July 7, 2014

කුරුට්ට (නිවුඩ්ඩ)

ධාන්‍ය වල ඇති ඝන පිට‍ත ස්ථරය කුරුට්ට (නිවුඩ්ඩ) නමින් හදුන්වයි . නිවුඩ්ඩ නිර්මාණය වී ඇත්තේ ඇලියු‍රෝන් සහ බීජ කෝෂ එකතු විමෙනි. ධාන්‍ය කුරුට්ටෙන් ආවරණය වී ඇති අතර ධාන්‍ය සැකසිමේදි අතුරු නිෂ්පාදනයක් ලෙස මෙය ලබා ගත හැක. කුරුට්ට ඉවත් වු විට ධාන්‍යයෙහි ගුණාත්මකභාවය අඩු වේ. කුරුට්ට වී, බ‍ඩ ඉරිගු, තිරිගු, ඕට්ස්, බාර්ලි සහ ‍‍අනෙකුත් ධාන්‍ය වල දැකිය හැක. කුරුට්ට ආහාරමය තන්තු, අත්‍යාවශ්‍ය මේද අම්ල වලින් සමන්විත වන අතර සැලකිය යුතු ප්‍රමාණයක් පිෂ්ඨය, ප්‍රෝටීන්, විටමින් සහ ‍ෆයිටික් ඇසිට් නැමති ‍ප්‍රතිපෝෂක වලින් සමන්විතය. මෙහි ඇති ‍තෙල් නිසා ඉක්මණින් මුඩුවිම සිදු වේ. එම නිසා ධාන්‍ය සැකසිමෙදි නිවුඩ්ඩ ඉවත් කිරිමෙන් ධාන්‍ය කල්තබා ගත හැක.

පෝෂක (%)
තිරිගු
ඔට්ස්
සහල්
බාර්ලි
කාබෝහයි‍ට්‍රේඩ්‍
45–50
16–34
18–23
70–80
පිෂ්ඨය
13–18
18–45
18–30
8–11
විටමීන්
15–18
13–20
15–18
11–15
මේදය
4–5
6–11
18–23
1–2

සහල් සැකසිමෙදි දුඹුරු පැහැති සහල් නිවුඩ්ඩ අතුරු ඵලයක් ලෙස ඉවත් වේ. එම නිසා සහල් සුදු පැහැයක් ගනි. මිනිසාගේ සෞඛ්‍යයට හිතකර වන ප්‍රතිඔක්සිකාරක සහල් නිවුඩ්ඩෙහි දැකිය හැකි අතර තෙල් 12% -13% පමණ ඇත. විටමින් E,  ග්‍රැමා ඔරයිසනෝල් විටමිනය, බීටා සිටෙස්ටරෝල් ද පෝෂණිය තන්තු ලෙස නිවුඩ්ඩෙහි දැකිය හැක.
කෙසේ වෙතත් මැතකදි කරන ලද පර්යේෂණ  වලදි පිළිකා කාරකයකයක් වන අකාබනික ආසනික් යම් ප්‍රමාණයක් සහල් කුරට්ටේහි ඇති බව සොයා ගෙන ඇත. පානීය ජලයට වඩා 20% මෙහි අකාබනික ආසනික් ඇති බව පෙන්වා දි ඇත.‍නමුත් ‍අනෙකුත් ධාන්‍ය වල ඇති ආසනික් ප්‍රමාණය සහල් කුරුට්ටෙහි ඇති ආසනික් ප්‍රමාණයට වඩා අඩු වුවත් පෝෂණිය අගයෙන් වැඩි වන්නේ  සහල් කුරුට්ටයි. අනෙකුත් ධාන්‍ය වලට වඩා අකාබනික ආසනික් සහල් වල වැඩිවිම‍ට හේතුව වන්නේ වී වගාවෙදි බහුලව කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතයයි.

උපුටා ගැනිම :- http://en.wikipedia.org/wiki/Bran
පරිවර්තනය:- සී.එම්.එස්.එම්. චන්ද්‍රසේකර
  විද්‍යා හා තාක්ෂණ නිලධාරි- ග‍නේවත්ත

0 comments:

Post a Comment