July 7, 2014

ඔබත් නින්දට යන විට මොබයිල් ෆෝන් එක ළඟ තබා ගන්නවාද?


සමික්ෂණයකට අනුව ජංගම දුරකතන, ස්මාට් ෆෝන් හා ටැබ්ලට් භාවිතා කරන්නන්ගෙන් සියයට 63ක් රාත්‍රී නින්දට යන විට තම ඩිවයිස් එක ඇඳේ අත පොවන මානයක තබා ගන්නේය. මේ සමීක්ෂණයෙන් තවදුරටත් පෙන්වා දෙන පරිදි මේ අයගෙන් හරි අඩක්ම තම ඩිවයිස් එක උදෑසන අවදි වීමට එලාම් එකක් වශයෙන්ද යොදා ගනියි.
අප අද මේ ඩිවයිස්.... නැතහෝත් මොබයිල් ෆෝන් හා ටැබ් ආදිය ඇඳ ලඟ තබා ගැනීමේ සෞඛ්‍ය අනතුර ගැන කතාබහක යෙදෙමු. හෝඳ නින්දක් ලැබීමත නම් ඔබ කිසිදු බාහිර සංවේදනයකින් තොරවම නින්ද පිළිගත යුතුය.දුරකථනය ඇඳෙහි තබාගන්නා ඔබ යටි සිත නොදැනුවත්වම එයින් ලැබෙන ඇමතුමක්,සංඥාවක් අපේක්ෂා කරයි. එය සුවදායී නින්දකට ප්‍රබල බාධාවකි. මේ තත්ත්වය Hypervigilance ලෙස දැක්වෙයි. නමුත් ඊටත් වඩා ප්‍රබල අවදානමක්ද ඔබ වෙත ළඟා කිරීමට මේ සිරිත සමත් වෙයි.
ඔබ නිදා සිටිනා විට ඔබේ ඇසේ දෘෂ්ටිවිතානය බාහිරින් එන ආලෝක කදම්බ බොහෝමයක් ඇසට ප්‍රතිග්‍රහනය කිරීමට ඉඩ දෙන්නේ නැත. ඒ නිසා රාත්‍රී කාලයේදී ඇසට පතිත වන බොහෝ ආලෝක කදම්බ නින්දට බාධාවක් වන්නේද නැත. එහෙත් මොබයිල් ෆෝන් හා අනෙකුත් ඩිවයිස් වලින් මුදා හරින නිල් ආලෝකය දෘෂ්ටිවිතානයෙන් ඇතුලත ගමන් කර ඔබේ නින්ද අවහිර කරයි.රැය මුළුල්ලේ සිදුවන මෙම ක්‍රියාවලිය නිසා ඔබේ ජෛව ඔරලෝසුවේ තුලිතතාවය බිඳ වටෙයි.ප්‍රථිපලය වන්නේ පසුදාට ඔබට තිබිය යුතු උද්යෝගය, අවදි බව හීන වී යාමයි කාලයක් තිස්සේ මේ සිරිතේ සිර වීමෙන් ඔබේ දහවල කටයුතු ඔබ නොදැනුවත්වම සැලකිය යුතු පසුබෑමකට ලක් වෙයි.

ඒ නිසා නිදාගන්නා විට ජංගම දුරකථනය, ටැබ් එක ලඟින් තියාගන්න එපා. එය වෙනත් කාමරයක තබන්න. නින්ද හා සම්බන්ධතාවයට එය හොඳ ආරම්භයක්. එසේම එය ආරක්ෂාවේ උපාය මාර්ගයක්.

Source :- Mobile Talk

STO:- Udubaddawa.

0 comments:

Post a Comment