Ebola යනු වෛරස්
මගින් හටගන්නා මාරාන්තික රක්තපාත උණකි. මෙම වසංගතය
ආරම්භ වී ඇත්තේ බටහිර අප්‍රිකානු රටක් වන ගිනී රාජ්‍යයේය. 2013 දෙසැම්බරයේ ව්‍යාපතිය ඇරඹී ඇති මෙය පිලිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය
දැනුවත් වන්නේ 2014 මාර්තුවේදීය. ඒ වනවිට වසංගතය
ලයිබීරියාව, සියෙරා ලියෝන් හා නයිජීරියාව දක්වා පැතිර
ගොස් තිබුණි. 1976දී එබෝලා වෛරස් රෝගය හඳුනාගැනීමෙන්
පසු ඇතිවී විශාලතම එබෝලා වසංගතය මෙයයි. 2014 අගෝස්තු වන
විට මෙම වසංගතයෙන් 1229 මියගොස් ඇති බව වාර්තා විය.
1976 දී කොංගෝහි එබෝලා ගංගාව ආශ්‍රිත ප්‍රදේශයෙන් මුල්
වරට හදුනා ගත් මෙම නව වෛරසය Ebola virus (EBOV) ලෙස නම්
කරනු ලැබුණි. පසු කාලිනව වෛරසයේ නව ප්‍රභේද (sub types) 05 ක් හදුනා ගත් අතර ඒවායින් ආකාර 04 ක් ම
මිනිසුන්ට ආසාදනය විය හැකි ආකාරයේ ඒවා වේ. එම ප්‍රභේද නම්
2.
Ebola virus (EBOV)
3.
Sudan virus (SUDV)
4.
Tai Forest virus (TAFV)
5.
Reston virus (RESTV) ලෙස වේ.
කොන්ගෝව, උගැන්ඩාව, ගැබෝන්, ලයිබීරියාව, අයිවරි
කෝස්ට් වැනි අප්‍රිකාවේ දුගී රටවල්වල කලින් කලට වසංගතයක් මෙන් පැතිරෙන එබෝලා රෝගයේ
ප්‍රධාන වෛරස ගබඩාව වවුළන් බවට විද්‍යාඥයින් විසින් හඳුනාගෙන ඇත. වවුලන්
රෝගවාහකයන් ලෙස සිටින මෙම වෛරසය මිනිසාට පැතිරෙන්නේ බොහෝවිට අප්‍රිකානු රටවල වවුල්
මස් හා වෙනත් වන සතුන් ආහාරයට ගැනීම මගිනි. වවුල් මස්වලින් මෙම වෛරසය කෙලින්ම
මිනිස් සිරුරට ඇතුලුවිය හැකි අතර ඊට අමතරව වවුලන් විසින් බාගෙට කා අතහරින පලතුරු
ආහාරයට අගන්නා වඳුරන්, ගෝරිල්ලන් වැනි සතුන්ටද මෙම වෛරසය
ඇතුලුවෙයි. අප්‍රිකාවේ වඳුරු මස් ප්‍රණීත දඩමසක් ලෙස සැළකෙන අතර ආසාදිත වඳුරන් මස්
කරද්දී හා හොඳින් නොපිසූ ආසාදිත මස් ආහාරයේදී එබෝලා වෛරසය ශරීරගත විය හැකිය.
එබෝලා රක්තපාත උණ බෝවීම සඳහා එම
වෛරසය ආසාදිත වූයෙකුගේ ශාරීරික තරල (ලේ, කෙළ, සෙම්/සොටු, ශුක්‍රාණු/යෝනි තරල ) ස්පර්ශවී ශරීරයට වෛරසය ඇතුළුවීම මගිනි. වෛරසය
ආසාදිතයෙකු භාවිතකල එන්නත් කටු මගින්, ආසාදිත රුධිරය
පාරවිලයනය මගින්ද මෙය බෝ විය හැක.
සාමාන්‍යයෙන් වෛරසය ආසාදනයෙන් දින 2 සිට 21 අතර කාලයකදි රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.
එහෙත් ආසාදිත දින සිටම ධාරකයා රෝගය බෝ කරන්නෙකු ලෙස කටයුතු කරයි. මුල්ම රෝග ලක්ෂණ
ලෙස සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා තත්වයකදි මෙන් හිසරදය, හන්දිපත්
වේදනාව, උගුරේ වේදනාව සමග මද උණ ගතිය ඇති විය හැක.
තවද වමනය සමග පාචන තත්වයක්ද ඇති විය හැකිය.රෝගය උත්සන්න වු විටදි
සමේ පැල්ලම් ඇති වනු දැක ගත හැකි අතර වකුගඩු හා අක්මාවේ ක්‍රියාකාරිත්වය අඩාල
කරයි.
වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව නිපදවන ග්ලයිකොප්‍රොටින (Glycoprotein)
වල එක් අකාරයක් ධාරකයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරයි.
වෛරසය සුදු රුධිරාණු වර්ගයක් වන මොනොසයිට වලට ඇතුලුව ඒ තුල ගුණනය වෙමින් එම සෛල
විනාශ කිරීම ආරම්භ කරන අතර රුධිර වාහිනි පද්ධතිය හරහා ශරීරය පුරා ගමන් කරයි. වෙනත්
ආකාරයක ග්ලයිකොප්‍රොටිනයක් අපිච්ඡද සෛල හා බැදී ඒවා විනාශ කිරීම නිසා අභ්‍යන්තර හා
භාහිර රුධිර වහනය වීම් සිදු වනු දැක ගත හැකිය. අක්‍රමවත් රුධිර වහනය හා ප්‍රතිශක්තිකරණ
පද්ධතිය බිද වැටීම සිරුරේ පටක හා අවයව විනාශ වීමට මග පාදන අතර අවසානයේ රෝගියාගේ
මරණයට හේතු වේ.කිසිදු රෝග පාලන ක්‍රමයක් මෙතෙක් සොයා ගෙන නොමැති අතර වෛරසය අසාදනය වුවන්ගෙන්
50-90% ප්‍රතිශතයක් මරණයට පත් වී තිබේ. ඇතැම් රට වලදී මරණ
අනුපාතය 100% ක් වන්නේ වෛරසයේ ප්‍රචණ්ඩතාවය පිළිබදව ලොවටම
ඉඟිකරමිනි.
EHV/ EVD රෝග ලක්ෂණ කොලරා, ඩෙංගු,
මැලේරියා රෝග වල රෝග ලක්ෂණ වලට සමාන අතර නිවැරදි රෝග විනිශ්චය
සදහා ප්‍රතිදේහ පරීක්ෂාවක් (anti body test)හෝ වෛරස RNA
පරීක්ෂාවක් (RT-PCR finger printing) සිදු
කල යුතුය. රෝගය පැතිරීම වැලැක්වීම සදහා අසාදිත පුද්ගලයන් වෙන් කර තැබීමත් අසාදිත
අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීමත් වැදගත් වේ.
0 comments:
Post a Comment