August 14, 2014

වනාන්ත‍රේ සද්ධන්තයා

“අලි බැලීමත්, බලි බැලීමත් එපා වෙන්නේ නෑ  යන පැරණි කියමන අප අසා ඇත. ඒ අනුව අලියෙකු දෙස බලා සිටීමත් බලි කර්මයක් දෙස බලා සිටීමත් එපා නොවන දර්ශනයක් බවය. එතරම් අලියා ප්‍රිය ජනක සත්වයකි. ක්ෂීරපායි සත්ව ලෝකයේ දැනට ගොඩබිම ජීවත් වන විශාලම ශරීරය සහිත සත්වයා අලියා ය. පෘථිවිය මත දැනට ජීවත් වන සතුන් අතරින් අලියා ශරීර විශාලත්වයෙන් දෙවැනි වන්නේ මුහුදේ වෙසෙන යෝධ තල්මසාට පමණි.

සිංහල බසින් “අලියාලෙසද ඉංග්‍රිසි බසින් Elephantලෙසද හඳුන්වන මේ ක්ෂීරපායි සත්වයා, සත්ව විද්‍යාත්මක වර්ග කිරීමි වලදී අයත් ගෝත්‍රය “ප්‍රොබොසයිඩියා(Probosidea) නමින් හැඳින්වේ. මෙහි අදහස වන්නේ “ සොඬක් ඇති සත්වයින්යන්නයි. සත්ව විද්‍යාත්මක වර්ග කිරීම් වලට අනුව,
§  වංශය    - Chordata
§  වර්ගය   - Mammalia
§  ගෝත්‍රය - Proboscidea
§  කුලය     - Elephantidae
අලියා අද සිටින තත්වයට පරිණාමය වසර කෝටි ගණනක් ගත වී තිබෙනවා. ලෝකයේ විවිධ රටවල් වලින් හමු වී ඇති පොසිල කොටස් මඟින් මෙය පැහැදිලි වේ. ඉතා ඈත අතීතයේදී , අද සිටින අලින්ට වඩා දැවන්ත මැමත් වැනි අලි මෙන්ම පෝනියකු තරම් කුඩා අලි වර්ග ද සිටී බවට සාධක හමු වී ඇත. හමු වී ඇති සාධක අතරින් අලියාට නෑකම් කියන පැරණිම පොසිල කොටස ලෙස “මොඑරිතේරියුම්” (Moeritherium) නම් සත්වයාගේ පොසිල කොටස ලෙස සත්ව විද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබෙනවා. මෙම පොසිල කොටස මිසරයේ ඉහළ ඉයෝසීන (upper Eocene) යුගයට අයත්ය.

මෙම සත්වයාගේ හිස් කබල උසින් අඩි 2ක් පමණ වන්නට ඇති බවත්, දිගටි හිස් කබලක් ද කුඩා දළද තිබෙන්නට ඇති බවත් මෙම “මොඑරිතේරියුම් ගේ පටන් අලියා ට සමාන සත්ව විශේෂ 350ක් පමණ ඇති වී වර්තමාන අලියා බිහිවන්නට ඇති බවත්ය. අලියාගේ පරිණාමය පිළිබඳ පර්යේෂණ කළ එච්.එෆ් ඔස්බෝන් නම් විද්‍යාඥයා පවසන්නේ සත්ව පරිණාමයේ දැක්වෙන මයෝසීන යුගයේදී අලියාගේ පරිණාමයේ එක් අවස්ථාවක් වු ගොම්ෆොතේරියුම් නම් සත්ව විශේෂයට දළ 4 ක් තිබුණ බවය. හොඬවැල දිගට තිබෙන වර්තමාන අලියාට සමාන සතකු බිහි වී තිබෙන්නේ මයෝසීන යුගය අවසානයේ දී පමණ බව විද්‍යාඥයින්ගේ මතයයි.
ලෝකයේ ජීවත් වන අලි
1.ආසියානු අලියා(Elephas maximus)
§  ඉන්දියානු අලියා (Elephas maximus indicus) 
§  සුමාත්‍රානු අලියා(Elephas maximus sumatriana) 
§  ශ්‍රී ලංකා අලියා  (Elephasmaximusmaximus)
2. අප්‍රිකානු අලියා (Loxodontaafricana)
§  අප්‍රිකානු වනාන්තර අලියා (Loxodonta africana zyclotis)
§  අප්‍රිකානු  සැවනා අලියා (Loxodonta africana africana)
පෘථිවියේ පිහිටා ඇති  මහද්වීප පහෙන් වර්තමානයේ දී අලි ජීවත් වන්නේ මහද්වීප දෙකකය. ඒ අනුව ආසියානු හා අප්‍රිකානු මහද්වීපවලය. එසේ වුවත් ඇත අතිතයේ දී ඕස්ට්‍රේලියානු මහද්වීපයේ හැර අනෙක් සෑම මහද්වීපයකම අලි ජීවත්ව සිටි බව විද්‍යාඥයින්ගේ මතයයි. ලෝකයේ ජීවත් වන අලි පිළිබඳ ඉහත පරි වර්ගීකරණයකට ලක් කළ හැක.
අලි වෙනත් සතුන්ට වඩා බෝහෝ බුද්ධීමත්ය. එසේම හොඳ මතක ශක්තියක් ද ඇත. වැඩුණු අලියකුට වයස 4-5ළමයෙකුගේ බුද්ධීමත් බවක් ඇති බව විද්‍යාඥයින් ගේ මතයයි. මේ නිසා අලින් හීලෑ කර විවිධ වැඩ සඳහා යොදා ගැනීමට මිනිසා සමත් වී ඇත. අතීතයේ දී දළ 4 ක් සහිත ඇතුන් ලෝකයේ ජීවත් වුවත් වර්තමානයේ දී දැක ගත හැකි වන්නේ දළ 2ක් සහිත ඇතුන් පමණයි. දළ යනු ඇතාගේ මුඛයේ ඇති වර්ධනය වු කෘන්තක දත් දෙකක්ය. අලියා සතු මෙම දළ පරිණාමයේදී සිදුවු විකෘති වීමක් බවයි විද්‍යාඥයින්ගේ මතය. මෙම දළ දිගට  පිහිටන පිරිමි සතා ඇතා ලෙස ද කෙටි පණු දළ සහිත ගැහැනු සතා ඇතින්න ලෙසට ද හඳුන්වයි.එසේ ම පණු දළ සහිත හෝ රහිත පිරිමි සතා අලියා ලෙස ද පණු දළ රහිත ගැහැනු සතා කෙනෙර ලෙස ද හඳුන්වයි.
ආසියානු රටවල් ගණනාවක අලි ඇතුන් ව්‍යාප්ත වී සිටිනවා. එනම්, බංගලාදේශය , කාම්බෝජය, චීනය, ඉන්දීයාව , භූතානය, ඉන්දුනිසියාව, ලාඕසය, මලයාසියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය ආදී රටවලය. වසර කෝටී ගණනාවක් තිස්සේ පරීණාමය වී ඉතා ඈත අතීතයේ දී දළ4ක් තිබුණු සතා වර්තමානයේ දී දළ 2ක් සහිත සතෙක් බවට පත් වී ඇතිබව දක්නට ලැබේ.ශ්‍රී ලංකාවට ආවේණික Elephas maximus maximusනම් අලි විශේෂයට දළ පිහිටන්නේ නැත..ඒ නිසා ලොකයේ පරිණාමයෙන් උසස්ම අලි ජිවත් වන්නේ ශ්‍රී ලංකාවේ බව සත්ව විද්‍යාඥයින්ගේ මතය. එසේම ලෝකයේ කුඩා ප්‍රදේශයක වැඩිම අලි ගහනයක් සිටින රට වන්නේ ද ශ්‍රී ලංකාවයි. නමුත් අද වන විට  අලි ගහනය විවිධ හේතු මත අඩු වෙමින් පවතී.
ආසියානු අලියා හා අප්‍රිකානු අලියා අතර ඇති වෙනස්කම්

අප්‍රිකානු අලියා                                 ආසියානු අලියා
      දේහය ඉතා විශාලය                                                     එතරමි විශාල නොවේ.
§  කන්පෙති තරමක් විශාලයි                                           එතරමි විශාල නොවේ.
§  පිට දෙපස බොකු ගැසුණු ආකාරයක් ගනී                    එවැනි ස්වරූපයක් නැත. මට්ටම් වු   බවක්   
                                                                                       හෝ මැදින් උස්වුබවක් ඇත.
§  හොඬවලෙහි සංවේදී නෙරූම් දෙකකි.                         සංවේදී නෙරූම් එකකී.
§  රෝම එතරම් නැත                                                       රෝම බහුලය.
§  සෑම අලියකුගේ පාහේම දළ ඇත.                                ඇතැම් පිරිමි අලින්ගේ පමණක් දළ ඇත.
  
අලියාගේ ජීවන රටාව
අලියා පරිණාමයෙක් දියුණු සතෙක් නිසා හොඳ ගති සිරිත් ඌ සතුවේ. අලි රැළ තුළ නිතී රීතී දැක ගත හැකි වන අතර සෑම විටකම අලි රංචුවක නායකත්වය හිමිවන්නේ වැඩිමහළු ශරීර ශක්තියෙන් උසස් ඇතින්නටය. ඊට හේතුව ලිංගිකව මේරූ පිරිමි සතුන් අලි රැළක් තුළ දැකගත නොහැකි වීමයි.
ලිංගිකව මේරූ පිරිමි සතුන් රැළ හැරයන අතර එසේ නොගියහොත් වැඩිමහළු ගැහැණු සතුන් ඔවුන් එලවා දමනවා. ඒ ලේ නෑයින් අතර ලිංගික සම්බන්ධතා ඇතිවීම වැළැක්වීමටයි. මෙසේ තනිවන පිරිමි සතා “තනි අලියායන නම භාවිතා කරයි. ඔහු ඉතා දරුණුය. අලි රංචුවක අලි ඇතුන් 15-40ක් අතර සිටී. නායක ඇතින්න නිරන්තරයෙන් තම රංචුවේ ආරක්ෂාව ගැන අවධානයෙන් සිටී.
ඇතින්නනට මෑතකදී උපන් පැටවා සහ කලින් මුරේ පැටවා සමඟ සිටින විට මොවුන් තිදෙනා හඳුන්වන්නේ “තුන්පත් රෑනලෙසයි. පිරිමි අලි පැටවෙක් වයස අවු.11-13 කාලයක් මවු ඇතින්න සමඟ ජිවත් වන අතර ඌ පෙනෙනුයේ වැඩුණු අලියකු ලෙසය.
 “අලියාගේ මද කිපෙන කාලය   ලෙස හඳුන්වන්නේ ලිංගිකව මේරූ පිරිමි සතාගේ ඇස්වලට ඉහළින් මද ග්‍රන්ථි වලින් වසරකට වරක් ගලන දියරයක් ගලා එ කාලයයි. මේ කාලයේදී ලිංගික හෝමෝන ක්‍රියාකාරීත්වය වැඩි අතර සතා දරුණු තත්වයකට පත්වේ. පිරිමි සතෙක් වයස අවු9-10අතරත් ගැහැනු සතෙක් අවු. 8-9 කාලයේදී ලිංගිකව වර්ධනය වේ . පිරිමි සතෙකු ට වෙනත් රැළක ගැහැනු සතෙකු හමු වු විට ලිංගිකව එක්වේ.
ඇතින්නක් ගැබ්බර වු පසු පැටවා බිහි වී උස් මහත් වනතුරුම ඇයට රැළේ අනික් ඇත්නියන්ගේ උදව් උපකාර ලැබේ. ගැබ් කාලය මාස 22 ක් පමණ වේ. වරකට එක්  පැටවකු බිහි කරයි. පැටවා මඩ වලින් නහවන්නේ මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහාය. රැළේ අනික් ඇතින්නියන්ගේ ආරක්ෂාව සහ කිරි බිමේ අවස්ථා ද උදා වේ. උපදින විට සාමාන්‍ය බර රාත්තල් 200ක් පමණ වේ. එවිට සාමාන්‍යඋස අඩි 3ක් පමණ වේ. කුඩා පැටවකුට දිනකට කිරි ලීටර් 30 ක් අවශ්‍ය වන අතර කිරි උරා බීම අවු 4ක් පමණ සිදු කරයි.
අලියා අර්ධ ජලජ සතෙක් වන අතර  දිනකට පැය කිහිපයක් ජලයේ බැසසිටීමට ප්‍රියතාවයක් දක්වයි. මෙවුන් ශාක භක්ෂක සත්ත්ව කොටස්ය. වැඩුණු අලියකුට දිනකට කිලෝ ග්‍රෑම් 300ක් පමණ අවශ්‍ය වේ. ජලය ලීටර් 200-250ක් භාවිත කරයි. කැළැවේ අලි ආහාර සොයා යන්නේ සවස 6ත් උදේ 5ත් අතරය. දිනකට පැය16ක් පමණ ආහාර ගැනීමට ගත කරන අලි මධ්‍යහනේදී පැය කිහිපයක කෙටි නින්දක ලබාගනි. අලියන් ආහාර සොයා සංක්‍රමණය වන මාර්ග “අලිමංකඩ ලෙස හැදින්වේ. අලියාගේ සාමාන්‍ය ආයු කාලය වසර 60-75ක් අතර වේ. අලියාගේ ඇස් කුඩා නිසා සාමාන්‍යයෙන්  මීටර් 30කට වඩා දුරක් පැහැදිලිවම දැක ගැනීම අපහසුය. නමුත් ගඳ සුවඳ දැනීම ඇසීම ඉතා තියුණුය.  සතුන්ගේ මුළු දේහ බරෙන් 9%ක් හිසේ බර ලෙස සැලකේ.
විශාල කන් යුගලය නිසා ශරීර උෂ්ණත්වය පහසුවෙන් පිට කිරීමට උපකාරි වේ. මෙම කන් විශේෂ  රුධිර සැපයුමකින් යුක්තයි. නිතරම කන් සොලවන විට රුධිරයේ ඇති උෂ්ණත්වය භාහිර පරිසරයට නිකුත්වේ.
අලි පරිණාමයේදී නාසය දික් වී හොඬවැල නිර්මාණය වී ඇත. මස් පිඬු 500කින් පමණ සෑදී ඇති හොඬවැල නාස්පුඩු දෙකකින් සමන්විතයි. සාමාන්‍යයෙන්  හොඬවැලක දිග මීටර් 1 1/2-2 පමණ වන අතර කිලෝ ග්‍රෑම් 125-200පමණ බරකින් යුක්ත වේ. එය තුළ ලීටර් 5-8 1/2 පමණ ජල ප්‍රමාණයක් රඳවාගත හැකියි. එසේම කිලෝ ග්‍රෑම්350 ක පමණ බරක් එසවිය හැකිය. හොඬවැල කෙළවරේ ඇති ඇඟිලි තුඩින් පොළවේ තිබෙන සියුම් දෙය පවා ගැනීමේ හැකියාව ඇත. අප්‍රිකානු අලියාගේ එවැනි තුඩු 2ක් පිහිටා ඇති අතර    ආසියානු අලියාගේ ඇත්තේ එක් තුඩකි. මේ හේතු මත විශිෂ්ටතම සත්ව අවයව ලෙස හොඬවැල හැඳින්විය හැකිය. මෙහි ඇති ප්‍රයෝජන ලෙස,

 §  අලිපැටවුන්සුරතල්කිරිමට
§  දුවිලි සහ ජලය ශරීරයට දමා ගැනීමට
§  අවදානම් තත්වයක් ඉව ඇල්ලීමෙන් දැන ගැනීමට
§  සතුරන්ට එරෙහිව භාවිතා කිරීමට
§  එකිනෙකා වැළඳ ගැනීමට
§  ආහාර ගැනීම
§  ජලය පානය කිරීම
§  හුස්ම ගැනීම
§  ගර්ජනා කිරීම
ආදිය හැදින්විය හැකිය.



සද්දන්තයින්ගේ ප්‍රයෝජන
ඈත අතීතයේ දී යුධ සටන් සඳහා අලි ඇතුන් යොදා ගෙන ඇති බව ඉතිහාස ගත කරුණු වලින් පැහැදිලි වේ. මහා ඇලෙක්සැන්ඩර් රජුට විරුද්ධව යුධ කළ ඉන්දීයාවේ පෝරස් රජුගේ හමුදාවේ යුධ ඇතුන් 200ක් පමණ සිටි බව තොරතුරු වාර්තා වේ. එසේම ලාංකීය ඉතිහාසයේ දුටුගැමුණු රජු එළාර සටනේදී කඩොල් ඇතා පිට නැඟ සටන් කළ බව සඳහන් වේ.
වර්තමානයේදීත් පරිසර පද්ධතිය සඳහාත් මානව කටයුතු සඳහාත් අලියා ප්‍රයෝජනවත් වේ. මීටර්7ක් පමණ උසැති අතු රිකිලි ආහාර සඳහා යොදා ගන්නා නිසා ගස් වල අලුතින් අතු රිකිලි ඒම ශාක පද්ධතියට වැදගත් වේ. ඔවුන්ට ගන්නා ආහාර වලින්ජීර්ණය වන්නේ 45%ක් පමණය. ජීර්ණ පද්ධතිය දුර්වල විමයි. ඉතිරි ශරීරයෙන් බැහැර වේ.එය පොහොරක් ලෙස ද භාවිතයට ගත හැක. අලි ඇතුන් සිටින වනාන්තර වලට මානව බලපෑම් ඉතා අඩුය. එ බැවින් වනාන්තර ආරක්ෂා වේ.
ලාංකීය  කටයුතු වලදී පෙරහැර සංකල්පයේ දී නිරන්තරයෙන්ම අලින්ට ලැබෙන්නේ සුවීශේෂී ස්ථානයකි. සංචාරක කර්මාන්තය දියුණු වීමට ද හීලෑ අලින්ගෙන් දායකත්වයවැදගත් වේ. එමෙන්ම බර ඇඳීමට ද අලියා සහය ලබාගත හැක. අතීතයේ දී සී සෑමේ කාර්යට ද අලීන් යොදා ගෙන ඇත. වැව් වල මඩ ඉවත් කිරීමටත් අලීන් යොදා ගත් බව ඉතිහාසයේ සඳහන් වේ.
ලංකාවේ අලි
ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට අලි ඇතුන් මෙරට පරිසරයේ මෙන්ම සංස්කෘතියේ ද ප්‍රධාන ස්ථානයක් හිමි වු බව සඳහන්ය.කෑගල්ලේ දොරවක සහ නැඟෙනහිර පළාතේ මඩගල්ලෙන හිස් මෙම සත්ව කොට්ඨාසය චිත්‍රයට නඟන ලද දර්ශන හමුවී ඇත. විජය රජුවිවාහයේ දී  මදුරා කුමරියට දායාද ලෙස ඇතුන් විශාල සංඛ්‍යාවක් ලැබුණු බව මහා වංශයේ සඳහන් වේ.එසේම පරාක්‍රමබාහු රජ සමයේ බුරුමයෙන් අලීන් ගෙන්වු බවත් , රාජකීය ඇත් ගාලේ අලි ඇතුන් 2000ක් පමණ සිටි බවත් මහාවංශයේ සඳහන් වේ.
බෞද්ධ සාහිත්‍ය යේ ඇත් කුල 10ක් පිළිබඳ සඳහන්. එනම්, කලාවක, ගංග්‍යෙය, වීරෝධාර, තම්බ, පිංගල, ගන්ධ, මංගල, හේම, උපෝසථ, ජද්ධන්ත යනුවෙනි.
ලාංකීය අලියා සාමාන්‍ය යෙන් මීටර්3.5ක් දිග වන අතර කිලෝග්‍රෑම් 55000ක් බරකින් යුක්ත වේ.
අතීතයේදී අනුරාධපුර පොළොන්නරු ප්‍රදේශ වල ජනපද බිහි වීමත් සමඟ වියළි කලාපයට සාපේක්ෂකව තෙත් කලාපයේ අලි වැඩි ප්‍රමාණයක් ජීවත් විය. එකළ ඇතිවු චෝළ ආක්‍රමණයත් සමඟ වියළි කලාපය ජනශුන්‍ය වීම හේතුවේ ප්‍රතිඵලයක් ලෙස අලි මෙම කලාපයට සංක්‍රමණය වි ඇත. තෙත් කලාපයට පෘතුග්‍රීසී, ලන්දේසි ආක්‍රමණයෙන්  කුරුඳු, කරාබුනැටි වැනි වාණිජ බෝග ව්‍යාප්තවිම නිසා එම කලාපයේ අලි ප්‍රමාණය සීඝ්‍ර යෙන් අඩු විය. මෙයට හේතුව කැළෑ එළි කිරිම, විනෝදාංශය අලි මැරීම හේතු විය.

අලියන්ට පිහිටවන ස්ථානයක් ලෙස අලි අනාථාගාර හැඳින්විය හැක. තම රංචුයෙන් මඟ හැර යන අලි, මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් වලට ගොදුරු වී අබාධිත වෙන අලින්, ජලාශ වලට ,වළවල් වලට වැටෙන අලි ආරක්ෂා කිරීමට මෙවැනි ස්ථාන පිහිටුවා ඇත. උදා- ලෙස පින්නවල අලි අනාථාගාරය, උඩවලව ඇත් අතුරු සෙවණ හැදින්විය හැක.

මේ වන විට ශ්‍රී ලංකාවේ අභය භුමි, ජාතික වනෝද්‍යාන,ස්වාභාවික රක්ෂිත හා දැඩි රක්ෂිත වැනි වනාන්තර වල වල් අලින් ජිවත් වේ. යාල,විල්පත්තු,ගල්ඔය,වස්ගමුව,මින්නේරිය,සිතුල්පව්ව, ගිරිතලේ, උඩවලව,හඳපානාගල,සෝමාවතිය සහ ලුණුගම්වෙහෙර යන ප්‍රදේශ වල අදට ත් අලි ජීවත් වේ.

0 comments:

Post a Comment