August 11, 2014

ආහාර නිෂ්පාදන කර්මාන්ත කරුවන්ට රසායන විද්‍යාවේ වැදගත්කම


ලෝකයේ ආහාර නිෂ්පාදනය ශීඝ්‍රයෙන් වර්ධනය වීමට එක් හේතුවක් නම් බෝග හා සත්ව නිෂ්පාදනයට උපකාර වන රසායන විද්‍යාවට අයත් රසායන ද්‍රව්‍ය පරාසයයි.  පොහොර යෙදීම මගින් නිසරු පසක් සරු පසක් බවට පත්කළ හැකිවන අතර එමගින් කෘෂිකාර්මික ඉඩමක නිෂ්පාදිතතාවය ඉහළ දැමිය හැකිය.  නමුත්   කෘෂි රසායන යෙදීමට පෙර ඒවායේ හායන සහ ඒවාට සම්බන්ධ අවධානම් සාධක ඇතුලත් යාන්ත්‍රන පිළිබද දැනුමක්  ඇතිකර ගැනීම නිෂ්පාදකයා සතු වගකීමක් වේ.  එනම් කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතා කරන්නේ කෙසේ ද, කුමන අවස්ථාවේ ද යන්න මනා දැනුමක් නිෂ්පාදකයා තුළ තිබිය යුතුය.  තවද පාරිභෝගිකයාගේ සෞඛ්‍යට අහිත කරවිය හැකි කෘෂි රසායන අවශේෂ (Pb,As,Hg) පිළිබද දැනුමක් ආහාර නිෂ්පාදකයා තුල  තිබිය යුතුය.   ආහාර සැකසීමේ දී සමහර විෂ රසායන ජනනය වන නිසා එකී සැකසීම් කරණ පුද්ගලයා එවැනි ප්‍රතික්‍රියා පිළිබද දැනුවත් වියයුතු අතර උෂ්ණත්වය සහ තාපය සපයනු ලබන කාලය වැනි සැකසීම් තත්ව පිළිබද පැහැදිලි විද්‍යාත්මක දැනුමක් ආහාර නිෂ්පාදකයා හෝ ආහාර සැකසුම්කරු තුළ තිබිය යුතුය.  

පළතුරු ඉදීමේ දී භාවිතා කරණ කෘතීම ඉදවුම් කාරක ජනප්‍රිය වී තිබේ.  ඉදවුමු කාරකය පිළිබද තීරණය කිරීමට පෙර ඒවා භාවිතා කරණු ලබන පුද්ගලයාට ඒවා යොදා ගන්නා ආකාරය, ද්‍රව්‍යයෙහි වියෝජනය සහ රසායනික අවශේෂවලට සම්බන්ධ අන්තරායකාරි තත්ව යනාදිය පිළිබදව පැහැදිලි අවබෝධයක් තිබිය යුතුය. 
   
මාංශ හා කිරි නිෂ්පාදන සැකසීම් සදහා ප්‍රධාන වශයෙන් අමුද්‍රව්‍ය සපයන සත්ව නිෂ්පාදන වල රසායනය, අහාර නිෂ්පාදකයාට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.  සත්ව නිෂ්පාදන සැකසීමේ දී විද්‍යානුකූලව සතුන් ඇතිදැඩි කර ආහාර නිෂ්පාදක සැකසීම දක්වා සිදුකරණු ලබන ක්‍රියාවලියේ දී එය ආශ්‍රිත රසායන විද්‍යාව පිළිබද පූර්ණ දැනුමක් නිෂ්පාදකයා සතුව තිබිය යුතුය.   මෙහි දී ආහාරයෙහි අඩංගු දෑ වල රසායනික සංයුතුය සහ භෞතික ලක්ෂණ මත ආහාර සූත්‍රායනය සම්පූර්ණයෙන්ම  රදා පවතී.  ආහාර සූත්‍රායනයේ දී මිශ්‍රකරණ අනුපාතය තීරණය කිරීමේ දී අමුද්‍රව්‍ය වල පෝෂණ ව්ශ්ලේෂණයක් කළ යුතුය.  අනතුරුව එහි පෝෂණ සංයුතිය රසායනික විශ්ලේෂණයක් මගින් නැවත පිරික්සා කර බැලිය යුතුය.
  
කෙටි කාලයක් තුළ දී වෙළදපොළට යැවියහැකි ප්‍රමාණයකට වර්ධනය කිරීම සදහා ප්‍රතිජීවක හා වර්ධක හෝමෝන වැනි පශු වෛද්‍ය ඹෟෂධ ගොවිපළ සතුන්ට ලබා දේ.  රසායන විද්‍යාව මගින් මෙවැන්නක් සිදුකලත් සත්ව නිෂ්පාදන වල රසායනික අවශේෂ තිබිමේ ප්‍රවනතාවයන් තිබිය හැක.  නමුත් මෙම ද්‍රව්‍ය යෙදීමේ දී ඒවා යෙදිය යුතු සාන්ද්‍රන පිළිබද දැනුමක් නිෂ්පාදකයාට තිබිය යුතුය.    බෝග වගාවක් නම්, භූමියක වගාකිරීමේ සිට සුපිරි වෙළදසැලක තිබෙන සකස්කරණ ලද ආහාර නිෂ්පාදකයක් දක්වා හමුවෙන සෑම අංශයක දීම රසායන විද්‍යාවේ භාවිතයන් පිළිබද මනා දැනුමක් සහ අවබෝධයක් කර්මාන්ත කරුවනට තිබීම කර්මාන්තකරුගේ සහ එම කර්මාන්තයේ  ඉදිරි පැවැත්මට වැදගත් වේ..   


ආහාර නිෂ්පාදන කර්මාන්ත කරුවන්ට රසායන විද්‍යාවේ වැදගත්කම

විද්‍යා හා තාක්ෂණ නිලධාරි : ඒ.එම්.සී.එල්. සේනාධීර

0 comments:

Post a Comment