February 20, 2014

තට්ටය අඩු කිරීම

සාමාන්‍ය සමේ සෛල වලින් කෙස් වැවිය හැකි සෛල නිෂ්පාදනයට විද්‍යාඥයින් සමත් වී තිබේ. තට්ටය අඩු කරීම සඳහා ස්වභාවික හිස කෙස් නැවත වැවිය හැකි ක්‍රමය ඉදිරි පියවරක් ලෙස මෙය සැකිය හැකිය.
කෙස් හැලීම නිසා හානිවන සෛල වලට සමාන සෛල විශේෂයන් නිපදවීමට විද්‍යාඥයින් හැකියාව ලැබී තිබේ. වැඩිහිටි මිනිස් සමක සෛල මෙම විශේෂිත සෛලවලට පරිවර්තනය කර ඇත. එම සෛල එපිතෙලියල් ස්ටෙම් (Epithelial stem) සෛල ලෙස හඳුන්වයි. එපිතෙලියල් ස්ටෙම් සෛල මීයකුගේ සමට සම්බන්ධ කළ විට එහි මිනිස් සම, මිනිස් හිසෙහි රෝමකූප සහ මිනිස් හිසකෙස් වැඩී ආරම්භ වීම සිදුවී තිබේ.
සාමාන්‍ය සමේ සෛල එපිතෙලියල් ස්ටෙම් සෛල වලට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය පුළුල් ලෙස පියවර දෙකකින් සිදුවේ. පළමුව වැඩුණු මිනිස් සමේ සෛල, ප්ලුරිපොටෙන්ට්  (pluripotent) ස්ටෙම්    සෛල බවට පරිවර්තනය කිරීම පෙන්සිල්වෙනියා විශ්ව විද්‍යාලයේ සහ නිව්ජසි තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් සිදුකර තිබේ.ප්ලුරිපොටෙන්ට් ස්ටෙම් සෛල යනු වර්ධනය වන කල අවස්ථාවේදි දක්නට ලැබෙන බලගතු පුර්ව ස්ටෙම් සෛල විශේෂයකි. 2004 වර්ෂයේදී වැඩිහිටි සෛල මඟින් ප්ලුරිපොටෙන්ට් නිපදවීමට හැකිවී ඇති අතර මේ දක්වා මෙම තාක්ෂණය පවත්වාගෙන යනු ලැබේ.
 දෙවන පියවර ලෙස ප්ලුරිපොටෙන්ට් ස්ටෙම් සෛල, එපිතෙලියල් ස්ටෙම් සෛල බවට පත්වීම පෙන්සිල්වේනියා සහ නිවිජසි කණ්ඩායම විසින් නියාමනය කර තිබේ. සඳහා වර්ධක සාධක (Growth factors) ලෙස ඔවුන් නම් කල රසායනික වලින් ප්ලුරිපොටෙන්ට් ස්ටෙම් සෛල පෝෂණය කර පාලනය කර ඇත.කෙස් හැලීමේදී විනාශ වන වෙනත් වර්ගයක සෛල වර්ගයක් ඇති බවත් එය මෙතෙක් කිසිවෙකුට නිපදවීමට හැකිවී නොමැති බවත් එය නිපදවීමට පර්යේෂණ ක්‍රියාත්මක බවත් සියාවේ සූ පවසයි.

උපුටා ගැනීම :-
 Scientists make hair growing cells from ordinary skin cells  -Popular Science  http://www.popsci.com/article/science/scientists-make-hair-growing-cells-ordinary-skin-cells

0 comments:

Post a Comment