July 21, 2014

නැනෝ තාක්ෂණය


නුතන ලෝකයට ආධුනික වචනයක් නොවුනද එහෙත් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල සාමාන්‍ය ජනතාව අතර ඒ පිළිබද සැලකිය යුතු අදහසක් අවබෝධයක් ඇතැයි සිතිය නොහැක.කෙසේ වෙතත් එම ජනයා පවා නැනෝ තාක්ෂණයේ ප්‍රයෝජන ලබමින් සිටිති.

සැබැවින්ම  නැනෝ තාක්ෂණය යන්නෙහි අපට හුරු වචනය නැනෝ යන්නයි.නැනෝ යනු අප භාවිතා කරන විවිධ මිනුමි ඒකක වල ඉතාම කුඩා පරාසයක් දැක්වීමට යොදන විශේෂණ පදයකි.දිග,දුර මැනීමේ දී එය නැනෝ මීටර ලෙසද,බර මැනීමේ දී එය නැනෝ ග්රෑමි ලෙසද යෙදේ.මෙම ලිපියේදී සාකචිජා කරනු ලබන්නේ නැනෝ මීටර පරාසයක් තුල නොයෙක් ද්‍රව්‍ය පෙන්වන සුවිශේෂි ගුණාංග පිළිබද සරල අවස්ථා කිපයක් පමණි.

මෙම නැනෝ මීටර විශාලත්වයෙන් අපට පියවි ඇසින් දැකිය නොහැක.ඒ සදහා ඉලෙක්ට්‍රොන අන්වීක්ෂ වැනි අධිතාක්ෂණික උපකරණ භාවිතා කෙරේ.අවබෝධයේ පහසුව තකා දැක්වුවහොත් නැනෝ මීටරයක් සමාන කොටස් මිලියන දහයකට කැඩු විට ලැබෙන එක් කොටසකි.(1 cm = 10000000 nm) සාමාන්‍යයෙන් මිනිස් කෙස් ගසක විශ්කමිභය නැනෝ මීටර අසුදහසක් පමණ වේ. ඕනෑම ද්‍රව්‍යක් එහි පවතින භෞතික විශාලත්වය අනුව පරිසරයට දක්වන ක්‍රියාකාරිත්වය එසේ නැතහොත් එම ද්‍රව්‍ය‍යේ  ගුණාංග වෙනස් වේ.සරල උදාහරණයක් ලෙස ගතහොත් ඉදිකිරීමි කර්මාන්තයේදී විශාල කලුගල් කොටස් බැමි බැදීමට යොදාගත්තද අධිශක්තිමත් වුත් ඝනකමින් අඩු කොන්ක්‍රීටි සෑදීමට යොදාගන්නේ එම කලුගල් වලට ඉතා කුඩාවට වෙන් කල කොටස්ය.එහිදී පැහැදිලිවන කරුණ නමි එකම ද්‍රව්‍යය් විවිධ විශාලත්වයන් වලදී විවිධ ප්‍රයෝජන ලැබිය හැකි බවයි.ඒ ආකාරයටම යමිකිසි විශේෂිත ද්‍රව්‍යක පරමාණු සහ අණුවල සැකැස්ම (ව්‍යුහය) නැනෝමීටර පරිමාණයේදී  වෙනස්කමි වලට භාජනය කොට සාදාගන්නා වෙනස් ගුණාංග ඇති ද්‍රාවණයන් ගැන නැනෝ තාක්ෂණය යටතේ සාකචිජා කල හැකිය.

ස්වාභාවිකව ගත් කල බොහෝ ජිව අණු හා වෙනත් ද්‍රව්‍ය අංශු පවතින්නේ නැනෝමීටර පරිමාණයෙනි.නමුත් අප නැනෝ තාක්ෂණය යටතේ සාකචිජා කරනු ලබන්නේ මිනිසා විසින් නිර්මිත නැනෝ ව්‍යුහයක් ගැන පමණි.

නැනෝ තාක්ෂණයේ සරල භාවිතයන් සැකවින් පැහැදිලි කර ගැනීම වටී.අප එදිනෙදා භාවිතා කරන ජල පෙරණයකින් අපට ඇසට පෙනෙන රොඩු කැබලි,අර්ධ වශයෙන් පෙනෙන අංශු වැනි දේ ජලයෙන් ඉවත් කරගත හැකි බව අප දන්නා කරුණකි.තවද සක්‍රීය කාබන් මගින් කිසියමි දුරකට ජලයේ පැහැය අවම කිරීමටත් දුගදක් වෙතොත් එය ඉවත් කරගැනීමටත් හැකිය.නමුත් කාබන් අංශු නැනෝ මීටර පරිමාණයෙන් වෙනස්කමිවලට ලක්කොට සකසා ගත් නැනෝ ටියුබි ව්‍යුහය තුලින් අපමණ රෝග පතුරවන බැක්ටීරියා දිලීර ආදිය පවා පෙරා වෙන්කර ගත හැක.
කාබන් නැනෝ ටියුබි ව්‍යුහය තුල පවතින ටියුබි  එකක සිදුරක විශාලත්වය නැනෝ මීටරයක් තරමි වේ.ජල අණුවක් නැනෝ මීටරයකට වඩා කුඩා බැවින් ජලය එම ව්‍යුහය තුලින් ගමන් කරනා බැවින් ජලය දිලීර,බැක්ටීරියා ආදි ශෛලිත ජිවින් හට එම ව්‍යුහය තුලින් ගමන්කල නොහැකිය.ඒ අනුව පැහැදිලි වන්නේ රසායනික ප්‍රතිකර්මයක් නොමැතිව,උණු කිරිමකින් තොරව ඉතාම පිරිසිදු ජලය ලබා ගැනීම කාබන් නැනෝ ටියුබි ව්‍යුහයක් පෙරනයක් ලෙස භාවිත කල හැකි බවයි.

ඉහත දැක්වුයේ ඉතා සරල එක් උදාහරණයක් පමණි.මෙයට අමතරව සියලුම කාර්මික ක්ෂේත්‍රය පුරාම නැනෝ තාක්ෂණයේ මහිම ව්‍යාප්ත වෙමින් පවති.ඊට හේතුව වන්නේ බොහෝ ද්‍රව්‍යයන් නැනෝ පරිමාණයේදි ඉතා සුවිශේෂි,ආකර්ෂණිය,ලාභදායි වඩාත් දියුණු හැසිරීමි පෙන්වන නිසාය.නැනෝ ව්‍යුහයක් තුල දක්නට ලැබෙන ඉතා අඩු වද්්‍යුත් ප්‍රතිරෝධය ඉතා අඩු උෂ්නත්ව වලදී ද්‍රව බවට පත්වීමේ හැකියාව, වේගවත් රසායනික ප්‍රතික්‍රියාශිලිත්වය ප්‍රධාන වේ .

අප භාවිතා කරන ජංගම දුරකථනයක් තුලට පරිගණකයක භාවිතා කරන බොහෝ මෘදුකාංග ඇතුලත් කොට වැඩි දත්ත ගබඩා කිරීමෙ පහසුකමි ඇති කිරීමෙ රහස මෙම නැනෝතාක්ෂණයයි. වෛද්‍ය තාක්ෂණය,විද්‍යුත්  තාක්ෂණය සන්නිවේදන තාක්ෂණය අද පවතින සමිපත් උන සී්‍රයෙන් දුෂණය වන පරිසරයක් හිමි ලෝකයට යමි අස්වැසිල්ලක් වනු ඇත.

සටහන:
නැනෝ (නිනිති) තාක්ෂණය පිළිබද වැඩි විස්තර සහිත සිංහල පොතක් මෙම Link එකෙන් ඔබට කියවිය (බාගත) හැකිය.

http://scienceforallofus.blogspot.com/2011/01/book-on-nanotechnology.html

1 comments:

ගුඩු.. හුගාක් හොද බ්ලොක් අඩවියක්.....
මගේ එසයිමන්ට් එකට මේ ලිපිය ගොඩාක් වැදගත් වුනා...
මම උසස්පෙළ සිසුවෙක්..........

@ඌව පළාත - මොණරාගල- බිබිල

Post a Comment