August 19, 2014

ප්ලාස්ටික් වර්ග

PET හෝ PETE යනුවෙන් හැඳින්වෙන්නේ පොලිඑතිලීන් ටෙරෙප්තැලේට් (Polyethylene terephthalate) නම්වු රසායනික ද්‍රව්‍යෙයන් නිෂ්පාදනය කරන ලද ද්‍රව්‍ය වේ· එතිලීන් ග්ලයිකෝල් හා ටෙරෙප්තැලේට් අම්ලය හෝ ඩයිමෙතිල් ටෙරෙප්තැලේට් එස්ටරීකරණයට ලක් කිරීමෙන් නිපදවනු ලබන ප්ලාස්ටික් රෙසිනයකි මෙය ප්ලාස්ටික් වර්ගීකරණය යටතේ         අංක 1 න් දැක්වේ· මේ රසායනික ද්‍රව්‍ය 20 වන සියවස මුලදී නිෂ්පාදනය කර ඇති අතර ඒ සඳහා පලමුව පේටන්ට් බලපත්‍රයක් ලබාගෙන ඇත්තේ 1941   වර්ෂයේදීය                                                                    
කෙසේ වෙතත් PET යනුවෙන් පැවසූ විට බොහෝදෙනාට සිහිවන PET බෝතලක් සඳහා පලමුව පේටන්ට් බලපත්‍රයක් ලබාගෙන ඇත්තේ 1973 වර්ෂයේදී පමණය.
PET රසායන ද්‍රව්‍යයේ ඇති වැදගත් ගුණාංග අතර විනිවිද පෙනෙන සුළු බව දැඩි බව හා ඔක්සිජන් කාබන්ඩයොක්සයිඩ් හා ජලය සඳහා අපාරගම්‍ය වීම මෙන්ම බොහෝ රසායනික ද්‍රව්‍ය වලට ප්‍රතිරෝධීවීමද වේ.

                          PET                                                      
   නිෂ්පාදන හා භාවිතය

 PET භාවිතයෙන් කෙඳි පටල බොතල් වැනි ද්‍රව්‍ය නිෂ්පාදනය කල හැකි අතර ඒවා මගින් පාරිභෝගික ද්‍රව්‍ය රැසක් නිෂ්පාදනය කරනු ලැබේ. ලෝකයේ PET නිෂ්පාදනයන් වැඩි ප්‍රමාණයක් යොදා ගනු ලැබෙන්නේ කෙඳි ලෙස වන අතර රෙදිපිලි සඳහා යොදාගන්නා පොලියස්ටර් කෙඳි මීට අයත්ය. ලෝකයේ සමස්ථ PET නිෂ්පාදනයෙන් 30 % ක් පමණ බෝතල් නිපදවීම සඳහා යොදාගනු ලැබේ PET වඩාත් ප්‍රකටව ඇත්තේ ජල බෝතල් බීම බෝතල් වෙනත් බෝතල් වර්ග ආදිය විවිධ ද්‍රව්‍ය ඇතුලත් බෝතල් වැනි බඳුන් සෑදීම නිසාය. එසේම වාත්තු කිරීම මගින් නිපදවනු ලබන විවිධ බඳුන් නිපදවීමට මේ වර්ගයේ ප්ලාස්ටික් යොදාගත හැකිය.
 
සෞඛ්‍ය හා පාරිසරික බලපෑම්
 මේ රසායනික ද්‍රව්‍යයෙන් නිෂ්පාදනය කරනු ලබන බෝතල් සාමාන්‍යයෙන් වරක් භාවිතයෙන් පසු ඉවත දැමීම සිදුවේ. පානීය ජල බොතල් වැනි බොතල් අනිසි ලෙස භාවිතා කල හැකි නිසා මෙය වැදගත් වේ. මේ ආකාරයෙන් දෛනිකව ඉවත දමන PET බෝතල් ප්‍රමාණය සැලකිය යුතු තරම්ය. 2008 වර්ෂයේ පලවු එක් වාර්තාවක දැක්වෙන පරිදි අපේ රටේ එක් මසකට මෙවැනි බොතල් මිලියන 6 ක් පමණ අනිසිලෙස බැහැර කරනු ලැබේ.
සාමාන්‍යයෙන් මිනිසාගේ සෞඛ්‍යයට එතරම් බලපෑමක් නොමැති යැයි සැලකෙන ප්ලාස්ටික් වර්ගයකි. කෙසේ වෙතත් මේවායේ ඇතුලත් තැලේට ජලයට නිදහස් වීම නිසා අන්තරාසර්ග පද්ධතියට හානිකල හැකි බව පර්යේෂණවලින් හෙළි වී තිබේ. එසේම මේ බෝතල් නිෂ්පාදනයේදී ඇතුලත් වන ඇන්ටිමනී වැනි මුලද්‍රව්‍ය නිසාද ගැටළු ඇතිවී තිබේ.
ප්‍රතිචක්‍රීකරණ හැකියාව
PET ප්‍රතිචක්‍රීකරණය කිරීම පහසු ප්ලාස්ටික් වර්ගයකි. මේවා ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් නිපදවිය හැකි භාණ්ඩ අතර කෙඳිවර්ග ඇතැම් බඳුන් වර්ග ආදිය තිබේ. මේ වනවිට ශ්‍රී ලංකාවේද PET බෝතල් ප්‍රතිචක්‍රීකරණය කිරීම හා එක්රැස් කර ප්‍රතිචක්‍රීකරණය කිරීම සිදුකරනු ලබයි.
PET නිෂ්පාදන භාවිතයේදී සැලකිය යුතු කරුණු
·        වරක් භාවිතකර ඉවත දමන PET ජල බෝතල් හා බීම බෝතල්  භාවිතය අවම කිරීම
·        ඒවා භාවිතා කරනු ලබන්නේ ඒවා තෝරා රැස්කර ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කිරීම
·        PET බෝතල් ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමුකල නොහැකි නම් පැල සිටුවීමට හෝ සැරසිල්ලක් සඳහා යොදා ගැනීම
·        PET බඳුන් වෙනුවට නැවත භාවිතා කල හැකි බෝතල් වර්ග භාවිතා කිරීම
·        PET වලින් නිපදවනු ලබන දිගු කලක් භාවිතා කල හැකි නිෂ්පාදන භාවිතය

0 comments:

Post a Comment