ප්‍රතිජීවක සොයා ගැනීම රෝග වලට එරෙහිව යුද වැදීම
සදහා නව සටන් පෙරමුණක දොර විවර කරන ලදී. ප්‍රතිජීවක සොයා ගැනීමට පසුව බැක්ටීරියා නාශනය හෝ බැක්ටීරියා වර්ධනය නිශේධනය
තුලින් විද්‍යාඥයින් කොළරාව , නිව්මෝනියාව , පිටගැස්ම , ක්ෂය රෝගය වැනි මාරාන්තික
රෝග වලින් රෝගීන් ගලවා ගන්නා ලදී.
අද දවසේ
පුරා ලොව පුරා බහුලව භාවිතා වන ප්‍රතිජීවකයක් වන පෙනිසිලීන් සොයාගැනීම අහඹු සිදුවීමකි. වෙනත්
විද්‍යෘඥයින් විසින් පෙනිසීලියම් නොටාටුම් (Penicillium notatum) දිලීරය මගින් සමහර බැක්ටීරියා ආකාරවල වර්ධනය අත්හිටුවන බව රට
පෙර නිරීක්ෂණය කර තිබුනත් , පෙනිසීලියම් සොයා ගැනීමේ ගෞරවය බ්‍රිතාන්‍ය ජාතික
බැක්ටීරියා විද්‍යාඥ ග්‍රීමත් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙම්ං ට හිමි වේ.
වර්ශ 1928 දී
ෆ්ලෙමිං සිය පවුල සමග කෙටි නිවාඩුවක් සදහා යාමට පෙර නැවත පැමිණි විට අධ්‍යයනය
කිරීම සදහා ස්ටැෆයිලොකොකස් (Staphylococcus)
බැක්ටීරියා තම විද්‍යාගාරයේ රෝපණය කිරීමට ෆ්ලෙමිංට අවශ්‍ය විය. ෆ්ලෙමිං බැක්ටීරියා රෝපණය කරන ස්ටැෆයිලොකොකස් (Staphylococcus) බැක්ටීරියා ඇතුළු කිරීමට පෙට්රි දීසිය තත්පර කිහිපයක් විවෘතව තැබීය. සාමාන්‍යයෙන්
ඒ ඇසිල්ලෙන් දිලීර බීජාණු ඔහු ගේ පෙට්රි දීසියට ඇතුළු වීම විරල සිද්ධියකි. ඔහුගේ
විද්‍යාගාරයට මහල් දෙකකට පහලින් වෙනත් විද්‍යඥයකු පෙනිසීලියම් නොටාටුම් (Penicillium
) දිලීරය පිලිබද පර්යේෂණ කරමින් සිටියේය. ඉතා
සැහැල්ලු වාතයේ පාවෙන , මිලියන ගණනාවක් වු එම දිලීර බීජාණු ෆ්ලෙමින්ගේ
විද්‍යාගාරයේ නිතරම විවෘතව පැවති දොර ජනේල් තුලින් පැමිණ එය පුරා විසිරී
පවතින්නට ඇත. ඔහුගේ පෙට්රි දීසියට ඒවා ඇතුළු වීම එහිදී සිදු විය. මෙම පෙට්රි දීසිය
ෆ්ලෙමින් විද්‍යාගාරයේ බීජෞෂකයේ තබනු වෙනුවට අමතක වීමකින් මේසය මත තබා ගියේය.
බැක්ටීරියා සහ
පෙනිසීලියම් නොටාටුම් සාමාන්‍යයෙන් හොදින් වර්ධනය වන්නේ වෙනස් උෂ්ණත්ව වලදීය. ස්ටැෆයිලොකොකස්
(Staphylococcus) බැක්ටීරියා
සාමාන්‍යයෙන් වැඩි උෂ්ණත්වයක් යටතේ ගුණනය
වන අතර පෙනිසීලියම් සාපේක්ෂව අඩු උෂ්ණත්වයක් යටතේ හොදින් වැඩේ. ෆ්ලෙමිංගේ නිවාඩු
කාලය තුල පෙනිසීලියම් දිලීරය හොදින් වර්ධනය වෙමින් මාධ්‍යයට පෙනිසිලින් ස්‍රාවය කරමින් ස්ටැෆයිලොකොකස්
(Staphylococcus) බැක්ටීරියාවේ වර්ධනය වළක්වා
ලමින් ඒවා කුඩා බැක්ටීරියා ඝනාවාස
කිහිපයකට සීමා කර තිබිණි.
මෙම නව ඹෟෂධය දෙවන ලෝක සංග්‍රාම
සමයේදී ජීවිත දහස් ගණනක් බේරා ගැනීමට දායක විය.
තුෂංග හේරත්,
විද්‍යා හා තාක්ෂණ නිලධාරී , හාලිඇල.
0 comments:
Post a Comment