August 11, 2014

සූර්ය පැනල මගින් ජංගම දුරකථනයට සදාකාලික බල සැපයුමක්

2008 වර්ෂයේදී ටැග් හුවර් විසින් ඔවුන්ගේ ප්‍රථම ජංගම දුරකථනය “මෙරිඩීස්ට්“ හඳුන්වා දුන් අතර එය ඇමරිකන් ඩොලර් 6200 ක් විය. මෙය ඇතමුන්ගේ නලල රැලිගැස්වීමට සමත් වුවත් මෙරිඩීස්ට විශේෂත්වයක් විය. එනම් මෙහි ආලෝකයෙන් ආරෝපනයවන ප්‍රකාශ විද්යුත් (Photovoltaics (PV)) පැනලයක් අන්තර්ගත වීමයි. 
දුරකථනයේ දර්ශන තිරයෙහි පිටත පෘෂ්ඨය හා එල්.සී.ඩී. තිරය අතර සැන්ඩ්විච් ආකාරයට පාරදෘෂ ප්‍රකාශ විද්යුත් පටලයක් අන්තර්ගත කිරීම මෙහි විශේෂත්වයයි. මෙම පටලයේ ආලෝකය නාභිගතකිරීමට අර්ධ සිලින්ඩරාකාර කාචමය ස්ථරයක් සහ ආලෝකය අවශෝෂණයට ප්‍රකාශ විද්යුත් කෝෂවලින් සමන්විත කවාකාර ස්ථරයක් ලෙස ස්ථර දෙකක් පවතී.

කෙසේනමුත් ටැග් හුවර් විසින් මෙම ක්‍රමවේදය මගින් කෙතරම් විද්‍යුත් ශක්තියක් ජනනය වේදැයි නිෂ්චිතව ප්‍රකාශ නොකල අතර එය අවම වශයෙන් සෑහෙන පමණ වූ ස්වභාවික හෝ කෘතීම අලෝකයේදී දුරකථනය පොරොත්තු අවස්ථාවේ (stand-by mode) පවත්වාගැනීමට  ප්‍රමාණවත් යැයි වාර්තා කර ඇත. එබැවින් මෙය සදාතනික බල මූලාශ්‍රයක් ලෙස හඳුන්වනු ඇත.  මෙහි වෙනත් විශේෂතා නොතිබුනු අතර සැකිල්ල ටයිටේනියම්, කාබන් තන්තු හා රබර් යොදා සකස් කර තිබිණ. දුරකථන 1911 පමණක් මෙම මාදිලියෙන් නිපදවනු ලැබිණ.   



පසුකාලීනව ස්විස් ජාතික ඔරලෝසු නිපදවන සමාගමක් විසින් මෙම තාක්‍ෂණයම යොදාගෙන දුරකථනයක් නිපදවනු ලැබිණ. අඟල් 2.4 ක විශාලත්වයකින් යුත් සූර්‍ය පැනලයක් සහිත තිරයකින් සමන්විත මෙහි තිරය ප්‍රංශ ජාතික සමාගමක් විසින් නිපදවා ඇත. එහි තිරය මත ප්‍රකාශ විද්‍යුත් ද්‍රව්‍ය මයික්‍රොණමය සිහින් තීරු ලෙස සකස්කරන ඇති අතර දුරකථනය තුල ක්‍ෂුද්‍ර කාච මගින් ආලෝකය හැරවීමක් සිදු කරයි. එමගින් එල්.ඊ.ඩී. තිරය මත ඇති දෑ පරිශීලකයාට හොදින් දරශනය කරගත හැකිවේ. මෙම දුරකථනය හිරු එලියේ පැය 01 ක පමණ කාලයක් තැබීමෙන් එහි බැටරියෙන් 10-30% අතර ප්‍රමාණයක් ආරෝපනය කරගත හැකි අතර ගෘහස්ථ ආලෝකය මගින් පොරොත්තු අවස්ථාවේ පවත්වාගැනීමට ප්‍රමාණවත් තරම් බලයක් නිපදවනු ලැබේ. මෙහි වෙළදපල මිල මේවන තෙක් නිර්ණය කර නොමැත.



මෙම ලිපිය පොපියුලර් සයන්ස් (Popular Science ) 2014 අගෝස්තු කලාපයෙන් උපුටාගන්නා ලදී. 



            Tag Heuer Meridiist Infinite (http://www.gizmag.com/tag-heuer-meridiist-infinite-perpetual-power-reserve/31553/)

0 comments:

Post a Comment