August 31, 2014

මගහැරිය යුතු ආහාර ආකලන ද්‍රව්‍යය-food additives

වෙළඳපළේ ඇති සැකසූ ආහාර මිළ දී ගැනීමේදී කල් ඉකුත්වීමේ දිනය ගැන බලනවා මෙන්ම එයට යොදා ඇති කෘතීම ආහාර ආකලන ද්‍රව්‍යද මොනවාද යන්න සොයාබැලීමද වැදගත් වේ. මෙම ලිපිය ඒ සඳහා මග පෙන්වීමකි.
ආහාර ආකලන ද්‍රව්‍ය (food additives) යනුවෙන් හඳුන්වන්නේ ආහාරයක පෙනුම හා රසය වැඩි කර ගැනීමට හෝ රසය පවත්වා ගැනීමට භාවිත කරන ද්‍රව්‍යය වේ. අතීතයේ සිටම විවිධ ආකලන ද්‍රව්‍යය භාවිත කල අතර උදාහරණ ලෙස විනාකිරි මගින් අච්චාරු සෑදීම, කරවල සඳහා ලුණු දැමීම වැනි ක්‍රම දැක්විය හැක. නූතනයේ ස්වාභාවික මෙන්ම කෘතීම ආකලන ද්‍රව්‍යය ද බහුලව භාවිත කරයි. විධිමත් කිරීම, පාලනය කිරීම හා පාරිභෝගිකයා දැනුවත් කිරීමේ අරමුණින් එක් එක් ආකලන ද්‍රව්‍යය සඳහා අනන්‍ය අංකයක් ලබා දී ඇති අතර එය E - අංකය ("E numbers") ලෙස හඳුන්වයි. ආහාර වල ලේබලය තුල අදාළ ආකලන ද්‍රව්‍යයේ නාමය හෝ එහි E - අංකය නීති රීති වලට අනුව සඳහන් කල යුතු වන අතර සමහර ලේබලවල E - අංකය පමණක් සඳහන් කර ඇත. පහත දැක්වෙන්නේ එවැනි ලේබලයකි.

සමහර ආකලන ද්‍රව්‍යය හිතකර වන අතර තවත් සමහරක් ආකලන ද්‍රව්‍යය සෞඛ්‍යයමය වශයෙන් හානිකරය. මේ නිසා ඒවා අඩංගු ආහාර දැනගත යුතු වන අතර ඒ සඳහා නාමය හෝ E - අංකය අංකය දැනගෙන යුතුය. ආකලන ද්‍රව්‍යය අති විශාල විශාල ප්‍රමාණයක් පවතින අතර ඒවා සියල්ලගේම නම් හෝ E - අංකය මතක තබා ගැනීම අපහසු නිසා සෞඛ්‍යයමය වශයෙන් අහිතකර ආකලන ද්‍රව්‍යය කිහිපයක් හා ඒවායේ E - අංක සලකා බැලීම යෝග්‍යය වේ.
1. කෘතීම පැණිරස කාරක/ ඇස්පාටෙම් (Aspartame - E951)
ළමයින්ට සුදුසු නැත.මෙය සීනි රහිත (sugar free) ලේබලය සහිත ආහාර වල බහුලවම හඳුනා ගතහැකි ආකලන ද්‍රව්‍යයකි. එය නියුරෝන ධුලකයක් හා පිළිකා කාරක ද්‍රව්‍යයක් ලෙස ක්‍රියා කරන අතර කෙටි කාලින මතකය හා බුද්ධිමත් භාවය කෙරෙහි අහිතකර ලෙස බලපායි. එසේම එය හිසරදය, කරකැවිල්ල, මානසික ව්‍යකුලතාවයට තත්ත්ව වලට ද හේතු විය හැකි බව සොයාගෙන ඇත.
2. අධි ප්‍රක්ටෝස පැණි වර්ග (High Fructose Corn Syrup)
මෙය ශක්තිය ලබා දෙන ද්‍රව්‍යයක් වශයෙන් භාවිත වන අතර අධික ලෙස පිරිපහදු කරන ලද කෘතීම පැණිරස කාරකයකි. මෙය රුධිරයේ අඩු ඝණත්ව ලිපෝ ප්‍රෝටීන (LDL) ප්‍රමාණය ඉහල යෑමට හේතුවේ. එමෙන්ම දියවැඩියා තත්ත්වයකට හා පටක හානි වීමටද හේතුවේ.
3. සෝබිටෝල්
චුවින්ගම් වල අඩංගු වන රසායනික ද්‍රව්‍යයකි. ළමුන්ට වැඩිපුර ආහාරයට දීමෙන් විරේචන රෝගතත්ත්වයන් ඇතිවිය හැක.
4. (Monosodium Glutamate/MSG - E621)
මෙය ආහාර වල රසය වැඩිකර ගැනීමට භාවිත කරන අතර අවපීඩනය, තරබාරු බව, හිසරදය, බලවත් විඩාව වැනි රෝගී තත්වන්ට හේතු වේ. සමහර රටවල්වල මීට අවුරුදු 15කට පමණ පෙර තහනම් කර ඇත.
ස්ත්‍රී වඳකාරකයකි.
ළමුන් ඇබ්බැහි වේ.
පිළිකා කාරකයකි.
5. ට්‍රාන්ස් මේදය (Trans Fat)
මෙය ආහාර වල කාල සීමාව වැඩි කර ගැනීමට භාවිත කරයි. මෙය ගැඹුරු තෙලේ බදිනු ලබන ආහාරවල, භාගිකව හයිඩ්‍රජනී කරනය වූ එළවලු තෙල් වල හා දෙවරක් බදින ලද තෙල් වල හමුවේ. එය රුධිරයේ LDL කොලේස්ටෝරෝල් මට්ටම ඉහළ දැමීමටත්, හෘද රෝග අවදානම වැඩිකිරීමටත් හේතු වේ.
3. පොදු ආහාර වර්ණක (Common Food Dyes)
විවිධ පාන වර්ග හා කෑම වර්ගවලට වර්ණයක් ලබා දීම සඳහා යොදා ගනී.
- නිල් (Blue #1 and Blue #2 - E133)
මෙම වර්ණකය ක්‍රීඩා පානවල, සිසිල් බීම වල හඳුනාගත හැක. ඒවා වර්ණ දේහ වලට හානි කර ලෙස බලපෑ හැකිය.
දරුවන් විකෘති ක්‍රියාකාරීන් වේ.
4. රතු (Red dye # 3 also Red #40 – a more current dye - E124)
මෙය අයිස් ක්‍රීම් වල හා බේකරි නිෂ්පාදනවල හඳුනාගත හැක. මෙය තයිරොයිඩ් පිළිකා සඳහාත්, වර්ණ දේහ මත හානිකර බලපෑම් ඇතිකර ගැනීම සඳහාත් හේතුවිය හැකිබව සොයාගෙන ඇත.
පින්ලන්තයේ, නෝර්වේ තහනම් කර ඇත.
ලංකාවේ තහනම් නැත.
5. E224: Potassium disulphite
සෝස් වර්ගවල, බියර්වල ඇත. සමේ කැසීම  ඇති වීම, ඇස් ආශ්‍රිත ආසාදන, හතිය, පෙණහළු පිළිකා ඇති විය හැක.  ඔබ ඇස්ප්‍රීන්වලට ආසාත්මික ලක්ෂණ පෙන්වයිනම් මේවා අඩංගු ආහාරද ඔබට ආසාත්මික විය හැක.
6. කහ සහ ටාටසීන් කහ
(Yellow #6 - E110 and Yellow Tartrazine - E102)
මෙය නොර්වේ හා ස්වීඩනයේ භාවිතය තහනම් කල වර්ණකයක් වන අතර වකුගඩු හා අදිවෘක ග්‍රන්ථි වල වායුගෙඩි ඉදිමුම් ඇතිවීමට හේතුවේ. නෝර්වේ, ඔස්ට්‍රියා,  ජර්මන්වල තහනම් වේ. ලංකාවේ ද තහනම් කිරීමට නියමිතය.
7. සෝඩියම් සල්ෆයිඩ් (Sodium Sulfite E - 221)
  මෙය වයින් වැනි පාන වල කල්තබා ගැනීමේ ද්‍රව්‍යයක් ලෙස භාවිත කරයි. සෑම පුද්ගලයින් සිය දෙනෙක්ගෙන්ම එක අයෙකු සල්ෆයිට් සඳහා සංවේදී වන අතර එවනි පුද්ගලයකු ලැබිය හැකි ප්‍රථිපල හානි කරය. ඒ අතර ස්වසනය කිරීමේ අපහසුතා, කුෂ්ඨ, හිසරදය ඇතිවීම සිදු විය හැක.
8. සෝඩියම් නයිට්‍රේට හා නයිට්‍රයිට.
පරිරක්ෂණය කළ මස් ආහාර වන හැම්, සොසේජස්, බේකන්, හොට් ඩෝග්ස් වැනි ආහාර කල්තබා ගැනීමටත්, රසය හා වර්ණය වර්ධනය කර ගැනීමටත් යොදා ගනී. සෝඩියම් නයිට්‍රයිට් විෂ ගති ගුණ ඇති ද්‍රව්‍යයක් වන අතර මෙමගින් ඇතිවිය හැකි නයිට්‍රොසෝ ඇමීන පිළිකා කාරකය.

9. බියුටිලේටඩ් හයිඩ්‍රෝක්සි ඇනිසොල් හා බියුටිලේටඩ් හයිඩ්‍රෝසිට් ටෝලුයින් (BHA and BHT - E320)
මෙය සමහර ධාන්‍ය වල, බබල්ගම් වල, එළවලු තෙල් ආශ්‍රිතව හඳුනා ගත හැකිවන අතර ආහාර වල රසය, වර්ණය පවත්වා ගැනීමටත් තෙල් මුඩු වීම අඩු කර ගැනීමටත් යොදනු ලබයි. මෙයට පිළිකා කාරක හැකියාවක් පවතින අතර මොළය මත අහිතකර බලපෑම් ඇතිවේ. මේ නිසා හැසිරීම් පවා වෙනස් විය හැක. චුවින්ගම්, ක්ෂණික අළ පෙති, සොසේජස්, ඌරු තෙල් වල ඇත.
10. සල්ෆර් ඩයොක්සයිඩ් (Sulfur Dioxide - E220)
මෙය එළවලු හා පලතුරු වල කල් තබා ගැනීමේ ද්‍රව්‍යයක් ලෙස යොදා ගන්න අතර ඇමෙරිකාව තුල තහනම් කල ආකලන ද්‍රව්‍යයකි. එය ස්වාස නාල වල ගැටළු ඇති කිරීමටත්, රුධිර මන්දාතතිය සඳහාත් විටමින් B1 හා E විනාශ කිරීමටත් හේතුවන අතර කුඩා දරුවන් සදහා මෙය නිර්දේශ කරන්නේ නැත. බියර්, කෝඩියල්, විනාකිරි, කෘතිම බීම වර්ග වල අඩංගු අතර සමහරු වියළි පළතුරු වර්ගවලටද යොදා ඇති අවස්ථා අනාවරණය වී ඇත.
11. පොටෑසියම් බ්රෝමේට් (Potassium Bromate)
මෙය ඉතා සුළු ප්‍රමාණ වලදී පවා ගැටළු සහගත විය හැකි පිළිකා ඇති කිරීමට හැකියාවක් ඇති පාන් වැනි නිෂ්පාදන වල පරිමාව වැඩිකර ගැනීමට උපයෝගී කර ගන්නා ද්‍රව්‍යයකි.
12. E 503i-Ammonium carbonates
       E503ii: Ammonium
bycarbonate
සමහර චොක්ලට් බිස්කට්වල අඩංගුය. ගැස්ට්‍රයිටිස් ඇති වේ.
මූලාශ්‍ර - * 2014.7.24 දින මධ්‍යම පරිසර අධිකාරියේ පැවැති ආහාර ආකලන පිළිබඳව විද්‍යා හා තාක්ෂණ නිලධාරීන් දැනුවත් කිරීමේ දේශණය.
http://www.food-info.net/
https://www.facebook.com/permalink.php?id=704341976259590&story_fbid=743889022304885
http://siyalukodeuwa.blogspot.com/2013/11/msg.html
http://www.mirrorgirl.lk/healthy-life/healthy-living/1535-2013-09-08-03-56-37

සැකසුම-
ඒ.ජී.ආනන්ද අබේරත්න,
විද්‍යා හා තාක්ෂණ නිලධාරී,
විදාතා සම්පත් මධ්‍යස්ථානය,
නොච්චියාගම.

0 comments:

Post a Comment