Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

August 31, 2014

පුස් නැති පාන්(පාන්වල පුස් සෑදීම වැලැක්වීමට විසදුමක්)

Add caption
පුස් සෑදීමෙන් තොරව වැඩි කාලයක් තබාගත හැකි පරිදි පාන් නිෂ්පාදනය කිරීමට විද්‍යාඥයින් පිරිසකට හැකි වී ඇත. මෙහිදී ශාකසාරමය පරිරක්ෂක/ සංරක්ෂක(Preservatives) මගින් රසායනික සංරක්ෂක ප්‍රතිස්ථාපනය කිරීම සිදුකර ඇත. එම නිසා මෙහි වාසිය වනුයේ පාන් වැඩි කාළයක් පුස් නොමැතිව තබාගත හැකිවා මෙන්ම රසායනික සංරක්ෂක වලින් තොර වීමත්ය.
වර්තමානයේ උණු උණුවෙන්ම ක්‍රිස්පි ලෙස බේක් කර උදුනෙන් එළියට ගන්නා පාන් වාතයේ ඇති  විවිධ  ක්ෂුද්‍ර  ජීවින් (microbe) දිලීර වර්ග (fangs)  සහ ඊස්ට් (Yeast) නිසා දින කිහිපයක්  යාමට ප්‍රථම එහි මතුපිට පෘෂ්ඨය නිල් පැහැයට හුරු කොළ පැහැති පුස් තට්ටුවකින් වැසී යනු ලැබේ. මේ හේතුව නිසා පාන් පෙති කපා ඇසුරුම්කරණය කරණු ලබන පාන් වැඩිකාළයක් හොදින් තබා ගැනීම  සහා කෘතිම ආහාර සංරක්ෂක එකතු කිරීමට සිදු වී තිබේ.  නමුත් බ්‍රසීලයානු විද්‍යාඥයින් කණ්ඩායමකට (Brazilian Researchers)  රසායනික සංරක්ෂ වලින් තොරව පාන් වැඩි කාලයක් තබාගත හැකි  ක්‍රමයක් සොයාගත හැකි වි ඇත.


මෙම ක්‍රමය  “ සක්‍රිය ඇසුරැම්කරණය (Active  packaging)  ලෙස ඔවුන් හදුන්වා ඇති අතර එහිදී රසායනික සංරක්ෂක වලට ආදේශකයක් ලෙස ශාකසාරමය ස්වභාවික (Natural  herbal)  සංරක්ෂක භාවිතා කර ඇත. මේ සහා ඔවුන් බැක්ටීරියා ප්‍රතිරෝධි ලක්ෂණ පෙන්වන ඔරිගානෝ (Oregano)  සහ කරාඹු( Clove)  ශාකවලින්   ලබාගන්නා සංගටක වලින් මෙම ස්වභාවික සංරක්ෂක   නිෂ්පාදනය කර “ සක්‍රිය ඇසුරැම්කරණය ” සඳහා යොදාගෙන ඇත.
මේ සඳහා මුල්වූ බ්‍රසීලයේ  විස්කෝසා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් කණ්ඩායම (Team of  scientist from the University of Viscosa in Brazil)  විසින් ඉහත ශාකවලින් ලබා ගන්නා සගන්ධ තෙල් (assented oil) ජලය සහ සනීකාරක සමග මිශ්‍ර කිරීමෙන් අනුභව කල හැකි තුනී පටල  නිෂ්පාදනය කර ඇත. ඉන් පසු මෙම (edible films)  තුනී ශාඛසාරමය පටල පාන් ඇසිරීමට ගන්නා බෑග්වල පාන් සමග ඇසිරීමෙන් පාන් සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ දින 15ක් පමණ පුස්පටල  සෑදිමෙන් තොරව තබාගත හැකි බව  සොයාගෙන ඇත.
 පාන්වල පුස් සෑදීම පාලනය කරන ශාකසාරමය පටල සෑදීමේ පියවර
පියවර 01 -ඔරිගානෝ පැලෑටියෙන් සම කරාඹු  මල් වලින්  සගන්ධ තෙල් නිස්සාරණය කර ගැනීම (මෙම තෙල්වල ස්වභාවිකවම බැක්ටීරියා නාශක ගුණය  ඇත).
පියවර  02 - සගන්ධ තෙල්  ඡලය සමග මිශ්‍ර කිරීම.
පියවර  03 - ශාකසාරමය ඝනීකාරක මෙම මිශ්‍රණයට එකතු කිරීම. මේ සහා මීතයිල් සෙලියුලෝස්  (Metheyle cellulose ) යොදාගන්නා අතර එහිදී ආහාරයට ගත හැකි තුනී පටල  සාදනු ලබයි.
පියවර 04 -මෙම තුනි පටල පොලි ප්‍රොපලින් ඇස්රැම්කරණවල පාන් සමග  අසුරා  කාමර  උෂ්ණත්වයේ ගබඩා කිරීම.
මෙහිදී මෙම පටල මගින් ඇසුරැම්කරණ  තුල ඇති වාතයට බැක්ටිරියා ප්‍රතිරෝධ සංයෝග නිදහස් කිරීම නිසා කාමර උෂ්ණත්වයේ දී පාන් පුස් සෑදීමෙන් තොරව දින 15ක් පමණ තැබිය හැකි අතර දින 15කින් අනුභවය සහාද ගත හැකිය.
මෙයට අමතරව මෙම විද්‍යඥයන් විසින් ඔරිගානෝවලින් ලබාගන්නා ලද සුගන්ධ තෙල් කුඩා ඇසුරැම්කරණ ලෙස සකස් කර  (small sachets) පාන් ඇසුරැම් තුල බහා ඇසුරැම් කරණක කර දින පහකට වරක් එම සංයෝගවල බලපෑම පරික්ෂා කරන ලද අතර එහිදී ද මේ හා සමාන ප්‍රතිඵල නිරික්ෂණය කළ හැකි විය.
මෙම නව සොයාගැනීම නිසා මහා පරිමාණයෙන් පාන සහ ඒ ආශ්‍රිත බේකරි නිෂ්පාදනයන් නිෂ්පාදන කරණු ලබන ව්‍යාපාරයන්ට රසායනික සංරක්ෂකවලින් තොරව මෙම ශාකසාරමය පටල භාවිතා  කර වැඩිකලක්  තබාගත හැකි වන ලෙස පාන් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ඇසුරැම්කරණය කර වෙළදපලට  නිකුත් කල හැකිවනු ඇත. එලෙසම මෙහිදී මෙම  පටල වාතය ඉවත්කර කරණු  ලබන ඇසුරුම්කරණය (Vacuum packed food) ක්‍රමය මගින් ඇසුරැම් කරණය කිරීම සදහා  වඩාත් සුදුසු බය පෙන්වා දි ඇත.මෙම පටල යොදා ගනිමින් පළතුරු , මස් නිෂ්පාදන  හා සාර්ථක ප්‍රතිපල ලබා ගැනීම පිළිබදව අත්හදා  බැලීම්  කරමින් සිටිනු ලැබේ.  මෙමගින් අනාගතයේ දී පාරිභෝගිකයන් හට ශරීර සෞඛ්‍යයට හානිකර වන රසායනික සංරක්ෂකවලින් තොරවූ නිෂ්පාදන පරිභෝජනය කිරිමේ මහගු අවස්ථාව උදාවනු ඇත. 
Source –Journal of Agricultural and Food Chemistry
www.sciencealerts.com-         Business insider
 Nayana Wijeratne - STO ,Yatinuwara'

පිලිකා හදුනාගැනීමට ලාභදායි ක්‍රමයක්


වර්තමානයේ ශරීරයේ ඇති විවිධ පිලිකා හදුනා ගැනීම සහා  පිලිකාව ආශ්‍රිත කොටස් විඡ්ඡේදනය කොට පරික්ෂා කිරීම (Biopsies) සහ ආහාර ජීර්ණ පද්ධතියට කැමරා යවා පරික්ෂා කිරීම මගින් (colonoscopies )  සහ bone marrow test  මගින්  පර්යේෂණ සිදුකරනු ලැබේ. මේවා මිළ අධික මෙන්ම වේදනාකාරි පරික්ෂාවන් වේ. මෙයට විසදුමක් ලෙස එක්සත් රාජධානියේ බ්‍රැඩ්‍‍පෝර්ඩ් විශ්වවිද්‍යාලයේ (University of Bradford in USA) ජීව විද්‍යා අංශයේ මහාචාර්යය  ඩයිනා ඇන්ඩර්සන් (professor Dina Anderson) ඇතුලු පර්යේෂණ කණ්ඩායම විසින් විවිධ පිළිකා වර්ග රුධිර පරික්ෂාවන් මගින්  හදුනාගැනීමේ ක්‍රමයක් සොයාගෙන ඇත. මෙය සාපේක්ෂව මිළෙන් අඩු වන අතර වේදනාවෙන් ද අඩුවෙයි.(Cancer detection of Blood testing)
මෙම රුධිර පරික්ෂාවේ දී රෝගියාගේ රැධිර සාම්පලයේ ඇති සුදු රුධිරානු සෛල අධෝරක්ත කිරණ ආලෝකයකට හසු කර (Ultraviolet Light) එමගින්   ඩී. එන්. ඒ සෛල වල ව්‍යූහය පරික්ෂා කර පිළිකා පිළිබදව තහවුරු කිරීමක් කරණු ලැබේ. රුධිරයේ ඇති සුදු රුධිරාණු දේහයේ ස්වභාවික ප්‍රතිදේහ පද්ධතිය ලෙස ක්‍රියාකරණු ලබන අතර පිළිකා රෝගින්ගේ පිළිකාවට  එරෙහිව ක්‍රියා කිරීම නිසා මේවා තදින්ම වෙනස්වීම් වලට (Stressed)   භාජනය වේ. මෙම කරුණ සැලකිල්ලට ගනිමින් මෙම පර්යේෂකයන් විසින් පිළිකා රෝගින්ගේ වෙනස්වීම් වලට භාජනය වු සුදු රුධිරානු   සහ නිරෝගි පුද්ගලයන්ගේ සුදු රුධිරානු සමග සංසන්දනය කර ඒවායේ වෙනස්කම් පිළිබ අධ්‍යනය කර ඇත. එහිදී නිරෝගි පුද්ගල සුදු රුධිරානු වලට වඩා පිළිකා රෝගින්ගේ සුදු රුධිරානු වල ඇති ඩී. එන්. ඒ සෛල වෙනස්කම් UV   කිරණට ලක්කිරීමෙන් පිළිකා කාරක සෛල සොයා ගැනීමේ  පර්යේෂණය සොයාගෙන ඇත.
මෙම පර්යේෂණයේ දි අධෝරක්ත කිරණට ලක්කිරීමේ දි පිළිකා රෝගින්ගේ සුදු රුධිරානු වල ඇති ඩී එන් ඒ නිරෝගි පුද්ගලයන්ගේ සුදු රුධිරානු වල ඩී එන් ඒ  වලට වඩා පහසුවෙන්   හානි වන බව අධ්‍යනය කර ඇත. එලෙස ම පිළිකාවලට ගොදුරුවෙමින් සිටින පුද්ගලයන්ගේ මෙම සුදු රුධිරානු  ඩී එන් ඒ හානිය පිළිකා රෝගියකුගේ සහ නීරෝගි පුදගලයකුගේ හානිය අතර මැද අවස්ථාවක් පෙන්වන බව තවදුරටත් සොයා ගෙන ඇත. (Patient with pre – cancerous conditions)
මෙම පර්යේෂණය මගින්   විවිධ පිළිකා වර්ග 3ක් සඳහා සුදු රුධිරානු වල  ඩී එන් ඒ සෛල වලට හානිවීමේ ආකාරය අනුව ප්‍රතිඵල සොයාගෙන ඇති අතර අනෙක් පිළිකා සඳහාද තව දුරටත් පර්යේෂණ කරමින් සිටිති. මෙම පර්යේෂණය ලොව පුරා ප්‍රචලිත කිරීමට පෙර එය තව දුරටත් වැඩිදියුණු කිරීම් කර සාර්ථක පර්යේෂනයක් ලෙස ඉදිරිපත් කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටිති.  එහිදී වැඩි රෝගීන් පිරිසක යොදා ගනිමින් පරික්ෂණය පුලුල් කිරීමට බලාපොරොත්තු වන අතර එමගින් සාර්ථක ප්‍රතිඵල පෙන්වා දිය හැකි බවට ඔවුන් විශ්වාස කරති. කෙසේ වෙතත් පිළිකා රෝගීන්ට හා එය සෑදීමේ මුල් අවදියේපසු වන්නන් හට මෙය ඉතා හොද පුවතක් වනු ඇත.
Source – FASEB Journal
-         www.sciencealerts.com
Nayana Wijeratne - STO - Yatinuwara'

සියදිවි නසා ගැනීම වලකන ඡානය

 සෑම තත්පර හතලිහකට වරක් ලෝකයේ එක් පුද්ගලයෙකු සියදිවි නසා ගන්නා බව වාර්තාවේ. විශේෂයෙන් ම මානසික අවපීඩනයට සහ ආතතියට ලක්වුවන් සියදිවි නසාගැනීම හෝ සියදිවි නසාගැනීමට තැත්කිරීමේ අවස්ථාවන් ඉහළ ප්‍රතිශතයක් උසුලයි. මේ සඳහා  ඔවුන්ගේ ජානවල ඇති විකෘතිතාවයක්  නිසා සියදිවි නසා ගැනීමේ අවධානම ඉහල යන බව පර්යේෂකයන් විසින් සොයාගනු ලැබ ඇත.(A genetic indicator that could help Prevent suicide)

මේ පිළිබඳව පර්යේෂණ පවත්වන ලද ඇමෙරිකවේ ජෝන් හෝප්කින්සර් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසකගේ නවතම සොයාගැනීමකට අනුව මෙම සියදිවි නසා ගැනීමේ අවධානම පහල හෙලීමට හැකිවනු ඇත. මෙහිදී පර්යේෂකයන් විසින් මානසිකව ආතතියට හෝ  අවපිඩනයට ලක් වු පුද්ගලයන් සහ ජීවිතයේ වර්ක් හෝ සියදිවිනසාගැනීමට උත්සාහ කළ පුද්ගලයන් සහ නිරෝගී පුද්ගලයන් 50 ගෙන් යුත් නියැදියක් තෝරාගෙන පර්යේෂණ කරමින් කරුණු විශ්ලේෂණය කරගන්නා ලදි. එහිදි SkA 2   යන  ජානයේ විකෘතිතාවයක් ඇති පුද්ගලයන්  ඔවුන් ගේ ජීවිතකාලයේදී සියදිවි නසා ගැනීමේ සිතිවිල්ලකින් හෝ පෙලි ඇති බව අනාවරණය කර ගන්නා ලදි.
 මෙම SkA 2     ජානය මොලයේ පූර්වලලාට පටලයේ පිහිටා ඇති අතර එම  ජානය මගින් මිනිසාගේ මොලය  මා වෙනස්වීමකෙරෙහි ප්‍රතික්‍රියා කරන්නේ කෙසෙදැයි නිශ්චය කරණු ලබයි.   නමුදු යම් රසායනික වෙනස්වීමක් මගින් හෝ විකෘතියකින්  ජානයේ ක්‍රියාකාරිත්වය වෙනස්කර ඇත්නම්  මෙම නිශ්චිත කාර්යය සිදුකල නොහැක. එනම් එවැනි අවස්ථාවල ආතතියට එරෙහිව හෝ සියදිවි නසාගැනීමේ සිතිවිල්ල පාලනය කිරීම හෝ අපහසු වන අතර එම තත්ත්වය  දිගින් දිගටම  නරක අතට හැරෙන්නේ හරියට එවැනි මොලයක් නිවැරදිව ක්‍රියා නොකරන තිරිංගයක් සහිත වාහනයක් ලෙසිනි.
මෙම පුද්ගලයන් 50යොදාගෙන කරණ ලද පර්යේෂණය තව දුරටත් තහවුරැ කර ගැනීම සඳහා පර්යේෂකයන් විසින් වෙනත්  පුද්ගලයන් 325 දෙනෙකු  යොදා රුධිර  පර්යේෂණයක්   සිදුකර ඇත. එහිදී සියදිවි නසා ගැනිමට තැත්කළ හෝ සියදිවි නසාගැනිමේ සිතිවිල්ලක්  හෝ පහල වු පුද්ගලයන්ගේ රැධිර නියැදි පරික්ෂා කිරීමේදී  SkA 2  ජානය රසායනිකව වෙනස් වී ඇති බව සොයාගෙන ඇත. එම රැධිර  පරික්ෂාවේ නිරවද්‍යතාවය 80% සහ 90% අතර වන බව රෝගීන් හා තවදුරටත් කරණ ලද පර්යේෂන මගින් තහවුරු කර ඇත.
ඒ අනුව මෙම     ජානය රසායනිකව වෙනස්වීම හෝ විකෘතිවීම පුද්ගලයකුගේ සියදිවි නසාගැනීමේ සිතුවිල්ලේ සිට එය ක්‍රියාත්මක කිරීම දක්වා විශාල කාර්යය භාරයක් ඉටු කරන අතර රුධිර පරික්ෂාවක් මගින් එම   ජානයේ රසායනික වෙනස්වීම් හදුනාගත හැකිබව සොයාගෙන ඇත. විශේෂයෙන්ම මානසික ආතතියට හා අවපිඩනයට ලක්වූවන්ගේ   රැධිර සාම්පල පරික්ෂා කිරීම මගින් මෙම SkA 2   ජානයේ රසායනික වෙනස්වීමක් හො විකෘතිතාවයන්  ඇතිදැයි සොයා ගැනීම මගින් ඔවුන්ගේ සියදිවි නසා ගැනීමේ සිතුවිල්ල හෝ උත්සාහය හදුනාගෙන එයට ප්‍රතිකාර ලබාදිය හැකිය. මෙමගින් මානසික ආතතිය හො අවපීඩනයෙන් පෙලෙන බව හදුනාගන්නා ලද  රෝගීන් මෙන්ම හදුනා නොගත් රෝගීන්ගේ  රුධිර පරීක්ෂාවක් මගින් මෙම   ජානමය වෙසන හෝ විකෘතිය සොයා ගැනීමෙන් සියදිවිනසා ගැනීමේ ප්‍රතිශතය අඩු කිරීමට හැකියාවක් ලැබෙනු ඇත. 

  The Washington Post and ScienceDaily
Nayana Wijeratne- STO,Yatinuwara

මගහැරිය යුතු ආහාර ආකලන ද්‍රව්‍යය-food additives

වෙළඳපළේ ඇති සැකසූ ආහාර මිළ දී ගැනීමේදී කල් ඉකුත්වීමේ දිනය ගැන බලනවා මෙන්ම එයට යොදා ඇති කෘතීම ආහාර ආකලන ද්‍රව්‍යද මොනවාද යන්න සොයාබැලීමද වැදගත් වේ. මෙම ලිපිය ඒ සඳහා මග පෙන්වීමකි.
ආහාර ආකලන ද්‍රව්‍ය (food additives) යනුවෙන් හඳුන්වන්නේ ආහාරයක පෙනුම හා රසය වැඩි කර ගැනීමට හෝ රසය පවත්වා ගැනීමට භාවිත කරන ද්‍රව්‍යය වේ. අතීතයේ සිටම විවිධ ආකලන ද්‍රව්‍යය භාවිත කල අතර උදාහරණ ලෙස විනාකිරි මගින් අච්චාරු සෑදීම, කරවල සඳහා ලුණු දැමීම වැනි ක්‍රම දැක්විය හැක. නූතනයේ ස්වාභාවික මෙන්ම කෘතීම ආකලන ද්‍රව්‍යය ද බහුලව භාවිත කරයි. විධිමත් කිරීම, පාලනය කිරීම හා පාරිභෝගිකයා දැනුවත් කිරීමේ අරමුණින් එක් එක් ආකලන ද්‍රව්‍යය සඳහා අනන්‍ය අංකයක් ලබා දී ඇති අතර එය E - අංකය ("E numbers") ලෙස හඳුන්වයි. ආහාර වල ලේබලය තුල අදාළ ආකලන ද්‍රව්‍යයේ නාමය හෝ එහි E - අංකය නීති රීති වලට අනුව සඳහන් කල යුතු වන අතර සමහර ලේබලවල E - අංකය පමණක් සඳහන් කර ඇත. පහත දැක්වෙන්නේ එවැනි ලේබලයකි.

සමහර ආකලන ද්‍රව්‍යය හිතකර වන අතර තවත් සමහරක් ආකලන ද්‍රව්‍යය සෞඛ්‍යයමය වශයෙන් හානිකරය. මේ නිසා ඒවා අඩංගු ආහාර දැනගත යුතු වන අතර ඒ සඳහා නාමය හෝ E - අංකය අංකය දැනගෙන යුතුය. ආකලන ද්‍රව්‍යය අති විශාල විශාල ප්‍රමාණයක් පවතින අතර ඒවා සියල්ලගේම නම් හෝ E - අංකය මතක තබා ගැනීම අපහසු නිසා සෞඛ්‍යයමය වශයෙන් අහිතකර ආකලන ද්‍රව්‍යය කිහිපයක් හා ඒවායේ E - අංක සලකා බැලීම යෝග්‍යය වේ.
1. කෘතීම පැණිරස කාරක/ ඇස්පාටෙම් (Aspartame - E951)
ළමයින්ට සුදුසු නැත.මෙය සීනි රහිත (sugar free) ලේබලය සහිත ආහාර වල බහුලවම හඳුනා ගතහැකි ආකලන ද්‍රව්‍යයකි. එය නියුරෝන ධුලකයක් හා පිළිකා කාරක ද්‍රව්‍යයක් ලෙස ක්‍රියා කරන අතර කෙටි කාලින මතකය හා බුද්ධිමත් භාවය කෙරෙහි අහිතකර ලෙස බලපායි. එසේම එය හිසරදය, කරකැවිල්ල, මානසික ව්‍යකුලතාවයට තත්ත්ව වලට ද හේතු විය හැකි බව සොයාගෙන ඇත.
2. අධි ප්‍රක්ටෝස පැණි වර්ග (High Fructose Corn Syrup)
මෙය ශක්තිය ලබා දෙන ද්‍රව්‍යයක් වශයෙන් භාවිත වන අතර අධික ලෙස පිරිපහදු කරන ලද කෘතීම පැණිරස කාරකයකි. මෙය රුධිරයේ අඩු ඝණත්ව ලිපෝ ප්‍රෝටීන (LDL) ප්‍රමාණය ඉහල යෑමට හේතුවේ. එමෙන්ම දියවැඩියා තත්ත්වයකට හා පටක හානි වීමටද හේතුවේ.
3. සෝබිටෝල්
චුවින්ගම් වල අඩංගු වන රසායනික ද්‍රව්‍යයකි. ළමුන්ට වැඩිපුර ආහාරයට දීමෙන් විරේචන රෝගතත්ත්වයන් ඇතිවිය හැක.
4. (Monosodium Glutamate/MSG - E621)
මෙය ආහාර වල රසය වැඩිකර ගැනීමට භාවිත කරන අතර අවපීඩනය, තරබාරු බව, හිසරදය, බලවත් විඩාව වැනි රෝගී තත්වන්ට හේතු වේ. සමහර රටවල්වල මීට අවුරුදු 15කට පමණ පෙර තහනම් කර ඇත.
ස්ත්‍රී වඳකාරකයකි.
ළමුන් ඇබ්බැහි වේ.
පිළිකා කාරකයකි.
5. ට්‍රාන්ස් මේදය (Trans Fat)
මෙය ආහාර වල කාල සීමාව වැඩි කර ගැනීමට භාවිත කරයි. මෙය ගැඹුරු තෙලේ බදිනු ලබන ආහාරවල, භාගිකව හයිඩ්‍රජනී කරනය වූ එළවලු තෙල් වල හා දෙවරක් බදින ලද තෙල් වල හමුවේ. එය රුධිරයේ LDL කොලේස්ටෝරෝල් මට්ටම ඉහළ දැමීමටත්, හෘද රෝග අවදානම වැඩිකිරීමටත් හේතු වේ.
3. පොදු ආහාර වර්ණක (Common Food Dyes)
විවිධ පාන වර්ග හා කෑම වර්ගවලට වර්ණයක් ලබා දීම සඳහා යොදා ගනී.
- නිල් (Blue #1 and Blue #2 - E133)
මෙම වර්ණකය ක්‍රීඩා පානවල, සිසිල් බීම වල හඳුනාගත හැක. ඒවා වර්ණ දේහ වලට හානි කර ලෙස බලපෑ හැකිය.
දරුවන් විකෘති ක්‍රියාකාරීන් වේ.
4. රතු (Red dye # 3 also Red #40 – a more current dye - E124)
මෙය අයිස් ක්‍රීම් වල හා බේකරි නිෂ්පාදනවල හඳුනාගත හැක. මෙය තයිරොයිඩ් පිළිකා සඳහාත්, වර්ණ දේහ මත හානිකර බලපෑම් ඇතිකර ගැනීම සඳහාත් හේතුවිය හැකිබව සොයාගෙන ඇත.
පින්ලන්තයේ, නෝර්වේ තහනම් කර ඇත.
ලංකාවේ තහනම් නැත.
5. E224: Potassium disulphite
සෝස් වර්ගවල, බියර්වල ඇත. සමේ කැසීම  ඇති වීම, ඇස් ආශ්‍රිත ආසාදන, හතිය, පෙණහළු පිළිකා ඇති විය හැක.  ඔබ ඇස්ප්‍රීන්වලට ආසාත්මික ලක්ෂණ පෙන්වයිනම් මේවා අඩංගු ආහාරද ඔබට ආසාත්මික විය හැක.
6. කහ සහ ටාටසීන් කහ
(Yellow #6 - E110 and Yellow Tartrazine - E102)
මෙය නොර්වේ හා ස්වීඩනයේ භාවිතය තහනම් කල වර්ණකයක් වන අතර වකුගඩු හා අදිවෘක ග්‍රන්ථි වල වායුගෙඩි ඉදිමුම් ඇතිවීමට හේතුවේ. නෝර්වේ, ඔස්ට්‍රියා,  ජර්මන්වල තහනම් වේ. ලංකාවේ ද තහනම් කිරීමට නියමිතය.
7. සෝඩියම් සල්ෆයිඩ් (Sodium Sulfite E - 221)
  මෙය වයින් වැනි පාන වල කල්තබා ගැනීමේ ද්‍රව්‍යයක් ලෙස භාවිත කරයි. සෑම පුද්ගලයින් සිය දෙනෙක්ගෙන්ම එක අයෙකු සල්ෆයිට් සඳහා සංවේදී වන අතර එවනි පුද්ගලයකු ලැබිය හැකි ප්‍රථිපල හානි කරය. ඒ අතර ස්වසනය කිරීමේ අපහසුතා, කුෂ්ඨ, හිසරදය ඇතිවීම සිදු විය හැක.
8. සෝඩියම් නයිට්‍රේට හා නයිට්‍රයිට.
පරිරක්ෂණය කළ මස් ආහාර වන හැම්, සොසේජස්, බේකන්, හොට් ඩෝග්ස් වැනි ආහාර කල්තබා ගැනීමටත්, රසය හා වර්ණය වර්ධනය කර ගැනීමටත් යොදා ගනී. සෝඩියම් නයිට්‍රයිට් විෂ ගති ගුණ ඇති ද්‍රව්‍යයක් වන අතර මෙමගින් ඇතිවිය හැකි නයිට්‍රොසෝ ඇමීන පිළිකා කාරකය.

9. බියුටිලේටඩ් හයිඩ්‍රෝක්සි ඇනිසොල් හා බියුටිලේටඩ් හයිඩ්‍රෝසිට් ටෝලුයින් (BHA and BHT - E320)
මෙය සමහර ධාන්‍ය වල, බබල්ගම් වල, එළවලු තෙල් ආශ්‍රිතව හඳුනා ගත හැකිවන අතර ආහාර වල රසය, වර්ණය පවත්වා ගැනීමටත් තෙල් මුඩු වීම අඩු කර ගැනීමටත් යොදනු ලබයි. මෙයට පිළිකා කාරක හැකියාවක් පවතින අතර මොළය මත අහිතකර බලපෑම් ඇතිවේ. මේ නිසා හැසිරීම් පවා වෙනස් විය හැක. චුවින්ගම්, ක්ෂණික අළ පෙති, සොසේජස්, ඌරු තෙල් වල ඇත.
10. සල්ෆර් ඩයොක්සයිඩ් (Sulfur Dioxide - E220)
මෙය එළවලු හා පලතුරු වල කල් තබා ගැනීමේ ද්‍රව්‍යයක් ලෙස යොදා ගන්න අතර ඇමෙරිකාව තුල තහනම් කල ආකලන ද්‍රව්‍යයකි. එය ස්වාස නාල වල ගැටළු ඇති කිරීමටත්, රුධිර මන්දාතතිය සඳහාත් විටමින් B1 හා E විනාශ කිරීමටත් හේතුවන අතර කුඩා දරුවන් සදහා මෙය නිර්දේශ කරන්නේ නැත. බියර්, කෝඩියල්, විනාකිරි, කෘතිම බීම වර්ග වල අඩංගු අතර සමහරු වියළි පළතුරු වර්ගවලටද යොදා ඇති අවස්ථා අනාවරණය වී ඇත.
11. පොටෑසියම් බ්රෝමේට් (Potassium Bromate)
මෙය ඉතා සුළු ප්‍රමාණ වලදී පවා ගැටළු සහගත විය හැකි පිළිකා ඇති කිරීමට හැකියාවක් ඇති පාන් වැනි නිෂ්පාදන වල පරිමාව වැඩිකර ගැනීමට උපයෝගී කර ගන්නා ද්‍රව්‍යයකි.
12. E 503i-Ammonium carbonates
       E503ii: Ammonium
bycarbonate
සමහර චොක්ලට් බිස්කට්වල අඩංගුය. ගැස්ට්‍රයිටිස් ඇති වේ.
මූලාශ්‍ර - * 2014.7.24 දින මධ්‍යම පරිසර අධිකාරියේ පැවැති ආහාර ආකලන පිළිබඳව විද්‍යා හා තාක්ෂණ නිලධාරීන් දැනුවත් කිරීමේ දේශණය.
http://www.food-info.net/
https://www.facebook.com/permalink.php?id=704341976259590&story_fbid=743889022304885
http://siyalukodeuwa.blogspot.com/2013/11/msg.html
http://www.mirrorgirl.lk/healthy-life/healthy-living/1535-2013-09-08-03-56-37

සැකසුම-
ඒ.ජී.ආනන්ද අබේරත්න,
විද්‍යා හා තාක්ෂණ නිලධාරී,
විදාතා සම්පත් මධ්‍යස්ථානය,
නොච්චියාගම.

August 29, 2014

ශාක ආහාර වල සැගවගත් මහෞෂධය

විවිධත්වයෙන් යුත් ‍නොපාහින ලද ධාන්‍ය එළවළු සහ පළතුරු  ආහාරයට එකතු කර ගැනීම තුලින් අත්‍යාවශ්‍ය පෝෂක මෙන්ම පෝෂක නොවන ජීව  ක්‍රියාකාරී සංයෝග ශරීරයට ලබා ගත හැක. මෙම විවිධ සංයෝග අතර විටමින වර්ග ඛණිජ ලවන ජීව ක්‍රියාකාරී ශාක රසායනික ද්‍රව්‍ය සහ තන්තු අ‍ඩංගු වේ. බොහොමයක් ජාත්‍යන්තර ආහාර තෝරා ගැනීමේ උපදේශක මාලාවන්ට අනුව දිනකට කිලෝ කැලරි 2000 ශක්ති අවශ්‍යතාවයෙන් යුත් මිනිසෙක් එළවළු සහ පළතුරු ප්‍රමාණයෙන් අවම වශයෙන් නමයක් ආහාරයට ගත යුතුය. එම ප්‍රමාණයෙන් එළවළු හා කෝප්ප 4.5 කට සමානය. තව දුරටත් මෙම ප්‍රමාණය පළතුරු කෝප්ප 2ක් හා එළවළු කෝප්ප 2.5 වශයෙන් දැක්විය හැකිය.
ශාකආහාර වල අඩංගු වන ‍පෝෂක නොවන රසායන සංයෝග මිනිසාට වැලදෙන නිදන්ගත රෝග සීඝ්‍රතාවය අවම කර ගැනීම සදහා ඉවහල් වේ. එළවළු පළතුරු හා ධාන්‍ය වල අඩංගු වන ජීව ක්‍රියාකාරි සංයෝග වර්ග 5000 වැඩි ප්‍රමාණයක් වෙන් කර ගෙන හදුනාගෙන ඇතිමුත් තවමත් ඒවායේ වැඩි ප්‍රමාණයක ජීව ක්‍රියාකාරීත්වය පිළබදව සම්පූර්ණ වශයෙන් අධ්‍යයනය කර නොමැත.

නමුත් දැනට පවතින සාක්ෂි වලට අනුව හෙලි වන ප්‍රධාන කරුණක් වන්නේ මෙම ශාක ජීව ක්‍රියාකාරී සංයෝග ප්‍රමාණයන් මෙන්ම අන්තර්ගතයද එකිනෙක‍ට පුළුල් වශයෙන් වෙනස්වන බවය . එබැවින් ශාක ආහාර පරිභෝජනයේදී විවිධත්වයකින් යුතු දෑ  ආහාරයට එකතු කර ගැනීම වැදගත් වේ. නිදසුනක් ලෙස විවිධ ශාක කුල වලට අයත් එළවළු පරිභෝජනයට තෝරා ගැනීමෙන් විවිධ ක්‍රියාකාරි සංයෝග අපට ලබා ගත හැකි වන අතර ඒවායෙන් ඉටු කරන ජීව ක්‍රියාකාරීත්වයන් වල ප්‍රයෝජනය ලෙඩ රෝග පාලනයේදී වැදගත් කාර්යක් ඉටු කරයි.

ආහාර වල අඩංගු ජීව ක්‍රියාකාරී සංයෝග ප්‍රධාන වශයෙන් කාණ්ඩ කීහිපයකට වර්ග කල හැකිය. ඉතාමත් පුළුල් කාණ්ඩය වන ෆීනෝලික සංයෝගය ඇල්කොලයිඩ ඕර්ගනෝසල්ෆර් සංයෝගය වන ග්ලුකෝසි‍නොලේට හා ඇලිසීන් පොලි ඇසිටලයින් සහ කැරොටිනයිඩ  සංයෝග  හදුන්වාදිය හැක.
මෙම ජීව ක්‍රියාකාරී සංයෝග සියල්ලම පාහේ අප එදිනෙදා ආහාරයට ගන්නා එළවළු පළතුරු හා නොපාහින ලද ධාන්‍ය වල විවිධ ප්‍රමාණ වලින් අන්තර්ගත වේ. එසේම මෙම සංයෝග වැඩි වශයෙන් අඩංගු වන විශේෂිත ආහාර  කාණ්ඩ  වෙන් කර හදුනා ගත හැක. නිදසුනක් ලෙස පොලි ඇසිටලයින සංයෝග කැරට් ගොටුකොළ පාස්ලි හා ‍සෙලරි වැනි ශාක  ආහාර වල ප්‍රධාන වශයෙන් අඩංගු වේ. මෙම සංයෝගයන් අනෙකුත් විවිධ ජීව ක්‍රියාකාරීත්වයන් අතරේ පිලිකා කාරක  සෛල විනාශ කිරීමේ හා බැක්ටීරියා නාශක හැකියාවෙන් යුක්ත බැවි පර්යේෂණ මගින් තහවුරු කර ඇත.

 නිදන්ගත රෝග ඇතිවීම කෙරෙහි අධි ක්‍රියාකාරී සක්‍රිය අංශු වල දායකත්වය ඉතාමත් පැහැදිලිය. ශරීරය තුල සාමාන්‍ය පරිවෘත්තීය ක්‍රියාවලියේදී ස්වභාවයෙන් නිදපවන සක්‍රිය අංශු වලට අමතරව පරිසරයෙන් හා ආහාර වලින්ද ශරීරය තුලට මෙම සක්‍රිය අංශු ඇතුලත් වේ. සක්‍රිය අංශු මගින්  ඇති කෙරෙන ඔක්සිකාරක ආතතිය නිදන්ගත රෝග ඇති වීම වේගවත් කරයි. ප්‍රති ඔක්සිකාරක ගුණය සහිත විවිධ ශාක රසායන සංයෝග මෙම සක්‍රීය අංශු අඩපන කිරීමට ඉවහල් වේ. එපමණක් නොව මෙම ක්‍රියාකාරී සංයෝග ශරීරය තුල නිසගයෙන් පවත්වන ප්‍රති ඔක්සිකාරක ආරක්ෂණ පද්ධතිය ක්ෂය වීමද වලක්වයි. මෙවැනි යාන්ත්‍රන තුලින්  ජීව ක්‍රියාකාරී ශාක රසායන ද්‍රව්‍යයන් නිදන්ගත රෝග ඇතිවීම හා වයස් ගත වීමේ සිඝ්‍රතාවය පාලනය කරයි.
ෆීනෝලික සංයෝග  අනෙකුත් ජීව ක්‍රියාකාරී සංයෝග අතරින් ශාක ආහාර වල බහුලව ප්‍රචලිත වී ඇති අතර වැඩි වශයෙන්ම අධ්‍යයනයට ලක් වී ඇති ෆීනෝලික අම්ල හා ෆ්ලේවනොයිඩ සංයෝග මෙම කාණ්ඩයට අයත් වන ශාක ආහාර වල බහුලව අඩංගු සංයෝගය වේ. පීනෝලික සංයෝග  කාර්යක්ෂම ප්‍රති ඔක්සිකාරකයන් වන අතර විවිධ අධ්‍යයනයන් මගින් මෙම සංයෝග අප ශරීරය තුල ප්‍රති ඔක්සිකාරක හැකියාව ඇති කිරීමට වැදගත් වන බව සොයාගෙන ඇත. මෙම නොපාහින ලද ධාන්‍ය, එළවඵ හා පළතුරු තේ කෝෆී වැනි පාන වර්ග ෆීනෝලික සංයෝග ලබා ගත හැකි ආහාර මුලාශ්‍ර වේ.

වෙනස් වු රසයක් ඇති බැවින් වැඩි වශයෙන් කෑමට එක් කර ගැනීමට වැඩි දෙනෙක් අකමැති වන ක්රිසිෆිරිසියේ  ශාක කුලයට අයත්වන ගෝවා , රාබු, නෝකෝල්, කෝලිෆ්ලවර් ද  බ්‍රොකෝලි හා කේල් වැනි එළවළු  ග්ලුකෝසිනොලේට් නැමැති ජීව ක්‍රියා සංයෝගයෙන් පොහොසත් වේ. විවිධ පර්යේෂණ වලින් පෙන්වා දී ඇති අයුරින් මෙම එළවඵ පරිභෝජනය පෙනහඵ ආමාශගත මහාන්ත්‍රයේ හා ගුද මාර්යේ ඇතිවන පිලිකා නිවාරණය කර ගැනීමට වැදගත් වේ.

මෙහිදි අපගේ අවධානය යොමු විය තවත් වැදගත් කරුණක් වනුයේ ශාක සංයෝග සිරුර තුලදී ආකලනය සහ සංශක්ති  ක්‍රියාවලිය ඇති කිරීමයි. එමගින් සංයෝගයන් තනි වශයෙන් ඇති කෙරෙන රෝග වැලැක්වීමේ බලපෑමට වැඩි කාර්යයක් ඉටු කරයි. එබැවින් මෙම ශාක සංයෝග  අඩංගු ආහාර මගින් ඒවා ශරීරයට ලබා ගැනීමට අප උනන්දුවිය යුතුය.
එබැවින් ජීව ක්‍රියාකාරී සංයෝග වියෝජනය කර ආහාර අතිරේකයක් වශයෙන් කරල් හෝ පෙති වශයෙන් ලබා ගැනීම එම සංයෝග වල නිසි ප්‍රයෝජනය ලබා ගැනීමේ  කාර්යක්ෂම ආකාරය නොවන බැව් පර්යේෂණ පෙන්වා දෙයි . ස්වභාවික ආහාර ලෙස පරිභෝජනය කිරීම මගින් පෝෂක පදාර්ත මෙන්ම පෝෂක නොවන ජීව ක්‍රියාකාරී සංයෝග ශාකමය ආහාර මගින් ලබා ගැනීමට අප උත්සුක විය යුතුය. එමගින් නිදන්ගත රෝග මෙන්ම වයස්ගත වීමත් සමග ඇතිවන බෙලහීනතාවය පාලනය කර ගැනීම දිගු සුවබවර දිවියකට මග පාදයි.

සී.එම්.එස්.එම්. චන්ද්‍රසේකර
විද්‍යා හා තාක්ෂණ නිලධාරි - ගනේවත්ත 

විටමින් E

විටමින් Eවලින් ලැබෙන ප්‍රයෝජන මෙපමණක් යැයි කියා ගණන් කර පැවසීමට අපට නොහැකි ය. සෞඛ්‍යමය වශයෙන් එකිනෙකට වෙනස් වූ ප්‍රයෝජන බොහෝමයක් අතරින් ඔබට වඩාත් සම්බන්ධ එමෙන් ම  ඔබ මෙතෙක් නොදන්නා කරුණු පහතින් දක්වා ඇත. එලෙස විටමින් E අඩංගු ආහාර ලෙස අලිපේර, රටකජු, කොළ පැහැති එළවළු ආදිය සැලකිය හැකි ය.

01. පිලිස්සුනු තුවාලවලට ප්‍රතිකාරයකි.
විටමින් Eවල විශිෂ්ට රෝගනාශක ගුණයක් පවතී. එම නිසා ම කුඩා පිලිස්සුනු තුවාල සුව කිරීමට පුළුවන. පිලිස්සුනු විට ම විටමින් E අඩංගු තෙල් පිලිස්සු තුවාල අවට තැවරූ විට එය ඉක්මණින් සුව වේ.

02.ලප කැලැල්වලට
විටමින් E සතුව පවතින ලප කැලැල් ඉක්මණින් සුව කිරීමේ හැකියාව පුදුම සහගත ය. සමේ රතු බිබිලි ඇති වීම නිසා හෝ පිලිස්සුනු නිසා ඇති වන කැලලිවලට උසස් ම ප්‍රතිකාරය ලෙස සලකනු ලබන්නේ ද විටමින් E සතු මේ ගුණය නිසාවෙනි.  කැලල සිදු වූ කාලය සැලකිල්ලට නොගෙන විටමින් E අඩංගු තෙල් බිංදු කිහිපයක් එම කැලල මත තැවරූ විට සංසරණ පද්ධතියේ උදව්වෙන් පිලිස්සුනු පටකයේ ආරම්භක ස්ථානයට කාවදින අතර කැලලේ ප්‍රමාණය අඩු කිරීමට දායක වේ. දිනපතා භාවිතයෙන් හොද ප්‍රතිඵල ලබා ගත හැකි ය.

03.සමේ පිලිකාවලට
ඉතා උණුසුම් හිරු රැස් නිසා ඇති වන මෙම රෝගී තත්වයට පිලියමක් ලෙස භාවිතා කරන සන්ස්ක්‍රීන් වෙනුවට විටමින් E අඩංගු තෙල් බිංදු 4-5ක් හිරු එලියට නිරාවරණය වීමට පෙර ආලේප කළ හැකි ය.

04.සම ඇදීමකින් පසු ඇති වන කැලැල්වලට
බොහෝමයක් මේ ප්‍රශ්නයට මුහුණපාන්නේ ගර්භණීභාවයට පත් වූවාට පසුවය. විටමින් E අඩංගු  ඖෂධ සෑම කැලැලකට ම ප්‍රතිකාරයකි. එමෙන් ම උපන් ලප ආදි කැලැල් ද සුව වේ.

05.දද හා කුෂ්ට රෝගවලට
දිනකට දෙවරක් විටමින් E අඩංගු ඖෂධ භාවිතයෙන් දද හා කුෂ්ට රෝග සුව කර ගත හැකි ය.

06.වියලි නියපොතු හා නියමූලවලට
 නියපොතු කැඩී යාම හා පැලී යාම වැලැක්වීමට විටමින් E යෝග්‍ය වේ. ඔබ පහසුවෙන් කැඩෙන බිදෙන සුළු නියපොතු පාර්ථනා නොකරන්නේ නම් ඔබගේ නියපොතු මිනිත්තු 5-10ක් විටමින් E අඩංගු  ඖෂධයක ගිල්වා තබන්න. එමගින් නීරෝගී නියපොතු ලබා ගත හැකි ය.

07.ඉරිතැලි වේදනාවෙන් පෙලෙන තොල්වලට
විටමින් E අඩංගු ඖෂධ භාවිතයෙන් ඉරිතැලි වේදනාවෙන් පෙලෙන තොල් සුව කර ගත හැකි ය. මේවා වියලි බව අඩු කරන්නක් ලෙස (moisturizer) ක්‍රියා කර වියලි බවින් තොර තොල් පෙති ලබා ගැනීමට උපකාර කරයි. එසේ ම තොල් පිපිරීම නිසා ඇති වන වේදනාව ද අඩු කරයි.

08.හෘදය ආශ්‍රිත රෝගවලට
චිකිත්සක ගුණය හා සුව සලසන ගුණය නිසා විටමින් E අඩංගු ආහාර විශිෂ්ට වු පෝෂණ අතිරේකයකි. එම නිසා එම ආහාර හෘදයේ දිගු කල් පැවැත්මට දායක වේ. ධමනිවල ඇති වන කොලෙස්ටරෝල් තත්ව සුව කිරීමට ද  විටමින් Eවලට හැකියාවක් පවතී.  ධමනිවල ඇති වන කොලෙස්ටරෝල් තත්ව නිසා හෘදයෙන් රුධිර පොම්ප කිරීමට අමතර ශක්තියක් වැය වේ. එම නිසා අධි රුධිර පීඩනය ඇති වීමේ අවධානමක් පවතී. නමුත් විටමින් E මගින් එම කොලෙස්ටරෝල් ඉවත් කර රුධිර ගමනය පහසු කරයි.

09.සමේ වියලි බව අඩු කර ගැනීමට
විටමින් E අඩංගු ඖෂධීය ගුණය නිසා ආසාදනවලින් තොර සුමුදු රන්වන් සමක් ලබා ගත හැකි ය. එය පුදුම විය යුතු කරුණක් ද නොවේ. විටමින් E බොහෝමයක් සමේ ආරක්ෂාවට යොදා ගන්නා ආලේපනවල ප්‍රධාන සංටකයයි. මනා ලෙස රසායනික ද්‍රව්‍ය යොදා ඇති විටමින් E අන්තර්ගත නිෂ්පාදන මගින් සමේ වියලි බව අඩු කර සුමුදු සමක් ලබා දෙයි. රාත්‍රී ප්‍රතිකාරකයක් ලෙස යොදා ගැනීමට විටමින් E අඩංගු ඔලිව් තෙල් සුදුසු වෙයි. එහි ඇති ඔලෙයික් අම්ලය සමේ ලප කැලැල් ද ඉවත් කරයි.

10.සම රැලි වැටීමට
වයසට යාමත් සමග ම සෛලවල ප්‍රධාන ප්‍රෝටීනය වන  කොලැජන් නිපදවීම අඩු වීම නිසා සමේ පවතින ඇදෙන ස්වාභාවය හා ශක්තිමත් බව අඩු වේ. එමෙන් ම නිවැරදි ආහාර වේලක් නොගැනීම, රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීම හා පරිසර දූෂණය ද හේතු විය හැකි ය. එහි ඇති ඇන්ටිඔක්සිඩන්ට් ගුණය නිසා නොකඩවා විටමින් E අඩංගු ආලේපන ගැල්වීමෙන් සිනිදු හා පිරිසිදු සමක් ලබා ගත හැකි ය.

11.ඇස් වටා සමට
ඇස වටා පවතින සංවේදී ස්ථානවල ආලේප කිරීමට ද  විටමින් E අඩංගු ආලේපන සුදුසු වේ. ඇස් වටා තවරා සෝදා හැරිය විට ඇස් වටා කළු පැහැය ඉවත් වී රැලි වැටීම ද නතර කරයි.

12. කෙස් වර්ධනයට
හිසේ ඇති වියලි ස්වාභාවය ඉවත් කර අලුත් කෙස් වැඩීම ඇති කරයි.

සැකසීම-  අන්තර්ජාලයේ Daily health tips ඇසුරෙනි.