August 10, 2014

ලිතියම් බැටරියෙහි ලෙඩ

ලිතියම් බැටරිය (Lithium –Ion) යනු දශක කිහිපයක සිට ලැප්ටොප් පරිගණක,ජංගම දුරකථන සහ ipod වැනි උපාංග පණ ගැන්වීමට උපකාරී වූ මෙවලමකි.ලිතියම් බැටරිය ලොව පුරා කා අතරත් ප්‍රචලිත වීමට හේතුව නම් බොහෝ පරිගණක නිෂ්පාදකයින් සිය පරිගණක උපාංග පණ ගැන්වීමට ලිතියම් බැටරිය යොදා ගැනිමත් සහ ලිතියම් බැටරිය සාපේක්ෂව අනෙක් බැටරි වලට වඩා සැහැල්ලු වීමත් නිසාය.
ලිතියම් බැටරිය සැහැල්ලු ලිතියම් සහ කාබන් අංශු යොදා ගෙන නිපදවනු ලබයි.ලිතියම් යනු අධි සක්‍රිය මූල ද්‍රව්‍යයකි.එබැවින් ලිතියම් සාදන බන්ධන තුල විශාල ශක්තියක් ගබඩා කල හැක.මේ ගුණාංගය නිසා අනෙක් බැටරි වලට සාපේක්ෂව ඒකක පරිමාවක් තුල ගබඩා කළ හැකි ශක්ති ප්‍රමාණය ලිතියම් බැටරිය තුල වැඩිවේ.මේ නිසා මෙම බැටරිය අවශ්‍යතාව මත කුඩාවටත් සැහැල්ලුවටත් නිෂ්පාදනය කිරීමේ හැකියාව ලැබුණි.

සාමාන්‍ය ලිතියම් බැටරි 1kg  ක් තුල 150 kW h( කිලෝවොට් පැය) ශක්තියක් ගබඩා කළ හැකිය.නමුත් ඊයම් -අම්ල බැටරි(Lead –acid Battery) 1kg  ක් තුල ගබඩා කල හැකි වන්නේ 25 kW h( කිලෝවොට් පැය) තරම් ශක්තියක් පමණි.එබැවින් ලිතියම් බැටරිය කරන කාර්යය සදහා ඊයම්-අම්ල බැටරියක් යොදා ගත හොත් යෙදිය යුතු බැටරියෙහි විශාලත්වය 6 ගුණයකින් වැඩිවනු ඇත.

එහෙත් ලිතියම් බැටරිය භාවිතයේදි එය රත්වීම හා ඇතැම් විට පුපුරායෑම හෝ ගිනි ගැනීම මෙහි ඇති ගැටළුවව වනු ඇත.එසේම බොහෝ කාලයක් ආරෝපනය (Charging) සහ විසර්ජනය (Discharging) කිරීම නිසා බැටරියෙහි ශක්තිය ගබඩා කිරීමේ හැකියාව ක්‍රමයෙන් අඩු වී (ක්ෂය වීම)යයි.

ලිතියම් බැටරිය ආරෝපනය කිරීමේදී බැටරිය ප්‍රසාරණය වන අතර විසර්ජනයේදී නැවත සංකෝචනය වේ.මෙම ප්‍රසාරණය හා සංකෝචනය ඒකාකාරීව සිදු නොවන හා ප්‍රත්‍යාවර්ත නොවන ක්‍රියාවලියකි.එබැවින් නැවත ප්‍රතිස්ථාපනය කල නොහැකි අංශු ස්ථර වල බිදීම් සිදු වනු ඇත.ලිතියම් බැටරිය  ආරෝපනයේදී මයික්‍රොමීටර 50-120 දක්වා ප්‍රසාරණය වන නමුත් විසර්ජනයේදි සංකෝචනය වනුයේ  මයික්‍රොමීටර 80 ක් පමණ වන බව X කිරණ පරීක්ෂණ වලින් හෙලි වී ඇත.මේ වෙනස නිසා බැටරිය නැවත සකස් කල නොහැකි තතත්වයට පත්වනු ඇත.එනම් ලිතියම් බැටරිය ප්‍රසාරණය වේ. මේ නිසා පාවිච්චියට ගත නොහැකි තතත්වයට පත් වූ ලිතියම් බැටරියක් සාපේක්ෂව ප්‍රමාණයෙන් විශාල වී ඇති බව දක්නට ඇත.

නමුත් මෙම ලිතියම් බැටරියෙහි ඇතිවන ගැටළුව සදහා අස්ඵටිකරූපී සංයොග හා නිනිති තාක්ෂණය (Nano Technology) යොදා ගනිමින් සමාන මාත්‍රාවකින් ආරෝපනය හා විසර්ජනය සිදුවන බැටරියක් නිෂ්පාදනය කිරීම සදහා දැනට විද්‍යාඥඥයින් විවිධ පරීක්ෂණ වලින් උත්සාහ කරනු ඇත.එබැවින් වේගයෙන් දියණු වන තාක්ෂණයත් සමග නුදුරු අනාගතයේදි වැඩිදියුනු කරන ලද ලිතියම් බැටරියක් සමාජයට එක් වනු ඇතැයි ස්ථිරවම කිව හැකි වනු ඇත.

උපුටා ගැනිම-electronics.hows tuff works.com/everyday-tech/lithium-ion-battery. htm , www .ups. com/media/new/shipping-batteries. pdf

0 comments:

Post a Comment