August 31, 2014

සියදිවි නසා ගැනීම වලකන ඡානය

 සෑම තත්පර හතලිහකට වරක් ලෝකයේ එක් පුද්ගලයෙකු සියදිවි නසා ගන්නා බව වාර්තාවේ. විශේෂයෙන් ම මානසික අවපීඩනයට සහ ආතතියට ලක්වුවන් සියදිවි නසාගැනීම හෝ සියදිවි නසාගැනීමට තැත්කිරීමේ අවස්ථාවන් ඉහළ ප්‍රතිශතයක් උසුලයි. මේ සඳහා  ඔවුන්ගේ ජානවල ඇති විකෘතිතාවයක්  නිසා සියදිවි නසා ගැනීමේ අවධානම ඉහල යන බව පර්යේෂකයන් විසින් සොයාගනු ලැබ ඇත.(A genetic indicator that could help Prevent suicide)


මේ පිළිබඳව පර්යේෂණ පවත්වන ලද ඇමෙරිකවේ ජෝන් හෝප්කින්සර් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසකගේ නවතම සොයාගැනීමකට අනුව මෙම සියදිවි නසා ගැනීමේ අවධානම පහල හෙලීමට හැකිවනු ඇත. මෙහිදී පර්යේෂකයන් විසින් මානසිකව ආතතියට හෝ  අවපිඩනයට ලක් වු පුද්ගලයන් සහ ජීවිතයේ වර්ක් හෝ සියදිවිනසාගැනීමට උත්සාහ කළ පුද්ගලයන් සහ නිරෝගී පුද්ගලයන් 50 ගෙන් යුත් නියැදියක් තෝරාගෙන පර්යේෂණ කරමින් කරුණු විශ්ලේෂණය කරගන්නා ලදි. එහිදි SkA 2   යන  ජානයේ විකෘතිතාවයක් ඇති පුද්ගලයන්  ඔවුන් ගේ ජීවිතකාලයේදී සියදිවි නසා ගැනීමේ සිතිවිල්ලකින් හෝ පෙලි ඇති බව අනාවරණය කර ගන්නා ලදි.
 මෙම SkA 2     ජානය මොලයේ පූර්වලලාට පටලයේ පිහිටා ඇති අතර එම  ජානය මගින් මිනිසාගේ මොලය  මා වෙනස්වීමකෙරෙහි ප්‍රතික්‍රියා කරන්නේ කෙසෙදැයි නිශ්චය කරණු ලබයි.   නමුදු යම් රසායනික වෙනස්වීමක් මගින් හෝ විකෘතියකින්  ජානයේ ක්‍රියාකාරිත්වය වෙනස්කර ඇත්නම්  මෙම නිශ්චිත කාර්යය සිදුකල නොහැක. එනම් එවැනි අවස්ථාවල ආතතියට එරෙහිව හෝ සියදිවි නසාගැනීමේ සිතිවිල්ල පාලනය කිරීම හෝ අපහසු වන අතර එම තත්ත්වය  දිගින් දිගටම  නරක අතට හැරෙන්නේ හරියට එවැනි මොලයක් නිවැරදිව ක්‍රියා නොකරන තිරිංගයක් සහිත වාහනයක් ලෙසිනි.
මෙම පුද්ගලයන් 50යොදාගෙන කරණ ලද පර්යේෂණය තව දුරටත් තහවුරැ කර ගැනීම සඳහා පර්යේෂකයන් විසින් වෙනත්  පුද්ගලයන් 325 දෙනෙකු  යොදා රුධිර  පර්යේෂණයක්   සිදුකර ඇත. එහිදී සියදිවි නසා ගැනිමට තැත්කළ හෝ සියදිවි නසාගැනිමේ සිතිවිල්ලක්  හෝ පහල වු පුද්ගලයන්ගේ රැධිර නියැදි පරික්ෂා කිරීමේදී  SkA 2  ජානය රසායනිකව වෙනස් වී ඇති බව සොයාගෙන ඇත. එම රැධිර  පරික්ෂාවේ නිරවද්‍යතාවය 80% සහ 90% අතර වන බව රෝගීන් හා තවදුරටත් කරණ ලද පර්යේෂන මගින් තහවුරු කර ඇත.
ඒ අනුව මෙම     ජානය රසායනිකව වෙනස්වීම හෝ විකෘතිවීම පුද්ගලයකුගේ සියදිවි නසාගැනීමේ සිතුවිල්ලේ සිට එය ක්‍රියාත්මක කිරීම දක්වා විශාල කාර්යය භාරයක් ඉටු කරන අතර රුධිර පරික්ෂාවක් මගින් එම   ජානයේ රසායනික වෙනස්වීම් හදුනාගත හැකිබව සොයාගෙන ඇත. විශේෂයෙන්ම මානසික ආතතියට හා අවපිඩනයට ලක්වූවන්ගේ   රැධිර සාම්පල පරික්ෂා කිරීම මගින් මෙම SkA 2   ජානයේ රසායනික වෙනස්වීමක් හො විකෘතිතාවයන්  ඇතිදැයි සොයා ගැනීම මගින් ඔවුන්ගේ සියදිවි නසා ගැනීමේ සිතුවිල්ල හෝ උත්සාහය හදුනාගෙන එයට ප්‍රතිකාර ලබාදිය හැකිය. මෙමගින් මානසික ආතතිය හො අවපීඩනයෙන් පෙලෙන බව හදුනාගන්නා ලද  රෝගීන් මෙන්ම හදුනා නොගත් රෝගීන්ගේ  රුධිර පරීක්ෂාවක් මගින් මෙම   ජානමය වෙසන හෝ විකෘතිය සොයා ගැනීමෙන් සියදිවිනසා ගැනීමේ ප්‍රතිශතය අඩු කිරීමට හැකියාවක් ලැබෙනු ඇත. 

  The Washington Post and ScienceDaily
Nayana Wijeratne- STO,Yatinuwara

0 comments:

Post a Comment