July 31, 2014

නීරෝගිමත් ජීවිතයකට මැංගුස්

ගාසිනියා මැංගුස්ටානා යන විද්‍යාත්මක නමින් හදුන්වන මැංගුස්වලින් නීරෝගිමත් ජීවිතයකට ලැබෙන  ප්‍රයෝජන
01.ඇන්ටි ඔක්සිඩන්ට් ගුණය
මැංගුස්වල ඇන්ටි ඔක්සිඩන්ට් ගුණයක් ඇති බැවින් හෘද වස්තුවේ රෝගවලට ගුණදායකය. එමෙන්ම පිලිකා නාශක ගුණයක් ද පවතී. එසේම වයස්ගත වීම අඩු කරන අතර කායික හා මානසික රෝග සදහා වඩාත් ගුණදායකය.

02.අඩු කැලරි ප්‍රමාණය
 මැංගුස්වල අඩු කැලරි ප්‍රමාණයක් හා අඩු සංතෘප්ත මේද ප්‍රමාණයක් අඩංගු නිසා ස්ථුල පුද්ගලයන්ට සුදුසු ය. එසේම එහි අඩංගු තන්තු නිසා සිරුරේ බර අඩු කර ගැනීමට ද දායක වේ.

03.විටමින් සී
මැංගුස්වල අඩංගු විටමින් සී වලින් පොහොසත් නිසා විෂ බීජ ආශ්‍රිත රෝග වැලදීම අඩු කරයි. එසේ ම එහි ඇති ප්‍රොලේට් නිසා ගර්භණි කාන්තාවන්ට සුදුසුය.

04.රුධිර සංසරණයට
මැංගුස්වල අඩංගු සංඝටක රතු රුධිරාණු වර්ධනය වැඩි කරන අතර රක්තහීනතාවය වලක්වයි. එසේම ලේ ගමනාගමනය වැඩි කරන අතර එමගින් අධිකොලෙස්ටරෝල්, හෘදයාබාධ ඇති රෝගීන්ට වඩාත් සුදුසු ය. එසේ ම ඇස්වල ලේ ගමනාගමනය වැඩි දියුණු කර පෙනීම පෙනීම වැඩි කිරීමටද උදවු වේ.

05.කොලෙස්ටරෝල් අඩු කිරීම
කොලෙස්ටරෝල් අඩු කිරීමට ඇති හැකියාව නිසා මනුෂ්‍ය හෘදයේ ක්‍රියාශීලිත්වය වැඩි කරයි. 

06.ටියුබකියුලෝසිස්
මැංගුස්වල ඉහල ප්‍රතිබැක්ටීරියා නාශක හා ප්‍රතිදිලීර නාශක ගුණාංගයන් පවතින බැවින් ප්‍රතිශක්ති පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කරයි. එබැවින් ටියුබකියුලෝසිස් රෝගීන්ට වඩාත් ගුණදායකය.

07.පිලිකා මර්දනයට
මැංගුස්වල ඇන්ටි ඔක්සිඩන්ට් ගුණයක් ඇති බැවින් පිලිකා හා හෘද වස්තුවේ රෝග සදහා වඩාත් ගුණදායක ය. එහි ඇති ඇන්ටි ඔක්සිඩන්ට් නිසා ශරීරයේ ඇති වන නිදහස් මුක්ත ඛණ්ඩ ප්‍රමාණය අඩු කර පිලිකා හා හෘද වස්තුවේ රෝග අඩු කර නිරෝගීභාවයට උදවු වේ.

08.රුධිර පීඩනය අඩු කිරීම
මැංගුස්වල බහුලව අඩංගු ඛණිජමය අයන වන කොපර්, මැග්නීසියම්, මැංගනස් හා  පොටෑසියම් මගින් ආඝාතය හා හෘද කිරීට ආශ්‍රිත රෝගවලට එරෙහි ව ආරක්ෂාව සපයා රුධිරය ගලා යාමට පහසු කරවයි.

09.ඇල්ෂයිමිර් රෝගය
මැංගුස්වලින් ලැබෙන ප්‍රධානතම සෞඛ්‍යමය යහපතක් වනුයේ  ඇල්ෂයිමිර් රෝගය සදහා ප්‍රතිකාරයක් වීමයි. මේ රෝගය සංකූලතාවය හා මතක තබා ගැනීමේ අපහසුතාවය හා අනුබද්ධ රෝග ලක්ෂණයකි.

10.සමේ නිරෝගී පැවැත්මට
 මැංගුස්වල අඩංගු ප්‍රතිබැක්ටීරියාකාරක ගුණය නිසා මැංගුස් මගින් සමේ පෝෂණයට බෙහෙවින් දායක වේ. මුහුණේ කැලැල්, සමේ තෙල් ගතිය හා වියලි සමට මනා ප්‍රතිකාරයක් ලබා දෙයි. එමෙන් ම සෛල නිපදවීම උත්තේජනය කරයි. 

11.ඔසප්වීමේ දී දැනෙන වේදනාව අඩු කරයි.
වයසට යෑමත් සමග ම ඔසප් වීමේ දී දැනෙන කරකැවිල්ල, අධ්‍යාතතිය හා කිසිවෙකුත් නොරිස්සන ස්වභාවය ආදි රෝග ලක්ෂණ මග හරවා ගැනීමට ද මැංගුස්වල අඩංගු සංඝටක උපකාරී වේ.


12. ආහාර මාර්ගය ආශ්‍රිත රෝගවලට ගුණදායක වේ.

0 comments:

Post a Comment