July 4, 2014

ඩෙංගු ගැන දැන ගනිමු

ඩෙංගු උණ රෝගය   ·   වෛරසයකින් ඇතිවේ   ·  වෛරසයේ ඛාණ්ඩ 1,2,3,4 ආදී ලෙස ඛාණ්ඩ 04කි.එබැවින් කෙනෙකුට ජීවිත කාලය තුළ හතර වතාවක් ඩෙංගු රෝගය වැළඳිය හැක.
පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට වෛරසය ගෙන යන්නේ ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් මදුරැවන් විසිනි. 
රෝගය සඳහා සාර්ථක එන්නතක් තවම සොයා ගෙන නැත. රෝග ලක්ෂණ කඩිනමින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබාදීමෙන් සම්පූර්ණ සුවය ලැබේ.
ඩෙංගු වෛරසය ආසාදනය වූ විට 90% පමණ රෝග ලක්ෂණ නොපෙන්වයි. ඔවුන්ගේ රැධිරය තුළ දින 5-7ක කාලයක් වෛරසය ඇති නිසා එම කාලයේදී ඩෙංගු මදුරැවන් ඔවුන්ගේ රැධිරය උරා බීමෙන් ආසාදනය විය හැක. එම ආසාදිත මදුරැවන් දෂ්ඨ කිරීමෙන් නිරෝගි පුද්ගලයෙකුට රෝගය බෝවිය හැක. වෛරසය ශරීර ගතවී දින 7-10ක් ගතවීමෙන් පසු රෝග ලක්ෂණ පහළවේ.වෛරසය ශරීරයට ඇතුලු වූ විට ආසාදනය වූ වෛරස් ඛාණ්ඩයට අනුරෑප ප්‍රතිදේහ මගින් එම වෛරසය විනාශ කරයි. පවත්නා එම ප්‍රතිදේහ මගින් නැවතත් එම වෛරස ඛාණ්ඩයම ආසාදනයවීමෙන් රෝගය වැළදීම වළක්වයි. නමුත් දෙවන වර වෙනත් ඩෙංගු වෛරස් ඛාන්ඩයක් ශරීරගතවී නැවත රෝගය වැළදිය හැක. දෙවන හෝ ඊට වැඩි වාර ගණනකදී රෝගය වැළදීමේදී පෙරට වඩා වැඩි උත්සන්නතාවයකින් වැළදීමේ අවදානමක් ඇත. මෙසේ රෝගය වැළදුනු විට රැධිර පට්ටිකා හා සුදු රැධිරාණු ප්‍රමාණය අඩු විය හැක. එම අවස්ථාවලදී ඩෙංගු රක්තපාත තත්වයට පත්වීමේ හැකියාව ඇත



ඩෙංගු රක්තපාත උණ තත්වයේ අවස්ථා 03කි.     
            උණ අවධිය
            අවදානම් අවධිය
            සුවවන අවධිය

ඩෙංගු වෛරසය පුද්ගලයෙකුගේ ශරීරයට ඇතුලුවන්නේ ආසාදිත මදුරැවෙකු දෂ්ඨ කිරීමෙනි. ලංකාව තුළ මදුරැ වර්ග 140ක් පමණ සිටින අතර ඔවුන් අතරින් ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරැ විශේෂ දෙක විසින් ඩෙංගු වෛරය මිනිසාට බෝ කරයි. ඩෙංගු වැළැක්වීමට මදුරැවා හා මිනිසා අතර ගැටුම වැළැක්විය යුතුය. ඒ සදහා ඩෙංගු මදුරැ ඝනත්වය අඩු කළ යුතු අතර වඩා සුදුසු වන්නේ මදුරැවන් බෝවීම වළක්වා ගැනීමයි. මදුරැ කීටයන් හා සුහුඹුලන් මර්දනයට රසායනික හා ජීව විද්‍යාත්සක ක්‍රම ඇතිමුත් වඩාත් ඵලදායී වන්නේ මදුරැවන් බෝවන ස්ථාන ඉවත් කිරීම හා විනාශ කිරීමයි.
ඩෙංගු මදුරැවා සති 2-4ක් ජීවත්වන පැහැදිලි ජලයේ ජීවිත කාලය පුරා 4 වරක් පමණ වරකට ඇලෙන සුලු බිත්තර 100-200ක් පමණ දමන කඩිසර කුඩා මදුරැවෙකි. ගැහැණු සතා මිනිස් රැධිරය උරා බොන අතර පිරිමි සතා ශාක යුෂ උරා බොයි. ගැහැණු මදුරැවා රැධිර වේලක් ලබා ගැනීමට කිහිප දෙනෙකුය දෂ්ඨ කරයි. බොහෝවිට උදෑසන හා සවස් කාලයේ දෂ්ඨ කරයි. බිත්තරවල සිට සුහුඹුල් මදුරැවකුවීමට දින 7-11ක් කාලයක් ගතවේ. බිත්තර වියළි තත්වයෙන් මාස 06ක් අවුරැද්දක් පමණ නොනැසී පවතී.

0 comments:

Post a Comment