July 8, 2014

වකුගඩු රෝග වලට අත වනන ප්‍රෝටීන අධි ආහාර.


කාර්ය බහුල ජීවන රටාවත් සමග වර්තමාන පුද්ගලයන්ගේ ආහාර රටාවන්ද වෙනස්වීම නොරහසකි. විවිධ වෙළද දැන්වීම් වලට  රැවටී මුදල් වියදම් කර විවිධ ආකාරයේ ආහාර ලබා ගත්තත් ආහාරයට ගන්නා දේ පිළිබඳව බොහෝ දෙනා නොදැන සිටීම කණගාටුදායක කරුණකි.සම්ප්‍රදායික කැලරි සහිත ආහාරවලට විකල්පයක් ලෙස විවිධ අධි ප්‍රෝටීන ආහාර ජනප්‍රිය වෙමින් පැවතීම වත්මන් සමාජයේ සුලබව දැකිය හැකිය.      
http://media5.picsearch.com/is?G53KG0c8tg9Szcrq6SEuSNCmXEz20QSwABOA0fo7kQw&height=294http://media5.picsearch.com/is?G53KG0c8tg9Szcrq6SEuSNCmXEz20QSwABOA0fo7kQw&height=294

සාර්ව පෝෂකයක් ලෙස හඳුන්වන ප්‍රෝටීන සිරුරේ වර්ධනයට මෙන්ම නිසි ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ.දිනකට පුද්ගලයෙකු ලබාගත යුතු ප්‍රෝටීන ප්‍රමාණය කලක පටන්ම විවාදයට තුඩු දුන් කරුණකි.වර්තමානයේ සෞඛ්‍ය දත්ත වලට අනුව වයස අවු 19 – 70 අතර නීරෝගී කාන්තාවන්ට දිනකට ප්‍රෝටීන ග්‍රෑම් 46 ක් සහ නීරෝගී පුරුෂයන්ට ප්‍රෝටීන ග්‍රෑම් 56 ක් අවශ්‍ය වේ.
නමුත් මෑතකදී ස්පාඤ්ඤයේ ග්‍රනාඩා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් මීයන් ඇසුරෙන් සිදුකළ පරීක්ෂණයකට අනුව අධි ප්‍රෝටීන ආහාර මගින් වකුගඩු වල ගල් සහ විවිධ වකුගඩු රෝග ඇතිවිය හැකි බව සොයාගෙන ඇත. මෙම පර්යේෂණයේදී මීයන් 10 දෙනෙකුට සාමාන්‍ය ප්‍රෝටීන ප්‍රමාණයක් සහිත ආහාර ලබා දුනි. සති 12 ක කාලයක් පුරාවට මෙම ආහාර මීයන්ට ලබා දුන් අතර එම කාලය මිනිස් ජීවිත කාලයෙන් වසර 9 කට සමාන වේ.
සති 12 ට පසුව මීයන් පරීක්ෂා කළ අතර එම කාලයට පසුව අධි ප්‍රෝටීන ආහාර ලබා දුන් මීයන්ගේ දේහ බර10% න් අඩු වී තිබුණි. නමුත් ඔවුන්ගේ වකුගඩු වල බර 22% න් ඉහල ගොස් තිබු අතර වකුගඩු වල රුධිරය පෙරන කේෂ නාලිකා වල ප්‍රමාණය13 % න් හා කේෂනාලිකා වටා ඇති කොලජන් තන්තු ප්‍රමාණය 32% කින් ඉහල ගොස් තිබුණි. එමෙන්ම එම මීයන්ගේ මුත්‍රා වල සිට්‍රෙට් ප්‍රමාණය 88 % න් පහල ගොස් ඇති අතර මුත්‍රා වල pH  අගය15 % න් ආම්ලික වී තිබුණි.
මුත්‍රා වල සිට්‍රේට් ප්‍රමාණය අඩුවීම සහ වකුගඩු ඉදිමීම වකුගඩු වල ගල් නිර්මාණය වීමේ අවධානම් තත්වයක් ලෙස හදුන්වයි. ආම්ලික මුත්‍රා ද වකුගඩු අකර්මන්‍ය වීමේ සහ වකුගඩු නාල ආම්ලිකතාවය යන රෝගයේ මුලික ලක්ෂණයක් ලෙස හඳුන්වයි.

මීයන් ආශ්‍රයෙන් මෙම පර්යේෂණය සිදු කළ බැවින්  මිනිසුන්ට මෙහි ඇති වැදගත්කම කුමක්ද යන්න කෙනෙකුට ගැටඵවක් විය හැකිය. පර්යේෂණ කණ්ඩායමට අනුව කායික විද්‍යාත්මකව සහ පරිවෘත්තීයව මීයන් සහ මිනිසුන් අතර ඇති සුවිශේෂී සමානකම නිසා මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල මිනිසුන්ටද අනතුරු  ඇඟවීමක් ලබා දීමට සමත්ය. මිනිසුන් ආශ්‍රයෙන් කෙරුණු අධ්‍යයන්ට අනුව ද මීයන්ට සමානම ප්‍රතිපල මිනිස් ප්ලාස්මා සහ මුත්‍රා වල දක්නට ලැබී තිබුණු අතර අනාගතයේ බරපතල සෞඛ්‍ය ගැටලුවක පෙර නිමිති හදුනාගැනීමටද සමත් විය.

පළතුරු සහ එළවඵ ආහාරයට ගැනීමෙන් වකුගඩු වල ගල් සහ වෙනත් රෝග ඇතිවීමේ අවධානම අඩුකර ගත හැකි බවද එම විද්‍යාඥයන් පවසයි. පළතුරු හා එළවඵ බහුලව පොටෑසියම් හා මැග්නීසියමි මුලද්‍රව්‍ය අන්තර්ගත වන අතර එම මුලද්‍රව්‍යයන් අධි ප්‍රෝටීන ආහාර වලින් ඇතිවන ආම්ලිකතාවය නැතිකිරීමට සමත්ය.

ක්‍රමවත් ශාරීරික ව්‍යායාමවල නිරත වීම සිරුරේ පටක ක්‍රියාකාරිත්වය මනාව පවත්වා ගැනීමට ඉවහල් වන අතර එමගින් අධි ප්‍රෝටීන ආහාර ලබා ගන්නා පුද්ගලයන්ගේ සිරුර යහපත් තත්වයේ තබාගැනීමටද උපකාර වේ.
කෙසේ නමුත් සුව කිරීමට වඩා වැලැක්වීම උතුම් බැවින් අධි ප්‍රෝටීන ආහාර ලබාගැනීමට පෙර දෙවරක් සිතීමට කාලය එළඹ තිබේ. 



උපුටා ගැනීම -Written by - David MC Namee                http://www.healthaliciousness.com

0 comments:

Post a Comment