Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

November 30, 2015

දියවැඩියාව ගැන දැනුවත් ද ?

ලොව පුරා මිලියන 382 පමණ දියවැඩියා රෝගයෙන් පෙළෙන බව සොයා ගෙන ඇත.තුන්වන ලෝකයේ රටවල් අතර දියවැඩියාව වැළදීමේ අවදානම වැඩි වන බව ලෝක‍ සෞඛ්‍ය සංවිධානය පවසයි. දියවැඩියාව වැළදීමට ප්‍රධානතම හේතුව වන්නේ සිනී හා සිනී සහිත ආහාර අධික ලෙස පරිභෝජනය කිරීම, අවිධිමත් ආහාර රටාව, ඉවක් බවක් නොමැතිව ආහාර ගැනිම, දිගු කාලීන මානසික ආතතිය වැනි හේතු වේ.

                        දියවැඩියා රෝගය නිසා හදවත් රෝග, දෑස අන්ධ වීම,දෙපා  න්  විම, ආඝාතය ඇති විම, වකුගඩු දුර්වල විම, ස්නායු දුර්වල විම හා මරණය පවා අත්විදිමට ඉඩ කඩ වැඩිය.එසේම දියවැඩියාව බෝ නොවන රෝග අතර ප්‍රධාන ස්ථානයක් ගෙන ඇත.එබැවින් දියවැඩියාව ගැන දැනුවත් විම ඉන් බේරීමට රුකුලක් වනු ඇත.

                        දියවැඩියාව යනු සාමාන්‍ය පුද්ගලයෙකුගේ ඇති සීනී මට්ටම වඩා වැඩි සිනි ප්‍රමාණයක් තිබිමයි.අපගේ සිරුරේ රුධිරයට සිනි ලැබෙනුයේ අප ගන්නා ආහාර ජීර්ණය වී ග්ලුකෝස් නැමැති සරල සිනී බවට පත් විමෙනී.මෙම සරල සීනි පසුව රුධිරයට උරා ගනී.එමගින් සිරුරේ සියලු සෛල වල ක්‍රියාකාරිත්වයට අවශ්‍ය ශක්තිය සැපයේ.නමුත් දියවැඩියා රෝගින්ගේ මෙම සරල සිනී එම සෛල වලට උරා නොගනී.එබැවින් එම රෝගින්ගේ රුධිරයට සිනී මට්ටම ඉහළ මට්ටමක ඇත.

v දියවැඩියා වර්ග

·        පළමු වර්ගයේ දියවැඩියාව Type 01
ඉන්සියුලින් නැමැති හෝමෝනය නිපදවිම අඩු විම හෝ කොහෙත්ම සිදු නොවීම Type 01 දියවැඩියාවේදි සිදු වේ.මෙය බොහෝ දුරට ඇති වන්නේ කුඩා දරුවන් හෝ තරුණ අයටයි.මෙවැනි තත්වයකදි ඉන්සියුලින් බාහිරින් ලබා දිය යුතුය.

·        දෙවන වර්ගයේ දියවැඩියාව Type 02
මේ තත්වයේදි ඉන්සියුලින් හෝමෝනය තිබුනත් ඉන් සිදුවන ක්‍රියාකාරිත්වය අඩුය.මෙහිදි ඖෂධ හා ආහාර පාලනයෙන් මුලිකව ප්‍රතිකාර සිදු කරයි.නමුත් මෙවැනි රෝගින්හට පසු කාලිනව ඉන්සියුලින් හෝමෝනය ලබා දිමට සිදු වනු ඇත.

·        ගර්භනි අවස්ථාවේ ති වන දියවැඩියාව
ගැබිනි සමයේදි හට ගන්නා දියවැඩියා රෝගයකි.නමුත් දරු ප්‍රසුතියෙන් පසු යථා තත්වයට පත් වේ.නමුත් යම් අයට මේ තත්වයට දිගටම පැවැතිය හැක.

දියවැඩියාවේ මුලික රෝග ලක්ෂණ
·        නිතර නිතර මුත්‍රා පිට විම.
·        පිපාසය.
·        තෙහෙට්ටුව.
·        අප්‍රාණිකත්යව.
·        වැඩිපුර බඩගිනි දැනිම.
·        නිදිමත.
·        සිරුර කෙට්ටු වීම.

සිරුරේ සිනී පාලනය කර ගත යුත්තේ ඇයි ?
            කාලයක් තිස්සේ රුධිරයේ සීනි අඩු විමෙන් සිරුරේ ප්‍රධාන ඉන්ද්‍රියන්ට හානි විය හැකිය.හෘදයේ රුධිර නාල වලට සැපයෙන රුධිරය අඩු විමෙන් හෘදයාබාධ ඇති විමේ වැඩි ප්‍රවණතාවයක් ඇත.එසේම ආඝාතය, මුත්‍රා ආසාදන ඇති වීම, වකුගඩු ක්‍රියාවිරහිත විම, ඇස් අන්ධ වීම සිදු විය හැක.ස්නායු පද්ධතියේ ගැටළු ඇති විමද ප්‍රධාන ගැටළුවකි.

රුධිර සීනි මට්ටම පාලනය කිරීමට නම් ?
·        හොඳ ආහාර රටාවකට හුරු පුරුදු වන්න.
·        නිසි ව්‍යායාම වල යෙදෙන්න.
·        ඖෂධ ප්‍රතිකාර හෝ ඉන්සියුලින් නිවැරදිව ගන්න.
·        මසකට වතාවක් රුධීරයේ සිනී මට්ටම පරීක්ෂා කර සිනී මට්ටම පාලනය කර ගන්න.

සැකසුම        -  බී.ආර්.ටී.එම්. බස්නායක
                         විද්‍යා හා තාක්ෂණ නිළධාරි
                            රඹුක්කන

November 27, 2015

කපුටු ඇස මෙන් පැහැදිලි වූ පමණින්ම පානීය ජලය පිරිසිදු යැයි කිව හැකිද?


ජලය යනු ජීවයේ පදනම වන අතර ජලය නොමැතිව කිසිම සත්වයෙකුට ජීවත් විය නොහැක. දේහයට අවශ්‍ය  නිසි ජල ප්‍රමාණය නොලද විට මිනිසා ඇතුළු සියළුම ජීවීන් විජලනයට පත් වී ජීවිතක්ෂයට පවා පත් වේ. විශේෂයෙන් මිනිසා ගත්විට පානීය ජලය ලෙසට අමතරව ස්නානයට, ආහාර පිසීමට, වගා කටයුතු වලට සහ දෛනික විවිධ කාර්යයන් සඳහා මෙන්ම බලශක්ති උත්පාදනය ආදී විවිධ වූ වාණීජ ක්ෂේත්‍ර සඳහාද ජලය යොදා ගනියි. මිහිතලයෙන් 71% කට වැඩි ප්‍රතිශතයක් වැසී අත්තේ ජලයෙන් උවත් බීමට ගත හැක්කේ ඉන් 1% ක් පමණි. එම පිරිසිදු බීමට ගත හැකි ජලයෙන් 90% ක්ම ඇත්තේද ඇන්ටාක්ටිකාවේය. මේ අනුව අප අවට පානය කිරීමට සුදුසු යැයි සිතිය හැකි ජලය ඇත්තේ සමස්ථ ජල ප්‍රභවයට සාපේක්ෂව ඉතා අල්ප ප්‍රමාණයක් බව පැහැදිලි වන කරුණකි. අප පානය කරන ජලය උපරිම පිරිසිදු බවින් යුක්ත විය යුතුය. මන්ද, පානය කළ සැනින් සෘජුවම සිරුරට උරා ගන්නා හෙයින් එම ජලය අපිරිසිදු නම් අපට සෞඛ්‍ය  ගැටලු සම්භාරයකට මුහුණ දීමට සිදුවන බැවිණී.


 ජලයේ පිරිසිදු බව තහවුරු කිරීමට යොදා ගන්නා පරාමිථීන් කීපයකි. ඒවා අතර ජලයේ ආම්ලික භාෂ්මික බව (PH), සමස්ථ ද්‍රවයේ ඝණ ද්‍රව්‍ය ප්‍රමාණය/Total dissolved solids(TDS), සහ විද්යුත් සන්නායකතාව/ Electrical conductivity(EC), ද්‍රවයේ හි ඔක්සිජන් ප්‍රතිශතය(Presence of dissolved oxygen), වර්ණය (Color), කඨිනත්වය (Hardness), අඩංගු බැක්ටීරියා ගහනය (Presence of bacterial growth), අඩංගු ඇල්ගී සහ ඇල්ගීමය විසද්‍රව්‍ය (Algae, algal toxins and metabolites) ආදිය වෙයි. ලෝක සෞඛය සංවිධානයට අනුව බීමට සුදුසු ජලයේ PH අගය 6.5 – 8.5 අතර පැවතීමත්, TDS අගය 50 – 300 අතර පැවතීමත්(මෙම අගය 50 ට ආසන්න වීම වඩාත් සුදුසුය), අවර්ණ වීමත්, නිර්ගන්ධයෙන් යුතු වීමත්, කිසිදු රසයකින් යුතු නොවීමත් මූලික තත්වයන් වෙයි. නමුත් සත්‍ය ලෙසම අපි පානය කරන්නේ පිරිසිදු ජලයද යන්න පිළිබඳව අපට ඇත්තේ අවිශ්වාසයකි. මන්ද, ඔබ නොදන්නවාට අප පානය කරන ජලය දූෂිත තත්වයේ ඒවා විය හැකියි. එහෙත් ඔබ වෙහෙසට පතවූ විටෙක හෝ වෙනත් අවස්ථාවක උගුරට දෙකට බීගෙන යන වතුර වීදුරුවෙහි කිසියම් රසයක් දුඟදක් වෙතොත් එය සැලකිල්ලට ගන්නට එතරම් උනන්දුවක් නොගන්නවාට කිසිදු සැකයක් නැත. නමුත් ඒ ගැන සැලකිලිමත් නොවුණොත් ඔබ රෝගී පුද්ගලයකු වන බව නම් සත්‍යයකි. 

ඔබ පරිහරණය කරන ජලය ලබා ගන්නා මුලාශ්‍රය වන ළිඳ, පීල්ල, ඇළ, දොළ, ගංඟාව, වැව, පොකුණ, වතුර කරාමය, ආදියේ ඇති ජලය පානීය මට්ටමට පිරිසිදු නොවීමට ඇති ඉඩකඩ ඉතා ඉහලය. සමහරවිට ඔබේ ළිඳේ තිබෙන ජලයට සතෙක් වැටී සත්ව කොටස් දිරා ගොස් ජලයට එකතු වී තිබෙන්නට පුළුවන. ළිං වතුරට ගස්වල කොළ වැටී දිරාපත් වී එවාද එකතු වන්නට පුළුවන. ඇතැම්විට විෂ සහිත ශාඛපත්‍ර/අතු රිකිලි ආදිය වැටී දිරා පත් වන්නට පුළුවන. ඒත් ඔබ මේ කිසිත් නොදැන මේ ජලය පානය කරනවා විය හැකියි. එවිට ඇතිවන අවසන් ප්‍රතිඵලය කුමක්ද? ඔබටත් නොදැනී ඔබ රෝගී වීමයි. වමනය, පාචනය, මෙන්ම වෙනත් රෝගාබාධ ගණනාවක් ඔබට වැළඳෙන්නට පුළුවන. අවසන් ප්‍රතිඵලය මරණය විය හැකිය. ඔබ ජලය ලබාගත් මුලාශ්‍රයට/ප්‍රභවයට ජීර්ණය වූ සත්ව කොටස් මිශ්‍ර වී තිබේනම් සහ එම සත්වයා යම්කිසි ආසාධිත රෝගයකින් පෙලී සිටියේ නම් අනිවාර්යෙන්ම ඔබේ ළිං ජලයේත් ඒ ආසාධිත විෂබීජ පැවතීමට හැකියාවක් පවතී. 

සාමාන්‍යයෙන් ජලය රසායනාගාර පරීක්ෂණ වලට ලක් කිරීමේදී පිරිසිදු ජලයේ දශලක්ෂයකට කොටස් 0.06 ක් පමණ නිදහස් ඇමෝනියා තිබිය යුතුය. නමුත් එම ප්‍රමාණය 0.06 ඉක්මවන්නේ නම් අදාළ ජල මුලාශ්‍රයට දිරාගිය සත්ව කොටස් එක්වී ඇති බවට නිගමනය කල හැකිය. එසේම අදාළ සාම්පලයේ ඇල්බියුනොයිඩ්ල් ඇමෝනියා ප්‍රමාණය ජලය දසලක්ෂයකට කොටස් 0.15 ඉක්මවන්නේනම් එම ජල මුලාශ්‍රයට ශාක කොටස් එකතු වී තිබිය යුතුය. හේතුව සාමාන්‍ය  පිරිසිදු ජලයේ තිබිය යුත්තේ ඇල්බියුනොයිඩ්ල් ඇමෝනියා කොටස් 0.15 (දසලක්ෂයකට) පමණක් වන නිසාය. 0.15 වැඩියෙන් ඇල්බියුනෙල්ලා තිබේ නම් එම ජලය පානය කිරීමට සුදුසු නැත. වැසිකිලි අපද්‍රව්‍ය /මළාපාවහන අපද්‍රව්‍ය ජල මුලාශ්‍රයකට මිශ්‍ර වූ විට එම ජලයේ නයිට්රේට් ප්‍රමාණය ඉහළයාම මෙන්ම අසූචිවල ඇති ක්ෂුද්‍ර ජීවින් (ඊකෝලායි - සැල්මොනෙල්ලා, ශිගෙල්ලා වැනි බැක්ටීරියා වර්ග) ජලයට එක්වීම සිදුවිය හැකිය. ඒ හේතුවෙන් පාචනය , වමනය ආදි උදරාබාධ වැළඳිමට ඉඩ තිබේ. එවිට එම ජලය පානයට සුදුසු නැත. අනිත් සාධකය වන්නේ කඨිනතාවයයි. ජලයේ කඨිනතාවය (කිවුල් භාවය) වැඩි නම් පානයට අපහසුය. 

 ජලයේ ඇති අනෙකුත් අහිතකර ද්‍රව්‍ය වන්නේ බැර ලෝහ අයනයි. පානීය ජලයේ බැරලෝහ අයන යම්කිසි සංයුතියක් තිබිය යුතුය. එය වැඩියෙන් තිබීම සිරුරට ඉතාමත් හානිකරයි. පරීක්ෂණ මඟින් බැර ලෝහ වැඩියෙන් අන්තර්ගත වී තිබේදැයි සොයා ගත හැකිය. විශේෂයෙන්ම අප පානය කරන ජලයේ ආසනික්, කැඩිමියම්, ලෙඩ්, මර්කරි වැනි ලෝහවල ඉතා සුළු සංයුතියක් තිබේ. නමුත් එම ප්ර්මාණය වැඩිවීම අපේ සිරුරේ සෛල වලට මෙන්ම වකුගඩුවලටද බලපෑම් ඇති කිරීමට හේතු වෙයි. විශේෂයෙන්ම පිළිකා වැළඳීමේ ප්‍රවණතාවයක් මෙන්ම ස්නායු පද්ධතියට හානි සිදුවීමට බොහෝ ඉඩකඩ ඇත. නිරෝගී දිවියකට වැදගත් පිරිසිදු පානීය ජලය ලබා ගන්නට නම් ඔබ විසින් එම ජලය ලබා ගන්නා ස්ථාන හෝ මුලාශ්‍ර  ගැන වඩාත් සැළකිලිමත්විය යුතු බව මේ අනුව පැහැදිලි වනු ඇත. එනිසා මාස කිහිපයකට වරක් හෝ අවම වශයෙන් වසරකට වරක්වත් තම සීමාවට යටත් ජල මුලාශ්‍ර  පරීක්ෂාවට ලක් කළ යුතුයි. උදාහරණ ලෙස ළිඳක ජලය පිරිසිදු වුවද පසුකාලීනව වටාපිටාවේ පරිසරය අපිරිසිදු වුවොත් එහි ජලයද අපිරිසිදු විය හැකියි. එබැවින් ජලය පිරිසිදු දැයි සොයා බැලීමට එහි වර්ණය, ගන්ධය, රසය ආදියෙන් දළ වශයෙන් උත්සාහ දැරිය යුතුය.

 තොරතුරු මූලාශ්‍රය, http://www.who.int/water_sanitation_health/dwq/gdwq3rev/en/index.html

“Eve online”භාවිතයෙන් සැමට විද්‍යාව (පුරවැසි විද්‍යාව)

“Eve online”යනු MMORPG ලෙස සඳහන් ක්‍රීඩකයින් විශාල ප්‍රමාණයක් එකවර භාවිතා කරන සුවිශාල ක්‍රීඩාවකි. (A massive multiplayer online roleplaying game).ලෝක ප්‍රකට යුධ ශිල්ප විදහා දැක්වීමට විද්‍යා ප්‍රබන්ධ ක්‍රීඩාවක් ලෙස මෙය වසර 10 කට වැඩි කාලයක් වර්ධනය වෙමින් පැවතිණි. එහි පසුබිම ලෙස මිනිසා අභ්‍යවකාශය තම යටත් විජිතයක් කර ගැනීම අදහස් වුවද එමඟින් වසර 21000 ක අනාගතයේ පවතින සම්පත් සඳහා මිනිසා එකිනෙකා සමඟ තරඟ වැදීම ක්ෂණයෙන් ආරම්භ වීම සිදුවිය.එහිදී ක්‍රීඩකයාගේ රංග භූමිකාව ගවේෂකයා, සටන්කරුවා, කාර්මිකයා සහ ජනපද පිහිටුවන්නා ලෙස විවිධාකාර වේ.

මෙම MMORPG ක්‍රීඩාවේ නවතම කුතුහලය දනවන වර්ධනය නම් සත්‍ය ජීවිතය හා කලාව එක්තැන් කරන්නක් වේ.එය තාත්වික විද්‍යා ව්‍යාපෘති වර්ග , ක්‍රීඩාවන් තුළින් හඳුන්වා දීමට අරමුණු කර ගෙන ඇති අතර එය MMOS නම් එකවර බහු ක්‍රීඩක සහභාගීත්වයක් ඇති  (Massively multiplayer online science) විද්‍යාව භාවිතා කරන සහ  Reykjavik විශ්ව විද්‍යාලයීය සිසුන් සහභාගී වන ක්‍රීඩාවකි. මෙම ක්‍රීඩාව  සඳහා ස්විස්ටර්ලන්තය සමඟ ව්‍යාපෘතියක් ආරම්භ කළ බව “Eve online” මෑතකදී ප්‍රකාශයට පත් කළේය. ක්‍රීඩාව තුල ඇති මුදල් ගෙවීමේ ක්‍රමවේදයක්  සහිත කුඩා ක්‍රීඩාවක්ද මෙම ක්‍රීඩාව තුළ ඇතුලත්ය. මිනිස් ප්‍රෝටීන සිතියමක් සැකසීම සඳහා ප්‍රෝටීන වර්ගීකරණයට සුදුසු විවිධ රූප නිර්මාණය කිරීම මෙම ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයන්ගේ ක්‍රියාකාරකමයි. එවැනිම වූ දෙවැනි ක්‍රීඩාව නම් ශරීරය තුල ප්‍රෝටීන් ව්‍යාප්තිය සඳහා සැලසුමක් ඇඳීමයි. එමඟින් ප්‍රෝටීන් ශරීරය තුල කෙසේ ක්‍රියාත්මක වේද සහ ප්‍රෝටීන නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා කුමක් සිදුවේද යන්න දැන ගැනීම මෙන්ම පිලිකා වැනි රෝග සඳහා මූලිකවන සිදුවීම් පිළිබඳ වඩා සාර්ථක අධ්‍යයනයක් කළ හැකි වේ.
ක්‍රීඩාවල ඇති මෙම නව ලක්ෂණ නිසා තාත්වික ලෝකයේ විද්‍යාත්මක ගැටළු විසදීමට EVE ක්‍රීඩකයින්ට අවස්ථාවක් උදාවේ.මෙවැනි ක්‍රීඩා ව්‍යාප්ති පිළිබඳ සවිස්තර තොරතුරු සඳහා පසුගිය සතියේ ඉදිරිපත් කිරීමක් වූ EVE Vegas 2015 පරීක්ෂා කර බලන්න.
  
Amazon හි ඇති “saving the world with citizen science” (පුරවැසි විද්‍යාව මඟින් ලොව ආරක්ෂා කිරීම) පිළිබඳව ලොව පළමු පොත මේ සඳහා හොඳ ආරම්භයක් විය. එහි කතෘ චන්ද්‍රා ක්ලාක් සම්මානනීය අන්තර්ජාල බ්ලොග් නිර්මාණකරුවෙකු මෙන්ම සාර්ථක ව්‍යවසායිකාවක්ද වේ. ඇයගේ ටුවිටර් ගිණුමට (Twitter@chandraclarke) ඔබටද සම්බන්ධ විය හැක.

උපුටා ගැනීම -
 You can now do science in “EVE ONLINE” by Chandra Clarke.
http://www.eveonline.com/?&&gclid=CKm_vZX0r8kCFdUTaAodY74CMg&gclsrc=aw.ds&dclid=CN2woJb0r8kCFYoeaAodIAYJlA

https://www.youtube.com/watch?v=G02GPDienbk

November 26, 2015

අඹ

ඹ ඝර්ම කාලාපීය පලතුරකි. පලතුරු ලො‍වේ රජු අඹය.අඹ, Mangifera ගෝත්‍රයට අයත් වන්නා වූ Anacardiaceae සපුෂ්ප ශාක කුලයට අයත් ශකයකි. උද්භිද විද්‍යාත්මකව Mangifera indica  ලෙස හැදින්වේ. පිලිපීනයේ ජාතික සංකේතය ද අඹ වෙයි. හින්දු වේදයේ අඹ "food of the gods" ලෙස හැඳින්වෙන අතර හින්දු මංගලෝත්සව හා ආගමික උත්සව අවස්ථා වලදී චාරිත්‍රයක් වශයෙන් අඹ කොළ ශාකමය සැරසිලි ( floral decorations ) සඳහා භාවිතා වේ.
අඹ ගස් මීටර් 35 - 40 උසක් දක්වා වැඩෙන මීටර් 10 ක් පමණ වූ අරයක් ඇති කිරුළකින් යුත් විශාල ගස්ය පත්‍ර සෙ.මි. 15 - 35 ක් දිග සෙ.මි. 6 - 16 ක් පළලැති,සරල , එකාන්තරික, සදාහරිත ඒවා වෙයි. ඵල ලපටි අවස්ථාවේදී තැඹිලි-කහ පැහැතිය. පැසිමේදී සිලුටු රතු පැහැයේ සිට තද කොළ පැහැය දක්වා ශීඝ්‍රයෙන් වෙනස් වේ. පුෂ්ප සෙ.මි. 10 - 40 ක් දිගු අග්‍රස්ත  සංයුක්ත ඒකාක්ෂකකහටගනියි. සෑම සුදු පැහැති කුඩා පුෂ්පයකම මි.මි. 5-10 ක් දිගැති දල/පෙති පහක් සෞම්‍ය මිහිරි ගන්ධයක් පවතියි.
අඹ ඵලය අෂ්ටිලයකි. මේරූ විට ගසේ සිට පහළට දිගු නටුවකින් එල්ලී පවතියි. සෙ.මි. 10 - 25 ක් දිගු සෙ.මි. 7 - 12 ක විෂ්කම්භයකින් යුක්ත වේ. ඉදුණු ඵලය කහ,තැඹිලි හා රතු යන විවිධ වර්ණ වලින් යුක්තය. සුර්යාලෝකය පතනය වන මුහුණත වඩාත් රතු පහන් යුක්ත අතර අඳුරේ පවතින මුහුණත කහ පැහැති වෙයි.
ඉදුණු අඹ ඵලයෙහි මාංසල කොටසේ සීනි 15% ක්ද 1%දක්වා ප්‍රෝටීන්  විටමින් A,B සහ C සැලකිය යුතු ප්‍රමාණයක් ද පවතියි.මෙම පලතුර මිහිරි රසයක් ඇත. ඇතැම් ප්‍රභේද අම්ලමය ඇඹුල් රසයකින් යුක්තය.මාංශල කොටසෙහි වයනය ප්‍රභේදයෙන් ප්‍රභේදයට පැහැදිලිව වෙනස් වෙයි. අඹ චට්නි සැදිමේදි බහුලව යොදා ගැනෙයි.චට්නි, බටහිර රටවල පැණිරසැති ලෙසද ඉන්දියානු උප මහාද්වීපයෙහි රටවල දෙහි හා මිරිස් යොදා තියුණු රසයකින් යුක්තවද සාදනු ලබන ආහාරයකි.ඉන්දියාවෙහි පැසුණු අඹ සිහින් ස්ථර වලට කපා , වියළා , නමා නැවතත් කපා , පිය හැකි තීරු ලෙස විකුණනු ලැබේ.කොලොම්බියාවේ විකුණනු ලබන වියලි පේර තීරු වලට මේවා සමාන වෙයි. නොමේරු අඹ ලුණු සමඟ ආහාරයට ගැනීමට බොහෝ දෙනා ප්‍රිය කරයි. මේවා ලෙමන් වලටත් වඩා අතිශය ඇඹුල් රසැතිය. උෂ්ණාධික ලෙස ආහාර පිළියෙළ කරනා ප්‍රදේශ වල අමු අඹ ලුණු හා මිරිස් සමඟ ආහාරයට ගනී. ඇමෙරිකානු සමාජයේ බොහෝ දෙනා අඹ ලෙලි ආහාරයට ගැනීම ප්‍රිය කරයි. මක්නිසාද යත් එහි කැල්සියම් හා විටමින් B6 යහමින් අඩංගු වෙයි.
ඖෂධයක් වශයෙන් ප‍්‍රයෝජනයට ගන්නා අතර ආහාර දිරවීමට මහත් සේවයක් ඉටුකරයි. නොඉදුණු අඹවලින් චට්නි සාදන අතර ඉදුණු අඹවලින් බීම වර්‍ග නිෂ්පාදනය කරනු ලබයි. අඹ ව්‍යාංජනය ඉතා රසවත් වේ. අඹ ඇට මදයේ මාංශජනක ධාතු 5.6% ඇති බව නයිජීරියාවේ කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානය මගින් සොයාගෙන ඇත. තවද මදයෙන් ලබාගන්නා තෙල්වලින් සබන් සෑදීම සඳහාත් තෙල් ලබාගැනීමෙන් පසු යුෂවලින් සත්ව ආහාර නිෂ්පානය කරනු ලබයි.
   ඉදුනු අඹ ‍වල මෙන්ම, නොඉදුනු අඹවලද නොයෙක් ඖෂධීය ගුණ පවතී. පරිසර උෂ්ණත්වය වැඩිවීම නිසා සිරුරේ හට ගන්නා නොයෙක් ආබාධ වලකා ගැනීම සඳහා අමු අඹ වලින් සාදාගන්නා පානයක් භාවිතා වේ. මෙයට අමතරව, අමාශයේ ආබාධ සඳහාද පිත ශ්‍රාවය කිරීම උත්තේජනය කිරීම සඳහා ද රුධිරය ආශ්‍රීත නොයෙක් ආබාධයන් වලකා ගැනීම පිණිසද අමු අඹ යොදා ගැනේ.ඉදුනු අඹ වල ඇති ඖෂධීය ගුණ රාශියකි. රාත්‍රි අන්ධභාවය වලක්වා ගැනීම සඳහාද, සමෙහි නිරෝගි බව ආරක්ෂා කර ගැනීමටද ඉදුනු අඹ ආහාරයට ගැනීම සුදුසුය. ඉදුනු අඹ සහ එළකිරි නිතර ආහාරය‍ට ගැනීම මගින් සිරුරේ බර වැඩි කර ගත හැකි යයි විශ්වාසයක් පවතී.මෙයට අමතරව පාචනය හා ස්ත්‍රීන්ගේ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත නොයෙක් රෝගී තත්ත්වයන් හට ප්‍රතිකාර කිරීමේදී අඹ ඇට මද භාවිතා කරනු ලබන අතර, අඹ කොළ හා ගසේ පොතු යොදාගන්නා ප්‍රතිකර්ම රාශියක්දවේ. කෙසේ වෙතත් අද වෙළද පොලෙහි පවතින බොහෝ අඹ රසායනික ද්‍රව්‍ය යොදා ඉදවන ලද ඒවා බැවින් මිලදී ගැනීමේදී ඒ පිළිබදව සැලකිලිමත් වීමද වැදගත්ය. 

පී.ඩී.පී.ධනසේන,
විද්‍යා හා තාක්ෂණ නිලධාරී අඹන්ගගකෝරළේ

November 24, 2015

රට වටකර තිබෙන සාගරයේ ශක්තිය හදුනා ගනිමු

ඈත අතීතයේ සිටම මිනිසා විවිධ බලශක්තීන් පිළිබදව පරීක්ෂණ නොකඩවාම සිදුකරන ලදී. සාගර ශක්තිය පිළිබදවද අවධානය යොමුව ඇත්තේ අද ඊයේ සිට නොවේ. සාගරය යනු  අනාගතයේදී අපට අවශ්‍ය ශක්තිය ලබාගත හැකි ප්‍රභලම සම්පතකි.  දැනට සාගර ශක්ති බලාගාර ඇත්තේ ඉතා සුලු වශයෙන් හෝ පරීක්ෂණ මට්ටමේය.  පෘථිවියෙන් 70% පමණ වසාගෙන සිටින සාගරය විශාලතම සුර්ය කිරණ ග්‍රාහක ලෙස ක්‍රියාකරයි. නමුත් මෙම සාගර ශක්තිය අප ලබාගන්නේ කෙසේද? මේ පිළිබදව යම් දැනුම් සම්භාරයක් ලබා ගැනීමට උත්සාහ කරමු. සාගරය මගින් ශක්තිය උකහාගත හැකි ප්‍රධාන ආකාර තුනකි. ඒවා නම්,
1.    සාගර තරංග ශක්තිය
2.    උදම් (වඩදිය බාදිය) ශක්තිය
3.    සාගර තාප ශක්තිය
සාගර තරංග ශක්තිය
සාගර ජලයේ තරංගමය සොබාවය නිසා එහි චාලක ශක්තිය ගබඩා වී ඇත.  මෙම ශක්තිය ටබයිනය කරකැවීමට යොදාගත හැක. 

රූපයේ දැක්වෙන ආකාරයට තරංගය කුටීරය තුලට ගලන විට එහි ඇති වාතය ඉහලට තල්ලු වී යයි.  මේ වායු ධාරා වලින් ට'බයිනය භ්‍රමණය කර ජනකය කැරකැවීමට ශක්තිය ලබාදෙයි.  තරංගය පහළට යනවිට වාතය ට'බයිනයේ සිට නැවත, ජල කුටීරයට වැසී ඇති දොරවල් ඇරගෙන පහලට ගමන් කරයි.  මෙය එක් ආකාරයක තරංග ශක්ති පද්ධතියකි. 
මීට අමතරව තරංගය ඉහල පහල යාම භාවිතා කර සිලින්ඩරයක ඇති පිස්ටනයක් ඉහල පහල කරවීම මගින් විදුලිය ජනනය කල හැක. නමුත් තරංග ශක්ති පද්ධති මගින් ජනනය කල හැකි විදුලි ශක්තිය කුඩාය. එනමුත් මෙම බලයට කුඩා ප්‍රදීපාගාරයක් ආලෝකමත් කිරීමට හැකියාව ඇත.
වෙරළෙහි බිඳීයන සාගර තරංග වල ගණනය කළ හැකි ශක්තිය 2-3 මිලියන් මෙගාවොට් පමණවේ. සමහර ස්ථාන වල තරංග ශක්ති ඝනත්වයේ සාමාන්‍ය, සැතපුමකට මෙගාවොට් 65ක් පමණවේ.
උදම් (වඩදිය බාදිය) ශක්තිය Tidal  Energy


උදම් ඇතිවීමේදී වෙරළට ගලා එන ජලය වේල්ලක් ඉදිකර ජලාශයක රඳවා ගත හැක.  නැවත උදම අඩු වී බාදිය ඇතිවිට එක්රැස් කරගත් ජලය ජල විදුලි බලාගාරයක ආකාරයට භාවිතයට ගත හැක.  නමුත් මේ සඳහා ඉතා විශාල ප්‍රමාණයේ උදම් ඇතිවිය යුතු අතර අවම වශයෙන් වඩදිය බාදිය අතර පරතරය අඩි 16ක් පමණ විය යුතුය.  මෙවන් ආකාරයක බලාගාරයක් ප්‍රංශයේ ඇති අතර එමගින් මෙගා වොට් 240ක පමණ විදුලිය සපයයි.

 සාගර තාප ශක්තිය
මෙහිදී අදහස් වන්නේ සාගරයේ ඇති උෂ්ණත්ව වෙනස් කිරීමයි.  මේ සඳහා උෂ්ණත්ව අන්තරය අවම වශයෙන් 38ºf පමණ විය යුතු බව සොයාගෙන ඇත.  මේ පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කරගෙන යනු ලබන අතර ප්‍රදර්ශනාත්මක මට්ටමින් ජපානය වැනි රටවල දැනට භාවිතා කෙරේ.
සාගරයෙහි ගැබ් වී ඇති තාප ශක්තිය අතිමහත්ය.  දිනකට සාගරය මගින් අවශෝෂණය කරගනු ලබන සුර්ය ශක්තිය තෙල් බැරල් බිලියන 250ක අඩංගු තාප ශක්තියට සමානවේ.  මෙම ශක්තිය විද්‍යුත් ශක්තියට පරිවර්ථනය කිරීමටත් එලෙසම මෙහිදී ජලයෙහි ලවණත්වය ඉවත් කිරීමටත් අපට හැකි වේවිද?

සැකසුම - විද්‍යා හා තාක්ෂණ නිලධාරී මහවැව
මූලාශ්‍ර - http://vidunanakirana.vidumanpetha.com/science%20lipi/Ocean%20Energy.html

November 23, 2015

නිවසේ වෙද කාමරය - කුස්සිය

ස්වභාවික වෛද්‍ය ක්‍රම අතර ප්‍රමුඛ ස්ථානයේ ඇති දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙහි දැක්වෙන්නේ යමෙකුට වැළදෙන රෝග සදහා වඩාත් සුදුසු ඹෟෂධ ලබාගත හැක්කේ එම පුද්ගලයා ජීවත් වන පරිසරයෙන් බවයි. පැරැන්නන් කියන පරිදී අට අනුවක් රෝග, නව අනුවක් ව්‍යාධි, එකසිය අටක් අන්තරා හමුවේ ඒවාට මුහුණ දෙමින්, ඒවාට අභියෝග කරමින්, ඒවා සුවපත් කිරීමට සොබා දහමින් ලබා දී ඇති සොබාරසායනික සංයෝග අඩංගු ශාක විශේෂ වළින් ප්‍රතිකාර ක්‍රම සිදුකර විසදුම් සොයාගෙන ඇත.

මෙම මහා දැණුම් සම්භාරය තුල පෝෂණය වු අපගේ මුතුන් මිත්තෝ මුළුතැන්ගෙයි තිබෙන කුළුබඩු විශේෂ ආහාරයට පමණක් නොව එදිනෙදා අපට වැළදෙන ලෙඩ රෝග සුවකර ගැනීම පිණිසද උපයෝගී කොට ගෙන අත්බෙහෙත් වශයෙන් භාවිතා කර ඇත. එම කුළුබඩු අතර වැදගත් හා නිතර භාවිතා වන ද්‍රව්‍ය වල අගයන් පහත දැක්වේ.
ගම්මිරිස්
උද්භිත විද්‍යාත්මක නාමය : Piper nigrum
දෙමල නාමය : මිලාගු - මරිසම්
ඉංග්‍රීසි නාමය : Black pepper
ගම්මිරිස් වල ගුණ/ අගුණ
වාතය, සෙම, නසන ගුණය අධිකය, උෂ්ණාධික බැවින් රත්පිත් රෝගීන්ට අගුණය.  ආහාර රුචිය ඇති කරයි. උගුරේ වේදනා සහ ක්‍රිම් රෝග  නැති කරයි. ඇස් පෙනීම දුර්වලත්වයට ශ්වසන ආබාධ වලට ගුණදායකයි. තවද දත්මුල් දියවීම, මුවෙහි පවතින පණුගෙඩි ආදියටද හිතකරයි.

ගම්මිරිස් ප්‍රතිකාර වශයෙන් යෙදිය හැකි රෝගී අවස්ථා
ඇදුම රෝගීන්ට, දත්මුල් දියවීම සහ සෙම් ගෙඩි වලට, ඉන්නන්ට, සීතලයක් සෑදුන විට, වාත වේදනා වලට, ඔසප් කාලයේදී ඇති වන වේදනාවට, සමේ පැහැය අවලක්ෂණ කරන චර්ම රෝග වලට, ඇස් පෙනීම දුර්වලත්වයට, කුහුඹුවන් ව‍ද කිරීමට, මැස්සන් එලවීමට

කොත්තමල්ලි
උද්භිත විද්‍යාත්මක නාමය : Coriandrum sativum
දෙමල නාමය : කොත්තමල්ලි, මල්ලි
ඉංග්‍රීසි නාමය : Coriander
කොත්තමල්ලි වල ගුණ / අගුණ
කෝප වු ත්‍රිදෝෂයම සමනය කරයි.  ඌෂ්ණ ගුණයෙන් යුක්තය. මොළයේ ක්‍රියාකාරීත්වය යහපත් කරයි. ආහාර රුචිය වඩවයි. රුධිරය පිටවන රෝග සදහාද සෙම්රෝග සදහාද විශේෂයි. මුත්‍රාකාරකයි. ශරීරයේ සන්ධි වේදනාවන් සදහා බාහිරාලේපයක් වශයෙන් යෙදිය හැක. සෙම් රෝග සමග උණ ඇති රෝගීන්ටද ඉතා ගුණදායකය.

කොත්තමල්ලි ප්‍රතිකාර වශයෙන් යෙදිය හැකි රෝගී අවස්ථා
අම්ලපිත්ත රෝගයට, බඩගිණි අඩු අයට, සෙම්ප්‍රතිශ්‍යාවට, මුඛයේ දුර්ගන්ධයට, අධිකව දියාරුවෙන් මළ පහ වීමට, ඇස් විරේකයක් ලෙස, පැරණි තුවාල වල කොස්ස කැපීමට, ශරීරයේ පලු මතුව කසන විට දී, විෂ කටුවක් ඇනුණ විටදී, තැලිමක්, උළුක්කුවක් සිදුවීමෙන් ශරීරයේ හටගන්නා වේදනා සහිත උණට

සුදුරු
උද්භිත විද්‍යාත්මක නාමය : Cuminum cyminum
දෙමල නාමය : ගොමඩු , සොහිකිරේ, ජිරකම්
ඉංග්‍රීසි නාමය :  Cumin
සූදුරු වල ගුණ /අගුණ
රුධරය පවිත්‍ර කරයි. ගර්භාෂ රෝග සදහා ගුණ දේ. මුත්‍රා කාරකයි. මළ වියලයි. බඩේ කැක්කුම්, අජීර්ණ, වමන සහ ග්‍රහනි මාන්දම් රෝග සදහා ගුණයි. කිරි මව්වරුන්ගේ කිරි වැඩිවෙයි. හන්දිපත් රුදාව සදහා ආලේප කිරීමෙන් ගුණ ලැබේ.

සූදුරු ප්‍රතිකාර වශයෙන් යෙදිය හැකි රෝගී අවස්ථා
ගැබිණි සමයේ ඇති වන වමනයට, ශරීරයේ වේදනා සහිත ඉදිමුම් වලදී, ගොණසු දෂ්ඨයේදී, කෑම අරුචි, වමන , අජීර්ණ, ක්‍රිම් හා අර්ශස් රෝග වලට, මුහුණ ශෝභාවත් වීමට, අර්ෂස් ගෙඩි සෑදුණ විටදී, සමෙහි කැසීම් ඇති වී බිබිලි, පළු මතු වු විට, සියළු අර්ශස් වලට, ඇසේ රතට, දරු ප්‍රසුතියෙන් පසු ගර්භාෂය පිරිසිදු වීමට, දිය පට්ටා වලට, රාත්‍රී නින්ද නොයන අයට, මතක ශක්තිය අඩු වු අයට

වියලි කහ
උද්භිත විද්‍යාත්මක නාමය : Curcuma longa
මල නාමය : මංජල්
ඉංග්‍රීසි නාමය :  Turmeric / Saffron
වියලි කහ වල ගුණ / අගුණ
ආහාර රුචිය ඇති කරයි, උණ, සෙම් රෝග, ගර්භාෂගත රෝග සහ දියවැඩියා රෝග සදහාද ගුණදායකයි. ඉදිමුම් රෝග සදහා භාහිරාලේපයක් වශයෙන් අඹරා ගෑමට යෝග්‍යයයි. විෂබීජ නාශකයක් ලෙස ද පාවිච්වි කල හැක. ආහාර පිසීමේදී රසය වර්ණය හා සුවද ඇති කිරීම පිණිස යොදනු ලැබේ. 

වියලි කහ ප්‍රතිකාර වශයෙන් යෙදිය හැකි රෝගී අවස්ථා
සමෙහි ඇති වන බිබිලි වලට, ප්‍රතිශ්‍යාවෙන් හටගත් හිසරදයට, ගෝණුසු දෂ්ඨයට, පරණ තුවාල වලට, කැසිලි සහිත දද පණු කැවිලි ආදී චර්ම රෝග වලට, තුවාල කැලැල් මැකීමට, කූඩැල්ලා කෑ විෂට, බඹර, දෙබර, මී මැසි විෂට, හික්කාවට, කිවිසුම්යාමට සහ නිතර සොටු දියර ගැලීමට, සෙම් ගෙඩි වලට
කුරුදු පොතු
උද්භිත විද්‍යාත්මක නාමය : Cinnmomum zeylanicum
දෙමල නාමය : කන්න ලවංගපට්ටෙයි, ඉලයගම් කරුවා
ඉංග්‍රීසි නාමය :  Cinnamon
කුරුදු පොතු වල ගුණ / අගුණ
කෝප වු සෙම සමනය කරයි, ආහාර රුචිය වඩවයි, වකුගඩු,අක්මා, ක්‍රියාකාරීත්වයට ගුණ දායකයි, මුත්‍රා කාරකයි, ධාතු ශක්තිය වැඩි කරයි, ස්වසන පද්ධතියේ රෝග සහ උදරාබාධ සදහා යෝග්‍යයි, ශරීරයේ වේදනා ගෙනදෙන අවස්ථාවන්හිදී බාහිරාලේපයක් වශයෙන් යොදා ගත හැක. 

කුරුදු පොතු ප්‍රතිකාර වශයෙන් යෙදිය හැකි රෝගී අවස්ථා
සෙම්ප්‍රතිශ්‍යා උණට, බඩ පිපුමට සහ ඔක්කාරයට, මුඛයේ දුර්ගන්ධයට, තද හිසරදයට, කැස්ස සහ හතියට, දත් කැක්කුමට, ගෝණුසු විසට, බෝවෙන රෝග අවස්ථාවලදී, දහඩිය දුගඳ හමනවිට, කුරුලෑවටල, බඩේ අජීර්ණ වලට, ඉස්හොරි වලට
උළුහාල්
උද්භිත විද්‍යාත්මක නාමය : Trigonella graecum
දෙමල නාමය : වෙන්ඩායම්, උලාඅරිසි
ඉංග්‍රීසි නාමය :  Funugreek
උළුහාල් වල ගුණ / අගුණ
ආහාර රුචිය ඇති කරයි. සන්ධි වේදනාව උණ රෝග, ආමවාත රෝග ආදියට ගුණදායකයි. පුරුෂයන්ගේ ධාතු ශක්තිය වැඩි කරයි. කැඩුම් බිඳුම් අවස්ථාවලදී බාහිරාලේපයක් වශයෙන් උළුහාල් අඹරා සකස් කර ගත හැක. කටී වායුව සඳහාද ගුණ දායකයි.

උළුහාල් ප්‍රතිකාර වශයෙන් යෙදිය හැකි රෝගී අවස්ථා
හිසෙහි ඇති වන ඉස්හොරි වලට, දියවැඩියාවට, තැල්මට, උළුක්කුවට, ඇමැට්ටියට, වාත වේදනා වලට, නියපිරිත්තාවට, සන්ධි ඉදිමීම් අවස්ථාවලදී ඇතිවන ඉදිමුමට හා දැවිල්ලට, යටිපතුල් දැවිල්ලට හා වේදනාවට, කොළකැඳ රසවත් කර ගැනීමට, වාතවේදනා වලින් හටගත් ඉදිමුමට

ගොරකා
උද්භිත විද්‍යාත්මක නාමය :  Garcinia quaeesita
දෙමල නාමය : මුර්ගල් - කොරක්කායිපුල්ලි
ඉංග්‍රීසි නාමය :  Kokun butter oil tree, red mango
ගොරකා වල ගුණ / අගුණ
 ආහාර නරක් නොවී කල් තබා ගැනීමට යොදා ගත හැක. ශරීරගත විෂ නසයි. සැහැල්ලුයි. ඌෂ්ණයි. ආහාර රුචිය ඇති කරයි. බිඳුණු අස්ථි සවිවීමට උදව් කරයි. මල පිටවීම පහසු කරයි. හෘදයට හිතකරයි. කොලස්ටරෝ අඩු කරයි.

තුෂංග ෙහ්රත්
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
හාලිඅැල