July 4, 2014

ඔබ පොල්පලා ගැන දන්නවාද?

උද්භිද විද්‍යාත්මක නාමය:-  
 අර්වා ලැනාටා  (Aerva lanata (L.) Juss.ex schult)
 කුලය:- ඇමරන්තේසියේ   (Amaranthaceae)
භාවිතාකරන නම
සිංහල- පොල්පලා  /  පොල් කුඩුපලා
දෙමළ- සිරැපුලායි
සංස්කෘත- අත්මබයිදා

                                                             ලංකා‍වේ ඹ්නෑම පෙදෙසක පහසුවෙන් වගා කළ හැක. මුලු පැළෑටියම ඖෂධීය ගුණයෙන් යුතු අතර දේශීය වෙදකමේදී බහුලව භාවිතා කරයි. සම්පූර්ණ පැලෑටියම තම්බා බීම මූත්‍ර රෝග සදහා සුදුසු බව පැරණි පොත පතෙහි සදහන්වේ. කොළ කැද හා ඔසු පැන් ලෙසද පලාවක් ලෙසද භාවිතා කරයි.
ලිංගික හා වර්ධක යන ප්‍රචාරණ ක්‍රම දෙකෙන්ම ප්චාරණය කළ හැක.
උණුසුම් දේශගුණික තත්ව හා හොඳින් හිරැ එළිය පවතින විට ශාකය හොඳින් වර්ධනය වේ. මුල් අවධියේ හොඳ පාංශු තෙතමනයක් අවශ්‍ය වන අතර යල හා මහ කන්නවල වර්ෂාව ඇරඹීමත් සමගම ක්ෂේත්‍රයේ සිටුවීමෙන් කන්නය අවසානයේදී ඇතිවන ජල ඌනතවන් මගහරවා ගත හැක. සාරවත් භාවය අඩු ආන්තරික පාංශු තත්වයන් යටතේද මනා භෝග පාලන ක්‍රම අනුගමනය කිරීමෙන් හොඳ අස්වැන්නක් ලබා ගත හැක.

දැඩි හානිකරන කෘමි රෝග නැත. පත්‍රර කන දළඹුවන් සිටී නම් අතින් ඉවත් කළ හැක. කොහොඹ ආශ්‍රිත කෘමි නාශකයක් යෙදිය හැක.

0 comments:

Post a Comment