July 31, 2014

ගෙදරදි මල්ටිමීටරයක් සාදමු

ඉලෙක්ට්‍රෝනික් විද්‍යාව හදාරන බොහෝ දෙනා මල්ටිමිටරයක් භාවිතා කරයි. එවැනි මල්ටිමීටරයක් අද වෙළදපොලේ රු.800.00 පමණ වේ. ගෙදරදි ඉතා අඩු වියදමකින් මල්ටිමීටරයක්  සාදා  ගෙන කුඩා උපකරණ පරික්ෂා කරන ආකාරය සලකා බලමු.
මෙම උපකරණය මගින් අප භාවිතා කරන ඉලෙක්ට්‍රෝනික් පවුලේ කුඩාතමයා වන  ප්‍රතිරෝධක (Resister)  සිට සරල අනුකලිත පරිපථ (IC) දක්වා ක්‍රියාකාරිත්වය හදුනාගත හැකිය.
මෙහිදි  කුඩා උපකරණක/පරිපථයක  කිහිපයක ධ්‍රැවියතාව, පරිපථයක සම්බන්ධතාව, තාර්කික ද්වාරක (Logic Gates) තත්වය,  555 වැනි  (Multi vibration) අනුකලිත පරිපථක ක්‍රියාකාරිත්වය හදුනා ගත හැකිය. මේ සදහා  වෙළදපොලේ අඩු වියදමකින් ලබා ගත හැකි BC 548 Transistor දෙකක් භාවිතා කර ඇත. මෙහි හැඩය සහ එහි පාද හදුනාගන්නා ආකාරය පහතින් දක්වා ඇත. මිට අමතරව සාමාන්‍ය මල්ටි මිටරය භාවිතා කරන Probe දෙක (රතු හා ක) පාස්සා ගන්න. ක්‍රියාකාරිත්වය හදුනා ගැනිම සදහා ද්විමය වර්ණය ඇති (රතු හා කොළ) LED  බල්බයක් භාවිතා කරයි.  
පහත දැක්වෙන පරිපථය වෙරෝබෝඩ් එකක් මත පාස්සා ගන්න. 


ඉන්පසු ද්විමය වර්ණ සහිත LED බල්බය මගින් ඉලෙක්ට්‍රෝනික් උපාංග හදුනාගන්නා ආකාරය පහත පරිදි දැක් වේ.
උපකරණය/
පරික්ෂාව
පරික්ෂාකරන පිළිවෙල
LED බල්බයේ තත්වය
දැල්වේ/නොදැල්වේ
ප්‍රථීඵල
තත්වය
පරිපථයක සම්බන්ධතාවය
රතු හා කලු Probe අදාල ස්ථානය මත තැබිම  
 කොළ පාට දැල් වේ
 සම්බන්ධතාවය ඇත

 රතු පාට දැල් වේ
 සම්බන්ධතාවය නැත
ධ්‍රැවියතාවය
රතු Probe  එක ධන අග්‍රය මත  සහ කලු පාට අග්‍රය නැමිය යුතු ස්ථානය මත තබන්න  
 කොළ පාට දැල් වේ
 ධන ධ්‍රැවියතාවයක් ඇත
පරිපථය on වි තිබිය යුතුයි
 රතු පාට දැල් වේ
 සෘණ ධ්‍රැවියතාවයක්  හෝ විදුලිය නොමැත.
තාර්කික ද්වාර    (Logic Gates)
 රතු Probe එක පරිපථයේ ධන අග්‍රය මත සහ කලු Probe එක Output එක මත තබන්න
කොළ පාට දැල් වේ
Haigh
පරිපථය on වි තිබිය යුතුයි
රතු පාට දැල් වේ
Low
IC
රතු Probe එක පරිපථයේ ධන අග්‍රය මත සහ කලු Probe එක Output එක මත තබන්න
කොළ පාට දැල් වේ
Haigh
පරිපථය on වි තිබිය යුතුයි
රතු පාට දැල් වේ
Low
Multi vibratos  IC 555
රතු Probe එක පරිපථයේ ධන අග්‍රය මත සහ කලු Probe   එක Output එක මත තබන්න
චක්‍රියව වර්ණ වෙනස් වෙමින් රතු සහ කොළ ලෙස ගමන් කරයි
IC ක්‍රියාකාරි වේ.
පරිපථයට විදුලිය සම්බන්ධ වි තිබිය යුතුයි.
රතු පාට දැල් වේ
IC   ක්‍රියාකාරි   නොවේ.
 විද්්‍යුත් විච්ඡේදක ධාරිත්‍රකය
රතු Probe එක පරිපථයේ ධන අග්‍රය මත සහ කලු Probe එක  සෘණ අග්‍රය  මත තබන්න
 කොළ වර්ණය තිබි ක්‍රමාණුකූල ලෙස රතු වර්ණය බවට පත් වේ.
 ධාරිත්‍රකය හොද ක්‍රියාකාරිත්වයේ ඇත.
 ධාරිත්‍රකය ආරෝපණය වි නොතිබිය යුතුයි
රතු පාට දැල් වේ
ධාරිත්‍රකය හොද ක්‍රියාකාරිත්වයේ  නැත.
 ඩයෝඩ
LED/
Photo ඩයෝඩ /IR ඩයෝඩ
රතු Probe එක පරිපථයේ ධන අග්‍රය මත සහ කලු Probe එක  සෘණ අග්‍රය  මත තබන්න
කොළ පාට දැල් වේ
හොද ක්‍රියාකාරිත්වයේ ඇත
1   කිලෝ ඕම් රෙසිස්ටර් එකක් LED   එකේ ඇනෝඩයට සම්බන්ධ කරන්න
රතු Probe එක  කැතෝඩය මත  හා කලු Probe   එක ඇනෝඩය  මත තබන්න
 රතු පාට දැල් වේ.
හොද ක්‍රියාකාරිත්වයේ ඇත
ඉහත ආකාර දෙකම සිදු කල විට
 එකම වර්ණයක් පෙන්වයි
(රතු හෝ කොළ)
හොද ක්‍රියාකාරිත්වයේ  නැත
 ප්‍රතිරෝදක (1k     සිට 500k     දක්වා)
රතු Probe එක සහ කලු Probe එක  Resister යේ පාද දෙකටම ලබා දෙන්න
කොළ පාට දැල් වේ
හොද ක්‍රියාකාරිත්වයේ ඇත

 රතු පාට දැල් වේ.
 දෝෂ ඇත
Transistor
රතු Probe එක Transistor යේ Base (B) එක මත තබාගෙන පළමුව කලු Probe එක Collector (C)  එක මත ත බාගෙන ඉන්පසුව Emitter මත තබන්න.
පළමුව කොළ පාට දැල් වි නැවතද කොළ පාට දැල් වේ.
Transistor ය ක්‍රියා කරයි.
පරිපථය on වි තිබිය යුතුයි

උපුටා ගැනිම -  http://www.electronicsforu.com/newelectronics  වෙබ් අඩවියෙනි.
ඒ.ඒ.ඡේ.එස්. අතාවුද,
විද්‍යා හා තාක්ෂණ නිලධාරි,
විදාතා සම්පත් මධ්‍යස්ථානය,
ගලගෙදර.

1 comments:

ස්තුතියි.... ඔබ ඔබේ තනතුරට අතිශය සාධාරණයක් කරන නිලධාරියෙක්.....

Post a Comment