July 9, 2014

ආලෝකය නිපදවන බැක්ටීරියා ලාම්පු


ඇමරිකාවේ සැන් දියෝගෝහී කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් බැක්ටීරියා යොදා ගෙන නියොන්’ (neon) පහන් විශේෂයක් - විද්යුත් සංඥා පුවරු සඳහා නිර්මාණය කර තිබේ .මිලියන ගණනක් බැක්ටීරියාවල ජීව චක‍්‍ර එක තැනක දී එක් මොහොතක දී සමකාලික (synchronize) කර අවශ්‍ය ආකාරයෙන් දීප්තියක් මතු කර ගන්නට මේ ක‍්‍රමයෙන් හැකිය. මේ ආකාරයට නිවි නිවී දැල්වෙන සංඥා පුවරුවලට ආලෝකය සපයන්නේ ජීව පික්සල’ 13,000ක් මගින්. ඒ සඳහා බැක්ටීරියා මිලියන 60ක් අවශ්‍ය වේ.

මෙම සිද්ධිය ජෛවසංදීප්තිය යන සංසිද්ධිය මුල් කරගෙන ඇතිවන්නකි.
ඡෛව සංදීප්තිය යන  සිද්ධිය විශේෂයෙන් දක්නට ලැබෙන්යේ මුහුදු ඡීවීන් අතරය.ඡෛව සංදීප්තිය යනු ඡීවින් තුලින් ස්වභාවිකව විදුලි ආලෝකයක් නිපදවීමය.
මෙම සිද්ධිය ඇතිවන්නේ සංදීප්ත සෛල වල සිදු වන රසායනික ප්‍රතික්‍රියාවක් මගිනි. සංදීප්ත සෛල එකතු වි ආලෝක අවයවයක් නිපදවයි.මෙම සෛල පාලනය ස්නායු මගින් සිදුවේ  මේ සදහා ස්නායු ප්‍රතිග්‍රාහක සහ කාච උපකාරී වේ.
ආලෝක තීවුරතාවය තරංග ආයාමය සහ විසරණය අනුව මෙම සංසිද්ධිය පාලනය කිරීමේ හැකියාව ඇත.මෙය ඉතා රහසිගත ක්‍රියාවලියකි.
ඡෛව සංදීප්තිය යන  සිද්ධිය ලොඩියන්ගේ සහ ක්‍රස්ටේසියාවන්ගේ දක්නට ඇත.
ඡෛව සංදීප්තිය ඇතිවීම සදහා luciferin සහ luciferase හෝ photoproteinඋපකාරී වේ.Luciferin  සංයෝගය ඇත්තෙන්ම ආලෝකය නිපදවීමට උපකාර වේ.කහ එළියක් ඇතිවන්නේ Luciferin අණුවල හැසිරීමේ ප්‍රතිපලයක් වශයෙනි.
ලොඩියන්ගේ ඡෛව සංදීප්තිය ඇති කිරීම සදහා green fluorescent ප්‍රෝටිනයක් වැදගත්වේ .
ක්‍රස්ටේසියාවන්ගේ ඡෛව සංදීප්තිය යන  සිද්ධිය විශේෂිත වූපේශි සංකෝචනය සහ ඉහිල්වීම මගින් පාලනය වේ.
නයිට්‍රඡන් ඩයොක්සයිඩ් මගින් ද සමහර සතුන්ගේ ඡෛව සංදීප්තිය ඇති කෙරේ.
නයිට්‍රඡන් ඩයොක්සයිඩ් මගින් සංදීප්ත සෛල ඔක්සජිනීකෘත වේ. විශේෂිත වූපේශි සංකෝචනය සහ ඉහිල්වීම මගින් ඡෛව සංදීප්තිය පාලනය වේ.
සමහර සතුන් තුල  ජෛව සංදීප්තක සෛල නොමැති අතර ඡෛව සංදීප්තිය පෙන්නුම් කරන බැක්ටීරියා සමග සහජිවන සංගම් සාදා තම ආලෝක අවශ්‍යතාවය සපුරා ගනී.
Dinoflagellate ඡෛව සංදීප්තිය පෙන්නුම් කරයි. Dinoflagellate සපිරි කලපු රාත්‍රියේදී දීප්තිමත්ව දිස්වේ.
ඇමරිකාවේ සැන් දියෝගෝහී කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් බැක්ටීරියා යොදා ගෙන නියොන්’ (neon) පහන් විශේෂයක් - විද්යුත් සංඥා පුවරු සඳහා නිර්මාණය කර තිබේ.
සජීවී වර්ණ සංඥා පුවරු සඳහා 13000ක ජීව පික්සල සඳහා බැක්ටීරියා මිලියන 60ක් - ආලෝකය සෑදෙන්නේ සෛලබද්ධප්‍රෝටීන විශේෂයකින් - විශාල බැක්ටීරියා ගහනයක් එක විට දීප්තිමත් වනු පමණක් නොව මේ ක‍්‍රමය වායුගෝලයේ ඇති විෂ ද්‍රව්‍ය හඳුනා ගන්නත් යොදා ගත හැකියි.
බැක්ටීරියාවේ ජීවන චක‍්‍රය හා ප‍්‍රතිදීප්ත ප්‍රෝටීන බද්ධ කිරීමටත් බැක්ටීරියා ගහනය සමකාලිකකරණය කොට එක විට දැල්වීමට හා නිවීමට සැලැස්වීමටත් මෙහි දී ඔවුන් සමත් විය. ඊළඟ ඔවුන් කර ඇත්තේ එසේ ප‍්‍රතිදීප්ත සංඥා ලෙස කි‍්‍රයා කළහැකි එවැනි බැක්ටීරියා ගහණ අති විශාල ප‍්‍රමාණයක් එක විට එක රටාවකට අනුව නිවි නිවී, දල්වීමට සැලැස්වීමයි.

මේ බැක්ටීරියා ගහණවල කි‍්‍රයාකාරිත්වය එකම රටාවකට සිදු කෙරෙන්නේ පරිගණක චිප් භාවිත කර ගෙනයි. මෙම චිප් මගින් කෙරෙන පෙලඹවීම අනුව ඒ ඒ බැක්ටීරියානු ගහණයන් රසායනික වායුව නිකුත් කිරීමෙන් එකිනෙකා හා සන්නිවේදනය කර එක විට දැල්වීම නිවීම සිදු කෙරේ. මෙහි ප‍්‍රතිඵලය ටිකක් මන්දගාමීයි. ඒත් මෝහනයට පත් කළ හැකි තරම් නිවි නිවී දැල්වීමක් සිදු වේ.
අප සාමාන්‍යයෙන්  රෝග කාරක බැක්ටීරියා අපේ නිවෙස්වලින් ඉවත් කරයි. ඒත් අනාගතයේ දී මේ බැක්ටීරියා වර්ග හෙවත් ක්ෂුද්‍ර ජීවී විශේෂ මිලියන ගණනක් යොදා ගෙන නිවෙස් ආලෝකමත් කර ගන්නට අපට හැකි වේවි.

පිලිප් ඉලෙක්ට්‍රොනික් සමාගම ජීව-ආලෝක’ bio light  ක‍්‍රමයක් නිපදවා තිබේ. ඒ මගින් විදුලිය භාවිත නොකර ඔබට ඔබේ කාමරය ආලෝකවත් කර ගන්න පුලූවන්. එයින් විහිදෙන ආලෝකය සෞම්‍ය දීප්තියක් ඇති එකක්.
 
මේ ලාම්පුවට ඇතුළත් වන්නේ වීදුරු කුටී පෙළක්. ඊට යොදා ගෙන ඇත්තේ කලාමැදිරියන් හා ? බදුල්ලන් ආලෝකය නිකුත් කිරීමට යොදා ගන්නා ජෛවසන්දීප්ත ක‍්‍රමයට සමාන එකක්. මේ වීදුරු බඳුන්වල ඇත්තේ ජෛවසන්දීප්ත බැක්ටීරියා විශේෂයක්. ඒ තුළට මීතේන් වායුව යැවූ විට දීප්තියක් නිකුත් කෙරෙනවා. මෙහිදී යොදා ගන්නේ නිවසේ අපද්‍රව්‍යවලින් නිපදවෙන ජීව වායුවයි.

එංගලන්තයේ කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ ශාක ජීව විද්‍යාඥ ජිම් හේස්ලෝෆ් කියන්නේ මෙය තිරසාර ආලෝක සැපයුමට හොඳ ක‍්‍රමයක් යනුවෙනි. ඔහුගේ අදහස මේ ක‍්‍රමය නිවෙස්වලට වැද්දගන්නට හැම කෙනෙකුම කැමති වෙන එකක් නැහැ. ඒත් වැඩි වියදමක් නැතුව මගතොට ආලෝකවත් කරන්න නම් මෙය හොඳින් ම ගැළපෙන බවයි.


උපුටා ගැනීම

0 comments:

Post a Comment