂ 390ටත් 400ටත් අතර වර්ෂයක ඇසළ මස පුර පසළොස්වක දිනක මෙම මහා සෑය තැනවීමට අවශ්‍ය මඟුල් ගඩොල පිහිටුවීය. එසේ නම් මෙම  මහා සෑය සෑදීමේ කාර්ය සිදුවූයේ බුද්ධ වර්ෂයෙන් අදට වසර 2156 කට පමණ පෙරය. 

මේ ලෝක විනාශයේ දී දියත පුරා විවිධ දේශ දේශාන්තරයන්හී වැඩ වසන සම්බුද්ධ සර්වඥ ධාතූන් වහන්සේ රුවන්වැලි සෑය නම් මෙම අසාදෘශ්‍ය මහා ස්තූපය වෙතට වැඩමවා වදාරා පෙළහර පා, පිරිනිවන් පානා බව අට්ඨකතාවන්හි සඳහන්ව තිබේ.
එහි සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් මෙම මහා සෑයේ ස්ථිරත්වය වෙනුවෙන් මීට වසර දෙදහස් ගණනකට එපිට දැමූ අඩිතාලම පිළිබඳව කතා කිරීමේ දී මෙහි ඇති පදනමේ මහා ශක්තිවන්තකම පිළිබඳව අපට යම් හැඟීමක් ඇතිකර ගත හැක.

රුවන්වැලි සෑයේ අඩිතාලම දැමීමට අඩි 7 යි අඟල් 6 ක් පමණ පොළව සෑරූ බව කියැවෙයි. හුණුගල් ගෙන්වා යෝධයන් ලවා කුළු ගස්වා පොඩි කරන ලද එම ගල් අඩිතාලමට දමා ඇතුන් ලවා මැඩවීය. ඒ සඳහා රජතුමා කොතරම් නම් කාරුණික වූයේ ද යත් මෙම ඇතුන්ගේ පතුල් තුවාල වී අනතුරට ලක්වීම වැළැක්වීමට සමින් මසන ලද අලි සපත්තුපලඳවා පතුල් ආරක්‍ෂා කරවීය. ඊට අමතරව රහතන් වහන්සේ මගින් ලබා ගත් වෙඬරුමැටිනොහොත් නවතීන මැටි’ (ඉතා සියුම් මැටි වර්ගයක්) ඇතිර වීය. එය මත ගඩොල් ද ගඩොල් මත්තෙහි සුද්ධ කරගල් ද එයිටත් මත්තෙහි කුරුවින්ද ගල් ද ඊටත් උඩින් යබොර කැටද, ඉන් මත්තෙහි බොරළු ද, බොරළු මත හිමාලයෙන් ගෙනෙන ලද පළිඟු ගල් ද, එයටත් උඩින් තවත් විශේෂ ගල් වර්ගයක් ද ඇතිරීය. මෙම ස්ථරයත් දැඩිව තද කිරීමෙන් පසුව, රසදියෙන් මිශ්‍රකළ ගිවුලු මැලියමින් අඟල් 8 ක් ඝන වූ ලෝහ තහඩුවක් මුළු අත්තිවාරම වැසෙන පරිදි සවිකළේ ය. 

ආරම්භයේ දී රුවන්වැලි මහා සෑයේ උස අඩි 300 ක් ද ස්තූප පාදයේ වර්තමාන විශ්කම්භය අඩි 298 ක් ද වන බව පරණවිතානයන්ගේ  ලංකාවේ ස්තූපනම් ග්‍රන්ථයේ සඳහන් වෙයි. මේ අනුව මෙතරම් විශාල ඉදිකිරීමක බර දරා සිටින අත්තිවාරමේ ඇති ශක්තිය පිළිබඳ දළ හැඟීමක් ඇතිකර ගත හැක. ඉහත කී තහඩුව මතු පිට තලතෙලින් පොඟවන ලද රත් සිරියෙලින් අඟල් හතක් ඝන රිදී පටක් ද ඇතිරවීය. (මෙය රිදියෙන් කළ කොටු දැළක් විය හැක.)

මෙම අඩිතාලමේ තාක්‍ෂණය අද විද්‍යාඥයින්ට අභියෝගාත්මක ප්‍රශ්න රැසක් ඉතිරිකර තබා තිබේ. රසදිය, තලතෙල්, මැලියම්, ඉතා සියුම් මැටි වර්ග, තට්ටුවෙන් තට්ටුව ඇති රූ ගල් වර්ග, ලෝහ තහඩු, රිදී පට ආදී මේ සියලු පැරැණි තාක්‍ෂණයේ අමුද්‍රව්‍ය ඒවා ඇතිරූ ක්‍රමවේදයන් දියුණු විද්‍යාත්මක ඥානය හා සැසඳෙන්නේ කෙලෙසක දැයි අපි තවමත් සොයා බැලුවෙහිද? මහා බරක් සමසේ බෙදීයාමට මෙම තහඩු යොදවන්නට ඇත. එසේම අකුණු විපත් ආදිය වළකාලීමටද මෙම ලෝහයන් ප්‍රයෝජනවත් වීමට පුළුවන. අප නොදත් විද්‍යාත්මක පදනමක මහා රහස් අපේ මුතුන් මිත්තන් හොඳින් දැන සිටියා වීමට ද පුළුවන. මෙම මහා කර්මාන්තයේ ඉංජිනේරු අධීක්‍ෂණ කමිටුවේ ප්‍රධානත්වය දැරුවේ ඉන්ද්‍ර ගුප්ත නම් භික්‍ෂූන් වහන්සේ නමක් බව සඳහන් වේ. රහතන් වහන්සේලාගෙන් අනූන වූ එම යුගයේ මෙම විද්‍යාඥානයට මහා රහස් බලයක් ද සම්මිශ්‍රණය වූවා දැයි සිතට සැකයක් උපදියි.

මෙසේ අඩිතාලම දමා තුන්මාල් පේෂාව දක්වා චෛත්‍ය ගොඩනැගීමේ දී නව වාරයක් එය පොළවට කිඳා බැස ගිය බවත් ඉන් පසුව දස වන වාරය වන විට චෛත්‍ය බැඳීමට දසකෝටියක් ගඩොල් වැය කළ බවත් මහා වංශාදී වංශ කතාවන්හි සඳහන්ව තිබේ. ව්‍යාකූලත්වයට පත් දුටුගැමුණු රජතුමා මෙසේ වන්නේ ඇයි දැයි අසූ දහසක් මහ රහතන් වහන්සේ ගෙන්වා විචාල විට රහතන් වහන්සේලා පැවසුවේ අති මහත් විනාශයකදී වුව මෙම මහා සෑය ස්ථිර ලෙසම පැවැතිය යුතු වූ නිසා එසේ වූ බවය. ලෝක විනාශයකදී පවා මහා මේරුවක් සේ විනාශ නොවී පවතින එකම ස්ථානය රුවන්වැලි මහා සෑය යැයි තැනක සඳහන් වන්නේ මෙහි පදනමේ ඇති මහා සවි බලයේ තරම කියා පෑමට විය හැක.


                                   -  උපුටා ගැනීම මුහුණුපොතේ රාජධානිපිටුවෙනි. -

නොපෙනී සිටීමට තවත් කබායක්

ස්වභාවික අමු ද්‍රව්‍ය මත පාර විද්‍යුත් බහු ස්ථර ආලේපනය මඟින් නොපෙනී ස්ටීමට හැකි නව කබායන් මිචිගුන් තාක්ෂණ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ සොයාගෙන ඇත. දෘෂ්ඨි පරිවර් (Optics transformation) සම්බන්ධතා උපයෝගී කර ගෙන නිර්මාණය කළ මෙම ප්‍රමාණයේම නොපෙනී සිටීමට හැකි කබායට වඩා නව කබාය කාර්යක්ෂම බව ප්‍රදර්ශනය කර තිබේ.

භෞතික විද්‍යාවේ විශේෂිත සළකුණක් වූ වස්තු නොපෙනීයාම (අතුරුදන් වීම) සහා නව නිර්මාණයක් ඉදිරිපත් කිරීමට මිචිගුන් තාක්ෂණ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ සමත් වී තිබේ. පසුගිය මාසයේදී මෙම විශ්ව විද්‍යාලයේ විදුලි හා පරිගණක ඉංජිනේරු අංශයේ මහාචාර්යවරියකු වූ එලීනා සෙමෝච්කිනා සහ ඇයගේ පශ්චාත් උපාධි අපේක්ෂක සිසුවෙකු සාර්ථක ලෙස මයික්‍රෝ තරංගආයාම සහිත විද්‍යුත් චුම්භක තරංග වලට සුවන සිලින්ඩරාකාර වස්තු නිර්මාණය කරන ලදි.අසන්නායක සෙරමික් පාර ද්‍රව්‍ය (Non conductive ceramic mat material) භාවිතයෙන් මෙවැනි අදෘශ්‍යමාන සිලින්ඩරාකාර වස්තු නිර්මාණය කළ හැකි බව මෙහිදී ප්‍රදර්ශනය කර තිබේ. මයික්‍රොතරංග වලට වඩා කෙටි අධෝරක්ත සංඛ්‍යායේ තරංග වලට අදෘශ්‍යමාන වන අසන්නායක වීදුරුමය ද්‍රව්‍ය ද (Non conductive glass mat material) මින් පෙර සෙමෝච්කිනා විසින් නිෂ්පාදන කර ඇත.

ඔවුන්ගේ නිර්මාණ පිළිබඳ වාර්ථා වූ IEEE මයික්‍රොතරංග හ රැහැන් විරහිත අංග (Microwave wireless components ) ලිපියේ උණුසුම යෑමට ප්‍රථම විදුලිය හා විද්‍යුත් ඉංජිනේරු ආයතනයක් විසින් සංවර්ධනය කළ වෙනත්ආකාරයේ නොපෙනීයෑමට හැකි කබායන් පිළිබඳ වාර්ථාවක් පළවිය. විවිධ පාර විද්‍යුත් නියතයන් (dielectric permittivity ) සහිත පිඟන් මැටි (සෙරමික්  වැනි සාමාන්‍ය පාර විද්‍යුත් ද්‍රව්‍ය මෙවර භාවිත කර තිබේ.
Applied physics letters හි පළ වී ඇති ලිපයට අනුව සෙමෝච්කිනා සහ වෑන්ග් විසින් නිෂ්පාදිත නව නොපෙනීයන කබාය සඳහා ස්වභාවික ද්‍රව්‍ය මත ඉතා තුනී බහු ස්ථර පාර විද්‍යුත් ආලේපය යොදා ගෙන ඇත. එමඟින් පෙර නිෂ්පාදිත එවැනි කබාවලට වඩා කාර්යක්ෂම කබායක් නිර්මාණය විය. එය 8 වාරයකට වඩා තුනීය. හු ස්ථර පාර විද්‍යුත් කබාය විජ්ජාවක් හෝ චිත්‍රපටි කරණයක් ලෙස සැළකුව ද එය සත්‍ය වශයෙන්ම ජාතික ආරක්ෂාව, නීතිය ක්‍රියාත්මක කිරීම වැනි ප්‍රෙයෝජනවත් අවශ්‍යතා සඳහා භාවිතා කළ හැකි වනු ඇතැයි පර්යේෂකයෝ තවදුරටත් පවසති.

උපුටා ගැනීම
A New Kind of Invisibility Cloak Demonstrates Better Cloaking Efficiency


ශරිර බර මෙන් දස ගුණයක බර දනහිසට


තරබාරු පුද්ගලයන්ගේ දනහිස් සාපේක්ෂව දුර්වල බව සොයාගෙන ඇත. එනම් ඕනෑම පුද්ගලයකුගේ ශරීර ස්කන්ධය මෙන් දස ගුණයක බලයක්/ පීඩනයක් දනහිස මගින් ඉහලට ඇති කරණු ලබයි.  එම නිසා  ස්ථූලතාවයෙන් පෙලෙන්නන්ගේ මෙම  අධිකවන හෙයින් දනහිස් සාපේක්ෂව දුර්වලය.
ඇමෙරිකා එක්සත් ඡනපදයේ ඡනගහනය අතර සීඝ්‍රෙයන් වැඩිවන සෞඛ්‍යමය තර්ඡනයක් ලෙස තරබාරුව හදුනාගෙන තිබේ. මෙය මනුෂය ඡීවිතයේ පැවැත්මට තර්ඡනයක්වන බොහොමයක් රෝගවලට ෙමය හේතුකාරක වේ. හෘද රෝග(Heart attacks) ස්ට්‍රොක්(Strokes ), දියවැඩියාව(Diabetics ), නින්ද නොයාම( Sleep apnea),පිලිකාවලට(Cancer ) හේතු වන අතර  අස්ථි පද්ධතියටද(Muscular Skeletal System) සෘඡුවම බලපානු ලැබේ.
කෙනෙකුගේ නියමිත ශරීර ස්කන්ධ දර්ශකයට  වඩා 30 කින් වැඩිවීම ස්ථූලතාවය ලෙස හදුන්වනු ලැබේ. ඇමෙරිකා එක්සත් ඡනපදයේ විවිධ වයස් කාණ්ඩ අතර ස්ථූලතාවය සීඝ්‍රෙයන්  ඉහල යන අතර එය ළමුන් අතර ඉහල ප්‍රතිශතයක් ගනි.   ප්‍රවේනික හේතු, ඖෂධ වර්ග සහ සෞඛ්‍යම හේතු තිබුනද වර්තමානයේ ව්‍යායාමවලින් තොරවූ  අලස ඡිවන රටාවකට හුරු වීම(Sedentary life style ), ක්ෂණික සහ කෘතිමව පිලියෙල කරණ ලද ආහාර අනුභවය(Fast and processed food ) සහ වැරදි ආහාර රටාවන්(Poor diets habits) මෙයට  ප්‍රධාන වශයෙන් වගකිව යුතුවේ.
ස්ථූලතාවය සන්ධි(Joints) සහ කශේරුකාවට(Vertebral column) බලපෑම් ඇති කරනු ලබයි. දනහිස්වල   ඇති ඔස්ටියෝ ආතරයිටීස්(osteoarthritis/ wear and tear  arthritis) ඔවුන් අතර බහුලවම දක්නට ඇත් රෝගී තත්වයකි. ඔවුනට හිදගැනීම සහ නැගිටීම, වාහනයකට ගොඩවීම සහ එයින් බැසීම,වැසිකිලියට ගොස් හිදගැනීම සහ නැගිටීම සහ තරප්පු නැගීම සහ බැසීම වැනි කාර්යයන් කිරිමට ඉතා අපහසු සහ වේදනාකාරී වේ.
මෙය ඡීවයාන්ත්‍රිකව (Biomechanically ) පැහැදිලි කර ඇත. එනම් පුද්ගලයකු ඇවිදින විට ඔහුගේ ශරීර ස්කන්ධය මෙන් තුන්ගුණයක පීඩනයක් දනහිස මත ඇති කරණු ලබයි. එලෙසම දිවීම, තරප්පු නැගීම සහ පැනීම වැනි අනෙකුත් ක්‍රියාකාරකම් කිරීමේදී මෙම පීඩනය 6 සිට 10 ගුණය දක්වා වැඩිවේ.එනම් ඇවිදීමේදී රාත්තල් 200 ක් බර පුද්ගලයකුගේ දනහිස මත ඇති කරණු ලබන පීඩනය රාත්තල් 600 කි.ඔවුන් කදු නැගීම, දිවීම සහ පැනීම වැනි ක්‍රියාවක් කිරීමේදී මෙම පීඩනය රාතිතල් 1200 සිට 2000 දක්වා වෙනස් වේ. පුද්ගලයෙකු තරබාරුව සිටින කාලය වැඩිවීම සහ කාලය සමඟ තරබාරුව වැඩිවීමති සමඟ ඔවුනට ආතරයිටීස් වලට ලක්වීමේ සහ එය වැඩිවීමේ අවධානම ඉහළ අගයක් ගනී. 

මේ අනුව ස්ථූලතාවයෙන් පෙලෙන සෑම පුද්ගලයකුම ඔහුගේ  බර අඩු කර ගන්නා සෑම රාත්තලකටම ඔහුගේ දණහිස කරා ඇති අවධානම රාත්තල් 3 සිට 10 දක්වා අඩු කර ගනු ලබයි. එලෙසම රාත්තල් 10 සිට 20 දක්වා අඩු කරගන්නා පුද්ගලයන්ගේ එදිනෙදා ක්‍රියාකාරකම් කිරීමේදී ඔහුට විශාල සැහැල්ලුවක් දැනේ සහ ඉතා පහසුවෙන් සිදුකල හැකිය. එලෙසම දිනපතා කරනණු ලබන ව්‍යායාම මගින් සහ පාද ශක්තිමත් කිරීමේ ව්‍යායාම මගින්ද (leg strengthening Exercises ) සන්ධි සඳහා ඇති කරණ පීඩනය අඩු කල හැකිය.
ස්ථූලතාවය කශේරුවේ ක්‍රියාකාරිත්වය කෙරෙහිද සෘඡුවම බලපෑම් ඇති කරනු ලැබේ.ස්ථූල පුද්ගලයන් ඉදිරියට නැමීමේදි කශේරුකා අතර සංකෝචන බලයක් ඇතිවීම මගින් වේදනාකාරි වේ. මේ නිසා කොන්දේ අමාරුව(back pain ) ඇතිවේ. හරියට ඔබගේ කොන්ද මත රාත්තල් 50 සිට 100 දක්වා  බරක් බැද ඇතිවිට දැනෙන වේදනාව අනුමාන කරන්න.
අස්ථි විශේෂඥයන්ට(Orthopedists) අනුව ස්ථූලතාවයෙන් පෙලෙන්නන්ට දනහිස් සහ උකුල් ඇටය නැවත බද්ධ කිරීමට( Knee and Hip replacement Surgeries) සිදුවීම ඉතා සුලභය.  මෙය වර්තමානයේ මහා පරිමාණයේ ගැටළුවක් බවට පත්වී තිබේ. ඡිවිත අවධාවම නිසා සැත්කම්වලට භාඡනය කළද සැත්කම්වලට භාඡනය කිරීමේදි සහ ඉන් පසුව විවිධ සංකූලතාවලට(Complications ) සහ අතුරු ආබාධවලට(Side effects) මුහුණදීමට සිදුවීමද ගැටළුකාරි වී ඇත. සමහර අවස්ථාවලදී අධික ස්ථූල පුද්ගලයන්ට ඇවිදීම සඳහා මෝටර් ස්කූටර්(Motor Scooter ) භාවිතා කරණ මෙන් උපදෙස් දෙනු ලැබේ.
බොහෝ අවස්ථාවලදී  උකුල් සහ දනහිස් ඇට බද්ධ කිරීම් සැත්නම්වලට මුහුනදෙන රෝගීන් එම සැත්නම් වලට පෙර  සැත්කමින් පසුව තම බර අඩු කර ගන්නා බවට දිවුරනු ලැබේ. සමහර පුද්ගලයන් අවංකවම තම බර අඩු කර ගන්නා අතර සමහර අයගේ බර ටික ක‍ලෙකින් රාත්තල් කීහිපයකින්  ඉහල ගොස්  ඇති බව වාර්ථා වේ.
කෙසේ වුවද මෙම බද්ධ කිරී‍මේ සැත්කම් වලින් පසුව ඔවුනගේ අස්ථිවල ක්‍රියාකාරීත්වය දුර්වල වන අවස්ථාද අසන්නට ලැබේ. සැත්කම් වලට භාඡනය කිරීමේදී සිහි නැති කිරීමේ සහ නැවත සිහිය ගැනීමේ අපහසුතා  (Anesthetic problems) තුවාල පැසවීම(Infections) , ලේ කැටි ගැසීම( Blood clotting) සහ බලාපොරොත්තු වන ප්‍රතිඵලය නොලැබීම නිසා විවිධ සංකූලතාවයන්ට පත්වීම ආදිය බරපතල ගැටළු බවට පත් වී ඇත. 
කෙසේ වුවද ස්ථූලතාවය ඔබගේ දනහිස සහ කොදු ඇට පෙල ඇතුළු අස්ථි පද්ධතියේ ක්‍රියාකාරීත්වයට අහිතනර වන අතරම අනෙකුත් රෝග හේතුවෙන් ඡීවිත අවධානමට ලක්වීමේ සම්භාවිතාවයද වැඩිය. එම නිසා ඔබගේ උසට සරිලන බරක් පවත්වා ගැනීම නිරෝගීමත් ඡීවිතයක් අපේක්ෂා කරණ හැම කෙනෙකුගේම අධිෂඨානය විය යුතුය.
               http://www.sciencealerts
Nayana Wijeratne- STO ,Yatinuwara

සැගවුනු ආදී මානව පොසිලයක්

ඡොහැන්සබර්ග් හි( Johannesburg) විට්ස්වෝටර් ස්ටෑන්ඩ් විශ්ව විද්‍යාලයේ ( University of the Witwatersrand) මානව පරිනාමය පිළිබ  විට්ස් ආයතනයේ විද්‍යායින් ( Scientists of the Wits ) පිරිසක් විසින්  2012 ඡූලි මාසයේදී සුවිශේෂී සොයා ගැනීමක් කරණ ලදි.  අප්‍රිකාවෙන් සොයා ගන්නා ලද පොසිලයක් මගින් ආදී මානව පුරැකක විශේෂ තොරතුරැ සොයා ගැනීමට ඔවුනට හැකි වී ඇත.
ඔවුන් සිදුකල ගවේශණයකදී ආදී මානව මුතුන්මිත්තකුගේ අස්ථි පද්ධතියක සැලකියයුතු කොටස් ප්‍රමාණයක්  සොයා ගැනීම ට  ඔවුන්ට හැකිවිය. විශාල පාෂාණ  අතර සැව තිබූ මෙම අස්ථි  කොටස්     ˝ කරබෝ˝ ( Karabo) යනුවෙන් හදුන්වනු ලබන ආදී මානවයාගේ බවට  විස්වාස කරති. කරබෝ යනුවෙන් හදුන්වනු ලබන ආදී මානවයා ˝ඔස්ත්‍රො‍ලොපිතකස් සෙඩිබාය˝. (Australopithecus sidiba )

ඔස්ත්‍රො‍ලොපිතකස් සෙඩිබාය. (Australopithecus sediba) යනු වසර මිලියන ගණනකට පෙර නැගෙනහිර අප්‍රිකාවේ වාසය කල ආදී මානව විශේෂයකි.      වසර මිලියන  ගණනකට පෙර ඔවුනගේ අන්තිමයාද  මිහිමතින් සමුගෙන ඇත. ඔවුනු මානව පරිනාමයේ සුවිශේෂි කොටසකි දෙපයින් නැගිට සිටිය හැකි වූ ( bipedal)  මොවුනට වර්තමාන මිනිසාගේ මොලයෙන් 35%  පමණ විශාල වූ මොලයක් තිබිනි මොවුන් මිනිසා සහ වානරයන් අතර පරිණාමයේ සුවිශේෂී පුරැකකි. මීටර 1.2 සිට 1.3 දක්වා උස්ව වැඩී සිටි ඔවුන්ගේ පිරිමි සතා ගැහැණු සතාට වඩා ප්‍රමාණයෙන්  විශාල විය. කන්ඩායම් වශයෙන් වනාන්තර වල ඡිවත් වූ මෙවුන් ලී සහ ගස්වල පොතු අනුභව කරමින් ඡිවත් වූ බවට විද්‍යා යින් ඔවුන්ගේ දත් ස හා කරණ ලද පර්යේෂණ වලට අනුව සොයා ගෙන ඇත.
 
මානව පරිනාමය පිළිබ  විට්ස් ආයතනයේ මහාචාර්ය ලී බර්ගර් (Professor Lee Roger Berger) පවසන අන්දමට මෙම අස්ථි කොටස්   අතරට හනු කොටස්, කලව ඇටය,කශේරුව සහ ගාත්‍රා කොටස් හමු වී ඇත. මේ තරම් පර්පූර්ණ අස්ථි කොටස්    මීට පෙර හමු වී නැති බව ඔවුන්ගේ මතයයි. එය මානව පරිනාම (Human Evolution) ඉතිහාසයේ සුවිශේෂි ඡයග්‍රහනයක් බව පර්යේෂකයෝ පවසති.
මෙම පොසිලය විශාල පාෂාණයක (Fossil) මීටරයක් තරම් වූ කොටසක සැව තිබූ අතර සාමාන්‍ය නිරීක්ෂණයකදී එය නොපෙනෙන බව පර්යේෂක යන් පවසයි. සැබැවින්ම මෙම  පොසිලය  සොයා ගැනුනේ මීට වසර තුනකට පමණ පෙරදීය. එහෙත්  විට්ස් ආයතනයේ විද්‍යා යින් එය ප්‍රසිද්ධියට පත් කලේ 2012 ඡූල් මාසයේදීය. ඒ කාලය තුල  සී.ටී ස්කෑනරයක් ( C T Scanner) මගින් පාෂාණය තුල සැ ව තිබූ අස්ථි සොයා ගැනීමට එවුනට හැකි විය.

Source   - http://www.Smithsonian.com
                http://www.naturecom
Nayana Wijeratne - STO, Yatinuwara

ඡංගම දුරකථනයට වැලි බැටරියක්

දැනට භාවිතයේ පවතින  බැටරිය වඩා තුන් ගුණයක ආයු කාළයක් සහිත බැටරියක් නිෂ්පාදනය කිරිමට ඇමෙරි‍කාවේ   රිවර්සයිඩ්හි කැලිපෝනියා විශ්ව විද්‍යාලයේ (University of California, Riverside in USA) පර්යේෂකයන් (Researchers) කණ්ඩායමකට හැකිවී ඇත.මෙහි විශේෂත්වය වනුයේ දැනට භාවිතා කරණු ලබන ඡංගම දුරකථන බැටරියක ඇති ග්‍රැෆයිට් (Graphite )  වෙනුවට වැලිවලින්  නිස්සාරණය කරගණු ලබන  සිලිකෝන්(Silicone ) යොදා ගැනීමයි.
දැනට භාවිතයේ පවතින  ලිතියම් -යකඩ  බැටරිය වල (Lithium – Ion Battery  )  සෘණ අග්‍රය (Negative side) නෙහොත් ඇනෝඩය (Anode ) සාදා ඇත්තේ ග්‍රැෆයිට් වලිනි. මෙහි ආයු කාලය ( Life time ) අඩු නිසා මෙම පර්යේෂකයන් කණ්ඩායම  විසින්   බැටරිය ආයු කාලය වැඩි  කර ගත හැකි ආදේශක  ද්‍රව්‍ය( Substitute material ) පිළිබඳව සොයා ගැනීම් කරමින් සිටී.  සිලිකෝන් යනු  හොද ආදේශකයකි. සිලකෝන්වලට දැනට භානිතා නරණු ලබන ද්‍රව්‍ය වලට වඩා දසගුණයක ශක්තිය ගබඩා කරගත හැකිය. නමුත් මෙය ඉතා මිල අධිකවීම  නිසා විශාල පරිමාණයෙන් නිෂ්පාදනය කිරිම  දුෂ්කරය.
මෙම පර්යේෂකන  කණ්ඩායමේ ලිතියම් -යකඩ  බැටරිය  නිෂ්පාදනවල වැඩිදියුණු කිරීම් පිළිබඳව අධ්‍යනයන් හා පර්යේෂනයන් කරණු   ලබන උපාධිදාරි   ශිෂයයකු වන ‍ Zachary Favors  විසින් මේ සඳහා ඉතාම සරළ මෙන්ම අනර්ඝ සොයාගැනීමක් කර ඇත. මෙහිදී ඔහුන්ගේ පර්යේෂණය සඳහා වැලි   වල සංයුතිය පිලිබඳ ව අවධානය යොමුකර ඇත. වැලි  සෑදී ඇත්තේ ප්‍රධාන වශයෙන්  ක්වාර්ට්ස්(Quarts  ) නැතහොත් සිලිකෝන් ඩයොක්සයිඩ්(Silicon dioxide  ) සහ අනෙකුත් ද්‍රව්‍ය( Other materials ) වලින් වීම එයට හේතුව වේ.
‍මෙහිදී වැලිවලින් සිලිකෝන්  නිස්සාරණය කරගැනීමට ප්‍රථම  වැලි නැනෝ පරිමාණයට( Nano scale)  සිහින්ව අඹරා ගැනී ‍මෙන් පසුව   පියවර කිහිපයකින් පිරිසිදු කර සිලිකෝන් ඩයොක්සයිඩ් වෙන්කර ගනු ලැබේ. ඉන් පසුව ඒවා ලුනු(Ground salt ) සහ මැග්නීසියම්(Magnesium) සමඟ රත් කිරීමේදී  පිරිසිදු සිලිකෝන් පවුඩරය ලැබේ. මෙම සරළ ක්‍රියාදාමයේදී ලුනු තාප අවශෝෂකයක් ලෙස ක්‍රියා කරණු ලබණ අතර මැග්නීසියම් වලින් ක්වාර්ට්ස්වල ඇත් ඔක්ෂිඡන් (Oxygen ) නිදහස් කර අවසන් ප්‍රත්ඵලය ලෙස සිලිකෝන් ලබාදෙයි.
 ඉන් පසුව පර්යේෂකයන් විසින් මෙම සිලිකෝන් යොදා ගනිමින්   ලිතියම් -යකඩ  බැටරියක ප්‍රමාණයේ කාසියක් වැන් සිලිකෝන් බැටරියක් සාදා ලිතියම් -යකඩ   බැටරියට වඩා තුන් ගුණයක ආයු කාලයක් ඇති මෙම නවතම සොයා ගැනීම කර ඇත.

‍මෙම බැටරිය සඳහා ඔවුන් විසින් දැනටමත් පේටන්ට් බලපත්‍රය ලබාගෙන ඇති අතර එය භාවිතා කි රීම සඳහා ඔබට බොහෝ  බලා සිටීමට  සිදු නො වනු ඇත.
 Source –http:// www. : Gizmag.
                http:// www.scienctificreports 
                http:// www.sciencealerts
Nayana Wijeratne - STO, Yatinuwara

අපේ වාසනාවට සොයා ගත් ප්‍රතිජීවක(Antibiotic)

 ප්‍රතිජීවක සොයා ගැනීම රෝග වලට එරෙහිව යුද වැදීම සදහා  නව සටන් පෙරමුණක දොර විවර කරන ලදී.   ප්‍රතිජීවක සොයා ගැනීමට පසුව  බැක්ටීරියා නාශනය හෝ බැක්ටීරියා වර්ධනය නිශේධනය තුලින් විද්‍යාඥයින් කොළරාව , නිව්මෝනියාව , පිටගැස්ම , ක්ෂය රෝගය වැනි මාරාන්තික රෝග වලින් රෝගීන් ගලවා ගන්නා ලදී.
  අද දවසේ  පුරා ලොව පුරා බහුලව භාවිතා වන ප්‍රතිජීවකයක් වන පෙනිසිලීන් සොයාගැනීම  අහඹු සිදුවීමකි.   වෙනත් විද්‍යෘඥයින් විසින් පෙනිසීලියම් නොටාටුම් (Penicillium notatum)  දිලීරය මගින්  සමහර බැක්ටීරියා ආකාරවල වර්ධනය අත්හිටුවන බව රට පෙර නිරීක්ෂණය කර තිබුනත් , පෙනිසීලියම් සොයා ගැනීමේ ගෞරවය බ්‍රිතාන්‍ය ජාතික බැක්ටීරියා විද්‍යාඥ ග්‍රීමත් ඇලෙක්සැන්ඩර්  ෆ්ලෙම්ං ට හිමි වේ.

වර්ශ 1928 දී ෆ්ලෙමිං සිය පවුල සමග කෙටි නිවාඩුවක් ස‍දහා යාමට පෙර නැවත පැමිණි විට අධ්‍යයනය කිරීම සදහා ස්ටැෆයිලොකොකස් (Staphylococcus) බැක්ටීරියා තම විද්‍යාගාරයේ රෝපණය කිරීමට ෆ්ලෙමිංට අවශ්‍ය විය.  ෆ්ලෙමිං බැක්ටීරියා රෝපණය කරන ස්ටැෆයිලොකොකස් (Staphylococcus) බැක්ටීරියා ඇතුළු කිරීමට පෙට්රි දීසිය තත්පර කිහිපයක්  විවෘතව තැබීය.   සාමාන්‍යයෙන් ඒ ඇසිල්ලෙන් දිලීර බීජාණු ඔහු ගේ පෙට්රි දීසියට ඇතුළු වීම විරල සිද්ධියකි. ඔහුගේ විද්‍යාගාරයට මහල් දෙකකට පහලින් වෙනත් විද්‍යඥයකු පෙනිසීලියම් නොටාටුම් (Penicillium )  දිලීරය පිලිබද පර්යේෂණ කරමින් සිටියේය.   ඉතා සැහැල්ලු වාතයේ පාවෙන , මිලියන ගණනාවක් වු  එම දිලීර බීජාණු  ෆ්ලෙමින්ගේ  විද්‍යාගාරයේ නිතරම විවෘතව පැවති දොර ජනේල් තුලින් පැමිණ එය පුරා විසිරී පවතින්නට ඇත. ඔහුගේ පෙට්රි දීසියට ඒවා ඇතුළු වීම එහිදී සිදු විය. මෙම පෙට්රි දීසිය ෆ්ලෙමින් විද්‍යාගාරයේ බීජෞෂකයේ තබනු වෙනුවට අමතක වීමකින් මේසය මත තබා ගියේය.

බැක්ටීරියා සහ පෙනිසීලියම් නොටාටුම් සාමාන්‍යයෙන් හොදින් වර්ධනය වන්නේ වෙනස් උෂ්ණත්ව වලදීය. ස්ටැෆයිලොකොකස් (Staphylococcus) බැක්ටීරියා සාමාන්‍යයෙන් වැඩි උෂ්ණත්වයක් යටතේ  ගුණනය වන අතර පෙනිසීලියම් සාපේක්ෂව අඩු උෂ්ණත්වයක් යටතේ හොදින් වැඩේ. ෆ්ලෙමිංගේ නිවාඩු කාලය තුල පෙනිසීලියම් දිලීරය හොදින්  වර්ධනය වෙමින්  මාධ්‍යයට පෙනිසිලින් ස්‍රාවය කරමින් ස්ටැෆයිලොකොකස් (Staphylococcus) බැක්ටීරියාවේ වර්ධනය වළක්වා ලමින් ඒවා කුඩා බැක්ටීරියා  ඝනාවාස කිහිපයකට සීමා කර තිබිණි.

  නිවාඩුව ගත කිරීමෙන් අනතුරුව පැමිණි ෆ්ලෙමිං ට සිදු වී ඇති දේ කවරක්ද යන්න හොදින් තේරුම් ගැනීමට හැකි විය.  එය තේරුම් ගෙන මෙම දිලීරය මගින් නාශනය කල හැකි වෙනත් බැක්ටීරියා සොයා බැලීම සදහා ඔහු පරීක්ෂණ මෙහෙය වීය.
මෙම නව ඹෟෂධය දෙවන ලෝක සංග්‍රාම සමයේදී ජීවිත දහස් ගණනක් බේරා ගැනීමට දායක විය.
තුෂංග හේරත්, විද්‍යා හා  තාක්ෂණ නිලධාරී , හාලිඇල.