July 9, 2014

බලශක්ති අර්බුදයට ගෘහස්ථ ජීව වායු පද්ධති භාවිතය


ජීවින් ඇති ඕනෑම ස්ථානයක් නිර්වායු තත්වයට පත්වූ විට ජීව වායු උත්පාදනය විය හැක. ජීවවායුව යන නාමය පට බැී ඇත්තේ එබැවිනි. සාමාන්‍ය පරිසරයේ කාබනික ද්‍රව්‍ය ගොඩ ගැසී ඇති තැන් නිර්වායු තත්වයට පත්වූ විට නිරායාසයෙන්ම ජීවවායු හට ගනී. වගුරු වල හට ගන්නා වගුරු වායුවද එසේ උත්පාදනය වන ජීව වායුවයි. මිනිසාගේ සැලසුම් සහ නිර්මාණ ආශ්‍රිතව ක්‍රමානුකූලව ජීව වායු උත්පාදනය මුලින්ම ප්‍රචලිත කලේ චීනය සහ ඉන්දියාවයි 1970 දශකයේදී ශ්‍රී ලංකාවට මෙම ක්‍රමය හුන්වා දෙන ලදී. අද වන විට 5000 කට අධික ගෘහස්ථ ජීව වායු පද්ධති අප රට තුල භාවිතා වන බව අපි ඇස්තමේන්තු කර ඇත.
ජීව වායුව
කාබනික අපද්‍රව්‍ය මත සුදුසු තත්වයන් යටතේ නිර්වායු ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයෙන් ලැබෙන වායු මිශ්‍රණයකි. ජීව වායුව එම වායු මිශ්‍රණයේ මීතේන් (CH4 ) නැමැති දහන පෝෂක වායුව බහුලව ඇති බැවින් එය ඉන්ධනයක් ලෙස භාවිතා කල හැක.
ජිව වායු මිශ්‍රණයේ සංයුතිය (දළ වශයෙන් ) පහත දැක්වේ
·        මීතේන් (CH4 )                       55 % -70%
·        කාබන්ඩයොක්සයිඩ් (CO2 )  25%-30%
හයිඩ්‍රජන් සල්යිඩ් (H2S)  ජල වාෂ්ප සහ වෙනත් වායු වර්ග 5% ක් පමණ 
එම හයිඩ්‍රජන් සල්යිඩ් වායුව දුග වායුවකි (කුණු බිත්තර ග) ජීව වායුව දහනය වීමේදී දුග පහව යයි.
 ජීව වායු පද්ධති වලින් ලබා ගත හැකි ප්‍රයෝජන   

1- ඉවුම් පිහුම් කටයුතු වලදී
  •   දර  / විදුලිය /  එල් පී ගෑස්
වැනි ද්‍රව්‍ය වෙනුවට ජීව වායුව භාවිතා කල හැකි වීම 
2- ආලෝකය ලබා ගැනීම සහා ජීව වායුවෙන් ලාම්පු දැල්වීමට හැකිවීම 

3 ජීව වායුවෙන් යන්ත්‍ර ක්‍රියා කරවිය හැකිවීම
  •   විදුලිය ලබා ගැනීම
  • ප්‍රවාහන කටයුතු කිරීම 
  • කර්මාන්තශාලා පවත්වාගෙන යාම (අනාගත ඉන්ධන හි වීමේ                                         ප්‍රශ්නයට එක් විසුමකි)
 4  වගාවට අගනා කාබනික පොහොර ලබා ගත හැකිවීම
එම පොහොර යෙදීමෙන්
  •     රසායනික පොහොර භාවිතයේදී මිනිසාට සහ පරිසරයට වන හානිය  අවම කල හැක
  •  රසායනික පොහොර ආනයනය කිරීම සීමා කල හැක
5 අගනා පලිබෝධ පාලකයක් සහ උත්තේජක හෝමෝන අඩංගු වන ජීරණය වූ දියර ලබා ගත හැකිවීම
  • රසායනික පලිබෝධනාශක භාවිතයේදී මිනිසාට සහ පරිසරයට වන හානිය අවම කර ගත හැකිය
  •  රසායනික පලිබෝධනාශක ආනයනය සීමා කල හැකිය
 6 ජීවවායු දියර පොහොර තුල බෝගවල ඵල හට ගැනීම උත්තේජනය කරන හෝමෝන ඇති බැවින් එම දියර භෝගවලට ඉසීමෙන් ඵලදාව වැඩිකර ගත හැකිය

7 පරිසර දුෂණය අවම වීම කෙරෙහි තදින්ම බලපායි
  • ගෘහස්ථ නාගරික හා කර්මාන්තශාලා අපද්‍රව්‍ය ක්‍රමවත්ව කළමනාකරණය කල හැකි බැවින් මැසි මදුරු උවදුරු සහ ලෙඩ රෝග වලක්වා ගත හැකිවීම
8 ජීර්ණය වූ දියරයක් හෝ ඝන ද්‍රව්‍යයක් ලෙස සකසා විකිණිය හැකි බැවින් පුද්ගලිකව හෝ පළාත් පාලන ආයතන සහ කර්මාන්තශාලා වැනි ආයතන වලට අමතර ආදායමක් ලබා ගත හැකිවීම
9 වෙනත් වාසි
  • කාලය සහ මුදල් ඉතිරිය
  • අනතුරු අවම වේ
  • ඉවුම් පිහුම් කටයුතු වලදී භාජන වල දැලි නොබැ‍දේ .භාජන සේදීමට අවශ්‍ය ශ්‍රමයත් ජලයත් අඩුවේ
  • කාබනික කෘෂි නිෂ්පාදනය ප්‍රගුණ කල හැකි වේ
  • භෝගවල ගුණාත්මක බව වැඩි කල හැකි වේ ( වස විස වලින් තොර )
 ජීර්ණය වී පිටවන ද්‍රව්‍ය භාවිතයේදී
  කෙලින්ම දියර පොහොරක් ලෙස වගාවට යෙදිය හැකිය
පලිබෝධ හානි ඇතිවිට එම දියර ඉසින යන්ත්‍රයකින් භෝගයට ඉසීමෙන් එම හානි වලක්වා ගත හැකිය
 බල්ලන්ගේ සහ ගවයන්ගේ ඇ පුරා තැවරීමෙන් බලු මැක්කන් හා කිනිතුල්ලන් මර්ධනය වේ
මෙම ද්‍රව්‍ය වේලා ඝන පොහොර ලෙස භාවිතා කල හැකිය (පැකට් කර විකිණිය හැකිය)
  අනෙකුත් අප ද්‍රව්‍ය වලින් කාබනික පොහොර නිපදවීමේදී මෙම ද්‍රව්‍ය එක් කිරීමෙන් වේගවත් ජීර්ණයක් සහ වැඩි ගුණාත්මක ගතියකින් යුත් පොහොර නිපදවා ගත හැකිය
ජීව වායු ජනක වර්ග
1- අඛණ්ඩ ස්ථිර ඩෝමය සහිත (චීන ) වර්ගය
   මෙහි වායු රන්දකය හා ජීරකය ස්ථිර ලෙස එකටම සිමෙන්තියෙන් හා ගඩොලින් සකසා ඇත ජීරකයේ ඉහල කොටසේ වායුව රැස්වන අතර පහල කොටසේ අමුද්‍රව්‍ය ජීර්ණය වීම සිදුවේ. මෙහි අමුද්‍රව්‍ය(ගව ඌරු හෝ මිනිස් මළ මුත්‍රා ) ඇතුළු කිරීමට හා අනෙක් පසින් ජීර්ණය වූ අපද්‍රව්‍ය පිටවිමට විවර දෙකක් ඇත
2 - ඛණ්ඩ වර්ගය
  මෙය ශ්‍රී ලංකාවේ ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය සොයාගත් ක්‍රමයකි මෙහි ජීරකය සිමෙන්ති හා ගඩොල් භාවිතයෙන්ද වායු රන්දකය සාමාන්‍ය වෙළපොලේ ඇති ලීටර් 202.5 (ගැලුම් 45) බැරල් භාවිතයෙන් අඩු වියදමකින් සාදා ගත හැකිය. මෙහි අමුද්‍රව්‍ය ( පිදුරු තෘණ වර්ග ජලජ පැලෑටි වෙළපොලෙන් ඉවත ලන කාබනික කුණු ආදිය ) ඇතුළු කිරීම හා පිට කිරීම ජීරකය ඉහලින් පියන ඉවත්කොට කල හැකිය
3- අඛණ්ඩ ඉපිලෙන වායු රන්දකය (ඉන්දියානු) වර්ගය
   මෙය ඉපිලෙන වායු රන්දකයක් සහිත ජීව වායු පද්ධතියකි ළික් ලෙස සාදන මෙහි එක් පසකින් අමුද්‍රව්‍ය (ගව ඌරු හෝ මිනිස් මළ මුත්‍රා) ඇතුළු කිරීමට හා අනෙක් පසින් ජීර්ණය වූ ද්‍රව්‍ය පිටවීමට විවර 2 ක් ඇත. ජීරකය ගඩොල් සහ සිමෙන්ති භාවිතයෙන් නිම වෙයි. වායු රන්දකය යකඩ හෝ ප්ලාස්ටික් වර්ග වලින් සාදන අතර එහි වායුව පිරෙනවිට එය ඉහළට යන අතර වායුව භාවිතා කරන විට එය පහලට යමින් වායුව ගබඩා කිරීම සහ මුදා හැරීම සිදු කරයි.
  විවිධ වූ මෙම ජීව වායු පද්ධතීන් සැලසුම් හා නිර්මාණය කිරීමේදීද පරිහරණය හා නඩත්තු කිරීමේදීද යම් යම් සමානකම් මෙන්ම වෙනස්කම්ද සහිත වේ

ඛාණ්ඩ වර්ගයේ ජීව වායු ජනකයේ විශේෂිත වාසි
  •   එක් වරක් පිරවූ පස් මාස 4-6  පමණ ජීව වායුව නොකඩවා ලබා ගත හැකි වීම (යොදාගනු ලබන අමුද්‍රව්‍ය වර්ගය මත මෙම කාලය ප්‍රධාන වශයෙන් ා පවතී)
  •  දිනපතා අමුද්‍රව්‍ය ඇතුළු කිරීමට අවශ්‍ය නොවීම
  •  ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස අප රටේ බහුලව ඇති ඒ වගේම නිකරුනේ ගිණි තබා විනාශ කරන පිදුරු භාවිතා කල හැකිවීම
  • වෙළපොලෙන් ඉවත ලන ඵලවළු කුණු දිය හබරල සැල්වීනියා ජපන් ජබර ග්ලිරිසීඩියා තෘණ වර්ග හා කර්මාන්තශාලා අපද්‍රව්‍ය ආදී ඕනෑම කාබනික අපද්‍රව්‍යයක් භාවිතා කල හැකිවීම
  •   ජීර්ණයෙන් පසු ඉතිරි වන ඝන ද්‍රව්‍ය නියිට්‍රජන් බහුල කාබනික පොහොර ලෙස යොදා ගත හැක
  •   ජීරකය ඇතුලේ ඉතිරි වන දියරය කෘමි පාලකයක් හා දියර පොහොරක් ලෙස භාවිතා කල හැකි වීම
  •   පරිසරයට හිතකාමී බලශක්ති උත්පාදන ක්‍රමයක් වන අතර පරිසරයට තර්ජනයක්ව ඇති කුණු කසල ප්‍රතිචක්‍රීකරණය කිරීම සහා හො ක්‍රමයකි

4 comments:

ජීව වායු ඒකකයක කාබන් ඩයොක්සයිඩ් වැඩි වශයෙන් ඇතිවීමට හේතුව කුමක්ද?

ජීරකය වායු ගෝලයට විවෘත වීම. එනම් ජීරකය හොඳින් මුද්‍රා වී නොමැති විට.

මා දන්නා තරමින් ජීරකය හොදින් මුද්‍රා වී තිබෙනවා. ඔබව සම්බන්ධ කරගැනීමට අංකයක් තිබෙනවාද?

https://worldbeyondworld.blogspot.com/2020/01/my-home-made-bio-gas-unit.html

Post a Comment