August 12, 2014

LED බල්බ යොදාගෙන මේස ලාම්පුවක් සාදමු

මේ සදහා නිර්මාණය කරන ලද පරිපථය තිරයක එළියකින් යුත් LED  භාවිතා කර ඇති අතර මේ සදහා පද්ධතියෙන් 3W  ක බලයක් ලබා ගනි. AC  විදුලිය විසන්ධි වු විගස මේ තුළ ඇති බැටරි ගබඩාවට අදාල පරිපථය On  වි LED  ක්‍රියාත්මක වේ. AC  විදුලිය ඇති අවස්ථා වලදි බැටරි සම්බන්ධය විසන්ධි වි  විදුලියෙන් ක්‍රියාත්මක වේ. මේ සදහා භාවිතා කරන Power Supply  එක 0-7.5 W  500 mA  වන අවකර පරිණාමකයකිනි. මෙය S1 ලෙස නම් කර ඇත. මෙහි D1 – D4  දක්වා නම් කර ඇත්තේ 1N 4007  සෘඡූකරණය සදහා භාවිතා කරන Rectifiers  වේ.

මිට අමතරව C1ලෙස  1000 mF  ක ධාරිතාවක් සම්බන්ධ වේ. IC 7805  විදුලිය පාලනය කල 5 W  Regulator IC   එකක් සම්බන්ධ වේ. එය රත්විම වලක්වා ගැනිම සදහා Heat sink  එකක් සම්බන්ධ කර ගැනේ.

මෙම පරිපථය සදහා LED  එකටම R1-R10  දක්වා ඕම් 56ක Resisters  සම්බන්ධ වි ඇත. මෙම පරිපථය සදහා උපරිම වශයෙන් LED 15ක් සම්බන්ධ කල හැකිය. මෙහි විදුලිය විසන්ධී විම සිදු වු විට 6w  බැටරිය ස්වයංක්‍රියව ක්‍රියාකාරි විම සදහා RLලෙස Relay  එකක් සම්බන්ධ වේ. D5  සිට D7  දක්වා විදුලිය ආපසු ගමන් කිරිම වැලැක්විමට යොදා ඇති  rectifiers   යකි. D7  බැටරියේ ආරක්ෂාව සදහා ධ්‍රැවියතාව අවම කිරිම සදහා භාවිතා කර ඇති රෙක්ටියරයකි.

මෙම පරිපථය PCB  එකක් මතද නිර්මාණය කර ගත හැකිය. මෙම පරිපථය පැය කිහිපයක්  ඇස්රිදිමකින් තොරව භාවිතා කල හැකිය. නමුත් මෙම බල්බ දෙස එක එල්ලේ දිගු වේලාවක් බලා සිටිම සුදුසු නොවේ.

රූපය 1 මගින් පරිපථය දැක් වේ.



උපුටා ගැනිම   http://www.electronicsforyou.com/

ඒ.ඒ.ඡේ.එස්. අතාවුද
විද්‍යා හා තාක්ෂණ නිලධාරි

තුමිපනේ (ගලගෙදර)

1 comments:

Hi, I do think thius is a great website. I stumbledupon itt ;) I am going to revisit once again ssince i
hae bookmarked it. Money and freedom is the greatest way to change, may you be rich and contijnue to help others.


Feel free to visit mmy web site; doing nhs purchasing

Post a Comment