July 23, 2014

වෛරසයේ වස පැත්ත හා රස පැත්ත

  • වෛරසයේ යනු මිනිස් වර්ගයාට එරෙහිව නැගී සිටින නිහඩ කුරිරු බලෙව්ගයක් ලෙස දිගු කලක් තිස්සේ ලොවේ පිළිගැනීමක් තිබුණි.ඒය සැබෑවක්මද?
  • වෛරසයේ වස පැත්ත හා රස පැත්ත
 වෛරසයක් කියු පමණින් අපේ සිහියට නැගෙන්නේ මිනිසාට හා සතුන්ට නොයෙකුත් අන්දෙම් භයානක රෝග ඇතිකරලන අන්දෙම් විනාශකාරි ක්ෂුද්‍ර ජීවියකි.සෙමිප්‍රතිශාවේ සිට පෝලියෝ හා වසුරිය වැනි අවාසනාවන්ත රෝග රාශියක් වෛරස මගින් වැළෙදෙන්නක් නිසා වෛරස වලට ඒම අර්ථ නිරූපනය උරුම වීම නිරායාසෙයන්ම විය යුත්තක් බව සැබෑය.

එහෙත්,අනෙක් අතට බැළුවොත් ස්වාභාවිකව නිර්මාණය වී ඇති හැම ලොකු කුඩාම සත්වයෙක් ගෙන්ම යමිකිසි විශේෂිත මෙහෙවරක් සිදුවන අයුරින් සැකසී තිබෙන නිසා  වෛරස පමණක් මෙම සර්ව අශුභවාදි නපුරු අර්ථ නිරූපන දීම අසාධාරණයක් විය හැක.

විද්‍යාඥයින්ගේ වර්ග කිරීම් වලට අනුව වෛරස් ජීවියාව අනෙක් ජීව ලෝකයාගෙන් බැහැර කළ නොහැකිය.එය චලනය වෙයි.බහුගුණ වෙයි.එමෙන්ම විවිධ නියුක්ලික් අමිල (D.N.A) කාණ්ඩ නිෂ්පාදනය කරමින් විවිධ ස්වරූපයන් ලෙස පෙනී සිටී.කෙසේ වුවත් වෛරසයේ ක්‍රියාකාරිත්වය ඇරඹෙන්නේ යමි කිසි ජීව සෛලයේ තුළදී බව මෙහිලා අමතක කළයුතු නොවේ.

සෛලයක් තුල  මෙලෙස ක්‍රියාකාරි වන වෛරසයේ ප්‍රධාන ස්වරූප දෙකක් දැන් විද්‍යාඥයන් විසින් අනාවරණය කරෙගන ඇත.ඉන් ඒක් වෛරසයක්,ආගන්තුක ජීවි සෛලය තනිකරම තමන්ගේ ප්‍රජාවේගේම බහුගුණ ඇති කිරීම සදහා යොදවා ගනී.මෙසේ අප්‍රමාණ සංඛ්‍යාවක් නව වෛරස් පරමිපරාවන් ඇතිවීම නිසා පීඩාවට පත්වන ජීවී සෛලය අවසානෙය්දී අවාසනාවන්ත ලෙස මිය යයි.ඇත්තෙන්ම මෙය රෝග කාරක වෛරසයේ යාන්ත්‍රනයයි.

අනෙක් වෛරස් කාණ්ඩය සුපුරුදු ලෙස සෛල ආක්‍රමණය කළත්,ඒමගින් සිදුකරන්නේ පෙරදී මෙන් සෛලයේ ජිව ශක්තිය උරා දමන විනාශ කිරීම නොව සෛලයේ ස්වාභාවික ක්‍රියාකාරිත්වය ඉහල නැංවීමයි.මේ නිසා ඇත්තෙන්ම එම සෛලයේ ස්වභාවික ක්‍රියාකාරිත්වය ඉහල නැංවීමයි.මේ නිසා ඇත්තෙන්ම එම සෛලයේ ස්වාභාවික මුහුණුවර තරමක් වෙනස් වන අතර විශේෂයෙන්ම සෛලයේ ජීව ශක්තියේ නව ප්‍රවණතාවයක් හට ගැන්නවීමට එය සමත් වේ.
මුලින් සදහන් කළ වෛරස් නිසා පොදුවේ මුළු වෛරස් වර්ගයාටම අපවාදයක් එල්ල වී තිබුනත්,මෑතකදී සොයා ගෙන ඇති වෛරසයේ අනෙක් ක්‍රියාවලිය නිසා,දැන් එය ස්වභාවයේ යමි කිසි විශේෂිත කාරියක් ඉටු කිරීම සදහාද යෙදවී ඇති බව පැහැදිළි වී තිබේ.

වෛරසය සතු මෙම අපුරු හැකියාව නිසා විශේෂයෙන්ම ස්වාභාවිකව වරින් වර ඇතිවන යමි යමි විපර්යාසයන්ට අනුරූප වනසේ අනුවර්තනය වීමේ හැකියාව ශරීරයට ලැබී ඇතිබවත් මෑතකදී සිදුකළ විශේෂ අධ්‍යයනයන්ගෙන් වැඩිදුරටත් පෙනිගොස් ඇත.
මේ අතර උපතින්ම ම්නිසා සතුවන වරප්‍රසාදයක් වන රෝගාබාධ වලට ඔරොත්තු දීමේ හැකියාව හෙවත් ස්වභාවික ප්‍රතිශක්තිකරණය‘හා වෛරස අතරද ඇති වැදගත් සමිබන්ධතාවයක් ගැන කරුණු හෙළිදරවි වී ඇත.සාමාන්‍යෙයන් යමි යමි විශේෂිත වෛරස් රෝග වරක් ආසාදනය වු විට,දෙවන වරට එය වැළදෙන්නේ ඉතා කලාතුරකින් බව කවුරුත් දන්නා කරැණකි.එසේ වුවත් රෝගකාරක වෛරස යමි කිසි නිශ්චිත කාලයක් හෝ සමහරවිට පුද්ගලයාගේ ජීවිත කාළය මුළුල්ලේම වුවද සිරුරේ රැදී සිටියි.රෝගය සුවවිමෙන් පසුවත් මෙසේ එම වෛරසය සිරුර තුල පැවතීම විස්තර කළ හැක්කේ කෙසේද?එසේ වන්නේ එම විශේෂිත වෛරසය ශරීරයේ යමි යමි අවශ්‍යතාවයක් සදහා යෙදැවෙන නිසා වියනොහැකිද?

එහෙත් මේ මතය පිළිගත හොත් වෙනත් ගැටළුවක් පැන නගී.එනමි සිරුරේ ආසාදනය විමෙන් ඉතා බරපතල තත්වයකට පත්වන වෛරසයන්ගේ ප්‍රශ්නයයි.විශේෂයෙන්ම පෝලියෝව සහ එන්සෙපලයිටිස් ගණයේ රෝග බෝකරන වෛරසයන් සිරුරට වැළදෙන්නේ ඉහත කී පරිදි පුද්ගලයාගේ යහපතටද?සිරුරේ අවශ්‍යතාවයටද?

සෝවියටි වෛද්‍ය විශේෂඥයන් දැනට මේ ගැන කර ඇති පර්යේෂණ වලට අනුව සාමාන්‍යෙයන් 100,000 ක ජනගහනයෙන් එක් අයෙකු බැගින් මේ රෝගයට ගොදුරු වී සිටින අතර මුලික වශයෙන්ම මීට හේතුව ඒ පුද්ගලයාගේ ස්වාභාවික ප්‍රතිශක්තිකරණයේ ඇති දුර්වලකම බව පෙනී ගොස් ඇත.කෙසේ වුවද මෙහිදී කැපී පෙනෙන තවත් වැදගත් ලක්ෂණයක් නමි ඉහත කී බරපතල රෝග වලට ගොදුරු වුවන්ට යළිත් ජිවිත කාලය මුළුල්ලේම වෙනත් කිසිදු වෛරස් රෝගයක් නොවැළදීමයි.
මේ අනුව යමි යමි විශේෂිත වෛරසයන් පරිසරයේ විපර්යාසයන්ට අනුරෑප වන අන්දමට සිරුර අනුවර්තනය කිරීමටත්,යමි අන්දමෙක ප්‍රති ජීවයක් ලෙසත් ක්‍රියාත්මක වන බව පෙනේ.

අපට සාමාන්‍ය වශයෙන් නොපෙනුනත් අප අවට ඇති ජීව ගෝලය වෛරසයන්ගෙන් පිරි සාගරයක් බදුය.දවසේ හැම මොහොතක් පාසාම අපේ සිරුරට ඇතුළුවන ආගන්තුක වෛරසයන් හමුවේ ප්‍රතිශක්ති කරන පද්ධතිය අපට නොදැනී කරන සටන් ගැන විටෙක අපට සිතා ගැන්මක් අපහසු තරමිය.

එහෙත් මෙයින් කියැවෙන්නේ වෛරස ස්වාභාවයෙන්ම ජීවීන්ට අහිතකරවු දෙයක් වනබවනොවේ.ඇත්තෙන්ම එය අවට ස්වභාවික පරිසරයේ අත්‍යාවශ්‍ය,මුලයක් ලෙස සැළකිය හැකිවන්නේ,වෛරසයෙන් තොරව පරිණාමයක් හෝ අනුවර්තනයක් හෝ විශේෂයෙන්ම ප්‍රතිශක්තියක් හෝ ඇති නොවිය හැකිව තිබුණ හෙයිනි.

ඉදිරිපත් කිරීම
වරකාපොල විදාතා සමිපත් මධ්‍යස්ථානය

0 comments:

Post a Comment