November 19, 2015

රසායනික පලිබෝධනාශක වෙනුවට Weaver කුහුඹුවෝ

ජෛව පලිබෝධනාශකයක් වූ WEAVER කුහුඹුවන් වඩාත් ඵලදායී හා ලාභදායී විකල්ප රසායනික කෘමි නාශකයක් ලෙස යොදා ගෙන හානිකර රසායනික භාවිතයෙන් වැලකිය හැකි යැයි මෙම ලිපියේ සඳහන් වේ.

බොහෝ කුහුඹුවන් පළිබෝධකයන් යැයි සාමාන්‍ය යෙන් සලකනු ලැබුවත් Oecophylla වර්ගයේ Weaver (පෙහෙර) කුහුඹුවන් ඉතා හොඳ උපද්‍රව පාලකයෙක් ලෙස ගොවියාගේ වගා ඵලදාව වැඩි කිරීමට සත්‍ය වශයෙන්ම උපකාර කරයි.පසුගිය සතියක Applied Ecology (ආදේශක පරිසර විද්‍යාව) නම් සඟරාවේ පළ වූ වාර්තාවකට අනුව විවෘත ගොවිපලවල ජෛව පාලනය සඳහා මෙම කුහුඹුවන් වඩාත් සුදුසු ලෙස වාර්තාගත වී ඇති උදාහරණයක් යැයි දක්වා තිබේ.රසායනික පළිබෝධනාශක සමඟ තරඟකාරී ලෙස කටයුතු කිරීමට මෙම ක්‍රමය යොදා ගත හැකි අතර එය වඩාත් ලාභදායී වේ.

ජෛව පාලක ලෙස ක්‍රියාත්මක වීමට මෙම රතු පැහැයට හුරු දුඹුරු වර්ණයෙන් යුතු කුහුඹුවන් භාවිතා කිරීම සත්‍ය වශ‍යෙන් නවතම අදහසක් නොවේ.දොඩම් වගා බිම් වලට මුදා හැරීම සඳහා කුහුඹුවන් චීන ජාතික ගොවියන් විසින් වසර 1700 කට පෙර මිළදී ගෙන ඇති බවද වාර්තා වේ.ඉන් බොහෝ කාලයකට පසු වසර 2008 දී වූ අධ්‍යනයකදී Weaver කුහුඹුවන් වගා බිම් වලට හානි කර කෘමීන් ආහාරයට ගන්නා බවත්, එය වඩාත් ඵලදායී ලාභදායී බවත් හඳුනාගෙන තිබේ. Weaver කුහුඹුවන් ඵලදාවේ ආදායම 71% කින් ඉහල දමන බවද වාර්තා වේ.දහස් ගණන් වියට්නාම් ජාතික ගොවියන් කජු වගාව සඳහා Weaver කුහුඹුවන් උපකාර කර ගැනීමව යොමු වී තිබේ.

කල් පවත්නා පළිබෝධනාශකයක් ලෙස කුහුඹුවන් යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳ Aarhas විශ්ව විද්‍යාලයේ Joachin Offenberg විසින් විද්‍යාත්මක සමීක්ෂණයක් කරන ලදි.වත්මන් අවශ්‍යතා සහ ක්‍රියාවන්ට ගැළපෙන ලෙස කුහුඹුවන්ගේ නියෝජනය සැලකූ මෙය ‘Integrated Pest Management’ (ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණය) ලෙස හැඳින්වේ.කෘමීන් සංඛ්‍යාව අඩු කිරීම මඟින් සිදු වන හානිය අවම කර විවිධාකාර බෝග ඵලදාව වැඩිකිරීමට Weaver කුහුඹුවන් ප්‍රයෝජනවත් වේ.ඊට අමතරව රසායනික කෘමිනාශක වලට වඩා කුහුඹුවන් ඵලදායී බව අධ්‍යයන කිහිපයකදී හදුනාගෙන ඇත.
කෘමි පාලක ලෙස Weaver කුහුඹුවන්ට පමණක් නොව තවත් 13000 ක පමණ කුහුඹු වර්ගවලට කටයුතු කළ හැකිය. අධ්‍යයන වලදී එවැනි කුහුඹු වර්ග කෘමීන්,මල් පැල,පලතුරු වතුවල ඇති රෝග ,කැලෑ සහ ගොවිපල පාලනය කිරීමේ විභවතාවයන් ප්‍රදර්ශනය කර තිබේ.එනිසා ගොවියන් සඳහා Weaver කුහුඹු කූඩු ලබා දීමට යුරෝපීය සමාගම් 02 ක් ඉදිරිපත්ව ඇති බව SCIENCE සඟරාව වාර්තා කරයි.
අප්‍රිකාව තුල කුහුඹු තවාන් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය සඳහා ආධාර කිරීමට ඩෙන්මාර්ක් රජය ඉදිරිපත් වී තිබේ.මේ පිළිබඳ උනන්දු ගොවි මහතුන්ට එවැනි කුහුඹු තවාන් මඟින් වැඩුණු කුහුඹු පැටව්ද ලබා දීමට හැකි වේ.

උපුටා ගැනීම :-
Ants might be cheap, effective alternative to chemical pesticides by Janet Fang
http://www.iflscience.com/plants-and-animals/ants-might-be-cheap-effective-alternatives-chemical-pesticides
https://www.youtube.com/watch?v=hXo3Y7qwYaA


0 comments:

Post a Comment