July 9, 2014

French Fries ආහාරයට ගැනීම සුදුසු ද?


‘French Fries'  යනු  බෙල්ජියමේ උපත ලබා ලොව පුරා රටවල් අතර ජනප්‍රිය වී දිවා ආහාරය ,රාත්‍රී ආහාරය සමග අනුභව කරනු ලබන කෙටි ආහාරයකි. 

‘French Fries’  සදහා මෑත කාලයේ තිබූ පිළිගැනීම අවම වෙමින් පවතී. හේතුව වන්නේ ඒවා පෝෂ්‍යදායී ආහාරයක් නොවන බැවිනි.ඔබ කවුරුත් දන්නා පරිදි ඕනෑම ආහාරයක් පමණට වඩා ආහාරයට ගැනීම සුදුසු නොවේ.

‘French Fries’  සතු අහිතකර ගුණාංග කිහිපයක් ඇත. ආහාරයක් බැදීම මගින් වඩාත් රසවත් නමුත් එහිදී අහිතකර මේද  සහ සන්තෘප්ත මේද එක්ව පිළිකා,හෘද රෝග සහ දියවැඩියාව වැනි රෝග වලට මාර්ගය සාදනු ලබයි.
නමුත් සියළු මේද අහිතකර නොවන අතර සමහර මේද හිතකර වේ.එහිදී හිතකර මේද ලෙස එළවළු තෙල්,ඔලිව් තෙල් හා සූරියකාන්ත තෙල් මගින් සිරුර ආරක්ෂා කරනු ලබයි. එනමුත් අහිතකර මේද/සන්තෘප්ත මේද කෙලින්ම රුධිර ධමනි වල රුධිරය කැටි ගැසීම සදහා බලපාන අතර මෙය ඉතාමත් අහිතකර වේ.මෙම හානිකර මේදය මාගරින්වල මෙන්ම ස්වල්ප වශයෙන් හයිඩ්‍රජනීකෘත ආහාර වල අඩංගු බව අනාවරනය වී ඇත.මෙම අහිතකර කොලෙස්ටරෝල් හෙවත් අඩු ඝණත්වය සහිත ලිපෝප්‍රෝටීන මට්ටම ඉහළ දමනු ලබයි.සන්තෘප්ත මේදය අප සිරුරේ දිගු කාලයක් පවතිමින් රුධිර ට්‍රයිග්ලිසරයිඩ සංසරණය වැඩි කරන අතර හිතකර කොලෙස්ටරෝල් එනම් වැඩි ඝණත්ව ලිපෝප්‍රෝටීන අවම කරනු ලබයි.
ඉදින් ඔබ මෙම අහිතකර මේදය පරිභෝජනය කරනු ලබන විට රුධිරයේ පට්ටිකා සාදනු ලබයි.මෙම ඇලෙන සුළු කුඩා පට්ටිකා මගින් රුධිර කැට සාදා ඔක්සිජන් සහ පෝෂණ ද්‍රව්‍ය රැගෙන යන රුධිර ධමනි වල බිත්තියට සම්බන්ධ වී බාධකයක් ලෙස ක්‍රියා කර හෘදයාබාධ වලට මග පාදනු ලබයි.
එමනිසා සෑම උත්සව අවස්ථාවකදීම අනුභව කරනු ලබන French Frie’s  භාවිතය අවම කළ යුතු වනු ඇත.

0 comments:

Post a Comment