July 22, 2014

පෝෂණ ගුණ‍යෙන් පිරි සෝයා කිරි

සෝයා බෝංචි ජලයේ පොඟවා ඇඔරීමෙන් පිළියෙල කරගන්නා සෝයා කිරි , අත්‍යාවශ්‍ය මේද අම්ල,ප්‍රෝටීන,තන්තු,විටමින සහ ඛනිජ ලවන අඩංගු ඉහල පෝෂණ ගුණයක් ඇති පානයකි. ඉන් සිරුරට අවශ්‍ය ශක්තිය සහ ශරීර ක්‍රියාකාරිත්වය ඉහල මට්ටමින් පවත්වා ගෙන යාමට  අවශ්‍ය පෝෂණ ද්‍රව්‍ය සපයයි. දිනපතා පානය කරන කිරි වීදුරුවක සන්තෘප්ත ‍මේදය  හා ක්ලෙස්ටරෝල් අන්තර්ගතය. නමුත් සෝයා කිරි වල අසන්තෘප්ත මේදය ඇති අතර ක්ලෙස්ටරෝල් නැත.  සෝයා වල අඩංගු ඒකඅවයවික හා බහුඅවයවික අසන්තෘප්ත මේද අම්ල මගින් රුධිරධාරාවට ක්ලෙස්ටරෝල්  ප්‍රවාහනය වලකාලයි. දිනපතා සෝයා කිරි ආහාරයට ගැනීමෙන් රුධිරයේ අන්තර්ගත    triglyceride සාන්ද්‍රණය සහ    low density lipoproteins (LDL) ප්‍රමාණය අඩුවන බවත්  high density lipoproteins (HDL)  ප්‍රමාණය වැඩිවන බවත් සොයා ගෙන ඇත. මෙම ඒකාබද්ධ ක්‍රියාවලිය නිසා ක්ලෙස්ටරෝල් අධික පුද්ගලයන්ට සහ පරමිපරාවෙන්ම හෘදරෝග වැළ‍‍ඳීමේ අවදානම ඇති  පුද්ගලයින් සදහා මෙය මහඟු ඖෂධයක් ලෙස සැලකිය හැක.

සෝයා වල අඩංගු වන omega-3, omega-6 සහ phyto-antioxidants නිසා රුධිර වාහිනී තුවාලවීමෙන් සහ රක්තපාතයෙන් ආරක්ෂා කරයි. රුධිරවාහිනි වල මෙම ද්‍රව්‍ය බැදතබා ගැනීමෙන් රුධිර ආස්තරනය සහ ආස්තරන සෛල ආරක්ෂා කරයි. මෙම පෝෂණ ද්‍රව්‍ය නිසා රුධිර සෛල වල අන්තර්ගත රුධිරයේ ද්‍රාව්‍යතාව සහ රුධිර සෛල වල නම්‍යශීලී බව වැඩි කිරීම නිසා රුධිර පීඩනය වෙනස් වීම පහසු කරයි.
එළකිරි කෝප්පයක සීනි ග්රෑම් 12ක් අන්තර්ගත වන අතර සෝයා කිරි කෝප්පයක අන්තර්ගත වන්නේ සීනි ග්රෑම් 7ක් පමණවේ. තවද සෝයා කිරි කෝප්පයක අඩංගු ශක්තිය කැලරි 80ක් වන අතර එම කැලරි ප්‍රමාණය යොදය ඉවත් කල කිරි වීදුරුවක අඩංගු ශක්තියට සමානවේ.ඊට අමතරව සෝයා කිරි වල අඩංගු ඒකඅසන්තෘප්ත මේද අම්ල වලට ආන්ත්‍රික මේද අම්ල අවශෝෂනය වැලැක්විය හැක. මේ නිසා ශරීරයේ බර අඩුවේ. තවද සෝයා කිරි පානය නිසා අමතර තන්තු ප්‍රමාණයක් සිරුරට ලැබීම නිසා වැඩි කාලයක් ජීවත්විය හැක.
සෝයා කිරි වල අන්තර්ගත   phytoestrogen අති විශේෂ ශාක හෝමෝනයක් වන ඉන් පුරුෂයන්ගේ  testosterone හෝමෝනය නිශ්පාදනය වළකයි. සැලකියයුතු මටිටමෙන්  testosterone මටිටම අඩු කිරීමෙන් පුරස්ථ ග්‍රන්ථි පිළිකා ඇති වීමේ අවදානම අඩු කරයි. සෝයා බහුල ආහාර වැඩිපුර භාවිතා කරන පිරිමින් ගේ පුරස්ථ ග්‍රන්ථි වල අධිවර්ධනය හා පුරස්ථ ග්‍රන්ථි පිළිකා අවම බව අධ්‍යන මගින් හෙලිදරවු වී ඇත.
Osteoporosis වයස සහ හෝමෝන සමිබන්ධව පවතින රෝගී තත්වයකි. සෝයා කිරි වල අන්තර්ගත phytoestrogen නිසා ශරීරයෙන් කැල්සියම් අවශෝෂනය කීරීමේ වේගය වැඩිකර අස්ථි සැහැල්ලු වීම වලකාලයි. සෝයා කිරි වලින් ශරීරයට අවශ්‍ය අමතර කැල්සියම් සහ විටමින් ඩී ලබා දෙයි.
වයසට යාමත් සමගම කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් හෝමෝනය ශ්‍රාවය අඩුවීම නිසා , කාන්තාවන්ට හෘද‍ රෝග සෑදීමේ දැඩි අවදානමක් ඇත . තවද දියවැඩියාව ,අධික ස්ථූලතාව නින්ද අඩුවීම , මානසික ව්‍යාකූල බව ද ඔවුන්ට මුහුණ පෑමට සිදුවන අනෙක් ගැටලු වේ. සෝයා වල අන්තර්ගත phytoestrogen වලින් ඊස්ට්‍රජන් නිෂ්පාදනය උත්තේජනය කරයි. දිනපතා ආහාරයට සෝයා එකතු කර ගැනීමෙන් මෙවැනි සංකූලතා මගහරවා ගැනීමට ඉතාමත්ම හොද මාර්ගයකි.

උපුටා ගැනීම - http://www.fitday.com/fitness-articles/nutrition/healthy-eating/6-health-benefits-of-soy-milk.html

0 comments:

Post a Comment