November 20, 2015

නිවසේදී චොකලට් හදමු

චොකලට් අප සැමදෙනාම කැමට රුචියක් දක්වන රස කැවිල්ලකි. ලෝකයේ ඇති ජනප්‍රියම රස කැවිල්ල චොකලට් යන්න කාගේත් පිළිගැනීමයි. බොහෝවිට මේවා අධික මිලක් වැය කර වෙළද පොලෙන් මිලට ගැනීමට අප හුරු වී ඇත්තෙමු. මෙම චොකලට් නිවසේ දී සාදා ගැනීමට හැකිනම් කොතරම් අගේ ද?

ඔව් අපට පුළුවන් නිවසේ දීම  චොකලට් සාදා රස විදීමට.
අවශ්‍ය අමු ද්‍රව්‍ය:
1.    කොකෝවා පවූඩර් - කෝප්ප 2 (220 g)
2.    බටර් කෝප්ප ¾ ( 170 g) -කාමර උෂ්ණත්වයට මොලොක් වූ
3.    පවූඩර් කරන ලද සීනි - කෝප්ප ½ (100 g) –
4.    කිරි - කෝප්ප 2/3 (150 ml)
5.    ලුණු - තේ හැදී ¼   
6.    ජලය - කෝප්ප 1 ( 235 ml)

අවශ්‍ය උපකරණ :
පිරිසිදු ලෝහ භාජනයක් , ලී හැන්දක්, අත් බීටරයක්, ඇඹරුම් යන්ත්‍රයක්, චොකලට් අච්චු...

සාදන පිළිවෙල :

1.    පිරිසිදු භාජනයක් ගෙන එයට කොකෝවා කුඩු හා කාමර උෂ්ණත්වයට පත් වූ බටර් දමා අත් බීටරයක් ආදරයෙන් හොදින් ක්‍රීම් වන ලෙස කලවම් කර පල්පයක් සාදාගන්න.

 
2 .සාදාගත් මිශ්‍රණය  වෙනත් බදුනකට දමා එය ජාල තාපකයක දමා මද ගින්නේ රත්කරන්න. රත් කරන අතරවාරයේ දී රබර් හෝ   ලී හැන්දක් ආධාරයෙන් කලවම් කරමින් කැටි ගැසීම වලක්වා ගන්න. රත් කරගත් චොකලට් මිශ්‍රණය ( උතුරවා නොගන්න.) නැවත බීටරයෙන් මෘදූ වන ලෙස කලවම් කර ගන්න.



3.       භාජනයකට සීනි හා කිරි දමා කලවම් කර ගන්න. මෙම කිරි හා සීනි මිශ්‍රණය කලින් සාදාගත් චොකලට් මිශ්‍රණයට සුවල්පය බැගින් කලවම් කරමින් අත් බීටරය ආධාරයෙන් හොදින් ක්‍රීම්වන හා මෘදුවන  ලෙස කලවම් කර ගන්න. දැන් මිශ්‍රණය රස පරික්ෂා කර අවශ්‍ය නම් සීනි හා ලුණු එකතු කරන්න.

 
3.       සාදාගත් චොකලට් මිශ්‍රණය , චොකලට් අච්චු වලට පුරවන්න. පසුව ඝන වීම සදහා ශීත කරණයක තබන්න.
 

4.       හොදින් ඝන වූ චොකලට් අච්චුවලින් ගලවා රස විදින්න..

 

සැකසුම : U. W. V බණ්ඩාර
                 විද්‍යා හා තාක්ෂණ නිලධාරී
                 ( පස්බාගේකෝරලේ)
උපුටා ගැනීම :wikihow.com
 (http://www.wikihow.com/Make-Chocolate-With-Cocoa-Powder)

1 comments:

Post a Comment