November 11, 2015

පරිගණක යෙදුමක් සහිත අනාගත මෝටර් රථවල පුද්ගලික හා පොදු ප්‍රවාහන සේවය

ප්‍රවාහන ක්ෂේත්‍රයේ මීළඟ නවතම සුවිශේෂී ක්‍රමය ‘Next’ විය හැකිය.මෙම නවතම විදුලි මෝටර් රථ මොඩියුලයේ ස්වරූපය මෝටර් රථයකට සම්පූර්ණ වෙනස් රෝද මත ගමන් කරන පෙට්ට් කාමරයක් වැනිය.එහෙත් ඒවා සාමාන්‍ය මෝටර් රථ මෙන් මහා මාර්ගයේ ධාවනය වේ.
අවම වශයෙන් එය හොඳම අදහසක් විය හැකිය. ‘Next’ පිළිබඳ මූලාදර්ශයක් මෙතෙක් නිර්මාණය කර නැති නමුත් එහි නව නිපැයුම්කරුගේ බලාපොරොත්තුව තවත් වසර 5 ක වැනි කෙටි කාලයකින් මෙය මහා මාර්ගයේ ගමන් කිරීම ආරම්භ කරන බවයි.

නිපැයුම් කරු වූ Tommaso Geocholin අපේක්ෂා කරන පරිදි ‘Next’ යනු පරිගණක යෙදුම් පාදක කොටගත් ප්‍රවාහන පද්ධතියක් වේ.(උදා-Vber හෝ Lyft).ඔබ සිටින තැන සහ ඔබේ ගමනාන්තය දුරකථනයට ඇතුළු කර ‘Next’මොඩියුල කැඳවීම මඟින් ඔබට ප්‍රවාහන පහසුකම ලබාදීම සදහා ‘Next’ පැමිණේ.එවිට ‘Next’ තුලට ඇතුළු වී ආරක්ෂාකාරීව සැප පහසුව ඇතුව අසුන් ගැනීම හෝ සිටගෙන සිටීම ඔබගේ ඊළඟ කාර්යය වේ.දැන් මොඩියුලය ගමන් ආරම්භ කරයි.ගමන අතරතුර මෙම මොඩියුලය වෙනත් මොඩියුල හා ස්වයංක්‍රීයව සම්බන්ධ විය හැක.එමගින් වඩා දිගු මොඩියුලයක් සෑදෙන අතර එම මොඩියුල අතර ස්වයංක්‍රීය වීදුරු දොරක් හරහා පහසුවෙන් ගමන් කල හැකි වේ (දුම්රියක මැදිරි අතර මෙන්). ස්වයංක්‍රීය ගණිත රීති අනුව ඔබගේ ගමන වඩා කාර්යක්ෂමව සිදු වීම සඳහා මෝටර් රථයට සම්බන්ධිත වෙනත් මැදිරියකට යාමට ඔබට සිදු වනු ඇත.ඉන්පසුව ඔබ සිටිනා මැදිරිය අනෙක් මැදිරි වලින් වෙන් වී ඔබගේ ගමනාන්තය දෙසට වෙන්වී ගමන් කිරීම නිරයාසයෙන් ආරම්භ වේ.මේ සියල්ල සිදු වන්නේ ‘Next’මොඩියුල නැවැත්වීමකින් තොරවය. එය දුම්රියේ ඔබ සිටින මැදිරිය ප්‍රධාන දුම්රියෙන් හා මාර්ගයෙන් වෙන්වී ඔබගේ කාර්යාලයඅසලටම ඔබව ගෙනයනවා වැනිය.

‘Next’විදුලි බලයෙන් ධාවනය වන නිසා එහි බැටරිය සෑම විටම හොඳ තත්වයේ පැවතිය යුතුය. ඒ සඳහා බොහෝ විට ඔබ ගමන් කරන මැදිරියට වෙනත් සම්පූර්ණයෙන් බල ගැන්වූ මැදිරියක් සවි වීම සිදුවේ. එමගින් කිසිදු‘Next’ මොඩියුලයක් බල ගැන්වීම සඳහා (ඉන්ධන පිරවීමට පිරවුම්හල් වල) නැවැත්වීම අවශ්‍ය නොවේ. සම්පූර්ණයෙන් බල ගැන්වූ මැදිරියකට මගීන් මාරුවීමක් පමණක් සිදුවේ.
තවදුරටත් සංවර්ධනය වීමෙන් ‘Next’ තුල කෝපි කඩ,ආපන ශාලා,අවන්හල් යනාදිය ඇතුලත් වනු ඇත.තවද වැසිකිලි කැසිකිලි පහසුකම්ද ඇති වේ.එමගින් ගමනාන්තය දක්වා නොනවත්වා තම අවශ්‍යතා ඉටුකරගනිමින් පහසුවෙන් ගමන් කල හැකි වීම සුවිශේෂී වේ.
 
නිරතුරු කාර්යබහුල ආයතන ‘Next’ මොඩියුලය කාර්යාලයක් ලෙස භාවිතා කරමින්ම සිය කාර්ය මණ්ඩලය විනෝද චාරිකාවක් රැගෙන යනු ඇත.දුර බැහැර ගමනකදී පරිසරය රස විදීමට අවශ්‍ය වුවද දරුවන් සමඟ එදිනෙදා අවශ්‍යතා සඳහා කඩපිල් වලට යෑමේදී මැදිරි අතර ගමන් කිරීම සතුටුදායක කාර්යයක් නොවේ.ඒ සඳහා පවුල් කණ්ඩායමක් වෙනුවෙන් වූ ‘Next’ මොඩියුල සේවාවක් යොදා ගත හැකිය.මේ සියලු කටයුතු ආශ්වාදජනක වුවද ඒ සඳහා අත්පත් කර ගත යුතු තාක්ෂණික තත්වය එතරම් පහසු නොවේ.එහෙත් අනාගතයේදී එවැනි ප්‍රවාහන සේවයක් බලාපොරොත්තු වීම දියුණු රටවලට කෙසේ වෙතත් දියුණු වෙමින් පවතින රටවලට සිහිනයක් නොවේවායි අපේක්ෂා කරමු .


උපුටාගැනීම :The car of the future may look nothing like a car
A NEW DEFINITION OF "I'LL TAKE THAT TO GO"  By Mary Beth Griggs

http://www.popsci.com/car-future-may-look-nothing-like-car
https://www.youtube.com/watch?v=Wk12TmZ3GiQ

0 comments:

Post a Comment