Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

February 26, 2014

තරු තොරතුරු

නාසා හි   Wide Ifrared survey Explorer (WISE) මෙහෙයුම HOT - DOGS  නමින් හදුන්වන අති විශාල කලු කුහර රාශියක් හා දූවිලි නිසා අදුරු වූ මන්දාකිණි රාශියකගේ සොයා ගැනීමට මග පාදා ඇත.
දුරේක්ෂ භාවිතයෙන් ලබාගත් ඡායාරූප මගින්  දූලි වලින් පිරි අදුරු කුහර විශාල ප්‍රමාණයක් සහ තවත් 1000 ක් පමණ දූලි වලින් සමන්විත වස්තූන් සහිත දැනට සොයා ගෙන ඇති දීප්තිමත්ම මන්දාකිණිය අනාවරණය කරගෙන ඇත. මෙම බලවත් වු මන්දාකිණි HOT - DOGS නමින් හදුන්වන අතර මේවා අධෝරක්ත කිරණ මගින් දීප්තිමත් ලෙස බැබලෙයි.
WISE   විසින් මුලු අහසම දෙවාරයක් 2011 වන විට අධෝරක්ත කිරණ මගින් පරීක්ෂා කරන ලද අතර දුරේක්ෂ මගින් මිලියන සංඛ්‍යාත ඡායාරූප ප්‍රමාණයක් ලබාගන්නා ලදි. මෙම මෙහෙයුමෙන් එක් රැස් කරගන්නා  ලද සියලුම දත්ත පොදුවේ මුදාහැර ඇත්තේ ලොව වටා සිටින තාරකා විද්‍යාඥයන්ට මෙමගින් අලුතෙන් යමක් සොයා ගැනීමට පිටුවහලක් වන ලෙසය.
නවතම සොයාගැනීම් මගින් තාරකා විද්‍යාඥයන්ට මන්දාකිණි මැද ඇති කලු කුහර පරිණාමයට පත්වෙමින් වර්ධනය වන ආකාරය ගැන මනා අවබෝධයක් ලබාගැනීමට උදව් වී ඇත. උදාහරණයක් වශයෙන් අප ක්ෂිරපථයේ මැදඇති කලුකුහරය වන සැජිටේරියස් A(Sagittarius A) අප ඉරට වඩා මිලියන හතර ගුණයක ස්කන්ධයක් ඇති අතර මෙය එක් එක් කාල වල දී ආහර ලබා ගැනීමේ උන්මාදයකින් පෙලෙන්නෙකු මෙන් නොයෙකුත් වස්තූන් ඒ තුලට ඇදගන්නා අතර මේවා උණුසුම් වි වටපිටාවට ආලෝකය විහිදවනු ලබයි. මධ්‍යයේ පිහිටි කලු කුහර සුර්යයාට සාපේක්ෂව බිලියන ගණනකින් විශාල වුවහොත් ඒවා තරු වල බිහි විම නතර කර දැමීමට පවා බලවත් බව සොයාගෙන ඇත.
එක් අධ්‍යයනයක දී ගගනගාමින් WISE මගින් සක්‍රිය තත්වයේ ඇති 2.5 මිලියන ප්‍රමාණයක අති විශාල කලු කුහර ප්‍රමාණයක් හදුනාගෙන ඇති අතර සමහර ඒවා ආලෝක වර්ෂ මිලියන ගණ‍නක් ඈතින් පිහිටා ඇත. මේවායින් 2/3 පමණ පෙරකාලීනව සොයාගෙන නොතිබුනේ මේවායින් විහිදෙන දෘශ්‍ය ආලෝකය දූවිලි වලින් අවහිර වී ඇති බැවිනි. නමුත් WISE මගින් මේවා දැකිය හැක්කේ මෙම බලවත් මුර්ගයන් විසින් දූවිලි රත් වීම නිසා විහිදෙන අධෝරක්ත ආලෝකය නිරීක්ෂණය කල හැකි බැවිනි.
WISE මගින් සිදුකරන ලද තවත් අධ්‍යයනයන් දෙකකදි පරීක්ෂකයන් විසින් මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වූ දීප්තිමත්ම මන්දාකිණිය සොයාගැනිම සාක්ෂාත් කරගන්නා ලදි. දැනට ඔවුන් මේ සදහා 1000 ක් පමණ අපේක්ෂකයන් තෝරාගෙන ඇත.
මෙම වස්තූන්හට අපගේ සූර්යයා මෙන් ට්‍රිලියන සියයක තරම් ප්‍රමාණයක ආලෝකයක් විහිදුවා යැවිය හැක.  නමුදු මේවා දූවිලි වලින් යුක්ත බැවින් WISE විසින් නිකුත් කරන ලද දිගම තරංග ආයාම ඇති
අධෝරක්ත කිරණ වලට පමණක් නිරාවරණය වේ. නාසාහි Spitzer අභ්‍යවකාශ දුරේක්ෂය මගින් මෙම Hot-Dogs මගින් දූලි හා වායු පමණක් නොව අලුත බිහිවුන තාරුකා ද තම ආහාර වේලට එකතු කරගෙන ඇති බව පෙන්වාදෙන ලදි.
 Caltech’s Sub millimeter නිරීක්ෂකාගාරය හා එක්ව WISE විසින් මෙම මන්දාකිණි වල උෂ්ණත්වය අධෝරක්ත කිරණ වලින් දීප්තිමත් වන මන්දාකිණි වලට වඩා දෙගුණයක් බව සොයාගෙන ඇති අතර මෙයට හේතුවක් ලෙස මෙම අති විශාල කලු  කුහර වල සක්‍රීයතාවය හේතුවෙන් දුලි වලා රත් විම සදහන් කරයි. Sub millimeter නිරික්ෂකාගාරයෙහි අධ්‍යයනයන් හි ප්‍රධාන රචකයා වන Jingwen පවසන අන්දමට මෙය මන්දාකිණා වල පරිණාමය පිළිබදව නව හා දුර්ලභ සොයාගැනිම් රාශියකට මුල් වනු ඇත.

උපුටා ගැනිම  අන්තර්ජාලය ඇසුරිනි.

http://astronewsastroannda.wordpress.com/2012/09/12/black-holes-by-hot-dogs/more-835

ස්වයංක්‍රීයව අළුත්වැඩියා වන අච්චු ගැසු සපත්තු

ආනාගත ධාවන ශූරීන්ට පාදයට නව සමක් ලෙස සැකසු සපත්තු යුගලයක් අච්චු ගැසිමට දැන් හැකි වී තිබේ. කෘතිම ජෛව  අමුද්‍රව්‍ය වලින් සදා ඇති සපත්තු පීඩනය, චලනය හා ඝට්ටනය හොදින් ප්‍රතිචාර දක්වති. අවශ්‍ය විට අමතර කුෂන් ප්‍රමාණයක් ඇති කිරිම සහ සපත්තුවේ කඩතොළු  වීම් සපත්තු විසින්ම සකස් කර ගනු ලැබේ.
ස්වයං  අළුත්වැඩියා සංකල්පය සහිතව ත්‍රිමාන මුද්‍රණය කරන සපත්තු ලන්ඩන්හි සැලසුම්කරු හා පර්යෙෂ සවීස් ආඩෙච් විසින් සංවර්ධනය කර තිබේ. සපත්තු ඡායා සෛල තාක්ෂණයෙන් (Protocell) සැදු අමුද්‍රව්‍ය වලින් නිපදවා ඇත. අදාල සම් වර්ගය සජීවි නොවුනද සැබැ සෛල ජෛව වගා කිරීමෙන් සකස් කර ගන්නා බැවින් ඒවාට විවිධ අමතර ගුණාංග එක් ක හැකි වී තිබේ. නම් ආලෝකයට , පීඩනයට හා උෂ්ණත්වයට යෝග්‍ය ලක්ෂණ  ඇතුත් වේ.

ධාවනයේ යෙදෙන විවිධාකාර ධාවන තීරු හා ස්වභාවය නිසා ඇතිවන හෝ සැපයෙන පීඩනය අනුව සපත්තුව ඉපිලීම හෝ හැකිලීම සිදුවේ. එමගින් ධාවකයාට ධාවනය යෙදිම පහසු කරයි.
ධාවනයෙන් පසු ඡායා සෛල වල ශක්තිය හීන විය හැකි බැවින් ජීව සපත්තු  ඡායා සෛල ධ්‍රාය සහිත බුජම තැබීම අවශ්‍ය වේ. සපත්තු ආරක්ෂා කිරිම , පැලැටීයක් රැකිම සහ පැලැටියේ ස්භාවික ගුණය පවත්වාගෙන යාම වැනිය. ආහාර සඳහා භාවිතා කරන වර්ණක වලින් වුවද සපත්තු බුජමෙදි වර්ණ ගැන්විය හැකිය.
දැනට ධාවන සපත්තු මුලකෘති මට්ටමේ වන අතර නිර්මාණකරු මෙම සංකල්පය පිළිබඳව ඡායා සෛල තාක්ෂණ දැණුම සමඟ ජනතාව දැණුවත් කරයි.

උපුටාගැනීම: 3D printed bio shoes would repair themselves   NIC HALVERSON

February 24, 2014

චැනල් වෙනස් කරන මුද්ද (Fin)

විවිධ ඉලෙක්ට්‍රොනික උපකරණ හා ක්‍රියා පාලනය කිරීමේ හැකියාව ඇති ශරීරය පැළදිය හැකි කුඩා උපකරණ (ගැජට්) නිෂ්පාදනය අසීමිතව සිදුවේ. මහපටැඟිල්ලේ පළඳින මුදුවක් වු Fin නිෂ්පාදනය කර ඇත්තේ විවිධ ඉලෙක්ට්‍රොනික උපකරණ හා සම්බන්ධ වීමට පමණක් නොවේ. ඒවා සමග ක්‍රියාකරන ක්‍රමවේද වෙනස් කිරිමද අරමුණු කරගෙනය.
මහපටැඟිල්ලේ පළඳින Fin තුල සංවේදකයක් අඩංගු කර තිබේ. එමඟින් අල්ලේ විවිධ චලනයන්හී සම්බන්ධතාවයන් හඳුනාගත හැකිය. තවද එයට ඇඟිලි පුරුක් වල වෙනස් කම් දැනගත හැකි අතර ඇඟිලි සහ අල්ල, ඉලක්කම් පමණක් සහිත යතුරු ලියනයකට පරිවර්තනය කළ හැකිවේ. Fin නිකුත් කරන සංඥා විවිධ උපකරණ ක්‍රියාකරවීමට හැකි නියෝගවල පරිවර්තනය කර බ්ලූටුත්( Bluetooth 4.0) තාක්ෂණය මඟින් සම්ප්‍රේෂණය කරයි.
Finට විවිධ සහ බොහෝ යෙදුම් ක්‍රියාත්මක කිරීමේ විභවයක් ඇත. රුපවාහිනි යන්ත්‍රයේ චැනල් මාරු කිරීමට සහ ශබ්දය පාලනය කිරීමට මුදුව සහිත මාපටැඟිල්ල විවිධ දිශාවලට යොමුකිරීම සහ නැමීම ප්‍රමාණවත් වේ. ජංගම දුරකථන පාලනය කිරීම, විඩියෝ ක්‍රිඩාවේ යෙදීම යනාදිය සඳහාද මෙය භාවිතා කළ හැකිය. 

ඇන්ඩ්‍රොයිඩ්, IOS සහ වින්ඩෝ දුරකථන මෙහෙයවීම සම්බන්ධව මෘදුකාංග නිෂ්පාදනයට එම ආයතන සමඟ කටයුතු කරයි. LED දර්ශකයන් සහිත Fin මුද්ද තුල නැවත ආරෝපනය කළ හැකි ලිතියම් බැටරියක් තිබේ. ජලය හෝ දුවිලි නොරැඳෙන මුද්ද සුදු, තැඹිලි, කළු. නිල් සහ කොළ වර්ණවලින් නිෂ්පාදනය කර ඇත. සැප්තාම්බර් මාසයේ රු. 13,000 කට වික්ණිමට අපේක්ෂිත Fin සම්ප්‍රදායික රන් මුදුව පුනස්ථාපනය කරනු ඇත්ද?

උපුටා ගැනීම :-
 FIN THUMBGETS GESTURE CONTROL IN HAND   By Nick Lavars

February 21, 2014

දියවැඩියා හා පිළිකා රෝග මර්දනයට බිම්මල්

වසර ගණනාවකට ‍පෙර සිටම සාම්ප්‍රදායික චීන ‍වෛද්‍ය ක්‍රම‍යේදී විවිධ ‍රෝග සුව කිරීමට ඖෂධයක් ‍ලෙස භාවිතයට ගැණුන ‍මෙම බිම්මල් වි‍ශේෂය Ganoderma lucidum යන විද්‍යාත්මක නාම‍යෙන් හඳුන්වනු ලබයි. එහි ඇති සුවි‍ශේෂී ඖෂධීය ගුණය ‍හේතුවෙන් චීන ජාතිකයින් ‍මෙය අමෘත‍යේ බිම්මල් ‍ලෙස ද ව්‍යවහාර ‍කෙරේ.
මෙම බිම්මල් වි‍ශේෂය බාහිර රූපාකාර‍යෙන් රතු පැහැති වෘත්තාකා ජත්‍රයකින් යුක්ත වන අතර, මතුපිට ඉතා දැඩි ස්වභාවයක් ගනී. ‍මේනිසා ආහාරයට ගන්නා ‍වෙනත් බිම්මල් වි‍ශේෂ මෙන් ‍පිසී‍මෙන් පසු ආහාරයට ගත ‍නොහැක. භාවිතයට ගැනීමට නම් මෙය වැඩි දියුණු කරන ලද ‍පෝෂණිය නිස්සාරකයක් ‍ලෙස ගත යුතුය.

 මෙම බිම්මල් වි‍ශේෂ‍යේ ඇති  ඖෂධීය ගුණය අනුව, දැනට ‍ලොව පුරා බහුලව ව්‍යාප්ත වන ‍බෝ ‍නොවන ‍රෝග වන පිලිකා හා දියවැඩියාව මර්දනයට  අවශ්‍ය ප්‍රතිකාර සඳහා භාවිතා කළ හැකි වීම වි‍ශේෂත්වයකි.
Bellarmine විශ්වවිද්‍යාල‍යේ පර්‍යේෂකයින් ‍දෙපලක් වන ‍වෛද්‍ය Sanda Zolj සහ Joann Lau ගේ පර්‍යේෂණයන්ට අනුව, සුවි‍ශේෂී ක්‍රියාකාරීත්වයකින් යුත් ‍පොලිසැකරයිඩ් (beta- glucan)  හා සැ‍පොනින් වර්ග මගින් පිලිකා ‍සෛල ඇතිවීම මර්දනය ‍වෙයි.
‍‍‍‍මේ අනුව, පර්‍යේෂකයන්ගේ නිගමනය වනු‍යේ, ‍මෙම ‍ජෛව රසායනික සං‍යෝග මගින් පිලිකා ‍සෛල ඇතිවීම  පාලනය කරන බවයි.
‍මෙම පර්‍යේෂණ‍යේ ප්‍රතිඵල තවදුරටත් සනාථ කරමින්, MARA නම් තාක්ෂණික ආයතන‍යේ ‍වෛද්‍ය Teow Sun Soo ද අදහස් දක්වා ඇත. ඒ අනුව, ‍මෙම බිම්මල් නිස්සාරක මගින්, ශරීර‍යේ ප්‍රතිශක්ති පද්ධති‍යේ ක්‍රියාකාරීත්වය ඉහළ නංවන අතර, එමගින් පිලිකා ‍සෛල වලට එ‍රෙහිව ක්‍රියාත්මකවීමක් සිදු ‍වේ. තවද, ‍මෙමගින් පිලිකා මර්දන‍යේදී භාවිත වන රසායනික හා විකිරණ ප්‍රතිකාර වලින් ඇති වන අතුරු ආබාධ ද අවම වන බව ඔහු විසින් ‍සොයා ‍ගෙන ඇත.
දියවැඩියා ‍රෝග පාලන‍යේදී Ganoderma lucidum  සතු සුවි‍ශේෂී හැකියාව ‍කොතෙක් ද යන්න පිළිබ චීන‍යේ ‍හොං‍‍කොං සරසවි‍යේ පර්‍යේෂක කණ්ඩායමක් ‍පෙන්වා ‍දෙනු‍යේ, ‍මෙමගින් රුධිර‍යේ පවතින සීනි සාන්ද්‍රණය පහත ‍හෙලන බවයි. ඔවුන් විශ්වාස කරනු‍යේ,  රුධිර‍ ග්ලූ‍කෝස් නිෂ්පාදනයට අවශ්‍ය වන එන්සයිම ක්‍රියාකාරීත්වය ‍මෙමගින් නි‍ශේධනය කරන බවයි.




3D structure of cellulose, a beta-glucan polysaccharide.

මීට අමතරව, ‍මෙම බිම්මල් වි‍ශේෂයේ අඩංගු ඖෂධීය සං‍යෝග හෘදය, ‍‍පෙනහළු, අක්මාව, අග්න්‍යාසය, හා වෘක්ක වැනි ඉන්ද්‍රියන් මත  ක්‍රියාකාරී වී ශ්වසන, පරිවහන, ස්නායු, ජීර්ණ හා අන්තරාසර්ග ග්‍රන්ථි පද්ධති‍යේ ඇති වන ‍රෝගාබාධ සුව කිරී‍මේ හැකියාව ද ඇති බව සොයා ‍ගෙන ඇත.




උපුටා ගැනීම්.
http://foodmatters.tv/articles-1/a-magic-mushroom-that-fights-cancer-diabetes
https://www.super ganoderma.com/about_Ganoderma/Ganoderma_Lucidium_Key_Effects/

February 20, 2014

තට්ටය අඩු කිරීම

සාමාන්‍ය සමේ සෛල වලින් කෙස් වැවිය හැකි සෛල නිෂ්පාදනයට විද්‍යාඥයින් සමත් වී තිබේ. තට්ටය අඩු කරීම සඳහා ස්වභාවික හිස කෙස් නැවත වැවිය හැකි ක්‍රමය ඉදිරි පියවරක් ලෙස මෙය සැකිය හැකිය.
කෙස් හැලීම නිසා හානිවන සෛල වලට සමාන සෛල විශේෂයන් නිපදවීමට විද්‍යාඥයින් හැකියාව ලැබී තිබේ. වැඩිහිටි මිනිස් සමක සෛල මෙම විශේෂිත සෛලවලට පරිවර්තනය කර ඇත. එම සෛල එපිතෙලියල් ස්ටෙම් (Epithelial stem) සෛල ලෙස හඳුන්වයි. එපිතෙලියල් ස්ටෙම් සෛල මීයකුගේ සමට සම්බන්ධ කළ විට එහි මිනිස් සම, මිනිස් හිසෙහි රෝමකූප සහ මිනිස් හිසකෙස් වැඩී ආරම්භ වීම සිදුවී තිබේ.
සාමාන්‍ය සමේ සෛල එපිතෙලියල් ස්ටෙම් සෛල වලට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය පුළුල් ලෙස පියවර දෙකකින් සිදුවේ. පළමුව වැඩුණු මිනිස් සමේ සෛල, ප්ලුරිපොටෙන්ට්  (pluripotent) ස්ටෙම්    සෛල බවට පරිවර්තනය කිරීම පෙන්සිල්වෙනියා විශ්ව විද්‍යාලයේ සහ නිව්ජසි තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් සිදුකර තිබේ.ප්ලුරිපොටෙන්ට් ස්ටෙම් සෛල යනු වර්ධනය වන කල අවස්ථාවේදි දක්නට ලැබෙන බලගතු පුර්ව ස්ටෙම් සෛල විශේෂයකි. 2004 වර්ෂයේදී වැඩිහිටි සෛල මඟින් ප්ලුරිපොටෙන්ට් නිපදවීමට හැකිවී ඇති අතර මේ දක්වා මෙම තාක්ෂණය පවත්වාගෙන යනු ලැබේ.
 දෙවන පියවර ලෙස ප්ලුරිපොටෙන්ට් ස්ටෙම් සෛල, එපිතෙලියල් ස්ටෙම් සෛල බවට පත්වීම පෙන්සිල්වේනියා සහ නිවිජසි කණ්ඩායම විසින් නියාමනය කර තිබේ. සඳහා වර්ධක සාධක (Growth factors) ලෙස ඔවුන් නම් කල රසායනික වලින් ප්ලුරිපොටෙන්ට් ස්ටෙම් සෛල පෝෂණය කර පාලනය කර ඇත.කෙස් හැලීමේදී විනාශ වන වෙනත් වර්ගයක සෛල වර්ගයක් ඇති බවත් එය මෙතෙක් කිසිවෙකුට නිපදවීමට හැකිවී නොමැති බවත් එය නිපදවීමට පර්යේෂණ ක්‍රියාත්මක බවත් සියාවේ සූ පවසයි.

උපුටා ගැනීම :-
 Scientists make hair growing cells from ordinary skin cells  -Popular Science  http://www.popsci.com/article/science/scientists-make-hair-growing-cells-ordinary-skin-cells

February 18, 2014

වතුරෙන් මුද්‍රණය කිරීම/ වතුර තීන්ත.

සාමාන්‍ය පරිගණක ප්‍රින්ටරයක් භාවිතා කර තීන්ත වෙනුවට වතුර විදිමෙන් හිස් පිටුවක් මුද්‍රිත පිටුවක් බවට පත්කිරීම මෙම නව තාක්ෂණයයි. විශේෂත්වය නම් මෙහිදි තීන්ත ලෙස ජලය පමණක් භාවිතා කිරීමයි.එපමණක් නොව දිනකින් පසු මෙම ජලය වියළි ගොස් නැවත මුද්‍රිත පිටුව හිස් පිටුවක් බවට පරිවර්තනය වේ.එමඟින් කඩදාසි කිහිපවරක් මුද්‍රය සහා නැවත නැවත භාවිතා කළ හැකි වේ.එනිසා විශාල ලෙස සම්පත් සහ පරිසරය සුරැකීමක් සිදුවේ.

තවමත් දෘඩකාංග පිටපත් මත යැපෙන වත්මන් ඩිජිටල් ලොව සහා මෙය සුවිශාල ලෙස ප්‍රයෝජනවත් වනු ඇතැයි ජල විදිනය නිෂ්පාදනය කළ රසානඥයෝ පවසති. ජල විදින තාක්ෂණය නිසා සෑම පිටුවක්ම දොළොස් වරක් පමණ නැවත නැවත භාවිතා කළ හැකිය.
කාර්යාල වල මුද්‍රණය වන ලිපි/ වාර්තා යනාදිය එක්වරක් කියවීමෙන් පසු බොහෝ විට කසල බඳුනට එක්වේ. එය සියලු  මුද්‍රිත වලින්  40% පමණ ප්‍රතිශතයක් ලෙස ජාත්‍යන්තර සංඛ්‍යා ලේඛන වාර්තා කරන බව චිනයේ ජිලන් විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා මහාචාර්ය සියෝ  එන් සැන්ග් පවසයි.
මෙහි රහස ඇත්තේ කඩදාසියේය. ජලයට විවෘත වු විට වර්ණවත් වන සහ පසුව මැකීයන වර්ණක විශේෂයකින් කඩදාසිය සකසා ඇත. මෙම වර්ණක (DYE) අදෘශ්‍යමානය 350 C උෂ්ත්වයේදී පැය.22 කදී මුද්‍රිත ජලය වාෂ්ප වන නිසා මුද්‍රිතය පැය.22 ක්  තුළ මැකීයයි. උෂ්ත්වය වැඩිවූ විට මැකීයාම ඉක්මණින් සිදුවේ.
මුද්‍රණය ඉතා පැහැදිලි බවත්, තාක්ෂණය ඉතා ලාභදායක බවත් නිර්මාණ කරුවෝ පවසති. 50 වරක් නැවත ලිවීමේ හැකියාව සැලකු විට වියදම තීන්ත විදින මුද්‍රණයක වියදමින් 1% පමණක් බව සැන්ග් සඳහන් කරයි. දොළොස්වරක් නැවත ලිවීම සැලකූවිට වියදම 1/17 ක් පමණක් වේ සාමාන්‍ය කඩදාසිය විශේෂිත ඩයි සහිත කඩදාසිය බවට පත් කිරීමට 5% ක පමණ අමතර වියදමක් දැරිය යුතුය. එහෙත් තීන්ත ඉතිරිය 5% කට වඩා බොහෝ වැඩිය.
නව ක්‍රමය සඳහා මුද්‍රණ යන්ත්‍රය (ප්‍රින්ටරය) වෙනස් කයුතු නොවේ. කාට්රිජය (Cartridge) තීන්තයෙන් නොව වතුරෙන් නැවත පිරවීම ප්‍රමාණවත්. සිලින්ජරයක් මඟින් පිරවිය හැකිය. ජලය යනු පරිසර හිකතාමී නැවත භාවිතා කළ හැකි සම්පතකි.
අතුරුදහන් වන තීන්ත ලෙස පෙර හඳුනාගත් රසායනික සංයුති විෂ සහිත වන අතර ඒවායෙන් ලැබුණ මුද්‍රණ වල දීප්තිය පහ මට්ටමක වේ. පෙරදී වැඩියෙන් සැලකිල්ලට බඳුන් නොවු Oxazolidine (ඔක්සසොලිඩයින්) නමති රසායනික සංයුතිය සැන්ග් සහ කණ්ඩායම භාවිතා කර තිබේ. එමඟින් සහ ජල විදිනය නිසා නිල් පැහැති පැහැදිළි මුද්‍රණයක් ලැබේ. දැනට එකවරකට නිල් අධෝරක්ත,රත්තරන් ස දම් යන වර්ණ වලින් මුද්‍රණය ලබා ගත හැකිය.මුද්‍රිතයේ තත්වය උසස් කිරිම සහ මැකියා ප්‍රමාද කිරීම ඉදිරි පියවරක් වේ.තවද සමහර මුද්‍රණ යන්ත්‍රවල උෂ්ත්වයට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමටද අවශ්‍ය වේ.ඩයි (DYE) කඩදාසි හානිකර නොමැති නමුත් දීර්ඝ කාලීන ක්‍රියාකාරීත්වය සොයා බැලීමට නිර්මාණ කරුවෝ කටයුතු කරති.

උපුටා ගැනීම :-
 http://www.abc.net.au/science/articles/2014/01/29/3933872.htm  ABC news & Science                      
 Chemists unveil “water - get” printer  
  http://www.youtube.com/watch?v=rH_1TFkb8ko

February 17, 2014

පාස්වර්ඩ් අමතක කරමු

විවිධ බැංකු කාඩ්පත් වලට,පරිගණක වලට, G-Mail, Face Book වැනි පෞද්ගලික ගිණුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පාස්වර්ඩ් (Password) විශාල ප්‍රමාණයක් මතකයේ තබා ගැනීම අපහසුය. එනිසා බොහෝ විට ඒවා ලියා තබා ගත යුතුය. එවිට එහි රහස්‍ය /පෞද්ගලික භාවයට හානි පැමිණේ. තවදුරටත් Password මතක තබා ගැනීම අවශ්‍ය නොවේ. ඔබගේ එදිනදා ජිවිතයේ නොපැහැදිළි කරුණු මඟින් පෞද්ගලික ගිණුම් ක්‍රියාත්මක කිරීමට හැකි ක්‍රමයක් කැනඩාවේ කාල්ටන් විශ්ව විද්‍යාලය විසින් නිර්මාණය කර තිබේ.
කථන සහතික කිරීම (narrative authentication) නම් මෙම පද්ධතිය කාසන් බ්‍රවුන් සහ ඔහුගේ මිතුරන්ගේ නිර්මාණයකි.එහිදී පරිගණකයේ හෝ ජංගම දුරකථනයේ පසුබිමෙන් මෙම මෘදුකාංගය ක්‍රියාත්මක වේ. මෘදුකාංගය මඟින් කොතරම් වේලාවක් විඩියෝ ක්‍රිඩාවේ යෙදීමට ගත කළාද? එම ක්‍රිඩාව කුමක්ද? කුමන අධියරයේදී නවත්වන ලද්දේ ද යන තොරතුරු සටහන් කරගනු ලැබේ. Foursquare වැනි සමාජ ආරක්ෂණ සේවා සපයන පද්ධතියක හෝ Facebook හි කොතරම් කාලයක් ගත කළාද? ඒවාට ඔබගේ නිර්මාණ හා තොරතුරු ඇතුළු කිරීම පමණක් නොව වාචිකව ඇතුළත් කළ විශේෂ සිදුවිම්ද සටහන්වේ.(උදා :- රියදුරු බලපත්‍රය ලැබුණු දිනය) 
මෙවැනි බොහෝ තොරතුරු සටහන් කර ගත් පසු මෘදුකාංගය මඟින් තොරතුරු පදනම් කරගත් ප්‍රශ්ණාවලියක් නිර්මාණය කරනු ලැබේ.  මේ අනුව ඔබගේ පෟද්ගලික ගිණුම් වලට අවතීර්ණ විමට කථන සහතික කිරීම ලබා ගැනීම, සටහන් සහිත වික්‍රමාන්විත (adventure) ක්‍රිඩාවක් වැනි යැයි බ්‍රවුන් පවසයි. එය විනෝදජනකය, Password මතක තබා ගන්නා මෙන් අපහසු නැත. මෙම මෘදුකාංගය ප්‍රථම වරට පසුගිය සැප්තැම්බර් මස පැවැති ආරක්ෂාව පිළිබද සම්මන්ත්‍රණයකදී ඉදිරිපත් කර තිබේ.
ගිණුම් වලට අවතීර්ණ වීමේ විවිධාකාර උපක්‍රම අතරට නව ක්‍රමය  ප්‍රයෝජනවත් එක් කිරිමක් බව එක්සත් රාජධානියේ BTS ආයතනයේ ප්‍රධාන ආරක්ෂක සමික්ෂක ආර්.ජී. හතොක් පවසයි.අහඹු වදන්මාලා වලට වඩා කතාන්දර සඳහා මිනිසා වැඩි ප්‍රියතාවයක් දක්වන බව ද හතොක් ප්‍රකාශ කරයි.

උපුටාගැනීම : Log your routine & say goodbye to password  By Paul Marks

February 14, 2014

ළදරුවන්ගේ අවධානය ලබා ගැනීම

එක් එක් ශාරීරික ක්‍රියාවන්ට අනුකූල වු මොළයේ ස්නායු උද්දීපනය වීම් සිදුවන බව මින් පෙර අධ්‍යන වලදී හඳුනාගෙන තිබේ. එනම් උඩ පනින විට ඊට අදාල  Cortex හි (මොළයේ ප්‍රදේශයක) ස්නායු උද්දීපනය වේ. එලෙසම පුද්ගලයන් දෙදෙනෙකු, එකම කාර්යයන් (උදා යමක් දෙස බැලීම) කෙරෙහි යොමු වු විට ඔවුන් දෙදෙනාගේම ඒකාබද්ධ අවධානය යන සංසිද්ධියක්  සිදුවේ. විශේෂයෙන් සුරතල් ළරුවන් එසේ කරනු නිතර දැකිය හැක. එමඟින් ළරුවන් ම කාර්යය වඩා වේගයෙන් තේරුම් ගනියි. ඒකාබද්ධ අවධානය නම් ලාව වඳුරන්, බල්ලන්, පුසන්, අශ්වයින් වැනි සතුන් හොඳින් ප්‍රගුණ කර තිබේ. ඔව් ඔවුන් ඔබ ආහාර පිඟාන දෙස ඔබ සමඟ ඔබ මෙන්ම හොඳින් බලා සිටින බව බොහෝ දෙනෙකු අත්දැකීමෙන් දනිති.
දෙමව්පියන් සහ ළරුවන් අතර ඇස් වලින් සිදුවන නිරීක්ෂණයන් පිළිබඳව පෙර අධ්‍යනයන් සිදු කර තිබේ.අත් මඟින් සිදුවන මනස හා (meld) සම්බන්ධවීමේ විශේෂත්වය නව අධ්‍යනයේදී සියුම්ව සලකා බලා ඇත. මොහොතෙන් මොහොත සිදුවන පුද්ගලයාගේ පුළුල් දැකීම මෙන්ම පුද්ගලයාගේ තහවුරු කිරිමේ නිවැරදි ස්ථානය හඳුනාගැනීමට සහ දැක ගැනීමට විද්‍යාඥයන් සමත් වී තිබේ. මේ සඳහා ඉන්දානා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ ප්‍රසිද්ධ ගගල් (google) කණ්ණාඩි වලට සමාන උපකරණයක් භාවිතා කළෝය. එම තාක්ෂණයෙන් දර්ශන/දැක්මේ අවධානය පිළිබඳව වඩා නිවැරදි ඇගයීමක් කළ හැකි බව පර්යේෂණයේ ප්‍රධාන කර්තෘ චෙන් යූ පවසයි. රූගත කළ විඩියෝවක් පුද්ගලයා නරඹන දේ පමණක් හඳුනාගත හැකිය. ළරුවන් හා ඔවුන් රැකබලාගන්නන් ක්‍රිඩා කිරිමේදී සිදු වු ඒකාබද්ධ අවධානයන් 100 ක් පමණ පිළිබඳව පසුගිය වසර කිහිපය තුළදී නිරික්ෂණය කර තිබේ.
ඔවුන් ඩිජිටල් (අංකිත) දත්ත සමඟ ක්‍රිඩාකරන විට ළරුවන් ඒවා අවබෝධ කරගැනීමට ඉඟි ලෙස දෙමව්පියන්ගේ මුහුණුවලින් ලැබෙන සංඥාවලට වඩා අත්වලින් ලැබෙන සංඥා අනුගමනය කර තිබේ. මෙහිදී ළරුවන් ස දෙමව්පියන් එකිනෙකාගේ අවධානය දිගු කිරීම සහ අනුගමනය කරීම සම සමව ක්‍රියාත්මක කර ඇත.
ආහාර ගැනිමේදී සහ ක්‍රිඩා කිරීමේදී ළරුවන් සමඟ ක්‍රියාකිරීමට බොහ ලෙස හස්ත සංඥා ක්‍රියා ක බව යූ පවසයි. ඒකාබද්ධ අවධාන සිදුවීම් වලදී හස්ත සංඥා අනුගමනය වඩා වේගවත් සහ පහසු බව හඳුනාගෙන තිබේ. මුහුණේ ඉරියව් භාවිතයේදී මුහුණේ ඉරියව් අනුව අවධානය යොමුවී ඇති දිශාව නිමානය කර ඒ දෙසට අවධානය යොමුකළ යුතු වීම වඩා දුෂ්කරය. ට අමතරව හස්ත සංඥා අනුගමනය වඩා නිවැරදි වේ.යමක් අල්ලාගෙන සිටින විට, ග්‍රහනය කර අත එය ග්‍රහනය කරන විටම කුමක් අල්ලන්නේදැයි පැහැදිලි.භාණ්ඩ කිහිපයක්ම එකවර ඇල්ලීමේදී දර්ශනයක වුවද හඳුනාගැනීම පහසු වේ.
එකාබද්ධ අවධානයට ඥානය සහ භාෂාව වර්ධනය පිළිබඳ පුරෝකථනය කිරීමේ  හැකියාව ඇති බවද හඳුනාගෙන තිබේ. නිසා දෙමව්පියන් තමා අල්ලාගෙන තිබෙන දේ සහ ළරුවන් අල්ලාගෙන සිටින දේ පිළිබඳ අවධානය යොමු කළ යුතු බව යූ පවසයි.

උපුටා ගැනීම :- Popular Science  How Hands Hold Babies' Attention   By Kate Gammon

http://www.popsci.com/blog-network/kinderlab/how-hands-hold-babies-attention